සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.1.7. සෝතාපන්න සුත්තං

1.3.1.7. සෝවාන් වීම ගැන වදාළ දෙසුම

109. සාවත්ථියං….

109. සැවැත් නුවර දී ………………….

පඤ්‌චිමේ භික්ඛවේ, උපාදානක්‌ඛන්‌ධා. කතමේ පඤ්‌ච? සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ ….(පෙ)…. විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ.

පින්වත් මහණෙනි, මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා. කවර පහක්ද යත්; ඒ කියන්නේ, රූප උපාදානස්කන්ධය …. (පෙ) …. විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි.

යතෝ ඛෝ භික්ඛවේ, අරියසාවකෝ ඉමේසං පඤ්‌චන්‌නං උපාදානක්‌ඛන්‌ධානං සමුදයඤ්‌ච අත්ථගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං පජානාති. අයං වුච්‌චති භික්ඛවේ, අරියසාවකෝ සෝතාපන්‌නෝ අවිනිපාතධම්‌මෝ නියතෝ සම්‌බෝධිපරායනෝති.

පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරනවා නම්, පින්වත් මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයාට තමයි සෝවාන් වුණ කෙනා, අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු කෙනා, නියත වශයෙන් ම නිවන් අවබෝධය පිහිට කරගෙන ඉන්න කෙනා කියල කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

සෝතාපන්න සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M