සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.5.3. ඵේණපිණ්ඩූපම සුත්තං

1.2.5.3. පෙණපිඬක් උපමා කොට වදාළ දෙසුම

95. ඒකං සමයං භගවා අයුජ්‌ඣායං විහරති ගං‌ගාය නදියා තීරේ. තත්‍ර ඛෝ භගවා භික්‌ඛූ ආමන්‌තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

95. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කළේ අයෝධ්‍යා නගරාසන්නයේ ගංගා නදී තීරයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂූන් අමතා වදාළා. “පින්වතුන් වහන්ස” යැයි කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළා.

සෙය්‍යථාපි භික්ඛවේ, අයං ගංගා නදී මහන්‌තං ඵේණපිණ්‌ඩං ආවහෙය්‍ය. තමේනං චක්‌ඛුමා පුරිසෝ පස්‌සෙය්‍ය නිජ්‌ඣායෙය්‍ය යෝනිසෝ උපපරික්‌ඛෙය්‍ය. තස්‌ස තං පස්‌සතෝ නිජ්‌ඣායතෝ යෝනිසෝ උපපරික්‌ඛතෝ රිත්‌තකඤ්‌ඤේව ඛායෙය්‍ය, තුච්‌ඡකඤ්‌ඤේව ඛායෙය්‍ය, අසාරකඤ්‌ඤේව ඛායෙය්‍ය. කිං හි සියා භික්ඛවේ, ඵේණපිණ්‌ඩේ සාරෝ?

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. මේ ගංගා නදියේ ලොකු පෙණගුළි මතු වෙනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් ඒ පෙණ ගුළි දෙස බලාගෙන ඉන්නවා. ඒ ගැන හිතනවා. නුවණින් විමස විමසා බලනවා. එතකොට ඒ පෙණ ගුළි දෙස බලාගෙන ඉන්න, ඒ ගැන හිතන, නුවණින් විමස විමසා බලන ඔහුට හිස් දෙයක් හැටියට ම යි ඒ පෙණ ගුළි ගැන වැටහෙන්නේ. තුච්ඡ දෙයක් හැටියට ම යි ඒ පෙණ ගුළි ගැන වැටහෙන්නේ. අසාර දෙයක් හැටියට ම යි ඒ පෙණ ගුළි ගැන වැටහෙන්නේ. පින්වත් මහණෙනි, ඇත්තෙන් ම පෙණ ගුළියක ඇති හරය මොකක්ද?

ඒවමේව ඛෝ, භික්ඛවේ, යං කිඤ්‌චි රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, තං භික්‌ඛු පස්‌සති නිජ්‌ඣායති යෝනිසෝ උපපරික්‌ඛති. තස්‌ස තං පස්‌සතෝ නිජ්‌ඣායතෝ යෝනිසෝ උපපරික්‌ඛතෝ රිත්‌තකඤ්‌ඤේව ඛායති, තුච්‌ඡකඤ්‌ඤේව ඛායති, අසාරකඤ්‌ඤේව ඛායති. කිං හි සියා භික්ඛවේ, රූපේ සාරෝ?

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් ඇද්ද, බාහිර රූපයක් ඇද්ද, ගොරෝසු රූපයක් ඇද්ද, සියුම් රූපයක් ඇද්ද, හීන රූපයක් ඇද්ද, උසස් රූපයක් ඇද්ද, දුර තිබෙන රූපයක් ඇද්ද, ළඟ තිබෙන රූපයක් ඇද්ද, භික්ෂුව අන්න ඒ රූපය ගැන හිතනවා. නුවණින් විමස විමසා බලනවා. එතකොට ඒ රූපය දෙස බලාගෙන ඉන්න, ඒ ගැන හිතන, නුවණින් විමස විමසා බලන භික්ෂුවට හිස් දෙයක් හැටියට ම යි ඒ රූපය ගැන වැටහෙන්නේ. තුච්ඡ දෙයක් හැටියට ම යි ඒ රූපය ගැන වැටහෙන්නේ. අසාර දෙයක් හැටියට ම යි ඒ රූපය ගැන වැටහෙන්නේ. පින්වත් මහණෙනි, ඇත්තෙන් ම රූපයක ඇති හරය මොකක්ද?

