සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.5.1. නදී සුත්තං

1.2.5.1. නදිය ගැන වදාළ දෙසුම

93. සාවත්ථියං…

93. සැවැත් නුවර දී ………………….

සෙය්‍යථාපි භික්ඛවේ, නදී පබ්‌බතෙය්‍යා ඕහාරිනී දූරං‌ගමා සීඝසෝතා. තස්‌සා උභෝසු තීරේසු කාසා චේපි ජාතා අස්‌සු, තේ නං අජ්‌ඣෝලම්‌බෙය්‍යුං. කුසා චේපි ජාතා අස්‌සු, තේ නං අජ්‌ඣෝලම්‌බෙය්‍යුං. බබ්‌බජා චේපි ජාතා අස්‌සු, තේ නං අජ්‌ඣෝලම්‌බෙය්‍යුං. බීරණා චේපි ජාතා අස්‌සු, තේ නං අජ්‌ඣෝලම්‌බෙය්‍යුං. රුක්‌ඛා චේපි ජාතා අස්‌සු, තේ නං අජ්‌ඣෝලම්බෙය්‍යුං.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. පර්වතයකින් ගලා බස්නා නදියක් තියෙනවා. ඒ නදිය දියට වැටුණු හැම දෙයක්ම වේගයෙන් පහළට අරන් යනවා. දුර ඈතට යනවා. වේගවත් සැඩ පහරින් ගලා බසිනවා. ඉදින් ඔය නදිය දෙපස ඉවුරේ වැලුක් තණ ආදිය වැවිලා තියෙනවා නම්, ඒව තියෙන්නේ ගලා බසින නදියටම පහත් වෙලයි. කුස තණ ආදියත් වැවිලා තියෙනවා නම්, ඒව තියෙන්නෙත් ගලා බසින නදියටම පහත් වෙලයි. බබුස් තණ ආදියත් වැවිලා තියෙනවා නම්, ඒවා තියෙන්නෙත් ගලා බසින නදියටම පහත් වෙලයි. සැවැන්දරා පඳුරුත් වැවිලා තියෙනවා නම්, ඒවා තියෙන්නෙත් ගලා බසින නදියටම පහත් වෙලයි. ගස් වර්ගත් වැවිලා තියෙනවා නම්, ඒවා තියෙන්නෙත් ගලා බසින නදියටම පහත් වෙලයි.

තස්‌සා පුරිසෝ සෝතේන වුය්‌හමානෝ කාසේ චේපි ගණ්‌හෙය්‍ය, තේ පලු‍ජ්‌ජෙය්‍යුං. සෝ තතෝනිදානං අනයව්‍යසනං ආපජ්‌ජෙය්‍ය. කුසේ චේපි ගණ්‌හෙය්‍ය, තේ පලු‍ජ්‌ජෙය්‍යුං. සෝ තතෝනිදානං අනයව්‍යසනං ආපජ්‌ජෙය්‍ය. බබ්‌බජේ චේපි ගණ්‌හෙය්‍ය තේ පලු‍ජ්‌ජෙය්‍යුං. සෝ තතෝනිදානං අනයව්‍යසනං ආපජ්‌ජෙය්‍ය. බීරණේ චේපි ගණ්‌හෙය්‍ය තේ පලු‍ජ්‌ජෙය්‍යුං සෝ තතෝනිදානං අනයව්‍යසනං ආපජ්‌ජෙය්‍ය රුක්‌ඛේ චේපි ගණ්‌හෙය්‍ය තේ පලු‍ජ්‌ජෙය්‍යුං. සෝ තතෝනිදානං අනයව්‍යසනං ආපජ්‌ජෙය්‍ය.

ඔය ගංගාවට වැටුණ මනුස්සයෙක් සැඩ පහරට අහුවෙලා පහළට ගහගෙන යද්දී, වැලුක් තණ පඳුරක එල්ලුනොත්, එතකොට ඒවා කැඩිලා යනවා. ඔහු ඒ කාරණය නිසාත් ආයෙමත් කරදරයට පත්වෙනවා. කුස තණ පඳුරක එල්ලුනොත්, එතකොට ඒවා කැඩිලා යනවා. ඔහු ඒ කාරණය නිසාත් ආයෙමත් කරදරයට පත්වෙනවා. බබුස් තණ පඳුරක එල්ලුනොත්, එතකොට ඒවා කැඩිලා යනවා. ඔහු ඒ කාරණය නිසාත් ආයෙමත් කරදරයට පත්වෙනවා. සැවැන්දරා පඳුරක එල්ලුනොත්, එතකොට ඒවා කැඩිලා යනවා. ඔහු ඒ කාරණය නිසාත් ආයෙමත් කරදරයට පත්වෙනවා. ගස්වල එල්ලුනොත්, එතකොට ඒ ගස් කැඩිලා යනවා. ඔහු ඒ කාරණය නිසාත් ආයෙමත් කරදරයට පත්වෙනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ, අස්‌සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකෝවිදෝ අරියධම්‌මේ අවිනීතෝ, සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකෝවිදෝ සප්‌පුරිසධම්‌මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්‌සති, රූපවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා රූපං, රූපස්‌මිං වා අත්‌තානං. තස්‌ස තං රූපං පලු‍ජ්‌ජති. සෝ තතෝනිදානං අනයව්‍යසනං ආපජ්‌ජති.

