සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.2.4. දුතිය ධම්මකථික සුත්තං

1.3.2.4. ධර්ම කථිකයා ගැන වදාළ දෙවෙනි දෙසුම

116. සාවත්ථියං….

116. සැවැත් නුවර දී …………………….

ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ භික්‌ඛු භගවන්‌තං ඒතදවෝච. ‘ධම්‌මකථිකෝ ධම්‌මකථිකෝ’ති භන්තේ, වුච්‌චති. කිත්‌තාවතා නු ඛෝ භන්තේ, ධම්‌මකථිකෝ හෝති, කිත්‌තාවතා ධම්‌මානුධම්‌මපටිපන්නෝ හෝති, කිත්‌තාවතා දිට්‌ඨධම්‌මනිබ්‌බානප්‌පත්‌තෝ හෝතීති?

එකත්පසකින් වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘ධර්ම කථිකයා, ධර්ම කථිකයා’ කියල කියනවා. ස්වාමීනි, කෙනෙකුට ධර්ම කථිකයා කියල කියන්නේ කවර කරුණු මතද? ස්වාමීනි, කෙනෙකුට ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගත් කෙනා කියල කියන්නේ කවර කරුණු මතද? ස්වාමීනි, කෙනෙකුට මේ ජීවිතයේ දී ම අමා නිවනට පත් වූ කෙනා කියල කියන්නේ කවර කරුණු මතද?”

රූපස්‌ස චේ භික්‌ඛු, නිබ්‌බිදාය විරාගාය නිරෝධාය ධම්‌මං දේසේති, ධම්‌මකථිකෝ භික්‌ඛූති අලං වචනාය. රූපස්‌ස චේ භික්‌ඛු, නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති, ධම්‌මානුධම්‌මපටිපන්නෝ භික්‌ඛූති අලං වචනාය. රූපස්‌ස චේ භික්‌ඛු, නිබ්‌බිදා විරාගා නිරෝධා අනුපාදාවිමුත්තෝ හෝති, දිට්‌ඨධම්‌මනිබ්‌බානප්‌පත්‌තෝ භික්‌ඛූති අලං වචනාය.

“පින්වත් භික්ෂුව, ඉදින් කෙනෙක් රූපය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මය දේශනා කරනවා නම්, අන්න ඒ භික්ෂුවට තමයි ධර්ම කථිකයා කියලා කියන්නට සුදුසු. ඉදින් යම් භික්ෂුවක් රූපය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි හැසිරෙනවා නම්, අන්න ඒ භික්ෂුවට තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගත් කෙනා කියල කියන්ට සුදුසු. ඉදින් යම් භික්ෂුවක් රූපය පිළිබඳව අවබෝධයෙන්ම කළකිරිලා, ඇල්ම දුරු කරලා, ඇල්ම නිරුද්ධ කරලා උපාදාන රහිතව නිදහස් වෙලා ගියා නම්, අන්න ඒ භික්ෂුවට තමයි මේ ජීවිතයේ දී ම අමා නිවනට පත් වූ කෙනා කියල කියන්නට සුදුසු.

වේදනාය චේ භික්‌ඛු ….(පෙ)…. සඤ්‌ඤාය චේ භික්‌ඛු ….(පෙ)…. සංඛාරානං චේ භික්‌ඛු ….(පෙ)…. විඤ්‌ඤාණස්‌ස චේ භික්‌ඛු, නිබ්‌බිදාය විරාගාය නිරෝධාය ධම්‌මං දේසේති, ධම්‌මකථිකෝ භික්‌ඛූති අලං වචනාය. විඤ්‌ඤාණස්‌ස චේ භික්‌ඛු, නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති, ධම්‌මානුධම්‌මපටිපන්නෝ භික්‌ඛූති අලං වචනාය. විඤ්‌ඤාණස්‌ස චේ භික්‌ඛු, නිබ්‌බිදා විරාගා නිරෝධා අනුපාදාවිමුත්තෝ හෝති, දිට්‌ඨධම්‌මනිබ්‌බානප්‌පත්‌තෝ භික්‌ඛූති අලං වචනායාති.

පින්වත් භික්ෂුව, ඉදින් කෙනෙක් විඳීම පිළිබඳව …. (පෙ) …. පින්වත් භික්ෂුව, ඉදින් කෙනෙක් සඤ්ඤාව පිළිබඳව …. (පෙ) …. පින්වත් භික්ෂුව, ඉදින් කෙනෙක් සංස්කාර පිළිබඳව …. (පෙ) …. පින්වත් භික්ෂුව, ඉදින් කෙනෙක් විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මය දේශනා කරනවා නම්, අන්න ඒ භික්ෂුවට තමයි ධර්ම කථිකයා කියලා කියන්නට සුදුසු. ඉදින් යම් භික්ෂුවක් විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි හැසිරෙනවා නම්, අන්න ඒ භික්ෂුවට තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගත් කෙනා කියල කියන්නට සුදුසු. ඉදින් යම් භික්ෂුවක් විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන්ම කළකිරිලා, ඇල්ම දුරු කරලා, ඇල්ම නිරුද්ධ කරලා උපාදාන රහිතව නිදහස් වෙලා ගියා නම්, අන්න ඒ භික්ෂුවට තමයි මේ ජීවිතයේ දී ම අමා නිවනට පත් වූ කෙනා කියල කියන්නට සුදුසු.”

සාදු! සාදු!! සාදු!!!

දුතිය ධම්මකථික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M