සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.5.9. වාසිජටෝපම සුත්තං

1.2.5.9. වෑ මිට උපමා කොට වදාළ දෙසුම

101. සාවත්ථියං….

101. සැවැත් නුවරදී ……………………….

ජානතෝ’හං භික්ඛවේ, පස්‌සතෝ ආසවානං ඛයං වදාමි, නෝ අජානතෝ නෝ අපස්‌සතෝ.

පින්වත් මහණෙනි, මං අවබෝධ කරන, දකින කෙනාට තමයි ආශ්‍රවයන් ක්ෂය වෙන බව කියන්නේ. අවබෝධ නොකරන්නා වූ, නොදකින්නා වූ කෙනාට නම් නොවෙයි.

කිඤ්‌ච භික්ඛවේ, ජානතෝ කිං පස්‌සතෝ ආසවානං ඛයෝ හෝති?

පින්වත් මහණෙනි, කවර දෙයක් අවබෝධ කරන, දකින කෙනාටද ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ?

ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයෝ, ඉති රූපස්‌ස අත්ථගමෝ. ඉති වේදනා ….(පෙ)…. ඉති සඤ්‌ඤා ….(පෙ)…. ඉති සංඛාරා ….(පෙ)…. ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයෝ, ඉති විඤ්‌ඤාණස්‌ස අත්ථගමෝති. ඒවං ඛෝ භික්ඛවේ, ජානතෝ ඒවං පස්‌සතෝ ආසවානං ඛයෝ හෝති.

මේ තමයි රූපය කියලා, මේ තමයි රූපයේ හටගැනීම කියලා, මේ තමයි රූපයේ නැතිවීම කියලා, මේ තමයි විඳීම කියලා …. (පෙ) …. මේ තමයි සඤ්ඤාව කියලා …. (පෙ) …. මේ තමයි සංස්කාර කියලා …. (පෙ) …. මේ තමයි විඤ්ඤාණය කියලා, මේ තමයි විඤ්ඤාණයේ හටගැනීම කියලා, මේ තමයි විඤ්ඤාණයේ නැතිවීම කියලා, පින්වත් මහණෙනි, ඔය විදිහට අවබෝධ කරන, ඔය විදිහට දකින කෙනාටයි ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ.

භාවනානුයෝගමනනුයුත්‌තස්‌ස භික්ඛවේ, භික්ඛුනෝ විහරතෝ කිඤ්‌චාපි ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චෙය්‍යාති, අථ ඛ්‌වස්‌ස නේව අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චති. තං කිස්‌ස හේතු? අභාවිතත්‌තා තිස්‌ස වචනීයං. කිස්‌ස අභාවිතත්‌තා?

පින්වත් මහණෙනි, භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ‘අනේ, ඇත්තෙන් ම මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යනවා නම්!’ කියලා කොච්චර කැමැත්තක් ඇති වුණත්, එපමණකින් සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? ඒකට කියන්න තියෙන්නේ නොවැඩූ නිසා කියලයි.

කුමක් නොවැඩූ නිසාද?

අභාවිතත්‌තා චතුන්‌නං සතිපට්‌ඨානානං, අභාවිතත්‌තා චතුන්‌නං සම්‌මප්‌පධානානං, අභාවිතත්‌තා චතුන්‌නං ඉද්‌ධිපාදානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං ඉන්‌ද්‍රියානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං බලානං, අභාවිතත්‌තා සත්‌තන්‌නං බොජ්‌ඣංගානං, අභාවිතත්‌තා අරියස්‌ස අට්‌ඨං‌ගිකස්‌ස මග්‌ගස්‌ස.

සතර සතිපට්ඨානයන් නොවැඩූ නිසා තමයි. සතර සම්‍යක් පධාන වීර්යයන් නොවැඩූ නිසා තමයි. සතර ඉර්ධිපාද නොවැඩූ නිසා තමයි. පංච ඉන්ද්‍රිය නොවැඩූ නිසා තමයි. පංච බල නොවැඩූ නිසා තමයි. බොජ්ඣංග ධර්ම හත නොවැඩූ නිසා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩූ නිසා තමයි.

