සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.1.9. පඨම ඡන්දරාග සුත්තං

1.3.1.9. ඡන්දරාගය ගැන වදාළ පළමු දෙසුම

111. සාවත්ථියං….

111. සැවැත් නුවර දී …………………

රූපේ භික්ඛවේ, යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්‌හා, තං පජහථ. ඒවං තං රූපං පහීනං භවිස්‌සති උච්‌ඡින්‌නමූලං තාලාවත්‌ථුකතං අනභාවකතං ආයතිං අනුප්‌පාදධම්‌මං.

පින්වත් මහණෙනි, රූපය කෙරෙහි යම් කැමැත්තක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, යම් සතුටක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම් එය අත්හරින්න. එතකොට මුල් ඉදිරී ගිය, කරටිය බිඳුණ තල් ගසක් බවට පත්වුණ, අභාවයට පත්වුණ, ආයෙ කවදාකවත් නොහටගන්නා ස්වභාවයට පත්වුණ ඒ රූපය ප්‍රහීණ වෙලා යනවා.

වේදනාය යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්‌හා, තං පජහථ. ඒවං සා වේදනා පහීනා භවිස්‌සති උච්‌ඡින්‌නමූලා තාලාවත්‌ථුකතා අනභාවකතා ආයතිං අනුප්‌පාදධම්‌මා.

විඳීම කෙරෙහි යම් කැමැත්තක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, යම් සතුටක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම් එය අත්හරින්න. එතකොට මුල් ඉදිරී ගිය, කරටිය බිඳුණ තල් ගසක් බවට පත්වුණ, අභාවයට පත්වුණ, ආයෙ කවදාකවත් නොහටගන්නා ස්වභාවයට පත්වුණ ඒ විඳීම ප්‍රහීණ වෙලා යනවා.

සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්‌හා, තං පජහථ. ඒවං තේ සංඛාරා පහීනා භවිස්‌සන්ති උච්‌ඡින්‌නමූලා තාලාවත්‌ථුකතා අනභාවකතා ආයතිං අනුප්‌පාදධම්‌මා.

සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර කෙරෙහි යම් කැමැත්තක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, යම් සතුටක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම් එය අත්හරින්න. එතකොට මුල් ඉදිරී ගිය, කරටිය බිඳුණ තල් ගසක් බවට පත්වුණ, අභාවයට පත්වුණ, ආයෙ කවදාකවත් නොහටගන්නා ස්වභාවයට පත්වුණ ඒ සංස්කාර ප්‍රහීණ වෙලා යනවා.

විඤ්ඤාණේ යෝ ඡන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්‌හා, තං පජහථ. ඒවං තං විඤ්‌ඤාණං පහීනං භවිස්‌සති උච්‌ඡින්‌නමූලං තාලාවත්‌ථුකතං අනභාවකතං ආයතිං අනුප්‌පාදධම්‌මන්‌ති.

විඤ්ඤාණය කෙරෙහි යම් කැමැත්තක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, යම් සතුටක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම් එය අත්හරින්න. එතකොට මුල් ඉදිරී ගිය, කරටිය බිඳුණ තල් ගසක් බවට පත්වුණ, අභාවයට පත්වුණ, ආයෙ කවදාකවත් නොහටගන්නා ස්වභාවයට පත්වුණ ඒ විඤ්ඤාණය ප්‍රහීණ වෙලා යනවා.

සාදු! සාදු!! සාදු!!!

පඨම ඡන්දරාග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M