117. සැවැත් නුවර දී …………………….
පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක් …. (පෙ) …. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. ඔහු ආත්මයක් හැටියට රූපය ගැන මුළාවෙන් දකිනවා. ආත්මයක් රූපයෙන් හැදී තිබෙන හැටියට මුළාවෙන් දකිනවා. ආත්මය තුළ රූපය තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ රූපය තුළ බවට මුළාවෙන් දකිනවා. පින්වත් මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජනයාට තමයි රූප බන්ධනයෙන් බැඳුණු කෙනා, අභ්‍යන්තර බාහිර සහිතව ම බන්ධනයෙන් බැඳුණු කෙනා කියල කියන්නේ. ඔහු එතෙර වීම දකින්නේ නෑ. අමා නිවන දකින්නේ නෑ. බැඳිලාමයි උපදින්නේ. බැඳිලා ම යි මැරෙන්නේ. බැඳිලා ම යි මෙලොවින් පරලොවට යන්නේ.
ආත්මයක් හැටියට වේදනාව ගැන මුළාවෙන් දකිනවා. ආත්මයක් වේදනාවෙන් හැදී තිබෙන හැටියට මුළාවෙන් දකිනවා. ආත්මය තුළ වේදනාව තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ වේදනාව තුළ බවට මුළාවෙන් දකිනවා. පින්වත් මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජනයාට තමයි වේදනා බන්ධනයෙන් බැඳුණු කෙනා, අභ්‍යන්තර බාහිර සහිතව ම බන්ධනයෙන් බැඳුණු කෙනා කියල කියන්නේ. ඔහු එතෙර වීම දකින්නේ නෑ. අමා නිවන දකින්නේ නෑ. බැඳිලාමයි උපදින්නේ. බැඳිලා ම යි මැරෙන්නේ. බැඳිලා ම යි මෙලොවින් පරලොවට යන්නේ.
සඤ්ඤාව …. (පෙ) …. ආත්මයක් හැටියට සංස්කාර ගැන මුළාවෙන් දකිනවා …. (පෙ) …. ආත්මය තිබෙන්නේ සංස්කාර තුළ බවට මුළාවෙන් දකිනවා. පින්වත් මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජනයාට තමයි සංස්කාර බන්ධනයෙන් බැඳුණු කෙනා, අභ්‍යන්තර බාහිර සහිතව ම බන්ධනයෙන් බැඳුණු කෙනා කියල කියන්නේ. ඔහු එතෙර වීම දකින්නේ නෑ. අමා නිවන දකින්නේ නෑ. බැඳිලාමයි උපදින්නේ. බැඳිලා ම යි මැරෙන්නේ. බැඳිලා ම යි මෙලොවින් පරලොවට යන්නේ.
ආත්මයක් හැටියට විඤ්ඤාණය ගැන මුළාවෙන් දකිනවා. ආත්මයක් විඤ්ඤාණයෙන් හැදී තිබෙන හැටියට මුළාවෙන් දකිනවා. ආත්මය තුළ විඤ්ඤාණය තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ විඤ්ඤාණය තුළ බවට මුළාවෙන් දකිනවා. පින්වත් මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජනයාට තමයි විඤ්ඤාණ බන්ධනයෙන් බැඳුණු කෙනා, අභ්‍යන්තර බාහිර සහිතව ම බන්ධනයෙන් බැඳුණු කෙනා කියල කියන්නේ. ඔහු එතෙර වීම දකින්නේ නෑ. අමා නිවන දකින්නේ නෑ. බැඳිලාමයි උපදින්නේ. බැඳිලා ම යි මැරෙන්නේ. බැඳිලා ම යි මෙලොවින් පරලොවට යන්නේ.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා දකින කෙනෙක් …. (පෙ) …. සත්පුරුෂ ධර්මයෙහි හික්මුණ කෙනෙක්. ඔහු ආත්මයක් හැටියට රූපය ගැන දකින්නේ නෑ. ආත්මයක් රූපයෙන් හැදී තිබෙන හැටියට දකින්නේ නෑ. ආත්මය තුළ රූපය තිබෙන බවට දකින්නේ නෑ. ආත්මය තිබෙන්නේ රූපය තුළ බවට දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට තමයි රූප බන්ධනයෙන් නොබැඳුණු කෙනා, අභ්‍යන්තර බාහිර සහිතව ම බන්ධනයෙන් නොබැඳුණු කෙනා කියල කියන්නේ. එතෙර වීම දකින කෙනා. අමා නිවන දකින කෙනා කියල කියන්නේ. ඔහු දුකින් නිදහස් වුණ කෙනා කියලයි මා කියන්නේ.
ආත්මයක් හැටියට වේදනාව දකින්නේ නෑ. ආත්මයක් වේදනාවෙන් හැදී තිබෙන හැටියට දකින්නේ නෑ. ආත්මය තුළ වේදනාව තිබෙන බවට දකින්නේ නෑ. ආත්මය තිබෙන්නේ වේදනාව තුළ බවට දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට තමයි වේදනා බන්ධනයෙන් නොබැඳුණු කෙනා, අභ්‍යන්තර බාහිර සහිත බන්ධනයෙන් නොබැඳුණු කෙනා. එතෙර වීම දකින කෙනා. අමා නිවන දකින කෙනා කියල කියන්නේ. ඔහු දුකින් නිදහස් වුණ කෙනා කියලයි මා කියන්නේ.
සඤ්ඤාව …. (පෙ) …. ආත්මයක් හැටියට සංස්කාර ගැන මුළාවෙන් දකින්නේ නෑ …. (පෙ) …. ආත්මය තිබෙන්නේ සංස්කාර තුළ බවට මුළාවෙන් දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට තමයි සංස්කාර බන්ධනයෙන් නොබැඳුණු කෙනා, අභ්‍යන්තර බාහිර සහිත බන්ධනයෙන් නොබැඳුණු කෙනා. ඔහු එතෙර වීම දකින කෙනා. අමා නිවන දකින කෙනා කියල කියන්නේ. ඔහු දුකින් නිදහස් වුණ කෙනා කියලයි මා කියන්නේ.
ආත්මයක් හැටියට විඤ්ඤාණය දකින්නේ නෑ. ආත්මයක් විඤ්ඤාණයෙන් හැදී තිබෙන හැටියට දකින්නේ නෑ. ආත්මය තුළ විඤ්ඤාණය තිබෙන බවට දකින්නේ නෑ. ආත්මය තිබෙන්නේ විඤ්ඤාණය තුළ බවට දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට තමයි විඤ්ඤාණ බන්ධනයෙන් නොබැඳුණු කෙනා, අභ්‍යන්තර බාහිර සහිත බන්ධනයෙන් නොබැඳුණු කෙනා. එතෙර වීම දකින කෙනා. අමා නිවන දකින කෙනා කියල කියන්නේ. ඔහු දුකින් නිදහස් වුණ කෙනා කියලයි මා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
බන්ධන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M