සෙය්‍යථාපි භික්ඛවේ, කුක්‌කුටියා අණ්‌ඩානි අට්‌ඨ වා දස වා ද්‌වාදස වා. තානස්‌සු කුක්‌කුටියා න සම්‌මා අධිසයිතානි, න සම්‌මා පරිසේදිතානි, න සම්‌මා පරිභාවිතානි. කිඤ්‌චාපි තස්‌සා කුක්‌කුටියා ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ කුක්‌කුටපෝතකා පාදනඛසිඛාය වා මුඛතුණ්‌ඩකේන වා අණ්‌ඩකෝසං පදාලෙත්‌වා සොත්‌ථිනා අභිනිබ්‌භිජ්‌ජෙය්‍යුන්‌ති, අථ ඛෝ අභබ්‌බාව තේ කුක්‌කුටපෝතකා පාදනඛසිඛාය වා මුඛතුණ්‌ඩකේන වා අණ්‌ඩකෝසං පදාලෙත්‌වා සොත්‌ථිනා අභිනිබ්‌භිජ්‌ජිතුං.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ඔන්න කිකිළියකට බිත්තර අටක් හරි, දහයක් හරි දොළහක් හරි තියෙනවා. ඉතින් මේ කිකිළිය ඒවා ඕනෑකමින් රකින්නේ නෑ. ඕනෑකමින් උණුසුම් කරන්නේ නෑ. ඕනෑකමින් යළි යළිත් රකින්නේ නෑ. නමුත් මේ කිකිළිය ‘අනේ, ඇත්තෙන් ම මගේ කුකුළු පැටව් ටික පා නියසිලෙන් හරි, හොටේ තුඩෙන් හරි, බිත්තර පලාගෙන සුවසේ එළියට එනවා නම්!’ කියලා කොයිතරම් කැමැත්තක් උපදවා ගත්තත්, ඒ කුකුළු පැටවුන් නම්, පා නියසිලෙන් හරි, හොටේ තුඩෙන් හරි, බිත්තර පලාගෙන සුවසේ එළියට එනවා කියන කරුණ විය හැකි දෙයක් නොවෙයි.

තං කිස්‌ස හේතු?

ඒකට හේතුව මොකක්ද?

තථා හි පන භික්ඛවේ, කුක්‌කුටියා අණ්‌ඩානි අට්‌ඨ වා දස වා ද්‌වාදස වා. තානි කුක්‌කුටියා න සම්‌මා අධිසයිතානි, න සම්‌මා පරිසේදිතානි, න සම්‌මා පරිභාවිතානි.

පින්වත් මහණෙනි, කිකිළියට බිත්තර අටක් හරි, දහයක් හරි දොළහක් හරි තිබුණට ඔය කිකිළිය ඒවා ඕනෑකමින් රකින්නේ නැති කොට, ඕනෑකමින් උණුසුම් කරන්නේ නැති කොට, ඕනෑකමින් යළි යළිත් රකින්නේ නැති කොට, ඔච්චර තමයි වෙන්නේ.

ඒවමේව ඛෝ භික්ඛවේ, භාවනානුයෝගමනනුයුත්‌තස්‌ස භික්ඛුනෝ විහරතෝ කිඤ්‌චාපි ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චෙය්‍යාති, අථ ඛ්‌වස්‌ස නේව අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චති. තං කිස්‌ස හේතු? අභාවිතත්‌තාතිස්‌ස වචනීයං.

පින්වත් මහණෙනි, මේකත් ඔය විදිහ තමයි. භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ‘අනේ, ඇත්තෙන් ම මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යනවා නම්!’ කියලා කොච්චර කැමැත්තක් ඇති වුණත්, එපමණකින් සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? ඒකට කියන්න තියෙන්නේ නොවැඩූ නිසා කියලයි.

කිස්‌ස අභාවිතත්‌තා?

කුමක් නොවැඩූ නිසාද?

