සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.2.11. සුතවන්ත සුත්තං

1.3.2.11. බණ අසා දැන ගත් භික්ෂුව ගැන වදාළ දෙසුම

123. බාරාණසියං….

123. බරණැස් නුවර දී ……………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා මහා කොට්ඨිතෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච. සුතවතාවුසෝ සාරිපුත්‌ත, භික්‌ඛුනා කතමේ ධම්‌මා යෝනිසෝ මනසිකාතබ්‌බාති?

එකත්පස්ව වැඩසිටිය ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේ, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, බණ අසා දැනගත් භික්ෂුවක් විසින් මොන වගේ දෙයක්ද නුවණින් විමසිය යුත්තේ?”

සුතවතාවුසෝ කොට්ඨිත, භික්‌ඛුනා පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්‌ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්‌ඤතෝ අනත්තතෝ යෝනිසෝමනසිකාතබ්‌බා.

“ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, සැරව ගෙඩියක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ගේ දෙයක් වශයෙන්, සිඳී බිඳී යන දෙයක් වශයෙන්, ‘මම, මාගේ’ය යන කරුණින් හිස් වූ දෙයක් වශයෙන්, තමා වසඟයෙහි පවත්වා ගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමසා බැලීම තමයි බණ අසා දැනගත් භික්ෂුවක් විසින් කළ යුත්තේ.

කතමේ පඤ්‌ච? සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ ….(පෙ)…. විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ. සුතවතාවුසෝ කොට්ඨිත, භික්‌ඛුනා ඉමේ පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා අනිච්චතෝ දුක්ඛතෝ ….(පෙ)…. අනත්තතෝ යෝනිසෝ මනසිකාතබ්‌බා.

කවර පංච උපාදානස්කන්ධයක් ගැනද යත්; ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය …. (පෙ) …. විඤ්ඤාණ උපාදානස්කන්ධය. ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් …. (පෙ) …. තමා වසඟයෙහි පවත්වා ගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමසා බැලීම තමයි බණ අසා දැනගත් භික්ෂුවක් විසින් කළ යුත්තේ.

ඨානං ඛෝ පනේතං ආවුසෝ, විජ්‌ජති. යං සුතවා භික්‌ඛු ඉමේ පඤ්‌චුපාදානක්‌ඛන්‌ධේ අනිච්චතෝ දුක්ඛතෝ ….(පෙ)…. අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපත්‌තිඵලං සච්‌ඡිකරෙය්‍යාති. ….(පෙ)…. සකදාගාමිඵලං සච්‌ඡිකරෙය්‍යාති. ….(පෙ)…. අනාගාමිඵලං සච්‌ඡිකරෙය්‍යාති. ….(පෙ)…. අරහත්‌තඵලං සච්‌ඡිකරෙය්‍යාති.

ප්‍රිය ආයුෂ්මතුනි, බණ අසා දැනගත් භික්ෂුව ඔය පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් …. (පෙ) …. තමා වසඟයෙහි පවත්වා ගත නො හැකි දෙයක් වශයෙන් නුවණින් විමසා බලන කොට සෝතාපත්තිඵලය සාක්ෂාත් කරන්නේ ය …. (පෙ) …. සකදාගාමීඵලය සාක්ෂාත් කරන්නේ ය …. (පෙ) …. අනාගාමීඵලය සාක්ෂාත් කරන්නේ ය …. (පෙ) …. අරහත්ඵලය සාක්ෂාත් කරන්නේ ය යන කරුණක් ඇද්ද එය සිදුවන්නේ ම ය.

අරහතා පනාවුසෝ සාරිපුත්‌ත, කතමේ ධම්‌මා යෝනිසෝ මනසිකාතබ්‌බාති? අරහතාපි ඛෝ ආවුසෝ කොට්ඨිත, ඉමේ පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්‌ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්‌ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාතබ්‌බා. නත්‌ථි ඛෝ ආවුසෝ, අරහතෝ උත්‌තරිං කරණීයං, කතස්‌ස වා පතිචයෝ. අපි ච ඛෝ ඉමේ ධම්‌මා භාවිතා බහුලීකතා දිට්‌ඨධම්‌මසුඛවිහාරාය චේව සංවත්‌තන්‌ති සතිසම්‌පජඤ්‌ඤාය චාති.

ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, මේ පංච උපාදානස්කන්ධය ම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, සැරව ගෙඩියක් වශයෙන්, හුලක් වශයෙන් පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ගේ දෙයක් වශයෙන්, සිඳී බිඳී යන දෙයක් වශයෙන්, ‘මම, මාගේ’ය යන කරුණින් හිස් වූ දෙයක් වශයෙන්, තමා වසඟයෙහි පවත්වා ගත නොහැකි දෙයක් වශයෙන් නුවණින් විමසා බැලීම තමයි අරහත් භික්ෂුවක් විසිනුත් කළ යුත්තේ. ප්‍රිය ආයුෂ්මතුනි, රහතන් වහන්සේට ආයෙමත් අමුතුවෙන් කරන්න දෙයක් නෑ. කොට අවසන් දෙයක් නැවත නැවත කිරීමකුත් නෑ. නමුත් වඩන ලද බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද මේ දහම් මේ ජීවිතයේ ම සැප සේ වාසය කිරීම පිණිසත්, සිහි නුවණ පිණිසත් තමයි පවතින්නේ.”

සාදු! සාදු!! සාදු!!!

සුතවන්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-2-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M