සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.5.7. ගද්දූලබද්ධ සුත්තං

1.2.5.7. දම්වැලෙන් ගැට ගැසූ සුනඛයා ගැන වදාළ දෙසුම

99. සාවත්ථියං…..

99. සැවැත් නුවර දී ………………………….

අනමතග්‌ගෝයං භික්ඛවේ, සංසාරෝ. පුබ්‌බාකෝටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං.

පින්වත් මහණෙනි, අවිද්‍යාවෙන් වැහිල, තණ්හාවෙන් බැඳිල උපතකින් උපතකට දුවන්නා වූ උපතකින් උපතකට සැරිසරන්නා වූ මේ සත්වයන්ගේ මේ මැරෙමින් ඉපදෙමින් පවතින ස්වභාවය (සංසාරය) යනු අනවරාග්‍ර දෙයක්. ආරම්භක කෙළවරක් නම් දැකගන්නට බෑ.

හෝති ඛෝ සෝ භික්ඛවේ, සමයෝ යං මහාසමුද්‌දෝ උස්‌සුස්‌සති විසුස්‌සති න භවති. න ත්වේවාහං භික්ඛවේ, අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං දුක්‌ඛස්‌ස අන්‌තකිරියං වදාමි.

පින්වත් මහණෙනි, යම් දවසක මේ මහා සමුද්‍රය සිඳිලා යනවාද, වේලිලා යනවාද, නොවෙනවාද එබඳු කාලයක් එනවා. ඒ වුණාට පින්වත් මහණෙනි, අවිද්‍යාවෙන් වැහිල, තණ්හාවෙන් බැඳිල උපතකින් උපතකට දුවන්නා වූ උපතකින් උපතකට සැරිසරන්නා වූ මේ සත්වයන්ගේ දුක නම් ඒ විදිහට කෙළවර වී යන බව මා කියන්නේ නෑ.

හෝති ඛෝ සෝ භික්ඛවේ, සමයෝ යං සිනේරු පබ්‌බතරාජා උඩ්ඩය්හති විනස්‌සති න භවති. න ත්වේවාහං භික්ඛවේ, අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං දුක්‌ඛස්‌ස අන්‌තකිරියං වදාමි.

පින්වත් මහණෙනි, යම් දවසක මේ සිනේරු පර්වත රාජයා ගිනි ඇවිලෙනවාද, වැනසෙනවාද, නොවෙනවාද එබඳු කාලයක් එනවා. ඒ වුණාට පින්වත් මහණෙනි, අවිද්‍යාවෙන් වැහිල, තණ්හාවෙන් බැඳිල උපතකින් උපතකට දුවන්නා වූ උපතකින් උපතකට සැරිසරන්නා වූ මේ සත්වයන්ගේ දුක නම් ඒ විදිහට කෙළවර වී යන බව මා කියන්නේ නෑ.

හෝති ඛෝ සෝ භික්ඛවේ, සමයෝ යං මහාපඨවී උඩ්ඩය්හති විනස්‌සති න භවති. න ත්වේවාහං භික්ඛවේ, අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං දුක්‌ඛස්‌ස අන්‌තකිරියං වදාමි.

පින්වත් මහණෙනි, යම් දවසක මේ මහපොළොව ගිනි ඇවිලෙනවාද, වැනසෙනවාද, නොවෙනවාද එබඳු කාලයක් එනවා. ඒ වුණාට පින්වත් මහණෙනි, අවිද්‍යාවෙන් වැහිල, තණ්හාවෙන් බැඳිල උපතකින් උපතකට දුවන්නා වූ උපතකින් උපතකට සැරිසරන්නා වූ මේ සත්වයන්ගේ දුක නම් ඒ විදිහට කෙළවර වී යන බව මා කියන්නේ නෑ.

