සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.5.5. නඛසිඛෝපම සුත්තං

1.2.5.5. නිය සිල මතට ගත් පස් බිඳක් උපමා කොට වදාළ දෙසුම

97. සාවත්ථියං….

97. සැවැත් නුවර දී ………………..

ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ භික්‌ඛු භගවන්‌තං ඒතදවෝච.

එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා.

පරිණාමධම්‌මං සස්‌සතිසමං තථේව ඨස්‌සති? අත්‌ථි නු ඛෝ භන්තේ, කාචි වේදනා ….(පෙ)…. කාචි සඤ්‌ඤා ….(පෙ)…. අත්ථි නු ඛෝ භන්තේ කේචි සංඛාරා, ….(පෙ)…. අත්‌ථි නු ඛෝ භන්තේ, කිඤ්‌චි විඤ්‌ඤාණං, යං විඤ්‌ඤාණං නිච්‌චං ධුවං සස්‌සතං අවිපරිණාමධම්‌මං සස්‌සතිසමං තථේව ඨස්‌සතීති?

“ස්වාමීනි, යම් රූපයක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි රූපයක් තියෙනවාද? යම් විඳීමක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින් ම තිබෙන්නා වූ යම්කිසි විඳීමක් තියෙනවාද? යම් සඤ්ඤාවක් …. (පෙ) …. යම් සංස්කාරයන් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි සංස්කාර තියෙනවාද? යම් විඤ්ඤාණයක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි විඤ්ඤාණයක් තියෙනවාද?”

නත්‌ථි ඛෝ භික්‌ඛු, කිඤ්‌චි රූපං, යං රූපං නිච්‌චං ධුවං සස්‌සතං අවිපරිණාමධම්‌මං සස්‌සතිසමං තථේව ඨස්‌සති. නත්‌ථි ඛෝ භික්‌ඛු, කාචි වේදනා ….(පෙ)…. නත්ථි ඛෝ භික්ඛු කාචි සඤ්‌ඤා ….(පෙ)…. නත්ථි ඛෝ භික්ඛු කේචි සංඛාරා ….(පෙ)…. නත්ථි ඛෝ භික්ඛු කිඤ්‌චි විඤ්‌ඤාණං, යං විඤ්‌ඤාණං නිච්‌චං ධුවං සස්‌සතං අවිපරිණාමධම්‌මං සස්‌සතිසමං තථේව ඨස්‌සතීති.

“පින්වත් භික්ෂුව, යම් රූපයක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි රූපයක් නැත …. (පෙ) …. යම් විඳීමක් …. (පෙ) …. යම් සඤ්ඤාවක් …. (පෙ) …. යම් සංස්කාරයන් …. (පෙ) …. යම් විඤ්ඤාණයක් නිත්‍ය නම්, ස්ථිර නම්, සනාතන නම්, නොවෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම්, සනාතන දෙයක් වශයෙන් පවතිනවා නම් ඒ අයුරින්ම තිබෙන්නා වූ යම්කිසි විඤ්ඤාණයක් නැත.”

