සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.5.8. දුතිය ගද්දූලබද්ධ සුත්තං

1.2.5.8. දම්වැලෙන් ගැට ගැසූ සුනඛයා ගැන වදාළ දෙවෙනි දෙසුම

100. සාවත්ථියං….

100. සැවැත් නුවර දී ………………………….

අනමතග්‌ගෝයං භික්ඛවේ, සංසාරෝ. පුබ්‌බාකෝටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං. සෙය්‍යථාපි භික්ඛවේ, සා ගද්‌දුලබද්ධෝ දළ්‌හේ ඛීලේ වා ථම්‌භේ වා උපනිබද්ධෝ. සෝ ගච්‌ඡති චේපි තමේව ඛීලං වා ථම්‌භං වා උපගච්‌ඡති. තිට්‌ඨති චේපි තමේව ඛීලං වා ථම්‌භං වා උපතිට්‌ඨති. නිසීදති චේපි තමේව ඛීලං වා ථම්‌භං වා උපනිසීදති. නිපජ්‌ජති චේපි තමේව ඛීලං වා ථම්‌භං වා උපනිපජ්‌ජති.

පින්වත් මහණෙනි, අවිද්‍යාවෙන් වැහිල, තණ්හාවෙන් බැඳිල උපතකින් උපතකට දුවන්නා වූ උපතකින් උපතකට සැරිසරන්නා වූ මේ සත්වයන් ගේ මේ මැරෙමින් ඉපදෙමින් පවතින ස්වභාවය (සංසාරය) යනු අනවරාග්‍ර දෙයක්. ආරම්භක කෙළවරක් නම් දැකගන්න බෑ.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දම්වැලෙන් ගැට ගැසූ සුනඛයා සවිමත් හුලක හරි, කණුවක හරි බැඳලා තියෙන කොට ඒ සතා යන කොට ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි යන්නේ. ඒ සතා ඉන්න කොට ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි ඉන්නේ. ඒ සතා හිඳින කොට ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි හිඳින්නේ. ඒ සතා ලගින කොට ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි ලගින්නේ.

ඒවමේව ඛෝ භික්ඛවේ, අස්‌සුතවා පුථුජ්ජනෝ රූපං ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති සමනුපස්‌සති. වේදනං ඒතං මම ….(පෙ)…. සඤ්‌ඤං ඒතං මම ….(පෙ)…. සංඛාරේ ඒතං මම ….(පෙ)…. විඤ්‌ඤාණං ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති සමනුපස්‌සති. සෝ ගච්‌ඡති චේපි ඉමේව පඤ්‌චුපාදානක්‌ඛන්‌ධේ උපගච්‌ඡති. තිට්‌ඨති චේපි ඉමේව පඤ්‌චුපාදානක්‌ඛන්‌ධේ උපතිට්‌ඨති. නිසීදති චේපි ඉමේව පඤ්‌චුපාදානක්‌ඛන්‌ධේ උපනිසීදති. නිපජ්‌ජති චේපි ඉමේව පඤ්‌චුපාදානක්‌ඛන්‌ධේ උපනිපජ්‌ජති.

පින්වත් මහණෙනි, ඔය විදිහට ම අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. රූපය ගැන මුළාවෙන් දකින්නේ ‘මේක මගේ, මේ මම, මේක තමයි මගේ ආත්මය’ කියලයි …. (පෙ) …. වේදනාවත් මේක මගේ …. (පෙ) …. සඤ්ඤාවත් මේක මගේ …. (පෙ) …. සංස්කාරත් මේක මගේ …. (පෙ) …. විඤ්ඤාණය ගැන මුළාවෙන් දකින්නේ ‘මේක මගේ, මේ මම, මේක තමයි මගේ ආත්මය’ කියලයි. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා යන කොට පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ වටේමයි යන්නේ. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා ඉන්න කොට පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ වටේමයි ඉන්නේ. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා හිඳින කොට පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ වටේමයි හිඳින්නේ. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා නිදන කොට පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ඒ වටේමයි නිදන්නේ.

