සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.4.7. ඛේමක සුත්තං

1.2.4.7. ඛේමක තෙරුන් වදාළ දෙසුම

89. ඒකං සමයං සම්‌බහුලා ථේරා භික්‌ඛූ කෝසම්‌බියං විහරන්‌ති ඝෝසිතාරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්‌මා ඛේමකෝ බදරිකාරාමේ විහරති ආබාධිකෝ දුක්‌ඛිතෝ බාළ්‌හගිලානෝ.

89. ඒ දිනවල බොහෝ ස්ථවිර (උපසම්පදා සිල් සුරකිමින් දසවස් ඉක්ම ගිය) භික්ෂූන් වහන්සේලා කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩසිටියා. ඒ කාලයේදී ආයුෂ්මත් ඛේමක තෙරුන් රෝගීවෙලා, දුකට පත්වෙලා, බොහෝ සේ ගිලන් වෙලා බදරිකාරාමයෙහි වැඩසිටියා.

අථ ඛෝ ථේරා භික්‌ඛූ සායන්‌හසමයං පටිසල්‌ලානා වුට්‌ඨිතා ආයස්‌මන්‌තං දාසකං ආමන්‌තේසුං. ඒහි ත්‌වං ආවුසෝ දාසක, යේන ඛේමකෝ භික්‌ඛු තේනුපසංකම. උපසංකමිත්‌වා ඛේමකං භික්‌ඛුං ඒවං වදේහි. ථේරා තං ආවුසෝ ඛේමක, ඒවමාහංසු. කච්‌චි තේ ආවුසෝ, ඛමනීයං, කච්‌චි යාපනීයං, කච්‌චි දුක්‌ඛා වේදනා පටික්‌කමන්‌ති නෝ අභික්‌කමන්‌ති, පටික්‌කමෝසානං පඤ්‌ඤායති නෝ අභික්‌කමෝති?

එතකොට ස්ථවිර භික්ෂූන් වහන්සේලා සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් දාසක තෙරුන් ඇමතුවා. “ප්‍රිය ආයුෂ්මත් දාසකයෙනි, මෙහෙ එන්න. ඛේමක භික්ෂුව ඉන්න තැනට යන්න. ගිහින් ඛේමක භික්ෂුවට මේ විදිහට කියන්න. ‘ප්‍රිය ආයුෂ්මත් ඛේමකයෙනි, ස්ථවිර භික්ෂූන් වහන්සේලා ඔබෙන් මේ විදිහට ඇහුවා. ප්‍රිය ආයුෂ්මත් ඛේමක, දැන් ඔබට කොහොමද? ඉවසන්ට පුළුවන්ද? කොහොමද යැපෙන්නට පුළුවන්ද? කොහොමද ඔබේ දුක් වේදනා අඩු වීමක් තියෙනවාද? වැඩිවීමක් දකින්නට නෑ නේද?’ කියලා.”

ඒවමාවුසෝති ඛෝ ආයස්‌මා දාසකෝ ථේරානං භික්‌ඛූනං පටිස්‌සුත්‌වා යේනායස්‌මා ඛේමකෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා ආයස්‌මන්‌තං ඛේමකං ඒතදවෝච. ථේරා තං ආවුසෝ ඛේමක, ඒවමාහංසු. කච්‌චි තේ, ආවුසෝ, ඛමනීයං, කච්‌චි යාපනීයං, කච්‌චි දුක්‌ඛා වේදනා පටික්‌කමන්‌ති නෝ අභික්‌කමන්‌ති, පටික්‌කමෝසානං පඤ්‌ඤායති නෝ අභික්‌කමෝති?

“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි” කියලා ආයුෂ්මත් දාසක තෙරුන් ස්ථවිර භික්ෂූන් පිළිතුරු දීලා ඛේමක භික්ෂුව ඉන්න තැනට ගියා. ගිහින් ඛේමක භික්ෂුවට මේ විදිහට කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ඛේමකයෙනි, ස්ථවිර භික්ෂූන් වහන්සේලා ඔබෙන් මේ විදිහට ඇහුවා. ප්‍රිය ආයුෂ්මත් ඛේමක, දැන් ඔබට කොහොමද? ඉවසන්නට පුළුවන්ද? කොහොමද යැපෙන්නට පුළුවන්ද? කොහොමද ඔබේ දුක් වේදනා අඩුවීමක් තියෙනවාද? වැඩිවීමක් දකින්නට නෑ නේද?” කියලා.

න මේ ආවුසෝ, ඛමනීයං න යාපනීයං බාල්හා මේ දුක්‌ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්‌කමන්‌ති, අභික්‌කමෝසානං පඤ්‌ඤායති නෝ පටික්‌කමෝති?

“අනේ ප්‍රිය ආයුෂ්මතුනි, මට ඉවසන්න අමාරුයි. යැපෙන්නත් අමාරුයි. මගේ දුක් වේදනා බොහෝ සෙයින්ම වැඩිවෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නෙ නෑ.”

