125. සැවැත් නුවර දී ……………….
එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් කප්පයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, මොන විදිහට අවබෝධ කරගන්නා විටද, මොන විදිහට දකිනා විටද මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත්, බාහිර සියලු නිමිති පිළිබඳවත් ‘මම ය, මාගේ’ ය යන දෘෂ්ටියෙහි බැස තිබෙන මානය බැහැරවුණ මනසක් ඇතිවන්නේ? හැම මාන කොටසක් ම ඉක්මවා ගිහින් ශාන්ත බවට පත්වෙලා මැනැවින් නිදහස් වෙන්නෙ කොහොමද?”
“පින්වත් කප්ප, අතීත, අනාගත, වර්තමාන වූ යම් කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්න පුළුවනි, බාහිර රූපයක් වෙන්න පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්න පුළුවනි, සියුම් රූපයක් වෙන්න පුළුවනි, හීන රූපයක් වෙන්න පුළුවනි, උසස් රූපයක් වෙන්න පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්න පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්න පුළුවනි, ඒ සෑම රූපයක් ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකලා උපාදාන රහිතව නිදහස් වෙනවා, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක් ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකලා උපාදාන රහිතව නිදහස් වෙනවා.
පින්වත් කප්ප, ඔය ආකාරයෙන් අවබෝධ කරගන්නා විට, ඔය ආකාරයෙන් දැකගන්නා විට තමයි මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත්, බාහිර සියලු නිමිති පිළිබඳවත් ‘මම ය, මාගේ’ ය යන දාෂ්ටියෙහි බැස තිබෙන මානය බැහැර වුණ මනසක් ඇතිවන්නේ? හැම මාන කොටසක් ම ඉක්මවා ගිහින් ශාන්ත බවට පත්වෙලා මැනැවින් නිදහස් වෙන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය කප්ප සූත්‍රය නිමා විය.
දෙවෙනි ධම්මකථික වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
අවිජ්ජා සූත්‍රය, විජ්ජා සූත්‍රය, ධම්මකථික සූත්‍ර දෙකකි, බන්ධන සූත්‍රය, පරිපුච්ජිත සූත්‍ර දෙක, සඤ්ඤෝජන සූත්‍රය, උපාදාන සූත්‍රය, සීල සූත්‍රය, සුතවන්ත සූත්‍රය, කප්ප සූත්‍ර දෙක යන මෙයින් මේ වර්ගය සමන්විතයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-2-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M