සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.2.2. විජ්ජා සුත්තං

1.3.2.2. විද්‍යාව ගැන වදාළ දෙසුම

114. සාවත්ථියං….

114. සැවැත් නුවර දී ……………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ භික්‌ඛු භගවන්‌තං ඒතදවෝච. ‘විජ්‌ජා විජ්‌ජා’ති භන්තේ, වුච්‌චති. කතමා නු ඛෝ භන්තේ, විජ්‌ජා, කිත්‌තාවතා ච විජ්‌ජාගතෝ හෝතීති?

එකත්පසකින් වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘විද්‍යාව, විද්‍යාව’ කියල කියනවා. ස්වාමීනි, විද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් විද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”

ඉධ භික්‌ඛු, සුතවා අරියසාවකෝ රූපං පජානාති, රූපසමුදයං පජානාති, රූපනිරෝධං පජානාති, රූපනිරෝධගාමිනිං පටිපදං පජානාති. වේදනං පජානාති ….(පෙ)…. සඤ්‌ඤං පජානාති ….(පෙ)…. සංඛාරේ පජානාති ….(පෙ)…. විඤ්ඤාණං පජානාති, විඤ්ඤාණසමුදයං පජානාති, විඤ්ඤාණනිරෝධං පජානාති, විඤ්‌ඤාණනිරෝධගාමිනිං පටිපදං පජානාති. අයං වුච්‌චති භික්‌ඛු, විජ්‌ජා. එත්‌තාවතා ච විජ්‌ජාගතෝ හෝතීති.

“පින්වත් භික්ෂුව, මෙකරුණෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය අවබෝධ කරගන්නවා. රූපයේ හටගැනීම අවබෝධ කරගන්නවා. රූපයේ නිරුද්ධ වීම අවබෝධ කරගන්නවා. රූපය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව අවබෝධ කරගන්නවා. වේදනාව අවබෝධ කරගන්නවා …. (පෙ) …. සඤ්ඤාව අවබෝධ කරගන්නවා …. (පෙ) …. සංස්කාර අවබෝධ කරගන්නවා …. (පෙ) …. විඤ්ඤාණය අවබෝධ කරගන්නවා. විඤ්ඤාණයේ හටගැනීම අවබෝධ කරගන්නවා. විඤ්ඤාණයේ නිරුද්ධ වීම අවබෝධ කරගන්නවා. විඤ්ඤාණය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව අවබෝධ කරගන්නවා. පින්වත් භික්ෂුව, මේක තමයි විද්‍යාව කියල කියන්නේ. විද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”

සාදු! සාදු!! සාදු!!!

විජ්ජා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M