98. සැවැත් නුවරදී ……………………….
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා.
“ස්වාමීනි, යම් රූපයක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි රූපයක් ඇද්ද? යම් විඳීමක් …. (පෙ) …. යම් සඤ්ඤාවක් …. (පෙ) …. යම් සංස්කාරයන් …. (පෙ) …. යම් විඤ්ඤාණයක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද?”
“පින්වත් භික්ෂුව, යම් රූපයක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි රූපයක් නැත …. (පෙ) …. යම් විඳීමක් …. (පෙ) …. යම් සඤ්ඤාවක් …. (පෙ) …. යම් සංස්කාරයන් …. (පෙ) …. යම් විඤ්ඤාණයක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි විඤ්ඤාණයක් නැත.”
සාදු! සාදු!! සාදු!!!
සුද්ධික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M