තස්‌මාතිහ භික්ඛවේ, භික්ඛුනා අභික්‌ඛණං සකං චිත්‌තං පච්‌චවෙක්‌ඛිතබ්‌බං. දීඝරත්‌තමිදං චිත්‌තං සංකිලිට්‌ඨං රාගේන දෝසේන මෝහේනාති. චිත්‌තසංකිලේසා, භික්ඛවේ, සත්‌තා සංකිලිස්‌සන්‌ති. චිත්‌තවෝදානා සත්‌තා විසුජ්‌ඣන්‌ති. දිට්‌ඨං වෝ භික්ඛවේ, චරණං නාම චිත්‌තන්‌ති?

ඒවම්භන්තේ.

පින්වත් මහණෙනි, අන්න ඒ නිසා භික්ෂුව විසින් හැම තිස්සේම තමන්ගේ සිත ගැන නුවණින් විමස විමසා ම යි ඉන්න ඕන. බොහෝ කාලයක් මුළුල්ලේ මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලා තියෙන්නේ කියලා. පින්වත් මහණෙනි, සිත කිලිටි වීම නිසයි සත්වයන් කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වෙන්නේ. පින්වත් මහණෙනි, ඔබ ‘චරණ’ කියන චිත්‍රය දැකලා තියෙනවාද?” “එසේය, ස්වාමීනි.”

තම්‌පි ඛෝ භික්ඛවේ, චරණං චිත්‌තං චිත්‌තේනේව චිත්‌තිතං. තේනපි ඛෝ භික්ඛවේ, චරණේන චිත්‌තේන චිත්‌තඤ්‌ඤේව චිත්‌තතරං. තස්‌මාතිහ භික්ඛවේ, භික්ඛුනා අභික්‌ඛණං සකං චිත්‌තං පච්‌චවෙක්‌ඛිතබ්‌බං. දීඝරත්‌තමිදං චිත්‌තං සංකිලිට්‌ඨං රාගේන දෝසේන මෝහේනාති. චිත්‌තසංකිලේසා භික්ඛවේ, සත්‌තා සංකිලිස්‌සන්‌ති. චිත්‌තවෝදානා සත්‌තා විසුජ්‌ඣන්‌ති.

පින්වත් මහණෙනි, ඔය චරණ චිත්‍රය කියන්නේ සිතෙන් ම විචිත්‍ර කරපු එකක් නෙව. ඉතින් පින්වත් මහණෙනි, ඒ චරණ චිත්‍රයටත් වඩා සිත ම යි අතිශයින් ම විචිත්‍ර. පින්වත් මහණෙනි, අන්න ඒ නිසා භික්ෂුව විසින් හැම තිස්සේ ම තමන්ගේ සිත ගැන නුවණින් විමස විමසා ම යි ඉන්න ඕන. බොහෝ කාලයක් මුළුල්ලේ මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලා තියෙන්නේ කියලා. පින්වත් මහණෙනි, සිත කිලිටි වීම නිසයි සත්වයන් කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වෙන්නේ.

නාහං භික්ඛවේ, අඤ්‌ඤං ඒකනිකායම්‌පි සමනුපස්‌සාමි ඒවං චිත්‌තං. යථයිදං භික්ඛවේ, තිරච්‌ඡානගතා පාණා, තේපි ඛෝ භික්ඛවේ, තිරච්‌ඡානගතා පාණා චිත්‌තේනේව චිත්‌තිතා, තේහිපි ඛෝ භික්ඛවේ, තිරච්‌ඡානගතේහි පාණේහි චිත්‌තඤ්‌ඤේව චිත්‌තතරං. තස්‌මාතිහ භික්ඛවේ, භික්ඛුනා අභික්‌ඛණං සකං චිත්‌තං පච්‌චවෙක්‌ඛිතබ්‌බං. දීඝරත්‌තමිදං චිත්‌තං සංකිලිට්‌ඨං රාගේන දෝසේන මෝහේනාති. චිත්‌තසංකිලේසා භික්ඛවේ, සත්‌තා සංකිලිස්‌සන්‌ති. චිත්‌තවෝදානා සත්‌තා විසුජ්‌ඣන්‌ති.

