115. සැවැත් නුවර දී ……………………….
එකත්පසකින් වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘ධර්ම කථිකයා, ධර්ම කථිකයා’ කියල කියනවා. ස්වාමීනි, කෙනෙකුට ධර්ම කථිකයා කියල කියන්නේ කවර කරුණු මතද?”
“පින්වත් භික්ෂුව, ඉදින් කෙනෙක් රූපය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මය දේශනා කරනවා නම්, අන්න ඒ භික්ෂුවට තමයි ධර්ම කථිකයා කියලා කියන්නට සුදුසු. ඉදින් යම් භික්ෂුවක් රූපය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි හැසිරෙනවා නම්, අන්න ඒ භික්ෂුවට තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගත් කෙනා කියල කියන්ට සුදුසු. ඉදින් යම් භික්ෂුවක් රූපය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරිලා, ඇල්ම දුරු කරලා, ඇල්ම නිරුද්ධ කරලා උපාදාන රහිතව නිදහස් වෙලා ගියා නම්, අන්න ඒ භික්ෂුවට තමයි මේ ජීවිතයේ දී ම අමා නිවනට පත් වූ කෙනා කියල කියන්නට සුදුසු.
පින්වත් භික්ෂුව, ඉදින් කෙනෙක් විඳීම පිළිබඳව …. (පෙ) …. පින්වත් භික්ෂුව, ඉදින් කෙනෙක් සඤ්ඤාව පිළිබඳව …. (පෙ) …. පින්වත් භික්ෂුව, ඉදින් කෙනෙක් සංස්කාර පිළිබඳව …. (පෙ) …. පින්වත් භික්ෂුව, ඉදින් කෙනෙක් විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මය දේශනා කරනවා නම්, අන්න ඒ භික්ෂුවට තමයි ධර්ම කථිකයා කියලා කියන්නට සුදුසු. ඉදින් යම් භික්ෂුවක් විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන් ම කළකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි හැසිරෙනවා නම්, අන්න ඒ භික්ෂුවට තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගත් කෙනා කියල කියන්නට සුදුසු. ඉදින් යම් භික්ෂුවක් විඤ්ඤාණය පිළිබඳව අවබෝධයෙන්ම කළකිරිලා, ඇල්ම දුරු කරලා, ඇල්ම නිරුද්ධ කරලා උපාදාන රහිතව නිදහස් වෙලා ගියා නම්, අන්න ඒ භික්ෂුවට තමයි මේ ජීවිතයේ දී ම අමා නිවනට පත් වූ කෙනා කියල කියන්නට සුදුසු.”
සාදු! සාදු!! සාදු!!!
පඨම ධම්මකථික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M