110. සැවැත් නුවර දී ………………….
පින්වත් මහණෙනි, මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා. කවර පහක්ද යත්; ඒ කියන්නේ, රූප උපාදානස්කන්ධය …. (පෙ) …. විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව ඔය පංච උපාදානස්කන්ධයේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරගෙන උපාදාන රහිතව නිදහස් වෙලා ගියා නම්, පින්වත් මහණෙනි, රහතන් වහන්සේ, ක්ෂීණාශ්රවයන් වහන්සේ, බඹසර වාසය සම්පූර්ණ කළ කෙනා, නිවන පිණිස කළ යුතු දේ කරගත් කෙනා, කෙලෙස් බර බැහැර කළ කෙනා, පිළිවෙළින් පිරිපුන් අරුතට පත් වූ කෙනා, භව බන්ධයන් ක්ෂය වී ගිය කෙනා, ඉතා යහපත් ලෙස අවබෝධයෙන් ම දුකින් නිදහස් වුණ කෙනා කියල කියන්නේ මේ භික්ෂුවට තමයි.
සාදු! සාදු!! සාදු!!!
අරහන්ත සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M