112. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, රූපය කෙරෙහි යම් කැමැත්තක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, යම් සතුටක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම්, යම් බැසගැනීමක්, බැඳීමක්, සිතින් අදිටන් කරගැනීමක්, සිත අභ්‍යන්තරයෙහි ඇල්ම පැවැත්වීමක් තියෙනවා නම් එය අත්හරින්න. එතකොට මුල් ඉදිරී ගිය, කරටිය බිඳුණ තල් ගසක් බවට පත්වුණ, අභාවයට පත්වුණ, ආයෙ කවදාකවත් නොහටගන්නා ස්වභාවයට පත්වුණ ඒ රූපය ප්‍රහීණ වෙලා යනවා.
විඳීම කෙරෙහි යම් කැමැත්තක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, යම් සතුටක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම්, යම් බැස ගැනීමක්, බැඳීමක්, සිතින් අදිටන් කරගැනීමක්, සිත අභ්‍යන්තරයෙහි ඇල්ම පැවැත්වීමක් තියෙනවා නම් එය අත්හරින්න. එතකොට මුල් ඉදිරී ගිය, කරටිය බිඳුණ තල් ගසක් බවට පත්වුණ, අභාවයට පත්වුණ, ආයෙ කවදාකවත් නොහටගන්නා ස්වභාවයට පත්වුණ ඒ විඳීම ප්‍රහීණ වෙලා යනවා.
සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය කෙරෙහි යම් කැමැත්තක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, යම් සතුටක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම්, යම් බැසගැනීමක්, බැඳීමක්, සිතින් අදිටන් කරගැනීමක්, සිත අභ්‍යන්තරයෙහි ඇල්ම පැවැත්වීමක් තියෙනවා නම් එය අත්හරින්න. එතකොට මුල් ඉදිරී ගිය, කරටිය බිඳුණ තල් ගසක් බවට පත්වුණ, අභාවයට පත්වුණ, ආයෙ කවදාකවත් නොහටගන්නා ස්වභාවයට පත්වුණ ඒ විඤ්ඤාණය ප්‍රහීණ වෙලා යනවා.
සාදු! සාදු!! සාදු!!!
දුතිය ඡන්දරාග සූත්‍රය නිමා විය.
පළවෙනි අන්ත වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
අන්ත සූත්‍රය, දුක්ඛ සූත්‍රය, සක්කාය සූත්‍රය, පරිඤ්ඤෙය්‍ය සූත්‍රය, සමණ සූත්‍ර දෙක, සෝතාපන්න සූත්‍රය, අරහන්ත සූත්‍රය, ඡන්දරාග සූත්‍ර දෙක යන මේ දෙසුම්වලින් මෙම වර්ගය සමන්විතයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M