සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.3.3. තතිය සමුදයධම්ම සුත්තං

1.3.3.3. හටගැනීම ගැන වදාළ තෙවෙනි දෙසුම

128. බාරාණසියං….

128. බරණැස් නුවර දී ……………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා මහාකොට්ඨිතෝ ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ඒතදවෝච. ‘විජ්‌ජා, විජ්‌ජා’ති ආවුසෝ සාරිපුත්‌ත, වුච්‌චති. කතමා නු ඛෝ ආවුසෝ, විජ්‌ජා, කිත්‌තාවතා ච විජ්‌ජාගතෝ හෝතී’ති?

එකත්පස්ව වැඩසිටිය ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ‘විද්‍යාව, විද්‍යාව’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, විද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් විද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”

ඉධාවුසෝ, සුතවා අරියසාවකෝ සමුදයධම්‌මං රූපං සමුදයධම්‌මං රූපන්‌ති යථාභූතං පජානාති. වයධම්‌මං රූපං ….(පෙ)…. සමුදයවයධම්‌මං රූපං සමුදයවයධම්‌මං රූපන්‌ති යථාභූතං පජානාති. සමුදයධම්‌මං වේදනං ….(පෙ)…. සමුදයධම්‌මං සඤ්‌ඤං ….(පෙ)…. සමුදයධම්‌මේ සංඛාරේ ….(පෙ)…. සමුදයධම්‌මං විඤ්‌ඤාණං සමුදයධම්‌මං විඤ්‌ඤාණන්‌ති යථාභූතං පජානාති. වයධම්‌මං විඤ්‌ඤාණං ….(පෙ)…. සමුදයවයධම්‌මං විඤ්‌ඤාණං සමුදයවයධම්‌මං විඤ්‌ඤාණන්‌ති යථාභූතං පජානාති. අයං වුච්‌චතාවුසෝ විජ්‌ජා. එත්‌තාවතා ච විජ්‌ජාගතෝ හෝතීති.

“ප්‍රිය ආයුෂ්මතුනි, මෙකරුණෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු රූපය, හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු රූපයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරනවා. හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු රූපය …. (පෙ) …. හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු රූපය, හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු රූපයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරනවා. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඳීම …. (පෙ) …. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු සඤ්ඤාව …. (පෙ) …. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු සංස්කාර …. (පෙ) …. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය, හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඤ්ඤාණයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරනවා. හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය …. (පෙ) …. හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය, හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු විඤ්ඤාණයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරනවා. පින්වත් භික්ෂුව, මේක තමයි විද්‍යාව කියල කියන්නේ. විද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”

සාදු! සාදු!! සාදු!!!

තතිය සමුදයධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M