119. සැවැත් නුවර දී …………………..
“පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? රූපය දකින්නේ ‘මේක මගේ නොවේ, මේ මම නොවේ, මේ මගේ ආත්මය නොවේ’ වශයෙන්ද?” “එසේය, ස්වාමීනි.”
“පින්වත් මහණෙනි, ඉතා හොඳයි. පින්වත් මහණෙනි, ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ කියල ඒ වූ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවෙන් ම යි රූපය අවබෝධ කළ යුත්තේ. වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය දකින්නේ ‘මේක මගේ නොවේ, මේ මම නොවේ, මේ මගේ ආත්මය නොවේ’ වශයෙන්ද?”
“එසේය, ස්වාමීනි.” “පින්වත් මහණෙනි, ඉතා හොඳයි. පින්වත් මහණෙනි, ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ කියල ඒ වූ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවෙන් ම යි විඤ්ඤාණය අවබෝධ කළ යුත්තේ.”
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැයි අවබෝධය ඇති වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
දුතිය පරිපුච්ඡිත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M