සෙය්‍යථාපි භික්ඛවේ, සරදසමයේ ථුල්‌ලඵුසිතකේ දේවේ වස්‌සන්‌තේ උදකේ උදකබුබ්‌බුළං උප්‌පජ්‌ජති චේව නිරුජ්‌ඣති ච. තමේනං චක්‌ඛුමා පුරිසෝ පස්‌සෙය්‍ය නිජ්‌ඣායෙය්‍ය යෝනිසෝ උපපරික්‌ඛෙය්‍ය. තස්‌ස තං පස්‌සතෝ නිජ්‌ඣායතෝ යෝනිසෝ උපපරික්‌ඛතෝ රිත්‌තකඤ්‌ඤේව ඛායෙය්‍ය, තුච්‌ඡකඤ්‌ඤේව ඛායෙය්‍ය, අසාරකඤ්‌ඤේව ඛායෙය්‍ය. කිං ‌හි සියා භික්ඛවේ, උදකබුබ්‌බුළේ සාරෝ?

පින්වත් මහණෙනි, මේ විදිහේ දෙයකුත් තියෙනවා. ඔන්න සරත් කාලයේ ලොකු වැහි බිඳු ඇති වැස්ස වහිනවා. එතකොට වතුරේ දිය බුබුළු හටගන්නවා. බිඳිලා යනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් ඒ දිය බුබුළු දෙස බලාගෙන ඉන්නවා. ඒ ගැන හිතනවා. නුවණින් විමස විමසා බලනවා. එතකොට ඒ දිය බුබුළු දෙස බලාගෙන ඉන්න, ඒ ගැන හිතන, නුවණින් විමස විමසා බලන ඔහුට හිස් දෙයක් හැටියට ම යි ඒ දිය බුබුළු ගැන වැටහෙන්නේ. තුච්ඡ දෙයක් හැටියට ම යි ඒ දිය බුබුළු ගැන වැටහෙන්නේ. අසාර දෙයක් හැටියට ම යි ඒ දිය බුබුළු ගැන වැටහෙන්නේ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම දිය බුබුලක ඇති හරය මොකක්ද?

ඒවමේව ඛෝ භික්ඛවේ, යා කාචි වේදනා අතීතානාගතපච්‌චුප්‌පන්‌නා අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරේ සන්තිකේ වා තං භික්‌ඛු පස්‌සති නිජ්‌ඣායති යෝනිසෝ උපපරික්‌ඛති. තස්‌ස තං පස්‌සතෝ නිජ්‌ඣායතෝ යෝනිසෝ උපපරික්‌ඛතෝ රිත්‌තකඤ්‌ඤේව ඛායති, තුච්‌ඡකඤ්‌ඤේව ඛායති, අසාරකඤ්‌ඤේව ඛායති. කිං හි සියා භික්ඛවේ, වේදනාය සාරෝ?

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඳීමක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඳීමක් ඇද්ද, බාහිර විඳීමක් ඇද්ද, ගොරෝසු විඳීමක් ඇද්ද, සියුම් විඳීමක් ඇද්ද, හීන විඳීමක් ඇද්ද, උසස් විඳීමක් ඇද්ද, දුර තිබෙන විඳීමක් ඇද්ද, ළඟ තිබෙන විඳීමක් ඇද්ද, භික්ෂුව අන්න ඒ විඳීම ගැන හිතනවා. නුවණින් විමස විමසා බලනවා. එතකොට ඒ විඳීම දෙස බලාගෙන ඉන්න, ඒ ගැන හිතන, නුවණින් විමස විමසා බලන භික්ෂුවට හිස් දෙයක් හැටියට ම යි ඒ විඳීම ගැන වැටහෙන්නේ. තුච්ඡ දෙයක් හැටියට ම යි ඒ විඳීම ගැන වැටහෙන්නේ. අසාර දෙයක් හැටියට ම යි ඒ විඳීම ගැන වැටහෙන්නේ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම විඳීමක ඇති හරය මොකක්ද?

සෙය්‍යථාපි භික්ඛවේ, ගිම්‌හානං පච්‌ඡිමේ මාසේ ඨිතේ මජ්‌ඣන්‌තිකේ කාලේ මරීචි ඵන්‌දති. තමේනං චක්‌ඛුමා පුරිසෝ පස්‌සෙය්‍ය නිජ්‌ඣායෙය්‍ය යෝනිසෝ උපපරික්‌ඛෙය්‍ය. තස්‌ස තං පස්‌සතෝ නිජ්‌ඣායතෝ යෝනිසෝ උපපරික්‌ඛතෝ රිත්‌තකඤ්‌ඤේව ඛායෙය්‍ය, තුච්‌ඡකඤ්‌ඤේව ඛායෙය්‍ය. අසාරකඤ්ඤේව ඛායෙය්‍ය. කිං හි සියා භික්ඛවේ, මරීචිකාය සාරෝ?