අභාවිතත්‌තා චතුන්‌නං සතිපට්‌ඨානානං, අභාවිතත්‌තා චතුන්‌නං සම්‌මප්‌පධානානං, අභාවිතත්‌තා චතුන්‌නං ඉද්‌ධිපාදානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං ඉන්‌ද්‍රියානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං බලානං, අභාවිතත්‌තා සත්‌තන්‌නං බොජ්‌ඣංගානං, අභාවිතත්‌තා අරියස්‌ස අට්‌ඨං‌ගිකස්‌ස මග්‌ගස්‌ස.

සතර සතිපට්ඨානයන් නොවැඩූ නිසා තමයි. සතර සම්‍යක් පධාන වීර්යයන් නොවැඩූ නිසා තමයි. සතර ඉර්ධිපාද නොවැඩූ නිසා තමයි. පංච ඉන්ද්‍රිය නොවැඩූ නිසා තමයි. පංච බල නොවැඩූ නිසා තමයි. බොජ්ඣංග ධර්ම හත නොවැඩූ නිසා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩූ නිසා තමයි.

භාවනානුයෝගමනුයුත්‌තස්‌ස භික්ඛවේ, භික්ඛුනෝ විහරතෝ කිඤ්‌චාපි න ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චෙය්‍යාති, අථ ඛ්‌වස්‌ස අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චති. තං කිස්‌ස හේතු? භාවිතත්‌තාතිස්‌ස වචනීයං.

භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ‘අනේ, ඇත්තෙන් ම මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යනවා නම්!’ කියලා කැමැත්තක් ඇති වෙන්නෙ නෑ. නමුත් ඒ භික්ෂුවගේ සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. ඒකට හේතුව මොකක්ද? ඒකට කියන්න තියෙන්නේ වැඩූ නිසා කියලයි.

කිස්‌ස භාවිතත්‌තා?

කුමක් වැඩූ නිසාද?

භාවිතත්‌තා චතුන්‌නං සතිපට්‌ඨානානං, භාවිතත්‌තා චතුන්‌නං සම්‌මප්‌පධානානං, භාවිතත්‌තා චතුන්‌නං ඉද්‌ධිපාදානං, භාවිතත්‌තා පඤ්‌චන්‌නං ඉන්‌ද්‍රියානං, භාවිතත්‌තා පඤ්‌චන්‌නං බලානං, භාවිතත්‌තා සත්‌තන්‌නං බොජ්‌ඣංගානං, භාවිතත්‌තා අරියස්‌ස අට්‌ඨංගිකස්‌ස මග්‌ගස්‌ස.

සතර සතිපට්ඨානයන් වැඩූ නිසා තමයි. සතර සම්‍යක් පධාන වීර්යයන් වැඩූ නිසා තමයි. සතර ඉර්ධිපාද වැඩූ නිසා තමයි. පංච ඉන්ද්‍රිය වැඩූ නිසා තමයි. පංච බල වැඩූ නිසා තමයි. බොජ්ඣංග ධර්ම හත වැඩූ නිසා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩූ නිසා තමයි.

සෙය්‍යථාපි භික්ඛවේ, කුක්‌කුටියා අණ්‌ඩානි අට්‌ඨ වා දස වා ද්‌වාදස වා. තානස්‌සු කුක්‌කුටියා සම්‌මා අධිසයිතානි, සම්‌මා පරිසේදිතානි, සම්‌මා පරිභාවිතානි . කිඤ්‌චාපි තස්‌සා කුක්‌කුටියා න ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ කුක්‌කුටපෝතකා පාදනඛසිඛාය වා මුඛතුණ්‌ඩකේන වා අණ්‌ඩකෝසං පදාලෙත්‌වා සොත්‌ථිනා අභිනිබ්‌භිජ්‌ජෙය්‍යුන්‌ති, අථ ඛෝ භබ්‌බාව තේ කුක්‌කුටපෝතකා පාදනඛසිඛාය වා මුඛතුණ්‌ඩකේන වා අණ්‌ඩකෝසං පදාලෙත්‌වා සොත්‌ථිනා අභිනිබ්‌භිජ්‌ජිතුං.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ඔන්න කිකිළියකට බිත්තර අටක් හරි, දහයක් හරි දොළහක් හරි තියෙනවා. ඉතින් මේ කිකිළිය ඒවා ඕනෑකමින් රකිනවා. ඕනෑකමින් උණුසුම් කරනවා. ඕනෑකමින් යළි යළිත් රකිනවා. නමුත් මේ කිකිළිය ‘අනේ, ඇත්තෙන් ම මගේ කුකුළු පැටව් ටික පා නියසිලෙන් හරි, හොටේ තුඩෙන් හරි, බිත්තර පලාගෙන සුවසේ එළියට එනවා නම්!’ කියලා කැමැත්තක් උපදවා ගන්නේ නෑ. නමුත් ඒ කුකුළු පැටවුන් නම්, පා නියසිලෙන් හරි, හොටේ තුඩෙන් හරි, බිත්තර පලාගෙන සුවසේ එළියට එනවා කියන කරුණ සිදුවෙන දෙයක් ම යි.

