94. සැවැත් නුවරදී ………………………
පින්වත් මහණෙනි, මං ලෝක සත්වයා සමග වාද විවාද කරන කෙනෙක් නොවෙයි. පින්වත් මහණෙනි, ලෝකයා තමයි මාත් සමග වාද විවාදෙට එන්නේ. පින්වත් මහණෙනි, ධර්මවාදී (ධර්මය ම පවසන) කෙනෙක් ලෝකයෙහි කා සමගවත් වාද විවාද කරන්නේ නෑ.
පින්වත් මහණෙනි, ලෝකයෙහි මහා නුවණැතියන් විසින් යමක් නැත කියා සම්මත කරලා තියෙනවාද, මමත් ඒක නැත කියල ම යි කියන්නේ. පින්වත් මහණෙනි, ලෝකයෙහි මහා නුවණැතියන් විසින් යමක් ඇත කියා සම්මත කරලා තියෙනවාද, මමත් ඒක ඇත කියල ම යි කියන්නේ.
පින්වත් මහණෙනි, ලෝකයෙහි මහා නුවණැතියන් විසින් නැත කියා සම්මත කරලා තියෙන මමත් ඒක නැත කියල ම කියන යමක් ඇද්ද, ඒ මොකක්ද?
පින්වත් මහණෙනි, ලෝකයෙහි මහා නුවණැතියන් නිත්‍ය වූ ස්ථිර වූ සනාතන වූ නොවෙනස් ස්වභාවයට අයත් වූ රූපයක් නැත කියලයි සම්මත කරල තියෙන්නේ. මා කියන්නෙත් එබඳු රූපයක් නැත කියල ම යි. ලෝකයෙහි මහා නුවණැතියන් නිත්‍ය වූ ස්ථිර වූ සනාතන වූ නොවෙනස් ස්වභාවයට අයත් වූ විඳීමක් නැත කියලයි සම්මත කරල තියෙන්නේ. මා කියන්නෙත් එබඳු විඳීමක් නැත කියල ම යි. සඤ්ඤාවක් …. (පෙ) …. ලෝකයෙහි මහා නුවණැතියන් නිත්‍ය වූ ස්ථිර වූ සනාතන වූ නොවෙනස් ස්වභාවයට අයත් වූ සංස්කාර නැත කියලයි සම්මත කරල තියෙන්නේ. මා කියන්නෙත් එබඳු සංස්කාර නැත කියල ම යි. ලෝකයෙහි මහා නුවණැතියන් නිත්‍ය වූ ස්ථිර වූ සනාතන වූ නොවෙනස් ස්වභාවයට අයත් වූ විඤ්ඤාණයක් නැත කියලයි සම්මත කරල තියෙන්නේ. මා කියන්නෙත් එබඳු විඤ්ඤාණයක් නැත කියල ම යි. පින්වත් මහණෙනි, ලෝකයෙහි මහා නුවණැතියන් විසින් නැත කියා සම්මත කරලා තියෙන මමත් ඒක නැත කියල ම කියන යමක් ඇද්ද, ඒ මෙය තමයි.
පින්වත් මහණෙනි, ලෝකයෙහි මහා නුවණැතියන් විසින් ඇත කියා සම්මත කරලා තියෙන මමත් ඒක ඇත කියලම කියන යමක් ඇද්ද, ඒ මොකක්ද?
පින්වත් මහණෙනි, ලෝකයෙහි මහා නුවණැතියන් අනිත්‍ය වූ දුක් වූ වෙනස් වන ස්වභාවයට අයත් වූ රූපයක් ඇත කියලයි සම්මත කරල තියෙන්නේ. මා කියන්නෙත් එබඳු රූපයක් ඇත කියල ම යි. ලෝකයෙහි මහා නුවණැතියන් අනිත්‍ය වූ දුක් වූ වෙනස් වන ස්වභාවයට අයත් වූ විඳීමක් ඇත කියලයි සම්මත කරල තියෙන්නේ. මා කියන්නෙත් එබඳු විඳීමක් ඇත කියල ම යි. සඤ්ඤාවක් …. (පෙ) …. ලෝකයෙහි මහා නුවණැතියන් අනිත්‍ය වූ දුක් වූ වෙනස් වන ස්වභාවයට අයත් වූ සංස්කාර ඇත කියලයි සම්මත කරල තියෙන්නේ. මා කියන්නෙත් එබඳු සංස්කාර ඇත කියල ම යි. ලෝකයෙහි මහා නුවණැතියන් අනිත්‍ය වූ දුක් වූ වෙනස් වන ස්වභාවයට අයත් වූ විඤ්ඤාණයක් ඇත කියලයි සම්මත කරල තියෙන්නේ. මා කියන්නෙත් එබඳු විඤ්ඤාණයක් ඇත කියල ම යි. පින්වත් මහණෙනි, ලෝකයෙහි මහා නුවණැතියන් විසින් ඇත කියා සම්මත කරලා තියෙන මමත් ඒක ඇත කියලම කියන යමක් ඇද්ද, ඒ මෙය තමයි.
