සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.1.6. දුතිය සමණ සුත්තං

1.3.1.6. ශ්‍රමණයා ගැන වදාළ දෙවෙනි දෙසුම

108. සාවත්ථියං….

108. සැවැත් නුවර දී …………………..

පඤ්‌චිමේ භික්ඛවේ, උපාදානක්‌ඛන්‌ධා. කතමේ පඤ්‌ච? සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ, ….(පෙ)…. විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ.

පින්වත් මහණෙනි, මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා. කවර පහක්ද යත්; ඒ කියන්නේ, රූප උපාදානස්කන්ධය …. (පෙ) …. විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි.

යේ හි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්‌මණා වා ඉමේසං පඤ්‌චන්‌නං උපාදානක්‌ඛන්‌ධානං සමුදයඤ්‌ච අත්ථගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං නප්‌පජානන්‌ති ….(පෙ)…. පජානන්‌ති, ….(පෙ)…. සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌තීති.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයන් හරි බ්‍රාහ්මණයන් හරි ඔය පංච උපාදානස්කන්ධයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කළේ නැත්නම් …. (පෙ) …. අවබෝධ කළොත් …. (පෙ) …. තමන්ගේ ම විශිෂ්ට ඥානයෙන් ශ්‍රමණබවේ ඵලයක් හෝ බ්‍රාහ්මණබවේ ඵලයක් හෝ සාක්ෂාත් කරගෙන එයට පැමිණිලා වාසය කරන්නේ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සමණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M