සෙය්‍යථාපි භික්ඛවේ, සා ගද්‌දුලබද්ධෝ දළ්‌හේ ඛීලේ වා ථම්‌භේ වා උපනිබද්ධෝ තමේව ඛීලං වා ථම්‌භං වා අනුපරිධාවති අනුපරිවත්‌තති. ඒවමේව ඛෝ භික්ඛවේ, අස්‌සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්‌සාවී. අරියධම්මස්ස අකෝවිදෝ, අරියධම්මේ අවිනීතෝ, සප්පුරිසානං අදස්සාවී, සප්පුරිසධම්මස්ස අකෝවිදෝ, සප්‌පුරිසධම්‌මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්‌සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රුපස්මිං වා අත්තානං.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දම්වැලෙන් ගැට ගැසූ සුනඛයා සවිමත් හුලක හරි, කණුවක හරි බැඳලා තියෙන කොට ඒ සතා ඒ හුල හෝ කණුව ඇසුරු කරගෙන ඒ වටේමයි දුවන්නේ. ඒ වටේමයි පෙරළෙන්නේ. පින්වත් මහණෙනි, ඔය විදිහටම අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්. ආර්ය ධර්මයට අදක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා නොදකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට අදක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. ඔහු ආත්මයක් හැටියට රූපය ගැන මුළාවෙන් දකිනවා. ආත්මයක් රූපයෙන් හැදී තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තුළ රූපය තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ රූපය තුළ බවට මුළාවෙන් දකිනවා.

වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං. සෝ රූපඤ්‌ඤේව අනුපරිධාවති අනුපරිවත්‌තති, වේදනඤ්‌ඤේව අනුපරිධාවති අනුපරිවත්‌තති, සඤ්‌ඤඤ්‌ඤේව අනුපරිධාවති අනුපරිවත්‌තති, සංඛාරේයේව අනුපරිධාවති අනුපරිවත්‌තති, විඤ්‌ඤාණඤ්‌ඤේව අනුපරිධාවති අනුපරිවත්‌තති.

වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. ආත්මයක් හැටියට විඤ්ඤාණය ගැන මුළාවෙන් දකිනවා. ආත්මයක් විඤ්ඤාණයෙන් හැදී තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තුළ විඤ්ඤාණය තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ විඤ්ඤාණය තුළ බවට මුළාවෙන් දකිනවා.

ඒ පෘථග්ජනයාත් රූපය ඇසුරු කරගෙන ඒ වටේමයි දුවන්නේ. ඒ වටේමයි පෙරළෙන්නේ. වේදනාව ඇසුරු කරගෙන ඒ වටේමයි දුවන්නේ. ඒ වටේමයි පෙරළෙන්නේ. සඤ්ඤාව ඇසුරු කරගෙන ඒ වටේමයි දුවන්නේ. ඒ වටේමයි පෙරළෙන්නේ. සංස්කාර ඇසුරු කරගෙන ඒ වටේමයි දුවන්නේ. ඒ වටේමයි පෙරළෙන්නේ. විඤ්ඤාණය ඇසුරු කරගෙන ඒ වටේමයි දුවන්නේ. ඒ වටේමයි පෙරළෙන්නේ.

සෝ රූපං අනුපරිධාවං අනුපරිවත්‌තං, වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං අනුපරිධාවං අනුපරිවත්‌තං, න පරිමුච්‌චති රූපම්‌හා, න පරිමුච්‌චති වේදනාය, න පරිමුච්‌චති සඤ්‌ඤාය, න පරිමුච්‌චති සංඛාරේහි, න පරිමුච්‌චති විඤ්‌ඤාණම්‌හා, න පරිමුච්‌චති ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි. න පරිමුච්‌චති දුක්‌ඛස්‌මාති වදාමි.

ඔය විදිහට රූපය ඇසුරු කරගෙන ඒ වටේම දුවන, ඒ වටේම පෙරළෙන, වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය ඇසුරු කරගෙන ඒ වටේම දුවන, ඒ වටේම පෙරළෙන ඒ පෘථග්ජනයා රූපයෙන් නිදහස් වෙන්නේ නෑ. විඳීමෙන් නිදහස් වෙන්නේ නෑ. සඤ්ඤාවෙන් නිදහස් වෙන්නේ නෑ. සංස්කාරවලින් නිදහස් වෙන්නේ නෑ. විඤ්ඤාණයෙන් නිදහස් වෙන්නේ නෑ. ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම්වලින් නිදහස් වෙන්නේ නෑ. දුකින් නම් නිදහස් වෙන්නේ නෑ කියලයි මා කියන්නේ.