පින්වත් මහණෙනි, ලෝකයෙහි ලෝක ධර්මයක් තිබෙනවා. තථාගතයන් වහන්සේ ඒක ගැඹුරින් ම අවබෝධ කරනවා. මැනැවින් ම අවබෝධ කරනවා. ගැඹුරින් ම අවබෝධ කරලා, මැනැවින් ම අවබෝධ කරලා, ප්‍රකාශ කරනවා. දේශනා කරනවා. පණවනවා. පිහිටුවනවා. විවරණය කරනවා. බෙදා විස්තර කරනවා. ඉස්මතු කරල පෙන්වනවා. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ යම් දෙයක් ගැඹුරින් ම අවබෝධ කරනවා නම්, මැනැවින් ම අවබෝධ කරනවා නම්, ගැඹුරින් ම අවබෝධ කරලා, මැනැවින් ම අවබෝධ කරලා, ප්‍රකාශ කරනවා නම්, දේශනා කරනවා නම්, පණවනවා නම්, පිහිටුවනවා නම්, විවරණය කරනවා නම්, බෙදා විස්තර කරනවා නම්, ඉස්මතු කරල පෙන්වනවා නම්, ලෝකයෙහි ඇති ඒ ලෝක ධර්මය මොකක්ද?
පින්වත් මහණෙනි, ලෝකයෙහි ඇති ලෝක ධර්මය නම් රූපයයි. ඒක තමයි තථාගතයන් වහන්සේ ඒක ගැඹුරින් ම අවබෝධ කරන්නේ. මැනැවින් ම අවබෝධ කරන්නේ. ගැඹුරින් ම අවබෝධ කරලා, මැනැවින් ම අවබෝධ කරලා, ප්‍රකාශ කරන්නේ, දේශනා කරන්නේ, පණවන්නේ, පිහිටුවන්නේ, විවරණය කරන්නේ, බෙදා විස්තර කරන්නේ, ඉස්මතු කරල පෙන්වන්නේ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ඔය ආකාරයට ප්‍රකාශ කරද්දී, දේශනා කරද්දී, පණවද්දී, පිහිටුවද්දී, විවරණය කරද්දී, බෙදා විස්තර කරද්දී, ඉස්මතු කරල
පින්වත් මහණෙනි, ලෝකයෙහි ඇති ලෝක ධර්මය නම් වේදනාවයි …. (පෙ) …. පින්වත් මහණෙනි, ලෝකයෙහි ඇති ලෝක ධර්මය නම් සඤ්ඤාවයි …. (පෙ) …. පින්වත් මහණෙනි, ලෝකයෙහි ඇති ලෝක ධර්මය නම් සංස්කාරයි …. (පෙ) …. ලෝකයෙහි ඇති ලෝක ධර්මය නම් විඤ්ඤාණයයි. ඒක තමයි තථාගතයන් වහන්සේ ඒක ගැඹුරින් ම අවබෝධ කරන්නේ, මැනැවින් ම අවබෝධ කරන්නේ. ගැඹුරින් ම අවබෝධ කරලා, මැනැවින් ම අවබෝධ කරලා, ප්‍රකාශ කරන්නේ, දේශනා කරන්නේ, පණවන්නේ, පිහිටුවන්නේ, විවරණය කරන්නේ, බෙදා විස්තර කරන්නේ, ඉස්මතු කරල පෙන්වන්නේ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ඔය ආකාරයට ප්‍රකාශ කරද්දී, දේශනා කරද්දී, පණවද්දී, පිහිටුවද්දී, විවරණය කරද්දී, බෙදා විස්තර කරද්දී, ඉස්මතු කරල පෙන්වද්දී යමෙක් අවබෝධ කරන්නෙ නැත්නම්, නුවණින් දකින්නේ නැත්නම් පින්වත් මහණෙනි, ඒ බාල වූ, පෘථග්ජන වූ, අන්ධ වූ, ඇස් නැත්තා වූ, නොදන්නා වූ, නොදක්නා වූ කෙනා ගැන මං මොකක් කරන්නද?
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ජලයේ හැදිලා, ජලයේ ම වැඩිලා, ජලයෙන් උඩට නැගුණු මහනෙල් මලක් හරි, රතු නෙළුමක් හරි, සුදු නෙළුමක් හරි තියෙනවා. ජලයේ නොගෑවී තියෙන්නේ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි තථාගතයන් වහන්සේ ලෝකය තුළ වැඩිලා, ලෝකය යටපත් කරගෙනයි ඉන්නේ. ලෝකයත් සමග නොගෑවිලයි ඉන්නේ.
සාදු! සාදු!! සාදු!!!
පුප්ඵ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M