පින්වත් මහණෙනි, මේ විදිහේ දෙයකුත් තියෙනවා. ඔන්න පායන කාලේ අග මාසේ වෙද්දී ගිනිමද්දහනේ වෙන කොට මිරිඟුව සෙලවෙනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් ඒ මිරිඟුව දෙස බලාගෙන ඉන්නවා. ඒ ගැන හිතනවා. නුවණින් විමස විමසා බලනවා. එතකොට ඒ මිරිඟුව දෙස බලාගෙන ඉන්න, ඒ ගැන හිතන, නුවණින් විමස විමසා බලන ඔහුට හිස් දෙයක් හැටියට ම යි ඒ මිරිඟුව ගැන වැටහෙන්නේ. තුච්ඡ දෙයක් හැටියට ම යි ඒ මිරිඟුව ගැන වැටහෙන්නේ. අසාර දෙයක් හැටියට ම යි ඒ මිරිඟුව ගැන වැටහෙන්නේ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම මිරිඟුවක ඇති හරය මොකක්ද?

ඒවමේව ඛෝ, භික්ඛවේ, යා කාචි සඤ්‌ඤා අතීතානාගතපච්‌චුප්‌පන්‌නා ….(පෙ)…. යා දූරේ සන්තිකේ වා. තං භික්‌ඛු පස්‌සති නිජ්‌ඣායති යෝනිසෝ උපපරික්‌ඛති. තස්‌ස තං පස්‌සතෝ නිජ්‌ඣායතෝ යෝනිසෝ උපපරික්‌ඛතෝ රිත්‌තකඤ්‌ඤේව ඛායති, තුච්‌ඡකඤ්‌ඤේව ඛායති, අසාරකඤ්‌ඤේව ඛායති. කිං හි සියා භික්ඛවේ, සඤ්ඤාය සාරෝ?

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) සඤ්ඤාවක් ඇද්ද, බාහිර සඤ්ඤාවක් ඇද්ද, ගොරෝසු සඤ්ඤාවක් ඇද්ද, සියුම් සඤ්ඤාවක් ඇද්ද, හීන සඤ්ඤාවක් ඇද්ද, උසස් සඤ්ඤාවක් ඇද්ද, දුර තිබෙන සඤ්ඤාවක් ඇද්ද, ළඟ තිබෙන සඤ්ඤාවක් ඇද්ද, භික්ෂුව අන්න ඒ සඤ්ඤාව ගැන හිතනවා. නුවණින් විමස විමසා බලනවා. එතකොට ඒ සඤ්ඤාව දෙස බලාගෙන ඉන්න, ඒ ගැන හිතන, නුවණින් විමස විමසා බලන භික්ෂුවට හිස් දෙයක් හැටියට ම යි ඒ සඤ්ඤාව ගැන වැටහෙන්නේ. තුච්ඡ දෙයක් හැටියට ම යි ඒ සඤ්ඤාව ගැන වැටහෙන්නේ. අසාර දෙයක් හැටියට ම යි ඒ සඤ්ඤාව ගැන වැටහෙන්නේ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම සඤ්ඤාවක ඇති හරය මොකක්ද?

සෙය්‍යථාපි භික්ඛවේ, පුරිසෝ සාරත්‌ථිකෝ සාරගවේසී සාරපරියේසනං චරමානෝ, තිණ්‌හං කුඨාරිං ආදාය වනං පවිසෙය්‍ය. සෝ තත්‌ථ පස්‌සෙය්‍ය මහන්‌තං කදලික්‌ඛන්‌ධං උජුං නවං අකුක්‌කුකජාතං, තමේනං මූලේ ඡින්‌දෙය්‍ය. මූලේ ඡෙත්‌වා අග්‌ගේ ඡින්‌දෙය්‍ය, අග්‌ගේ ඡෙත්‌වා පත්‌තවට්‌ටිං විනිබ්‌භුජෙය්‍ය. සෝ තස්‌ස පත්‌තවට්‌ටිං විනිබ්‌භුජන්‌තෝ ඵෙග්‌ගුම්‌පි නාධිගච්‌ඡෙය්‍ය, කුතෝ සාරං? තමේනං චක්‌ඛුමා පුරිසෝ පස්‌සෙය්‍ය නිජ්‌ඣායෙය්‍ය යෝනිසෝ උපපරික්‌ඛෙය්‍ය. තස්‌ස තං පස්‌සතෝ නිජ්‌ඣායතෝ යෝනිසෝ උපපරික්‌ඛතෝ රිත්‌තකඤ්‌ඤේව ඛායෙය්‍ය, තුච්‌ඡකඤ්‌ඤේව ඛායෙය්‍ය, අසාරකඤ්‌ඤේව ඛායෙය්‍ය. කිං හි සියා භික්ඛවේ, කදලික්‌ඛන්‌ධේ සාරෝ?