අථ ඛෝ ආයස්‌මා දාසකෝ යේන ථේරා භික්‌ඛූ තේනුපසංකමි. උපසංකමිත්‌වා ථේරේ භික්‌ඛූ ඒතදවෝච. ඛේමකෝ ආවුසෝ, භික්‌ඛු ඒවමාහ. න මේ ආවුසෝ, ඛමනීයං, න යාපනීයං බාල්හා මේ දුක්‌ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්‌කමන්‌ති, අභික්‌කමෝසානං පඤ්‌ඤායති නෝ පටික්‌කමෝති.

එතකොට ආයුෂ්මත් දාසක භික්ෂුව ස්ථවිර භික්ෂූන් ඉන්න තැනට ගියා. ගිහින් ස්ථවිර භික්ෂූන්ට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඛේමක භික්ෂුව මෙහෙම කියනවා. ‘අනේ ප්‍රිය ආයුෂ්මතුනි, මට ඉවසන්න අමාරුයි. යැපෙන්නත් අමාරුයි. මගේ දුක් වේදනා බොහෝ සෙයින්ම වැඩිවෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නෙ නෑ’ කියලා.”

ඒහි ත්‌වං ආවුසෝ දාසක, යේන ඛේමකෝ භික්‌ඛු තේනුපසංකම. උපසංකමිත්‌වා ඛේමකං භික්‌ඛුං ඒවං වදේහි. ථේරා තං ආවුසෝ ඛේමක, ඒවමාහංසු. පඤ්‌චිමේ ආවුසෝ, උපාදානක්‌ඛන්‌ධා වුත්‌තා භගවතා, සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ, වේදනූපාදානක්‌ඛන්ධෝ, සඤ්‌ඤූපාදානක්‌ඛන්ධෝ, සංඛාරූපාදානක්‌ඛන්ධෝ, විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ . ඉමේසු ආයස්‌මා ඛේමකෝ පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු කිඤ්‌චි අත්‌තානං වා අත්‌තනියං වා සමනුපස්‌සතී’ති?

“ප්‍රිය ආයුෂ්මත් දාසකයෙනි, මෙහි එන්න. ඛේමක භික්ෂුව ඉන්න තැනට යන්න. ගිහින් ඛේමක භික්ෂුවට මේ විදිහට කියන්න. ‘ප්‍රිය ආයුෂ්මත් ඛේමකයෙනි, ස්ථවිර භික්ෂුන් වහන්සේලා ඔබෙන් මේ විදිහට ඇහුවා. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ උපාදානස්කන්ධයන් පහක් වදාරල තියෙනවා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි. ප්‍රිය ආයුෂ්මත් ඛේමක, ඔබ මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආත්මය වශයෙන් හරි, ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි දකිනවාද?’ කියලා.”

ඒවමාවුසෝති ඛෝ ආයස්‌මා දාසකෝ ථේරානං භික්‌ඛූනං පටිස්‌සුත්‌වා යේනායස්‌මා ඛේමකෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා ආයස්මන්තං ඛේමකං ඒතදවෝච. ථේරා තං ආවුසෝ ඛේමක, ඒවමාහංසු. පඤ්‌චිමේ ආවුසෝ, උපාදානක්‌ඛන්‌ධා වුත්‌තා භගවතා, සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ ….(පෙ)…. විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ. ඉමේසු ආයස්‌මා ඛේමකෝ පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු කිඤ්‌චි අත්‌තානං වා අත්‌තනියං වා සමනුපස්‌සතීති?

“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි” කියලා ආයුෂ්මත් දාසක තෙරුන් ස්ථවිර භික්ෂූන් පිළිතුරු දීලා ඛේමක භික්ෂුව ඉන්න තැනට ගියා. ගිහින් ඛේමක භික්ෂුවට මේ විදිහට කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ඛේමකයෙනි, ස්ථවිර භික්ෂුන් වහන්සේලා ඔබෙන් මේ විදිහට ඇහුවා. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ උපාදානස්කන්ධයන් පහක් වදාරල තියෙනවා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි. ප්‍රිය ආයුෂ්මත් ඛේමක, ඔබ මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආත්මය වශයෙන් හරි, ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි දකිනවාද? කියලා.”

පඤ්‌චිමේ ආවුසෝ, උපාදානක්‌ඛන්‌ධා වුත්‌තා භගවතා, සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ ….(පෙ)…. විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ. ඉමේසු ඛෝ හං ආවුසෝ, පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු න කිඤ්‌චි අත්‌තානං වා අත්‌තනියං වා සමනුපස්‌සාමීති.

“ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ උපාදානස්කන්ධයන් පහක් වදාරල තියෙනවා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි. ප්‍රිය ආයුෂ්මතුනි, ඉදින් මං මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආත්මය වශයෙන් හරි, ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි දකින්නේ නෑ.”

