126. සැවැත් නුවර දී ……………………..
එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පසකින් වාඩිවුණා. එකත්පසකින් වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘අවිද්‍යාව, අවිද්‍යාව’ කියල කියනවා. ස්වාමීනි, අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් අවිද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”
“පින්වත් භික්ෂුව, මෙකරුණෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයා හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු රූපය, හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු රූපයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හේතූන් නැති වීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු රූපය, හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු රූපයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු රූපය, හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු රූපයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ.
හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඳීම, හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඳීමක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු විඳීම, හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු විඳීමක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු විඳීම, හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු විඳීමක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු සඤ්ඤාව …. (පෙ) …. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු සංස්කාර, හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු සංස්කාර බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු සංස්කාර, හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු සංස්කාර බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු සංස්කාර, හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු සංස්කාර බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය, හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඤ්ඤාණයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය, හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු විඤ්ඤාණයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය, හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු විඤ්ඤාණයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරන්නේ නෑ. පින්වත් භික්ෂුව, මේක තමයි අවිද්‍යාව කියල කියන්නේ. අවිද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”
ඔය විදිහට වදාළ විට ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘විද්‍යාව, විද්‍යාව’ කියල කියනවා. ස්වාමීනි, විද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් විද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”
“පින්වත් භික්ෂුව, මෙකරුණෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු රූපය, හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු රූපයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරනවා. හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු රූපය, හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු රූපයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරනවා. හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු රූපය, හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු රූපයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරනවා. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඳීම …. (පෙ) …. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු සඤ්ඤාව …. (පෙ) …. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු සංස්කාර …. (පෙ) …. හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය, හේතූන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු විඤ්ඤාණයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරනවා. හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය, හේතූන් නැතිවීමෙන් නැසී යන ස්වභාවයෙන් යුතු විඤ්ඤාණයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරනවා. හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය, හටගන්නා වූ නැසෙන්නා වූ ස්වභාවයෙන් යුතු විඤ්ඤාණයක් බව ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරනවා. පින්වත් භික්ෂුව, මේක තමයි විද්‍යාව කියල කියන්නේ. විද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”
සාදු! සාදු!! සාදු!!!
පඨම සමුදයධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M