සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.2.12. පඨම කප්ප සුත්තං

1.3.2.12. කප්ප තෙරුන්ට වදාළ පළමු දෙසුම

124. සාවත්ථියං….

124. සැවැත් නුවර දී ………………….

අථ ඛෝ ආයස්‌මා කප්පෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා කප්පෝ භගවන්‌තං ඒතදවෝච.

එදා ආයුෂ්මත් කප්පයන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිය තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පසකින් වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් කප්පයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා.

කථන්නු ඛෝ භන්තේ, ජානතෝ කථං පස්‌සතෝ ඉමස්‌මිඤ්‌ච සවිඤ්‌ඤාණකේ කායේ බහිද්‌ධා ච සබ්‌බනිමිත්‌තේසු අහිංකාරමමිංකාරමානානුසයා න හොන්‌තීති?

“ස්වාමීනි, මොන විදිහට අවබෝධ කරගන්නා විටද, මොන විදිහට දකිනා විටද මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත්, බාහිර සියලු නිමිති පිළිබඳවත් ‘මම ය, මාගේ’ ය යන දෘෂ්ටියෙහි බැස තිබෙන මාන අනුසය ඇති නොවන්නේ?”

යං කිඤ්‌චි කප්‌ප, රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං රූපං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. යා කාචි වේදනා ….(පෙ)…. යා කාචි සඤ්‌ඤා ….(පෙ)…. යේ කේචි සංඛාරා ….(පෙ)…. යං කිඤ්‌චි විඤ්‌ඤාණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං විඤ්‌ඤාණං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති.

“පින්වත් කප්ප, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්න පුළුවනි, බාහිර රූපයක් වෙන්න පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්න පුළුවනි, සියුම් රූපයක් වෙන්න පුළුවනි, හීන රූපයක් වෙන්න පුළුවනි, උසස් රූපයක් වෙන්න පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්න පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්න පුළුවනි, ඒ සෑම රූපයක් ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දකිනවා නම්,

අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක් ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දකිනවා නම්,

ඒවං ඛෝ කප්‌ප, ජානතෝ ඒවං පස්‌සතෝ ඉමස්‌මිඤ්‌ච සවිඤ්‌ඤාණකේ කායේ බහිද්‌ධා ච සබ්‌බනිමිත්‌තේසු අහිංකාරමමිංකාරමානානුසයා න හොන්‌තීති.

අන්න ඒ විදිහට පින්වත් කප්ප, අවබෝධ කරගන්නා විට, දැකගන්නා විට, මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත්, බාහිර සියලු නිමිති පිළිබඳවත් ‘මම ය, මාගේ’ ය යන දෘෂ්ටියෙහි බැස තිබෙන මාන අනුසය ඇති වෙන්නේ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

පඨම කප්ප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-2-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M