සුතවා ච ඛෝ භික්ඛවේ, අරියසාවකෝ අරියානං දස්‌සාවී, අරියධම්මස්ස කෝවිදෝ, අරියධම්මේ සුවිනීතෝ, සප්පුරිසානං දස්සාවී, සප්පුරිසධම්මස්ස කෝවිදෝ, සප්‌පුරිසධම්‌මේ සුවිනීතෝ, න රූපං අත්තතෝ සමනුපස්‌සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වේදනං ….(පෙ)…. න සඤ්‌ඤං ….(පෙ)…. න සංඛාරේ ….(පෙ)…. න විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, න විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා විඤ්‌ඤාණං, න විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං.

නමුත් පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා දකින කෙනෙක්. ආර්ය ධර්මයට දක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි හික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා දකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට දක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි හික්මුණ කෙනෙක්. ඔහු ආත්මයක් හැටියට රූපය ගැන දකින්නේ නෑ. ආත්මයක් රූපයෙන් හැදී තිබෙන හැටියට දකින්නේ නෑ. ආත්මය තුළ රූපය තිබෙන බවට දකින්නේ නෑ. ආත්මය තිබෙන්නේ රූපය තුළ බවට දකින්නේ නෑ. වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. ආත්මයක් හැටියට විඤ්ඤාණය ගැන දකින්නේ නෑ. ආත්මයක් විඤ්ඤාණයෙන් හැදී තිබෙන හැටියට දකින්නේ නෑ. ආත්මය තුළ විඤ්ඤාණය තිබෙන බවට දකින්නේ නෑ. ආත්මය තිබෙන්නේ විඤ්ඤාණය තුළ බවට දකින්නේ නෑ.

සෝ රූපං නානුපරිධාවති නානුපරිවත්‌තති, වේදනං නානුපරිධාවති නානුපරිවත්‌තති, සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ නානුපරිධාවති නානුපරිවත්‌තති,විඤ්‌ඤාණං නානුපරිධාවති නානුපරිවත්‌තති.

ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා නම් රූපය ඇසුරු කරගෙන ඒ වටේම දුවන්නේ නෑ. ඒ වටේම පෙරළෙන්නේ නෑ. වේදනාව ඇසුරු කරගෙන ඒ වටේම දුවන්නේ නෑ. ඒ වටේම පෙරළෙන්නේ නෑ. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර ඇසුරු කරගෙන ඒ වටේම දුවන්නේ නෑ. ඒ වටේම පෙරළෙන්නේ නෑ. විඤ්ඤාණය ඇසුරු කරගෙන ඒ වටේම දුවන්නේ නෑ. ඒ වටේම පෙරළෙන්නේ නෑ.

සෝ රූපං අනනුපරිධාවං අනනුපරිවත්‌තං, වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං අනනුපරිධාවං අනනුපරිවත්‌තං. පරිමුච්‌චති රූපම්‌හා, පරිමුච්‌චති වේදනාය, පරිමුච්‌චති සඤ්‌ඤාය, පරිමුච්‌චති සංඛාරේහි, පරිමුච්‌චති විඤ්‌ඤාණම්‌හා, පරිමුච්‌චති ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි පරිමුච්‌චති දුක්‌ඛස්‌මාති වදාමීති.

ඔය විදිහට රූපය ඇසුරු කරගෙන ඒ වටේම නොදුවන, ඒ වටේම නොපෙරළෙන, වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය ඇසුරු කරගෙන ඒ වටේම නොදුවන, ඒ වටේම නොපෙරළෙන ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපයෙන් නිදහස් වෙනවා. විඳීමෙන් නිදහස් වෙනවා. සඤ්ඤාවෙන් නිදහස් වෙනවා. සංස්කාරවලින් නිදහස් වෙනවා. විඤ්ඤාණයෙන් නිදහස් වෙනවා. ඉපදීමෙන්, ජරාමරණයෙන්, සෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම්වලින් නිදහස් වෙනවා. දුකින් නම් නිදහස් වෙනවා කියලයි මා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

ගද්දුලබද්ධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M