129. බරණැස් නුවර දී ………………………
එකත්පස්ව වැඩසිටිය ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ‘අවිද්‍යාව, අවිද්‍යාව’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් අවිද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”
ප්‍රිය ආයුෂ්මතුනි, මෙකරුණෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයා රූපයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නේ නෑ. වේදනාවේ …. (පෙ) …. සඤ්ඤාවේ …. (පෙ) …. සංස්කාරවල …. (පෙ) …. විඤ්ඤාණයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, ගැන ඒ වූ ආකාරයෙන් ම දන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, මේක තමයි අවිද්‍යාව කියල කියන්නේ. අවිද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”
සාදු! සාදු!! සාදු!!!
පඨම අස්සාද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M