113. සැවැත් නුවර දී ……………………….
එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පසකින් වාඩිවුණා. එකත්පසකින් වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘අවිද්‍යාව, අවිද්‍යාව’ කියල කියනවා. ස්වාමීනි, අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? කෙනෙක් අවිද්‍යාව තුළට පැමිණෙන්නේ කවර කරුණු මතද?”
“පින්වත් භික්ෂුව, මෙකරුණෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයා රූපය අවබෝධ කරන්නේ නෑ. රූපයේ හටගැනීම අවබෝධ කරන්නේ නෑ. රූපයේ නිරුද්ධ වීම අවබෝධ කරන්නේ නෑ. රූපය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව අවබෝධ කරන්නේ නෑ. වේදනාව අවබෝධ කරන්නේ නෑ …. (පෙ) …. සඤ්ඤාව අවබෝධ කරන්නේ නෑ …. (පෙ) …. සංස්කාර අවබෝධ කරන්නේ නෑ …. (පෙ) …. විඤ්ඤාණය අවබෝධ කරන්නේ නෑ. විඤ්ඤාණයේ හටගැනීම අවබෝධ කරන්නේ නෑ. විඤ්ඤාණයේ නිරුද්ධ වීම අවබෝධ කරන්නේ නෑ. විඤ්ඤාණය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව අවබෝධ කරන්නේ නෑ. පින්වත් භික්ෂුව, මේක තමයි අවිද්‍යාව කියල කියන්නේ. අවිද්‍යාව තුළට එන්නෙත් ඔච්චරකින් ම තමයි.”
සාදු! සාදු!! සාදු!!!
අවිජ්ජා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M