සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.1.5. සමණ සුත්තං

1.3.1.5. ශ්‍රමණයා ගැන වදාළ දෙසුම

107. සාවත්ථියං…..

107. සැවැත් නුවර දී ………………….

පඤ්‌චිමේ භික්ඛවේ, උපාදානක්‌ඛන්‌ධා. කතමේ පඤ්‌ච? සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ ….(පෙ)…. විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ.

පින්වත් මහණෙනි, මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා. කවර පහක්ද යත්; ඒ කියන්නේ, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි.

යේ හි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්‌මණා වා ඉමේසං පඤ්‌චන්‌නං උපාදානක්‌ඛන්‌ධානං අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං නප්‌පජානන්‌ති. න මේ තේ භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා සමණේසු චේව සමණසම්‌මතා බ්‍රාහ්‌මණේසු ච බ්‍රාහ්‌මණසම්‌මතා, න ච පන තේ ආයස්‌මන්‌තෝ සාමඤ්‌ඤත්‌ථං වා බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථං වා දිට්ඨේව ධම්‌මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌ති.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයන් හරි බ්‍රාහ්මණයන් හරි ඔය පංච උපාදානස්කන්ධයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කළේ නැත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ ශ්‍රමණයිනුත්, බ්‍රාහ්මණයිනුත් සැබෑම ශ්‍රමණයන් අතර ශ්‍රමණවරුන් බවට සම්මත වෙන්නේ නෑ. සැබෑම බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණවරුන් බවට සම්මත වෙන්නේ නෑ. ඒ ආයුෂ්මත්වරුන් මේ ජීවිතය තුළ දී ම තමන්ගේ ම විශිෂ්ට ඥානයෙන් ශ්‍රමණබවේ ඵලයක් හෝ බ්‍රාහ්මණබවේ ඵලයක් හෝ සාක්ෂාත් කරගෙන එයට පැමිණිලා වාසය කරන්නේ නම් නෑ.

යේ ච ඛෝ කේචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා ඉමේසං පඤ්‌චන්‌නං උපාදානක්‌ඛන්‌ධානං අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං පජානන්‌ති. තේ ඛෝ මේ භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා සමණේසු චේව සමණසම්‌මතා බ්‍රාහ්‌මණේසු ච බ්‍රාහ්‌මණසම්‌මතා , තේ ච පනායස්‌මන්‌තෝ සාමඤ්‌ඤත්‌ථඤ්‌ච බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථඤ්‌ච දිට්ඨේව ධම්‌මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌තීති.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයන් හරි බ්‍රාහ්මණයන් හරි ඔය පංච උපාදානස්කන්ධයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කළොත්, පින්වත් මහණෙනි, ඒ මේ ශ්‍රමණයිනුත්, බ්‍රාහ්මණයිනුත් සැබෑම ශ්‍රමණයන් අතර ශ්‍රමණවරුන් බවට සම්මත වෙනවා. සැබෑම බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණවරුන් බවට සම්මත වෙනවා. ඒ ආයුෂ්මත්වරුන් තමයි මේ ජීවිතය තුළ දී ම තමන්ගේ ම විශිෂ්ට ඥානයෙන් ශ්‍රමණබවේ ඵලයක් හෝ බ්‍රාහ්මණබවේ ඵලයක් හෝ සාක්ෂාත් කරගෙන එයට පැමිණිලා වාසය කරන්නේ.

සාදු! සාදු!! සාදු!!!

සමණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M