පින්වත් මහණෙනි, මේ විදිහේ දෙයකුත් තියෙනවා. අරටුවකින් ප්‍රයෝජනය තිබෙන, අරටුවක් සොයන, අරටුවක් සොයමින් ඇවිදින පුරුෂයෙක් ඉන්නවා. ඔහු තියුණු කෙටේරියක් අරගෙන වනයක් තුළට වදිනවා. ඉතින් ඔහුට ඒ වනාන්තරයේ තියෙන හොඳට කෙලින් වෙලා හැදුණ, අළුත්, නොපීදුණු, මහත කෙසෙල් කඳක් දකින්නට ලැබෙනවා. ඔහු ඒ කෙසෙල් කඳ මුලින් කපනවා. මුලින් කපලා අගත් කපනවා. අගත් කපලා පතුරු ගලවනවා. ඔහු ඒ ගසේ පතුරු ගලවද්දී එලයක්වත් හම්බ වෙන්නේ නෑ. අරටුවක් කොහෙන් ලැබෙන්නද? එතකොට ඇස් ඇති පුරුෂයෙක් ඒ කෙසෙල් කඳ දෙස බලාගෙන ඉන්නවා. ඒ ගැන හිතනවා. නුවණින් විමස විමසා බලනවා. එතකොට ඒ කෙසෙල් කඳ දෙස බලාගෙන ඉන්න, ඒ ගැන හිතන, නුවණින් විමස විමසා බලන ඔහුට හිස් දෙයක් හැටියට ම යි ඒ කෙසෙල් කඳ ගැන වැටහෙන්නේ. තුච්ඡ දෙයක් හැටියට ම යි ඒ කෙසෙල් කඳ ගැන වැටහෙන්නේ. අසාර දෙයක් හැටියට ම යි ඒ කෙසෙල් කඳ ගැන වැටහෙන්නේ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම කෙසෙල් කඳක ඇති හරය මොකක්ද?

ඒවමේව ඛෝ භික්ඛවේ, යේ කේචි සංඛාරා අතීතානාගතපච්‌චුප්‌පන්‌නා අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යේ දූරේ සන්තිකේ වා, තං භික්‌ඛු පස්‌සති නිජ්‌ඣායති යෝනිසෝ උපපරික්‌ඛති. තස්‌ස තං පස්‌සතෝ නිජ්‌ඣායතෝ යෝනිසෝ උපපරික්‌ඛතෝ රිත්‌තකඤ්‌ඤේව ඛායති, තුච්‌ඡකඤ්‌ඤේව ඛායති, අසාරකඤ්‌ඤේව ඛායති. කිං හි සියා භික්ඛවේ, සංඛාරේසු සාරෝ?

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) සංස්කාර ඇද්ද, බාහිර සංස්කාර ඇද්ද, ගොරෝසු සංස්කාර ඇද්ද, සියුම් සංස්කාර ඇද්ද, හීන සංස්කාර ඇද්ද, උසස් සංස්කාර ඇද්ද, දුර තිබෙන සංස්කාර ඇද්ද, ළඟ තිබෙන සංස්කාර ඇද්ද, භික්ෂුව අන්න ඒ සංස්කාර ගැන හිතනවා. නුවණින් විමස විමසා බලනවා. එතකොට ඒ සංස්කාර දෙස බලාගෙන ඉන්න, ඒ ගැන හිතන, නුවණින් විමස විමසා බලන භික්ෂුවට හිස් දෙයක් හැටියට ම යි ඒ සංස්කාර ගැන වැටහෙන්නේ. තුච්ඡ දෙයක් හැටියට ම යි ඒ සංස්කාර ගැන වැටහෙන්නේ. අසාර දෙයක් හැටියට ම යි ඒ සංස්කාර ගැන වැටහෙන්නේ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම සංස්කාරවල ඇති හරය මොකක්ද?

