සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.3.6. පඨම සමුදය සුත්තං

1.3.3.6. හටගැනීම ගැන වදාළ පළමු දෙසුම

131. බාරාණසියං….

131. බරණැස් නුවර දී ………………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා මහාකොට්ඨිතෝ ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ඒතදවෝච. ‘අවිජ්‌ජා අවිජ්‌ජා’ති ආවුසෝ සාරිපුත්‌ත, වුච්‌චති. කතමා නු ඛෝ ආවුසෝ, අවිජ්‌ජා, කිත්‌තාවතා ච අවිජ්‌ජාගතෝ හෝතීති?

එකත්පස්ව වැඩසිටිය ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ‘අවිද්‍යාව, අවිද්‍යාව’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් අවිද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”

ඉධාවුසෝ, අස්‌සුතවා පුථුජ්ජනෝ රූපස්‌ස සමුදයඤ්‌ච අත්ථගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං නප්‌පජානාති. වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරානං ….(පෙ)…. විඤ්‌ඤාණස්‌ස සමුදයඤ්‌ච අත්ථගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං නප්‌පජානාති. අයං වුච්‌චතාවුසෝ අවිජ්‌ජා. එත්‌තාවතා ච අවිජ්‌ජාගතෝ හෝතීති.

ප්‍රිය ආයුෂ්මතුනි, මෙකරුණෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයා රූපයේ හටගැනීමත්, නැති වී යෑමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නේ නෑ. වේදනාවේ …. (පෙ) …. සඤ්ඤාවේ …. (පෙ) …. සංස්කාරවල …. (පෙ) …. විඤ්ඤාණයේ හටගැනීමත්, නැති වී යෑමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, මේක තමයි අවිද්‍යාව කියල කියන්නේ. අවිද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”

සාදු! සාදු!! සාදු!!!

පඨම සමුදය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M