අථ ඛෝ භගවා පරිත්‌තං නඛසිඛායං පංසුං ආරෝපෙත්‌වා තං භික්‌ඛුං ඒතදවෝච. එත්‌තකම්‌පි ඛෝ භික්‌ඛු, රූපං නත්‌ථි නිච්‌චං ධුවං සස්‌සතං අවිපරිණාමධම්‌මං සස්‌සතිසමං තථේව ඨස්‌සති. එත්‌තකම්පි චේ භික්‌ඛු, රූපං අභවිස්‌ස නිච්‌චං ධුවං සස්‌සතං අවිපරිණාමධම්‌මං, නයිදං බ්‍රහ්‌මචරියවාසෝ පඤ්‌ඤායේථ සම්‌මා දුක්‌ඛක්‌ඛයාය. යස්‌මා ච ඛෝ භික්‌ඛු, එත්‌තකම්‌පි රූපං නත්‌ථි නිච්‌චං ධුවං සස්‌සතං අවිපරිණාමධම්‌මං, තස්‌මා බ්‍රහ්‌මචරියවාසෝ පඤ්‌ඤායති සම්‌මා දුක්‌ඛක්‌ඛයාය.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඉතා කුඩා පස් බිඳක් ශ්‍රී හස්තයෙන් රැගෙන නියසිල මත තබා අර භික්ෂුවට මෙකරුණ වදාළා. “පින්වත් භික්ෂුව, නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් රූපයක් නෑ. හැබැයි පින්වත් භික්ෂුව, නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් රූපයක් යම් හෙයකින් තිබුණා නම්, මේ නිවන් මග ගමන් කරලා මැනැවින් දුක් ක්ෂය කිරීමක් නම් දැකගන්නට ලැබෙන්නෙ නෑ. පින්වත් භික්ෂුව, යම් කරුණක් නිසා නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් රූපයක් නැද්ද, අන්න ඒ නිසාමයි මේ නිවන් මග ගමන් කරලා මැනැවින් දුක් ක්ෂය කිරීමක් නම් දැකගන්නට ලැබෙන්නෙ.

එත්‌තිකාපි ඛෝ භික්‌ඛු, වේදනා නත්‌ථි නිච්‌චා ධුවා සස්‌සතා අවිපරිණාමධම්‌මා සස්‌සතිසමං තථේව ඨස්‌සති. එත්‌තිකාපි චේ භික්‌ඛු, වේදනා අභවිස්‌ස නිච්‌චා ධුවා සස්‌සතා අවිපරිණාමධම්‌මා, නයිදං බ්‍රහ්‌මචරියවාසෝ පඤ්‌ඤායේථ සම්‌මා දුක්‌ඛක්‌ඛයාය. යස්‌මා ච ඛෝ භික්‌ඛු, එත්‌තිකාපි වේදනා නත්‌ථි නිච්‌චා ධුවා සස්‌සතා අවිපරිණාමධම්‌මා, තස්‌මා බ්‍රහ්‌මචරියවාසෝ පඤ්‌ඤායති සම්‌මා දුක්‌ඛක්‌ඛයාය.

පින්වත් භික්ෂුව, නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් විඳීමක් නෑ. හැබැයි පින්වත් භික්ෂුව, නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් විඳීමක් යම් හෙයකින් තිබුණා නම්, මේ නිවන් මග ගමන් කරලා මැනැවින් දුක් ක්ෂය කිරීමක් නම් දැකගන්නට ලැබෙන්නෙ නෑ. පින්වත් භික්ෂුව, යම් කරුණක් නිසා නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් විඳීමක් නැද්ද, අන්න ඒ නිසාමයි මේ නිවන් මග ගමන් කරලා මැනැවින් දුක් ක්ෂය කිරීමක් නම් දැකගන්නට ලැබෙන්නෙ.

එත්‌තිකාපි ඛෝ භික්‌ඛු, සඤ්‌ඤා නත්‌ථි ….(පෙ)…. එත්‌තකාපි ඛෝ භික්‌ඛු, සංඛාරා නත්‌ථි නිච්‌චා ධුවා සස්‌සතා අවිපරිණාමධම්‌මා සස්‌සතිසමං තථේව ඨස්‌සන්‌ති. එත්‌තකාපි භික්‌ඛු, සංඛාරා අභවිස්‌සංසු නිච්‌චා ධුවා සස්‌සතා අවිපරිණාමධම්‌මා, නයිදං බ්‍රහ්‌මචරියවාසෝ පඤ්‌ඤායේථ සම්‌මා දුක්‌ඛක්‌ඛයාය. යස්‌මා ච ඛෝ භික්‌ඛු, එත්‌තකාපි සංඛාරා නත්‌ථි නිච්‌චා ධුවා සස්‌සතා අවිපරිණාමධම්‌මා, තස්‌මා බ්‍රහ්‌මචරියවාසෝ පඤ්‌ඤායති සම්‌මා දුක්‌ඛක්‌ඛයාය.