වේදනං අත්තතෝ සමනුපස්‌සති ….(පෙ)…. වේදනාය වා අත්තානං. තස්ස සා වේදනා පලු‍ජ්‌ජති. සෝ තතෝනිදානං අනයව්‍යසනං ආපජ්‌ජති. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ අත්තතෝ සමනුපස්‌සති, සංඛාරවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා සංඛාරේ, සංඛාරේසු වා අත්‌තානං. තස්‌ස තේ සංඛාරා පලු‍ජ්‌ජන්ති. සෝ තතෝනිදානං අනයව්‍යසනං ආපජ්‌ජති. විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං . අත්‌තනි වා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං. තස්‌ස තං විඤ්‌ඤාණං පලු‍ජ්‌ජති. සෝ තතෝනිදානං අනයව්‍යසනං ආපජ්‌ජති.

පින්වත් මහණෙනි, ඔය විදිහට ම අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්. ආර්ය ධර්මයට අදක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා නොදකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට අදක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. ඔහු ආත්මයක් හැටියට රූපය ගැන මුළාවෙන් දකිනවා. ආත්මයක් රූපයෙන් හැදී තිබෙන හැටියට මුළාවෙන් දකිනවා. ආත්මය තුළ රූපය තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ රූපය තුළ බවට මුළාවෙන් දකිනවා. ඔහුගේ ඒ රූපය නැසී වැනසී යනවා. එතකොට ඔහු ඒ කාරණය හේතු කරගෙන ආයෙමත් කරදරයකට පත්වෙනවා. ඔහු ආත්මයක් හැටියට වේදනාව ගැන මුළාවෙන් දකිනවා …. (පෙ) …. ආත්මය තිබෙන්නේ වේදනාව තුළ බවට මුළාවෙන් දකිනවා. ඔහුගේ ඒ වේදනාව නැසී වැනසී යනවා. එතකොට ඔහු ඒ කාරණය හේතු කරගෙන ආයෙමත් කරදරයකට පත්වෙනවා. සඤ්ඤාව …. (පෙ) …. ආත්මයක් හැටියට සංස්කාර ගැන මුළාවෙන් දකිනවා. ආත්මයක් සංස්කාර වලින් හැදී තිබෙන හැටියට මුළාවෙන් දකිනවා. ආත්මය තුළ සංස්කාර තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ සංස්කාර තුළ බවට මුළාවෙන් දකිනවා. ඔහුගේ ඒ සංස්කාර නැසී වැනසී යනවා. එතකොට ඔහු ඒ කාරණය හේතු කරගෙන ආයෙමත් කරදරයකට පත්වෙනවා. ආත්මයක් හැටියට විඤ්ඤාණය ගැන මුළාවෙන් දකිනවා. ආත්මයක් විඤ්ඤාණයෙන් හැදී තිබෙන හැටියට මුළාවෙන් දකිනවා. ආත්මය තුළ විඤ්ඤාණය තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ විඤ්ඤාණය තුළ බවට මුළාවෙන් දකිනවා. ඔහුගේ ඒ විඤ්ඤාණය නැසී වැනසී යනවා. එතකොට ඔහු ඒ කාරණය හේතු කරගෙන ආයෙමත් කරදරයකට පත්වෙනවා.

තං කිං මඤ්‌ඤථ භික්ඛවේ, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

පින්වත් මහණෙනි, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං කල්‌ලං නු තං සමනුපස්‌සිතුං ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”

වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ. ….(පෙ)….

වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) ….

තස්‌මාතිහ භික්ඛවේ ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

එනිසා පින්වත් මහණෙනි, …. (පෙ) …. ආයෙමත් වෙන උපතක් නැති බව අවබෝධ කරගන්නවා.”

සාදු! සාදු!! සාදු!!!

නදී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M