පින්වත් මහණෙනි, මා නම් මේ තිරිසන්ගත සතුන් තරම් මෙතරම් විචිත්‍ර වූ අන්‍ය එකම සත්ව කොට්ඨාසයක්වත් දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය තිරිසන්ගත සතුන් විචිත්‍ර වෙලා තියෙන්නේ සිත කරණ කොට ගෙන ම යි. පින්වත් මහණෙනි, ඒ තිරිසන්ගත සතුන්ටත් වඩා සිත ම යි අතිශයින් ම විචිත්‍ර. පින්වත් මහණෙනි, අන්න ඒ නිසා භික්ෂුව විසින් හැම තිස්සේ ම තමන්ගේ සිත ගැන නුවණින් විමස විමසා ම යි ඉන්න ඕන. බොහෝ කාලයක් මුළුල්ලේ මේ සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලා තියෙන්නේ කියලා. පින්වත් මහණෙනි, සිත කිලිටි වීම නිසයි සත්වයන් කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වෙන්නේ.

සෙය්‍යථාපි භික්ඛවේ, රජකෝ වා චිත්‌තකාරකෝ වා සති රජනාය වා ලාඛාය වා හලිද්‌දියා වා නීලාය වා මඤ්‌ජෙට්‌ඨාය වා සුපරිමට්‌ඨේ වා ඵලකේ භිත්‌තියා වා දුස්‌සපටේ‌ වා ඉත්‌ථිරූපං වා පුරිසරූපං වා අභිනිම්‌මිනෙය්‍ය සබ්‌බංගපච්‌චංගං. ඒවමේව ඛෝ භික්ඛවේ, අස්‌සුතවා පුථුජ්ජනෝ රූපඤ්‌ඤේව අභිනිබ්‌බත්‌තෙන්‌තෝ අභිනිබ්‌බත්‌තේති, වේදනඤ්‌ඤේව ….(පෙ)… සඤ්‌ඤඤ්‌ඤේව ….(පෙ)… සංඛාරේ යේව ….(පෙ)… විඤ්‌ඤාණං යේව අභිනිබ්‌බත්‌තෙන්‌තෝ අභිනිබ්‌බත්‌තේති.

පින්වත් මහණෙනි, රදවෙක් ඉන්නවා. එහෙම නැත්නම් සිත්තරෙක් ඉන්නවා. ඔහු රතු පාට වේවා, නිල්පාට වේවා, මදටිය පාට වේවා සායම් තිබුණොත් ලාටු තිබුණොත් හොඳ මටසිලිටි වූ පුවරුවක හරි, බිත්තියක හරි, වස්ත්‍රයක හරි සියලු අඟපසඟින් යුතු ස්ත්‍රියකගේ රූපයක් හරි පුරුෂයෙකුගේ රූපයක් හරි ලස්සනට අඳිනවා. පින්වත් මහණෙනි, ඔය විදිහට ම අශ්‍රැතවත් පෘථග්ජනයාත් විශේෂයෙන් උපදවනවා නම් රූපයක් ම යි උපදවන්නේ …. (පෙ) …. වේදනාවක් ම යි …. (පෙ) …. සඤ්ඤාවක් ම යි …. (පෙ) …. සංස්කාර ම යි …. (පෙ) …. විශේෂයෙන් උපදවනවා නම් විඤ්ඤාණයක් ම යි උපදවන්නේ.

තං කිං මඤ්‌ඤථ භික්ඛවේ, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ. ….(පෙ)…

පින්වත් භික්ෂුව, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍යයිද? අනිත්‍යයිද?” “අනිත්‍යයි ස්වාමීනි.”

වේදනා ….(පෙ)… සඤ්‌ඤා ….(පෙ)… සංඛාරා ….(පෙ)… විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ. ….(පෙ)…

“විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය නිත්‍යයිද? අනිත්‍යයිද?” “අනිත්‍යයි ස්වාමීනි.”

තස්‌මාතිහ භික්ඛවේ, ….(පෙ)…. ඒවං පස්‌සං ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

“එනිසා පින්වත් භික්ෂුව …. (පෙ) …. පින්වත් භික්ෂුව, ඔය විදිහට දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා …. (පෙ) …. නැවත ඉපදීමක් නැතැයි අවබෝධ කරගන්නවා.”

සාදු! සාදු!! සාදු!!!

දුතිය ගද්දුලබද්ධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M