127. බරණැස් නුවර දී ……………………
ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේත් වැඩවාසය කළේ බරණැස ඉසිපතන මිගදාය නම් වූ වනසෙනසුනේ. එදා ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටිය තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමග සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වැඩසිටියා. එකත්පස්ව වැඩසිටිය ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ‘අවිද්‍යාව අවිද්‍යාව’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් අවිද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙකරුණෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයා හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු රූපය, හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු රූපයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හේතූන් නැති වීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු රූපය …. (පෙ) …. හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු රූපය, හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු රූපයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඳීම …. (පෙ) …. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු සඤ්ඤාව …. (පෙ) …. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු සංස්කාර …. (පෙ) …. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය, හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඤ්ඤාණයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය …. (පෙ) …. හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය, හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු විඤ්ඤාණයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, මේක තමයි අවිද්‍යාව කියල කියන්නේ. අවිද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය සමුදයධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M