සෙය්‍යථාපි භික්ඛවේ, මායාකාරෝ වා මායාකාරන්‌තේවාසී වා චාතුම්මහාපථේ මායං විදංසෙය්‍ය. තමේනං චක්‌ඛුමා පුරිසෝ පස්‌සෙය්‍ය නිජ්‌ඣායෙය්‍ය යෝනිසෝ උපපරික්‌ඛෙය්‍ය. තස්‌ස තං පස්‌සතෝ නිජ්‌ඣායතෝ යෝනිසෝ උපපරික්‌ඛතෝ රිත්‌තකඤ්‌ඤේව ඛායෙය්‍ය, තුච්‌ඡකඤ්‌ඤේව ඛායෙය්‍ය, අසාරකඤ්‌ඤේව ඛායෙය්‍ය. කිං හි සියා භික්ඛවේ, මායාය සාරෝ?

පින්වත් මහණෙනි, මේ විදිහේ දෙයකුත් තියෙනවා. ඔන්න, විජ්ජාකාරයෙක් ඉන්නවා. එක්කෝ ඒ විජ්ජාකාරයාගේ ගෝලයෙක් ඉන්නවා. ඉතින් මොහු හතරමං හන්දියක විජ්ජා පෙන්වනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් ඒ විජ්ජා දෙස බලාගෙන ඉන්නවා. ඒ ගැන හිතනවා. නුවණින් විමස විමසා බලනවා. එතකොට ඒ විජ්ජා දෙස බලාගෙන ඉන්න, ඒ ගැන හිතන, නුවණින් විමස විමසා බලන ඔහුට හිස් දෙයක් හැටියට ම යි ඒ විජ්ජා ගැන වැටහෙන්නේ. තුච්ඡ දෙයක් හැටියට ම යි ඒ විජ්ජා ගැන වැටහෙන්නේ. අසාර දෙයක් හැටියට ම යි ඒ විජ්ජා ගැන වැටහෙන්නේ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම විජ්ජාවක ඇති හරය මොකක්ද?

ඒවමේව ඛෝ භික්ඛවේ, යං කිඤ්‌චි විඤ්‌ඤාණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, තං භික්‌ඛු පස්‌සති නිජ්‌ඣායති යෝනිසෝ උපපරික්‌ඛති. තස්‌ස තං පස්‌සතෝ නිජ්‌ඣායතෝ යෝනිසෝ උපපරික්‌ඛතෝ රිත්‌තකඤ්‌ඤේව ඛායති, තුච්‌ඡකඤ්‌ඤේව ඛායති, අසාරකඤ්‌ඤේව ඛායති. කිං හි සියා භික්ඛවේ, විඤ්ඤාණේ සාරෝ?

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් ඇද්ද, බාහිර විඤ්ඤාණයක් ඇද්ද, ගොරෝසු විඤ්ඤාණයක් ඇද්ද, සියුම් විඤ්ඤාණයක් ඇද්ද, හීන විඤ්ඤාණයක් ඇද්ද, උසස් විඤ්ඤාණයක් ඇද්ද, දුර තිබෙන විඤ්ඤාණයක් ඇද්ද, ළඟ තිබෙන විඤ්ඤාණයක් ඇද්ද, භික්ෂුව අන්න ඒ විඤ්ඤාණය ගැන හිතනවා. නුවණින් විමස විමසා බලනවා. එතකොට ඒ විඤ්ඤාණය දෙස බලාගෙන ඉන්න, ඒ ගැන හිතන, නුවණින් විමස විමසා බලන භික්ෂුවට හිස් දෙයක් හැටියට ම යි ඒ විඤ්ඤාණය ගැන වැටහෙන්නේ. තුච්ඡ දෙයක් හැටියට ම යි ඒ විඤ්ඤාණය ගැන වැටහෙන්නේ. අසාර දෙයක් හැටියට ම යි ඒ විඤ්ඤාණය ගැන වැටහෙන්නේ. පින්වත් මහණෙනි, ඇත්තෙන් ම විඤ්ඤාණයක ඇති හරය මොකක්ද?

ඒවං පස්‌සං භික්ඛවේ, සුතවා අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, වේදනායපි නිබ්‌බින්‌දති, සඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, සංඛාරේසුපි නිබ්‌බින්‌දති, විඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති. විරාගා විමුච්‌චති. විමුත්‌තස්‌මිං විමුත්‌තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’ති.

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. අවබෝධයෙන්ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත් නිදහස් වෙන කොටම ‘නිදහස් වුණා’ කියල අවබෝධ ඥානය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසරවාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.