අථ ඛෝ ආයස්‌මා දාසකෝ යේන ථේරා භික්‌ඛූ තේනුපසංකමි. උපසංකමිත්‌වා ථේරේ භික්‌ඛූ ඒතදවෝච. ඛේමකෝ ආවුසෝ, භික්‌ඛු ඒවමාහ. පඤ්‌චිමේ ආවුසෝ, උපාදානක්‌ඛන්‌ධා වුත්‌තා භගවතා, සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ ….(පෙ)…. විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ. ඉමේසු ඛෝහං ආවුසෝ, පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු න කිඤ්‌චි අත්‌තානං වා අත්‌තනියං වා සමනුපස්‌සාමීති.

එතකොට ආයුෂ්මත් දාසක භික්ෂුව ස්ථවිර භික්ෂූන් ඉන්න තැනට ගියා. ගිහින් ස්ථවිර භික්ෂූන්ට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඛේමක භික්ෂුව මෙහෙම කියනවා. ‘ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ උපාදානස්කන්ධයන් පහක් වදාරල තියෙනවා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි. ප්‍රිය ආයුෂ්මතුනි, ඉදින් මං මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආත්මය වශයෙන් හරි, ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි දකින්නේ නෑ’ කියලා.”

ඒහි ත්‌වං ආවුසෝ දාසක, යේන ඛේමකෝ භික්‌ඛු තේනුපසංකම. උපසංකමිත්‌වා ඛේමකං භික්‌ඛුං ඒවං වදේහි. ථේරා තං ආවුසෝ ඛේමක, ඒවමාහංසු. පඤ්‌චිමේ ආවුසෝ, උපාදානක්‌ඛන්‌ධා වුත්‌තා භගවතා, සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ ….(පෙ)…. විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ. නෝ චේ කිරායස්‌මා ඛේමකෝ ඉමේසු පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු කිඤ්‌චි අත්‌තානං වා අත්‌තනියං වා සමනුපස්‌සති. තේනහායස්‌මා ඛේමකෝ අරහං ඛීණාසවෝති.

“ප්‍රිය ආයුෂ්මත් දාසකයෙනි, මෙහි එන්න. ඛේමක භික්ෂුව ඉන්න තැනට යන්න. ගිහින් ඛේමක භික්ෂුවට මේ විදිහට කියන්න. ‘ප්‍රිය ආයුෂ්මත් ඛේමකයෙනි, ස්ථවිර භික්ෂූන් වහන්සේලා ඔබෙන් මේ විදිහට ඇහුවා. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ උපාදානස්කන්ධයන් පහක් වදාරල තියෙනවා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි. ප්‍රිය ආයුෂ්මත් ඛේමක, ඔබ මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආත්මය වශයෙන් හරි, ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි දකින්නේ නැත්නම්, ඒ කියන්නේ ආයුෂ්මත් ඛේමකයන් අරහත් වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් නෙව.”

ඒවමාවුසෝති ඛෝ ආයස්‌මා දාසකෝ ථේරානං භික්‌ඛූනං පටිස්‌සුත්‌වා යේනායස්‌මා ඛේමකෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා ආයස්මන්තං ඛේමකං ඒතදවෝච. ථේරා තං ආවුසෝ ඛේමක, ඒවමාහංසු. පඤ්‌චිමේ ආවුසෝ, උපාදානක්‌ඛන්‌ධා වුත්‌තා භගවතා, සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ ….(පෙ)…. විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ. නෝ චේ කිරායස්‌මා ඛේමකෝ ඉමේසු පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු කිඤ්‌චි අත්‌තානං වා අත්‌තනියං වා සමනුපස්‌සති, තේනහායස්‌මා ඛේමකෝ අරහං ඛීණාසවෝති.

“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි” කියලා ආයුෂ්මත් දාසක තෙරුන් ස්ථවිර භික්ෂූන් පිළිතුරු දීලා ඛේමක භික්ෂුව ඉන්න තැනට ගියා. ගිහින් ඛේමක භික්ෂුවට මේ විදිහට කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ඛේමකයෙනි, ස්ථවිර භික්ෂූන් වහන්සේලා ඔබෙන් මේ විදිහට ඇහුවා. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ උපාදානස්කන්ධයන් පහක් වදාරල තියෙනවා. ඒ කියන්නේ, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි. ප්‍රිය ආයුෂ්මත් ඛේමක, ඔබ මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආත්මය වශයෙන් හරි, ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි දකින්නේ නැත්නම්, ඒ කියන්නේ ආයුෂ්මත් ඛේමකයන් අරහත් වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් නෙව’ කියලා.”

පඤ්‌චිමේ ආවුසෝ, උපාදානක්‌ඛන්‌ධා වුත්‌තා භගවතා, සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ ….(පෙ)…. විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ. ඉමේසු ඛෝ හං ආවුසෝ, පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු න කිඤ්‌චි අත්‌තානං වා අත්‌තනියං වා සමනුපස්‌සාමි, න චම්‌හි අරහං ඛීණාසවෝ. අපි ච මේ ආවුසෝ, පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු අස්‌මීති අධිගතං, අයමහමස්‌මීති ච න සමනුපස්‌සාමීති.

“ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ උපාදානස්කන්ධයන් පහක් වදාරල තියෙනවා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි. ප්‍රිය ආයුෂ්මතුනි, ඉදින් මං මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආත්මය වශයෙන් හරි, ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි දකින්නේ නෑ තමයි. නමුත් මං අරහත් වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් නොවේ. එහෙම වුණත් මට ප්‍රිය ආයුෂ්මතුනි, මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ‘මම වෙමි’යි යන කරුණ ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා ‘මේ මම වෙමි’යි කියල දෙයක් මං මේ තුළ දකින්නේ නෑ.”

අථ ඛෝ ආයස්‌මා දාසකෝ යේන ථේරා භික්‌ඛූ තේනුපසංකමි. උපසංකමිත්වා ථේරේ භික්‌ඛූ ඒතදවෝච. ඛේමකෝ ආවුසෝ, භික්‌ඛු ඒවමාහ. පඤ්‌චිමේ ආවුසෝ, උපාදානක්‌ඛන්‌ධා වුත්‌තා භගවතා, සෙය්‍යථීදං. රූපූපාදානක්‌ඛන්ධෝ ….(පෙ)…. විඤ්‌ඤාණූපාදානක්‌ඛන්ධෝ. ඉමේසු ඛෝ හං ආවුසෝ, පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු න කිඤ්‌චි අත්‌තානං වා අත්‌තනියං වා සමනුපස්‌සාමි, න චම්‌හි අරහං ඛීණාසවෝ. අපි ච මේ ආවුසෝ, පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු අස්‌මීති අධිගතං, අයමහමස්‌මීති ච න සමනුපස්‌සාමීති.

එතකොට ආයුෂ්මත් දාසක භික්ෂුව ස්ථවිර භික්ෂූන් ඉන්න තැනට ගියා. ගිහින් ස්ථවිර භික්ෂූන්ට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඛේමක භික්ෂුව මෙහෙම කියනවා. ‘ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ උපාදානස්කන්ධයන් පහක් වදාරල තියෙනවා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන පහයි. ප්‍රිය ආයුෂ්මතුනි, ඉදින් මං මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආත්මය වශයෙන් හරි, ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි දකින්නේ නෑ තමයි. නමුත් මං අරහත් වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් නොවේ. එහෙම වුණත් මට ප්‍රිය ආයුෂ්මතුනි, මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ‘මම වෙමි’යි යන කරුණ ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා ‘මේ මම වෙමි’යි කියල දෙයක් මං මේ තුළ දකින්නේ නෑ” කියලා.

ඒහි ත්‌වං ආවුසෝ දාසක, යේන ඛේමකෝ භික්‌ඛු තේනුපසංකම. උපසංකමිත්‌වා ඛේමකං භික්‌ඛුං ඒවං වදේහි. ථේරා තං ආවුසෝ ඛේමක, ඒවමාහංසු. යමේතං ආවුසෝ ඛේමක, අස්‌මීති වදේසි, කිමේතං අස්‌මීති වදේසි? රූපං අස්‌මීති වදේසි? අඤ්‌ඤත්‍ර රූපා අස්‌මීති වදේසි? වේදනං අස්‌මීති වදේසි, අඤ්‌ඤත්‍ර වේදනාය අස්‌මීති වදේසි? සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ අස්‌මීති වදේසි? අඤ්‌ඤත්‍ර සංඛාරේහි අස්‌මීති වදේසි? විඤ්‌ඤාණං අස්‌මීති වදේසි? අඤ්‌ඤත්‍ර විඤ්‌ඤාණා අස්‌මීති වදේසි.? යමේතං ආවුසෝ ඛේමක, අස්‌මීති වදේසි කිමේතං අස්‌මීති වදේසීති?

“ප්‍රිය ආයුෂ්මත් දාසකයෙනි, මෙහි එන්න. ඛේමක භික්ෂුව ඉන්න තැනට යන්න. ගිහින් ඛේමක භික්ෂුවට මේ විදිහට කියන්න. ප්‍රිය ආයුෂ්මත් ඛේමකයෙනි, ස්ථවිර භික්ෂූන් වහන්සේලා ඔබෙන් මේ විදිහට ඇහුවා. ප්‍රිය ආයුෂ්මත් ඛේමක, යම් දෙයකට ‘මම වෙමි’යි කියලා කිව්වා නෙව. ඒ ‘මම වෙමි’යි කියලා කිව්වෙ මොකේටද? ‘මම වෙමි’යි කියලා කිව්වේ රූපයටද? ‘මම වෙමි’යි කියලා කිව්වේ රූපයෙන් බැහැර වූ දෙයකටද? ‘මම වෙමි’යි කියලා කිව්වේ වේදනාවටද? …. (පෙ) …. සඤ්ඤාවටද? …. (පෙ) …. සංස්කාරවලටද? …. (පෙ) …. ‘මම වෙමි’යි කියලා කිව්වේ විඤ්ඤාණයටද? ‘මම වෙමි’යි කියලා කිව්වේ විඤ්ඤාණයෙන් බැහැර වූ දෙයකටද? යම් දෙයකට ‘මම වෙමි’යි කියලා කිව්වා නෙව. ඒ ‘මම වෙමි’යි කියලා කිව්වේ මොකේටද?”

