සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.2.6. පඨම පරිපුච්ඡිත සුත්තං

1.3.2.6. ප්‍රශ්න විචාරීම ගැන වදාළ පළමු දෙසුම

118. සාවත්ථියං….

118. සැවැත් නුවර දී …………………….

තං කිං මඤ්‌ඤථ භික්ඛවේ, රූපං ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති සමනුපස්‌සථාති? නෝ හේතං භන්තේ. සාධු භික්ඛවේ. රූපං භික්ඛවේ, නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති සමනුපස්‌සථාති? නෝ හේතං භන්තේ. සාධු භික්ඛවේ. විඤ්‌ඤාණං භික්ඛවේ, නේතං මම නේසෝහමස්‌මි න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

“පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? රූපය දකින්නේ ‘මේක මගේ, මේ තමයි මම, මේ මගේ ආත්මය’ වශයෙන්ද?” “ස්වාමීනි, එය නොවේ ම යි.” “පින්වත් මහණෙනි, ඉතා හොඳයි. පින්වත් මහණෙනි, ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ කියල ඒ වූ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවෙන් ම යි රූපය අවබෝධ කළ යුත්තේ. වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය දකින්නේ ‘මේක මගේ, මේ තමයි මම, මේ මගේ ආත්මය’ වශයෙන්ද?” “ස්වාමීනි, එය නොවේ ම යි.” “පින්වත් මහණෙනි, ඉතා හොඳයි. පින්වත් මහණෙනි, ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ කියල ඒ වූ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවෙන් ම යි විඤ්ඤාණය අවබෝධ කළ යුත්තේ.”

ඒවං පස්‌සං භික්ඛවේ සුතවා අරියසාවකෝ රූපස්මිම්පි නිබ්බින්දති, වේදනායපි ….(පෙ)…. සඤ්ඤායපි ….(පෙ)…. සංඛාරේසුපි ….(පෙ)…. විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා …. (පෙ) …. වේදනාව ගැනත් …. (පෙ) …. සඤ්ඤාව ගැනත් …. (පෙ) …. සංස්කාර ගැනත් …. (පෙ) …. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. අවබෝධයෙන් ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැයි අවබෝධය ඇතිවෙනවා.

සාදු! සාදු!! සාදු!!!

පඨම පරිපුච්ඡිත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M