තං කිස්‌ස හේතු?

ඒකට හේතුව මොකක්ද?

තථා හි පන භික්ඛවේ, කුක්‌කුටියා අණ්‌ඩානි අට්‌ඨ වා දස වා ද්‌වාදස වා. තානස්‌සු කුක්‌කුටියා සම්‌මා අධිසයිතානි, සම්‌මා පරිසේදිතානි, සම්‌මා පරිභාවිතානි.

පින්වත් මහණෙනි, කිකිළියට බිත්තර අටක් හරි, දහයක් හරි දොළහක් හරි තියෙනවානෙ. ඉතින් ඔය කිකිළී ඒවා ඕනෑකමින් රකින කොට, ඕනෑකමින් උණුසුම් කරන කොට, ඕනෑකමින් යළි යළිත් රකින කොට, ඔච්චර තමයි වෙන්නේ.

ඒවමේව ඛෝ භික්ඛවේ, භාවනානුයෝගමනුයුත්‌තස්‌ස භික්ඛුනෝ විහරතෝ කිඤ්‌චාපි න ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චෙය්‍යාති, අථ ඛ්‌වස්‌ස අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චති.

තං කිස්‌ස හේතු? භාවිතත්‌තාතිස්‌ස වචනීයං. කිස්‌ස භාවිතත්‌තා?

පින්වත් මහණෙනි, මේකත් ඔය විදිහ තමයි. භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ‘අනේ, ඇත්තෙන් ම මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යනවා නම්!’ කියලා කැමැත්තක් ඇති නොවුණාට, ඒ භික්ෂුවගේ සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. ඒකට හේතුව මොකක්ද? ඒකට කියන්න තියෙන්නේ වැඩූ නිසා කියලයි. කුමක් වැඩූ නිසාද?

භාවිතත්‌තා චතුන්‌නං සතිපට්‌ඨානානං, භාවිතත්‌තා චතුන්‌නං සම්‌මප්‌පධානානං, භාවිතත්‌තා චතුන්‌නං ඉද්‌ධිපාදානං, භාවිතත්‌තා පඤ්‌චන්‌නං ඉන්‌ද්‍රියානං, භාවිතත්‌තා පඤ්‌චන්‌නං බලානං, භාවිතත්‌තා සත්‌තන්‌නං බොජ්‌ඣංගානං, භාවිතත්‌තා අරියස්‌ස අට්‌ඨංගිකස්‌ස මග්‌ගස්‌ස.

සතර සතිපට්ඨානයන් වැඩූ නිසා තමයි. සතර සම්‍යක් පධාන වීර්යයන් වැඩූ නිසා තමයි. සතර ඉර්ධිපාද වැඩූ නිසා තමයි. පංච ඉන්ද්‍රිය වැඩූ නිසා තමයි. පංච බල වැඩූ නිසා තමයි. බොජ්ඣංග ධර්ම හත වැඩූ නිසා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩූ නිසා තමයි.