පින්වත් භික්ෂුව, …. (පෙ) …. මෙච්චර ප්‍රමාණයක්වත් සඤ්ඤාවක් නෑ …. (පෙ) …. පින්වත් භික්ෂුව, නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් සංස්කාරයන් නෑ. හැබැයි පින්වත් භික්ෂුව, නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් සංස්කාරයන් යම් හෙයකින් තිබුණා නම්, මේ නිවන් මග ගමන් කරලා මැනැවින් දුක් ක්ෂය කිරීමක් නම් දැකගන්නට ලැබෙන්නෙ නෑ. පින්වත් භික්ෂුව, යම් කරුණක් නිසා නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් සංස්කාරයන් නැද්ද, අන්න ඒ නිසාමයි මේ නිවන් මග ගමන් කරලා මැනැවින් දුක් ක්ෂය කිරීමක් නම් දැකගන්නට ලැබෙන්නෙ.

එත්‌තකම්‌පි ඛෝ භික්‌ඛු, විඤ්‌ඤාණං නත්‌ථි නිච්‌චං ධුවං සස්‌සතං අවිපරිණාමධම්‌මං සස්‌සතිසමං තථේව ඨස්‌සති. එත්‌තකම්‌පි චේ භික්‌ඛු, විඤ්‌ඤාණං අභවිස්‌ස නිච්‌චං ධුවං සස්‌සතං අවිපරිණාමධම්‌මං, නයිදං බ්‍රහ්‌මචරියවාසෝ පඤ්‌ඤායේථ සම්‌මා දුක්‌ඛක්‌ඛයාය. යස්‌මා ච ඛෝ භික්‌ඛු, එත්‌තකම්‌පි විඤ්‌ඤාණං නත්‌ථි නිච්‌චං ධුවං සස්‌සතං අවිපරිණාමධම්‌මං, තස්‌මා බ්‍රහ්‌මචරියවාසෝ පඤ්‌ඤායති සම්‌මා දුක්‌ඛක්‌ඛයාය.

පින්වත් භික්ෂුව, නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් විඤ්ඤාණයක් නෑ. හැබැයි පින්වත් භික්ෂුව, නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් විඤ්ඤාණයක් යම් හෙයකින් තිබුණා නම්, මේ නිවන් මග ගමන් කරලා මැනැවින් දුක් ක්ෂය කිරීමක් නම් දැකගන්නට ලැබෙන්නෙ නෑ. පින්වත් භික්ෂුව, යම් කරුණක් නිසා නිත්‍ය වූ, ස්ථිර වූ, සනාතන වූ, නොවෙනස්ව පවතින ස්වභාවයෙන් යුතු වූ, මෙච්චර ප්‍රමාණයකවත් විඤ්ඤාණයක් නැද්ද, අන්න ඒ නිසාමයි මේ නිවන් මග ගමන් කරලා මැනැවින් දුක් ක්ෂය කිරීමක් නම් දැකගන්නට ලැබෙන්නෙ.

තං කිං මඤ්‌ඤසි භික්‌ඛු, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති?

අනිච්‌චං භන්තේ.

පින්වත් භික්ෂුව, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍යයිද? අනිත්‍යයිද?” “අනිත්‍යයි ස්වාමීනි.”

….(පෙ)…. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ ….(පෙ)….

විඳීම ….(පෙ)…. සඤ්‌ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්‌ඤාණය නිත්‍යයිද? අනිත්‍යයිද?” “අනිත්‍යයි ස්වාමීනි.” ….(පෙ)….

තස්‌මාතිහ භික්ඛු ….(පෙ)…. ඒවං පස්‌සං භික්ඛු සුතවා අරියසාවකෝ ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

“එනිසා පින්වත් භික්ෂුව …. (පෙ) …. පින්වත් භික්ෂුව, ඔය විදිහට දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා …. (පෙ) …. නැවත ඉපදීමක් නැතැ’යි අවබෝධ කර ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

නඛසිඛෝපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M