ඒවමාවුසෝති ඛෝ ආයස්‌මා දාසකෝ ථේරානං භික්‌ඛූනං පටිස්‌සුත්‌වා යේනායස්‌මා ඛේමකෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා ආයස්‌මන්‌තං ඛේමකං ඒතදවෝච. ථේරා තං ආවුසෝ ඛේමක, ඒවමාහංසු. යමේතං ආවුසෝ ඛේමක, අස්‌මීති වදේසි, කිමේතං අස්‌මීති වදේසි? රූපං අස්‌මීති වදේසි, අඤ්‌ඤත්‍ර රූපා අස්‌මීති වදේසි? වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං අස්‌මීති වදේසි, අඤ්‌ඤත්‍ර විඤ්‌ඤාණා අස්‌මීති වදේසි? යමේතං ආවුසෝ ඛේමක, අස්‌මීති වදේසි, කිමේතං අස්‌මීති වදේසීති?

“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි” කියලා ආයුෂ්මත් දාසක තෙරුන් ස්ථවිර භික්ෂූන්ට පිළිතුරු දීලා ඛේමක භික්ෂුව ඉන්න තැනට ගියා. ගිහින් ඛේමක භික්ෂුවට මේ විදිහට කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ඛේමකයෙනි, ස්ථවිර භික්ෂූන් වහන්සේලා ඔබෙන් මේ විදිහට ඇහුවා. ප්‍රිය ආයුෂ්මත් ඛේමක, යම් දෙයකට ‘මම වෙමි’යි කියලා කිව්වා නෙව. ඒ ‘මම වෙමි’යි කියලා කිව්වෙ මොකේටද? ‘මම වෙමි’යි කියලා කිව්වේ රූපයටද? ‘මම වෙමි’යි කියලා කිව්වේ රූපයෙන් බැහැර වූ දෙයකටද? ‘මම වෙමි’යි කියලා කිව්වේ වේදනාවටද? …. (පෙ) …. සඤ්ඤාවටද? …. (පෙ) …. සංස්කාරවලටද? …. (පෙ) …. ‘මම වෙමි’යි කියලා කිව්වේ විඤ්ඤාණයටද? ‘මම වෙමි’යි කියලා කිව්වේ විඤ්ඤාණයෙන් බැහැර වූ දෙයකටද? යම් දෙයකට ‘මම වෙමි’යි කියලා කිව්වා නෙව. ඒ ‘මම වෙමි’යි කියලා කිව්වේ මොකේටද?” කියලා.

අලං ආවුසෝ දාසක, කිං ඉමාය සන්‌ධාවනිකාය. ආහරාවුසෝ දණ්‌ඩං. අහමේව යේන ථේරා භික්‌ඛූ තේනුපසංකමිස්‌සාමීති.

“කමක් නෑ ප්‍රිය ආයුෂ්මත් දාසකය, මොකක්ද මේ දිගින් දිගට ඇවිදීම? ප්‍රිය ආයුෂ්මතුනි, ඔය හැරමිටිය අරගෙන එන්න. ස්ථවිර භික්ෂූන් ඉන්න තැනට මම ම යන්නම්කො.”

අථ ඛෝ ආයස්‌මා ඛේමකෝ දණ්‌ඩමෝලු‍බ්‌භ යේන ථේරා භික්‌ඛූ තේනුපසංකමි. උපසංකමිත්‌වා ථේරේහි භික්‌ඛූහි සද්‌ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නං ඛෝ ආයස්‌මන්‌තං ඛේමකං ථේරා භික්‌ඛූ ඒතදවෝචුං. යමේතං ආවුසෝ ඛේමක, අස්‌මීති වදේසි, කිමේතං අස්‌මීති වදේසි? රූපං අස්‌මීති වදේසි, අඤ්‌ඤත්‍ර රූපා අස්‌මීති වදේසි? වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං අස්‌මීති වදේසි, අඤ්‌ඤත්‍ර විඤ්‌ඤාණා අස්‌මීති වදේසි? යමේතං ආවුසෝ ඛේමක, අස්‌මීති වදේසි, කිමේතං අස්‌මීති වදේසීති?

ඉතින් ආයුෂ්මත් ඛේමක තෙරුන් හැරමිටි ගගහා ස්ථවිර භික්ෂූන් වහන්සේලා ඉන්න තැනට පැමිණියා. පැමිණිලා ස්ථවිර භික්ෂූන් සමග සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කථාබහ අවසන් කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ඛේමක තෙරුන්ට ස්ථවිර භික්ෂූන් වහන්සේලා මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ඛේමක, යම් දෙයකට ‘මම වෙමි’යි කියලා කිව්වා නෙව. ඒ ‘මම වෙමි’යි කියලා කිව්වෙ මොකේටද? ‘මම වෙමි’යි කියලා කිව්වේ රූපයටද? ‘මම වෙමි’යි කියලා කිව්වේ රූපයෙන් බැහැර වූ දෙයකටද? ‘මම වෙමි’යි කියලා කිව්වේ වේදනාවටද? …. (පෙ) …. සඤ්ඤාවටද? …. (පෙ) …. සංස්කාරවලටද? …. (පෙ) …. ‘මම වෙමි’යි කියලා කිව්වේ විඤ්ඤාණයටද? ‘මම වෙමි’යි කියලා කිව්වේ විඤ්ඤාණයෙන් බැහැර වූ දෙයකටද? යම් දෙයකට ‘මම වෙමි’යි කියලා කිව්වා නෙව. ඒ ‘මම වෙමි’යි කියලා කිව්වේ මොකේටද?”

