106. සැවැත් නුවර දී …………………..
පින්වත් මහණෙනි, ඔබට පිරිසිඳ දත යුතු දේ ගැනත්, පිරිසිඳ දැනගැනීම ගැනත්, පිරිසිඳ දැනගත් පුද්ගලයා ගැනත් දේශනා කරන්නම්. එයට හොඳින් සවන් දෙන්න.
පින්වත් මහණෙනි, පිරිසිඳ දත යුතු දේ කියන්නේ මොනවාද?
පින්වත් මහණෙනි, රූපය යනු පිරිසිඳ දත යුතු දෙයක්. විඳීම යනු පිරිසිඳ දත යුතු දෙයක්. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු පිරිසිඳ දත යුතු දෙයක්. පින්වත් මහණෙනි, පිරිසිඳ දත යුතු දේ කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, පිරිසිඳ දැනගැනීම කියන්නේ මොකක්ද?
පින්වත් මහණෙනි, රාගයේ යම් ක්ෂයවීමක් ඇද්ද, ද්වේෂයේ යම් ක්ෂය වීමක් ඇද්ද, මෝහයේ යම් ක්ෂය වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, පිරිසිඳ දැනගැනීම කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, පිරිසිඳ දැනගත් පුද්ගලයා කියන්නේ කවුද?
රහතන් වහන්සේ කියලයි එයට කිව යුත්තේ. මෙබඳු නම් ඇති, මෙබඳු ගෝත්‍ර ඇති යම් මේ ආයුෂ්මතුන් වහන්සේ නමක් ඇද්ද, පින්වත් මහණෙනි, පිරිසිඳ දැනගත් පුද්ගලයා කියන්නේ මොහුටයි.
සාදු! සාදු!! සාදු!!!
පරිඤ්ඤෙය්‍ය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M