ඉදමවෝච භගවා. ඉදං වත්‌වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්‌ථා.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙයද වදාළා.

ඵේණපිණ්‌ඩූපමං රූපං, වේදනා බුබ්‌බුළුෑපමා
මරීචිකූපමා සඤ්‌ඤා, සංඛාරා කදලූපමා.
මායූපමඤ්‌ච විඤ්‌ඤාණං, දීපිතාදිච්‌චබන්‌ධුනා.

රූපය වනාහී පෙණ පිඬක් වැනි දෙයකි. විඳීම උපමා කළ හැක්කේ දියබුබුලකටයි. සඤ්ඤාව මිරිඟුවක් වැනි දෙයකි. සංස්කාර ද කෙසෙල් කඳක් වැන්න. විඤ්ඤාණය විජ්ජාවක් වැනි දෙයක් බව ආදිච්චබන්ධු වූ බුදුරජාණන් වහන්සේයි වදාළේ.

යථා යථා නං නිජ්‌ඣායති, යෝනිසෝ උපපරික්‌ඛති.
රිත්‌තකං තුච්‌ඡකං හෝති, යෝ නං පස්‌සති යෝනිසෝ.

2. යමෙක් ඒ ගැන යම් යම් විදිහකින් නුවණින් සිතනවා ද, නුවණින් විමස විමසා බලනවා ද, හිස් දෙයක් හැටියට ම යි, තුච්ඡ දෙයක් හැටියට ම යි, නුවණින් විමසද්දී දකින්නේ.

යෝ ඉමං කායං ගාරය්හං භූරිපඤ්‌ඤේන දේසිතං.
පහානං තිණ්‌ණං ධම්‌මානං, රූපං පස්‌සේථ ඡඩ්ඩිතං.

3. මහා ප්‍රඥාවකින් යුතු බුදුරජාණන් වහන්සේ මේ කය ගැන වදාළේ ගැරහිය යුතු දෙයක් හැටියටයි. කරුණු තුනක් බැහැර වුණාට පස්සේ සොහොනේ අත්හැර දමාපු මේ රූපය යම් කෙනෙක් දකිනවා නම්,

ආයු උස්‌මා ච විඤ්‌ඤාණං, යදා කායං ජහන්‌තිමං.
අපවිද්‌ධෝ තදා සේති, පරභත්‌තං අචේතනං.

4. ආයුෂ, උණුසුම, විඤ්ඤාණය යන කරුණු තුන යම් දවසක මේ කයෙන් බැහැර වෙනවා නම් එදාට සතුන්ට ආහාරයක් වෙලයි චේතනා රහිතව පොළොවේ වැතිරෙන්නේ.

ඒතාදිසායං සන්‌තානෝ, මායායං බාලලාපිනී.
වධකෝ ඒසෝ අක්‌ඛාතෝ, සාරෝ එත්‌ථ න විජ්‌ජති.

5. ඔය විදිහට තමයි දිගටම ආවේ. මේක මායාවක්. අඥානයන්ගේ වර්ණනාවට ගොදුරු වූ දෙයක්. නමුත් නුවණැත්තන් කියන්නේ මෙය වධකයෙක් කියලයි. මේකෙ සාරයක් නම් දකින්නට ලැබෙන්නෙ නෑ.

ඒවං ඛන්‌ධේ අවෙක්‌ඛෙය්‍ය, භික්‌ඛු ආරද්‌ධවිරියෝ.
දිවා වා යදි වා රත්‌ති, සම්‌පජානෝ පතිස්‌සතෝ.

6. පටන් ගත් වීරිය ඇති භික්ෂුව දහවල් වේවා, රාත්‍රී වේවා, හොඳ නුවණින් යුතුව සිහිය පිහිටුවා ගෙන පංච උපාදානස්කන්ධය දෙස ඔය විදිහට බලනවා.

පජහේ සබ්‌බසංයෝගං, කරෙය්‍ය සරණත්‌තනෝ.
චරෙය්‍යාදිත්‌තසීසෝව, පත්‌ථයං අච්‌චුතං පදන්‌ති.

7. එතකොට ඒ භික්ෂුව සියලු බන්ධන අත්හරිනවා. තමන්ට පිළිසරණක් හදාගන්නවා. හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවීමට උත්සාහ කරනවා වගේ අමරණීය නිවන අවබෝධ වීම පිණිස මහන්සි ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

ඵේණපිණ්ඩූපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M