සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.2.9. උපාදානිය සුත්තං

1.3.2.9. බැඳීම ඇති කරවන දේ ගැන වදාළ දෙසුම

121. සාවත්ථියං….

121. සැවැත් නුවර දී ……………………

උපාදානියේ ච භික්ඛවේ, ධම්‌මේ දේසිස්සාමි උපාදානඤ්‌ච. තං සුණාථ.

පින්වත් මහණෙනි, බැඳීම ඇති කරවන දේ ගැනත්, බැඳීම ගැනත් දේශනා කරන්නම්. එයට සවන් දෙන්න.

කතමේ ච භික්ඛවේ, උපාදානියා ධම්‌මා, කතමං උපාදානං?

පින්වත් මහණෙනි, බැඳීම ඇති කරවන දේ මොනවාද? බැඳීම මොකක්ද?

රූපං, භික්ඛවේ, උපාදානියෝ ධම්මෝ, යෝ තත්‌ථ ඡන්‌දරාගෝ, තං තත්‌ථ උපාදානං. වේදනා උපාදානියෝ ධම්මෝ, යෝ තත්‌ථ ඡන්‌දරාගෝ, තං තත්‌ථ උපාදානං. සඤ්‌ඤා උපාදානියෝ ධම්මෝ, ….(පෙ)…. සංඛාරා උපාදානියෝ ධම්මෝ, ….(පෙ)…. විඤ්‌ඤාණං උපාදානියෝ ධම්මෝ. යෝ තත්‌ථ ඡන්‌දරාගෝ, තං තත්‌ථ උපාදානං. ඉමේ වුච්‌චන්‌ති භික්ඛවේ, උපාදානියා ධම්‌මා, ඉදං උපාදානන්‌ති.

පින්වත් මහණෙනි, රූපය යනු බැඳීම ඇති කරවන දෙයයි. ඒ රූපය කෙරෙහි යම් කැමැත්තෙන් ඇලීමක් ඇත්නම් ඒක තමයි ඒ කෙරෙහි ඇති බැඳීම. විඳීම යනු බැඳීම ඇති කරවන දෙයයි. ඒ විඳීම කෙරෙහි යම් කැමැත්තෙන් ඇලීමක් ඇත්නම් ඒක තමයි ඒ කෙරෙහි ඇති බැඳීම. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු බැඳීම ඇති කරවන දෙයයි. ඒ විඤ්ඤාණය කෙරෙහි යම් කැමැත්තෙන් ඇලීමක් ඇත්නම් ඒක තමයි ඒ කෙරෙහි ඇති බැඳීම. පින්වත් මහණෙනි, බැඳීම ඇති කරවන දේත්, බැඳීමත් කියන්නෙ මේකට තමයි.

සාදු! සාදු!! සාදු!!!

උපාදානීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M