සෙය්‍යථාපි භික්ඛවේ, පලගණ්‌ඩස්‌ස වා පලගණ්‌ඩන්‌තේවාසිස්‌ස වා වාසිජටේ දිස්‌සන්‌තේ වා අං‌ගුලිපදානි දිස්‌සන්ති අං‌ගුට්‌ඨපදා. නෝ ච ඛ්‌වස්‌ස ඒවං ඤාණං හෝති. එත්‌තකං වත මේ අජ්‌ජ වාසිජටං ඛීණං, එත්‌තකං හිය්‍යෝ, එත්‌තකං පරේති. අථ ඛ්‌වස්‌ස ඛීණේ ඛීණංත්වේව ඤාණං හෝති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. වඩුවෙක් ඉන්නවා. එක්කෝ ඒ වඩුවාගේ ගෝලයෙක් ඉන්නවා. ඔහුට වෑ මිටෙහි ඇඟිලි සලකුණු හරි, මහපොට ඇඟිලි සලකුණු හරි දකින්නට ලැබෙනවා. නමුත් ඔහුට ‘අද මගේ වෑ මිට මෙච්චරක් ගෙවිලා ගියා. ඊයේ මෙච්චරක් ගෙවිලා ගියා. කලින් දවසේ මෙච්චරක් ගෙවිලා ගියා’ කියලා අවබෝධයක් ඇති වෙන්නේ නෑ. නමුත් වෑ මිට ගෙවී ගිය ගමන් ගෙවුණා කියන අවබෝධය ඇතිවෙනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ, භාවනානුයෝගමනුයුත්‌තස්‌ස භික්ඛුනෝ විහරතෝ කිඤ්‌චාපි න ඒවං ඤාණං හෝති. එත්‌තකං වත මේ අජ්‌ජ ආසවානං ඛීණං, එත්‌තකං හිය්‍යෝ එත්‌තකං පරේති, අථ ඛ්‌වස්‌ස ඛීණේ ඛීණංත්වේව ඤාණං හෝති.

පින්වත් මහණෙනි, මේකත් ඔය විදිහ තමයි. භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ‘අද මගේ ආශ්‍රවයන් මෙච්චරක් ගෙවිලා ගියා. ඊයේ මෙච්චරක් ගෙවිලා ගියා. කලින් දවසේ මෙච්චරක් ගෙවිලා ගියා’ කියලා අවබෝධයක් ඇති වෙන්නේ නෑ. නමුත් ආශ්‍රවයන් ගෙවී ගිය ගමන් ගෙවුණා කියන අවබෝධය ඇති වෙනවා.

සෙය්‍යථාපි භික්ඛවේ, සාමුද්‌දිකාය නාවාය වෙත්‌තබන්‌ධනබද්‌ධාය ඡම්මාසානි උදකේ පරියාදාය හේමන්‌තිකේන ථලං උක්‌ඛිත්‌තාය වාතාතපපරේතානි බන්‌ධනානි. තානි පාවුස්සකේන මේඝේන අභිප්‌පවුට්‌ඨානි අප්‌පකසිරේන පටිප්‌පස්‌සම්‌භන්‌ති පූතිකානි භවන්‌ති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. මුහුදේ නැවක් වේවැල් කඹවලින් බැඳලා තියෙනවා. ඒ කඹ හය මාසයක් වතුරේ තිබිල සීත කාලයට ගොඩ බිමට දානවා. එතකොට ඒ කඹවලට අව්වෙන් සුළඟෙන් පහර වදිනවා. වැස්ස කාලෙට මහා වැස්සෙන් හොඳ හැටියට තෙමෙන කොට ඒ කඹ ලේසියෙන් ම ගැලවිලා දිරලා යනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ, භාවනානුයෝගමනුයුත්‌තස්‌ස භික්ඛුනෝ විහරතෝ අප්‌පකසිරේනේව සඤ්ඤෝජනානි පටිප්‌පස්‌සම්‌භන්‌ති, පූතිකානි භවන්‌තීති.

පින්වත් මහණෙනි, මේකත් ඔය විදිහ තමයි. භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ලේසියෙන් ම සංයෝජන ගැලවිලා යනවා. දිරලා යනවා.

සාදු! සාදු!! සාදු!!!

වාසිජටෝපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M