120. සැවැත් නුවර දී …………………..
පින්වත් මහණෙනි, බන්ධනය ඇති කරවන දේ ගැනත් බන්ධනය ගැනත් දේශනා කරන්නම්. එයට සවන් දෙන්න.
පින්වත් මහණෙනි, බන්ධනය ඇති කරවන දේ මොනවාද? බන්ධනය මොකක්ද?
පින්වත් මහණෙනි, රූපය යනු බන්ධනය ඇති කරවන දෙයයි. ඒ රූපය කෙරෙහි යම් කැමැත්තෙන් ඇලීමක් ඇත්නම් ඒක තමයි ඒ කෙරෙහි ඇති බන්ධනය. විඳීම යනු බන්ධනය ඇති කරවන දෙයයි. ඒ විඳීම කෙරෙහි යම් කැමැත්තෙන් ඇලීමක් ඇත්නම් ඒක තමයි ඒ කෙරෙහි ඇති බන්ධනය. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු බන්ධනය ඇති කරවන දෙයයි. ඒ විඤ්ඤාණය කෙරෙහි යම් කැමැත්තෙන් ඇලීමක් ඇත්නම් ඒක තමයි ඒ කෙරෙහි ඇති බන්ධනය. පින්වත් මහණෙනි, බන්ධනය ඇති කරවන දේත්, බන්ධනයත් කියන්නෙ මේකට තමයි.
සාදු! සාදු!! සාදු!!!
සඤ්ඤෝජනීය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M