න ඛෝ හං ආවුසෝ, රූපං අස්‌මීති වදාමි. නපි අඤ්‌ඤත්‍ර රූපා අස්‌මීති වදාමි. න වේදනං අස්‌මීති වදාමි. නපි අඤ්‌ඤත්‍ර වේදනාය අස්‌මීති වදාමි. න සඤ්‌ඤං ….(පෙ)…. න සංඛාරේ අස්‌මීති වදාමි. නපි අඤ්‌ඤත්‍ර සංඛාරේහි අස්‌මීති වදාමි. න විඤ්‌ඤාණං අස්‌මීති වදාමි. නපි අඤ්‌ඤත්‍ර විඤ්‌ඤාණා අස්‌මීති වදාමි. අපි ච මේ, ආවුසෝ, පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු අස්‌මීති අධිගතං, අයමහමස්‌මීති ච න සමනුපස්‌සාමි.

“ප්‍රිය ආයුෂ්මත්වරුනි, මං රූපය ‘මම වෙමි’යි කියල කියන්නේ නෑ. රූපයෙන් බැහැර වූ දෙයක් ‘මම වෙමි’යි කියල කියන්නේත් නෑ. වේදනාව ‘මම වෙමි’යි කියල කියන්නේ නෑ. වේදනාවෙන් බැහැර වූ දෙයක් ‘මම වෙමි’යි කියල කියන්නේත් නෑ …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර ‘මම වෙමි’යි කියල කියන්නේ නෑ. සංස්කාරවලින් බැහැර වූ දෙයක් ‘මම වෙමි’යි කියල කියන්නේත් නෑ. විඤ්ඤාණය ‘මම වෙමි’යි කියල කියන්නේ නෑ. විඤ්ඤාණයෙන් බැහැර වූ දෙයක් ‘මම වෙමි’යි කියල කියන්නේත් නෑ. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ‘මම වෙමි’යි යන කරුණ ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා ‘මේ මම වෙමි’යි කියල දෙයක් මං මේ තුළ දකින්නෙ නෑ.

සෙය්‍යථාපි ආවුසෝ, උප්‌පලස්‌ස වා පදුමස්‌ස වා පුණ්‌ඩරීකස්‌ස වා ගන්‌ධෝ. යෝ නු ඛෝ ඒවං වදෙය්‍ය. පත්‌තස්‌ස ගන්‌ධෝති වා වණ්‌ණස්‌ස ගන්‌ධෝති වා කිඤ්‌ජක්‌ඛස්‌ස ගන්‌ධෝති වා, සම්‌මා නු ඛෝ සෝ වදමානෝ වදෙය්‍යාති? නෝ හේතං ආවුසෝ.

ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඒක මේ වගේ දෙයක්. මහනෙල් මලක වේවා, රතු නෙළුමක වේවා, සුදු නෙළුමක වේවා, යම්කිසි සුවඳක් තියෙනවා නෙ. ඒ ගැන කෙනෙක් මෙහෙම කිව්වොත් ඔය තියෙන්නේ පෙතිවල සුවඳයි කියල හරි, ඔය තියෙන්නේ පැහැයේ සුවඳයි කියලා හරි, ඔය තියෙන්නේ රේණුවල සුවඳයි කියල හරි කිව්වොත් එයා හරි දේ කිව්වා වෙනවාද?” “ප්‍රිය ආයුෂ්මතුනි, මෙය නොවේ ම යි.”

යථා කථම්පනාවුසෝ, සම්‌මා බ්‍යාකරමානෝ බ්‍යාකරෙය්‍යාති?

“එහෙම නම් ප්‍රිය ආයුෂ්මත්වරුනි, කොහොම කිව්වොත් ද හරි දේ කියනවා වෙන්නේ?”

පුප්‌ඵස්‌ස ගන්‌ධෝති ඛෝ ආවුසෝ, සම්‌මා බ්‍යාකරමානෝ බ්‍යාකරෙය්‍යාති.

“ප්‍රිය ආයුෂ්මතුනි, ඔය තියෙන්නේ මලේ සුවඳයි කියල කිව්වොත් තමයි හරි දේ කියනවා වෙන්නේ.”

ඒවමේව ඛෝහං ආවුසෝ, න රූපං අස්‌මීති වදාමි, නපි අඤ්‌ඤත්‍ර රූපා අස්‌මීති වදාමි. න වේදනං ….(පෙ)…. න සඤ්‌ඤං ….(පෙ)…. න සංඛාරේ ….(පෙ)…. න විඤ්‌ඤාණං අස්‌මීති වදාමි, නපි අඤ්‌ඤත්‍ර විඤ්‌ඤාණා අස්‌මීති වදාමි. අපි ච මේ, ආවුසෝ, පඤ්‌චසුපාදානක්ඛන්ධේසු අස්‌මීති අධිගතං, අයමහමස්‌මීති ච න සමනුපස්‌සාමි.

“ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඔන්න ඔය විදිහම යි. රූපය ‘මම වෙමි’යි කියල කියන්නෙත් නෑ. රූපයෙන් බැහැර වූ දෙයක් ‘මම වෙමි’යි කියල කියන්නෙත් නෑ. වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය ‘මම වෙමි’යි කියල කියන්නෙත් නෑ. විඤ්ඤාණයෙන් බැහැර වූ දෙයක් ‘මම වෙමි’යි කියල කියන්නෙත් නෑ. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ‘මම වෙමි’යි යන කරුණ ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා ‘මේ මම වෙමි’යි කියල දෙයක් මං මේ තුළ දකින්නෙ නෑ.

කිඤ්‌චාපි ආවුසෝ, අරියසාවකස්‌ස පඤ්‌චෝරම්‌භාගියානි සඤ්ඤෝජනානි පහීනානි භවන්‌ති, අථ ඛ්‌වස්‌ස හෝති යේව පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු අණුසහගතෝ අස්‌මීති මානෝ, අස්‌මීති ඡන්දෝ අස්‌මීති අනුසයෝ අසමූහතෝ. සෝ අපරේන සමයේන පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු උදයබ්‌බයානුපස්‌සී විහරති. ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයෝ, ඉති රූපස්‌ස අත්ථගමෝ. ඉති වේදනා ….(පෙ)…. ඉති සඤ්‌ඤා ….(පෙ)….ඉති සංඛාරා ….(පෙ)….ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයෝ, ඉති විඤ්‌ඤාණස්‌ස අත්ථගමෝති. තස්‌ස ඉමේසු පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු උදයබ්‌බයානුපස්‌සිනෝ විහරතෝ යෝපිස්‌ස හෝති පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු අණුසහගතෝ අස්‌මීති මානෝ, අස්‌මීති ඡන්දෝ අස්‌මීති අනුසයෝ අසමූහතෝ, සෝපි සමුග්‌ඝාතං ගච්‌ඡති.

ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයෙකු හට ඕරම්භාගීය සංයෝජන පහ ප්‍රහාණය වෙලා තිබෙන නමුත්, ඔහුට ඔය පංච උපාදානස්කන්ධය පිළිබඳව ම ‘මම වෙමි’යි කියල යාන්තමින් පවතින මාන්නයක් තියෙනවා නම්, ‘මම වෙමි’යි කියල යාන්තමින් පවතින කැමැත්තක් තියෙනවා නම්, ඒ යාන්තමින් පවතින අභ්‍යන්තර කෙලෙස් මුලින් උපුටා දමලා නෑ. එතකොට ඔහු කරන්නේ තව දුරටත් පංච උපාදානස්කන්ධය පිළිබඳව ම ඇතිවීම, නැතිවීම දකිමින් වාසය කරන එකයි. ‘මෙයයි රූපය, මෙයයි රූපයේ හටගැනීම, මෙයයි රූපයේ නැති වී යෑම, මෙයයි වේදනාව …. (පෙ) …. මෙයයි සඤ්ඤාව …. (පෙ) …. මෙයයි සංස්කාර …. (පෙ) …. මෙයයි විඤ්ඤාණය, මෙයයි විඤ්ඤාණයේ හටගැනීම, මෙයයි විඤ්ඤාණයේ නැති වී යෑම’ කියලා. ඉතින් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ම ඇතිවීම, නැතිවීම දකිමින් වාසය කරන ඔහුට පංච උපාදානස්කන්ධය පිළිබඳව ම ‘මම වෙමි’යි කියල යාන්තමින් පවතින යම් මාන්නයක් තියෙනවා නම්, ‘මම වෙමි’යි කියල යාන්තමින් පවතින යම් කැමැත්තක් තියෙනවා නම්, ඒ යාන්තමින් පවතින මුලින් උපුටා නොදැමූ අභ්‍යන්තර කෙලෙස් තියෙනවා නම් අන්න එයත් මුළුමණින් ම ප්‍රහාණය වෙලා යනවා.

සෙය්‍යථාපි ආවුසෝ, වත්‌ථං සංකිලිට්‌ඨං මලග්‌ගහිතං. තමේනං සාමිකා රජකස්‌ස අනුප්පදජ්‌ජුං. තමේනං රජකෝ ඌසේ වා ඛාරේ වා ගෝමයේ වා සම්‌මද්‌දිත්‌වා අච්‌ඡේ උදකේ වික්‌ඛාලේති. කිඤ්‌චාපි තං හෝති වත්‌ථං පරිසුද්‌ධං පරියෝදාතං, අථ ඛ්‌වස්‌ස හෝතේව අණුසහගතෝ ඌසගන්‌ධෝ වා ඛාරගන්‌ධෝ වා ගෝමයගන්‌ධෝ වා අසමූහතෝ. තමේනං රජකෝ සාමිකානං දේති. තමේනං සාමිකා ගන්‌ධපරිභාවිතේ කරණ්‌ඩකේ නික්‌ඛිපන්‌ති. යෝපිස්‌ස හෝති අණුසහගතෝ ඌසගන්‌ධෝ වා ඛාරගන්‌ධෝ වා ගෝමයගන්‌ධෝ වා අසමූහතෝ, සෝපි සමුග්‌ඝාතං ගච්‌ඡති.

ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඒක මේ වගේ දෙයක්. කිලුටු වෙච්ච ජරාව තැවරුණු වස්ත්‍රයක් තියෙනවා. ඒ වස්ත්‍රයේ අයිතිකාරයා ඒක රෙදි අපුල්ලන්නෙකුට දෙනවා. ඉතින් ඒ රෙදි අපුල්ලන්නා අර වස්ත්‍රය අළු තිබෙන වතුරේ හරි, කර දියේ හරි, ගොම වතුරේ හරි හොඳට අපුල්ලලා පිරිසිදු වතුරෙන් සෝදනවා. එතකොට ඒ වස්ත්‍රය හොඳට පිරිසිදු වුණත්, බැබලුනත්, ඒ වස්ත්‍රයේ යාන්තමින් හරි අළු ගඳ තියෙනවා. කර ගඳ තියෙනවා. ගොම ගඳ තියෙනවා. ඒක මුළුමණින් නැතිවෙලා නෑ. රෙදි අපුල්ලන්නා ඒ වස්ත්‍රය තමයි අයිතිකාරයන්ට දෙන්නේ. එතකොට වස්ත්‍රය අයිති උදවිය සුවඳ කවන ලද කරඬුවක අර වස්ත්‍රය තැන්පත් කරනවා. ඉතින් ඒ වස්ත්‍රය යාන්තමින් හරි අළු ගඳක් තිබුණා නම්, කර ගඳක් තිබුණා නම්, ගොම ගඳක් තිබුණා නම් මුළුමණින් ම නැතිවෙලා තිබූ ඒ ගඳ සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා.

ඒවමේව ඛෝ ආවුසෝ, කිඤ්‌චාපි අරියසාවකස්‌ස පඤ්‌චෝරම්‌භාගියානි සඤ්ඤෝජනානි පහීනානි භවන්‌ති, අථ ඛ්‌වස්‌ස හෝතියේව පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු අණුසහගතෝ අස්‌මීති මානෝ, අස්‌මීති ඡන්දෝ අස්‌මීති අනුසයෝ අසමූහතෝ. සෝ අපරේන සමයේන පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු උදයබ්‌බයානුපස්‌සී විහරති. ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයෝ, ඉති රූපස්‌ස අත්ථගමෝ. ඉති වේදනා ….(පෙ)…. ඉති සඤ්‌ඤා ….(පෙ)…. ඉති සංඛාරා ….(පෙ)…. ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයෝ, ඉති විඤ්‌ඤාණස්‌ස අත්ථගමෝති. තස්‌ස ඉමේසු පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු උදයබ්‌බයානුපස්‌සිනෝ විහරතෝ යෝපිස්‌ස හෝති පඤ්‌චසුපාදානක්‌ඛන්‌ධේසු අණුසහගතෝ අස්‌මීති මානෝ, අස්‌මීති ඡන්දෝ අස්‌මීති අනුසයෝ අසමූහතෝ, සෝපි සමුග්‌ඝාතං ගච්‌ඡතීති.

ඔන්න ඔය විදිහම යි ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයෙකු හට ඕරම්භාගීය සංයෝජන පහ ප්‍රහාණය වෙලා තිබෙන නමුත්, ඔහුට ඔය පංච උපාදානස්කන්ධය පිළිබඳව ම ‘මම වෙමි’යි කියල යාන්තමින් පවතින මාන්නයක් තියෙනවා නම් ‘මම වෙමි’යි කියල යාන්තමින් පවතින කැමැත්තක් තියෙනවා නම් ඒ යාන්තමින් පවතින අභ්‍යන්තර කෙලෙස් මුලින් උපුටා දමලා නෑ. එතකොට ඔහු කරන්නේ තවදුරටත් පංච උපාදානස්කන්ධය පිළිබඳව ම ඇතිවීම, නැතිවීම දකිමින් වාසය කරන එකයි. ‘මෙයයි රූපය, මෙයයි රූපයේ හටගැනීම, මෙයයි රූපයේ නැති වී යෑම, මෙයයි වේදනාව …. (පෙ) …. මෙයයි සඤ්ඤාව …. (පෙ) …. මෙයයි සංස්කාර …. (පෙ) …. මෙයයි විඤ්ඤාණය, මෙයයි විඤ්ඤාණයේ හටගැනීම, මෙයයි විඤ්ඤාණයේ නැති වී යෑම’ කියලා. ඉතින් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ම ඇතිවීම, නැතිවීම දකිමින් වාසය කරන ඔහුට පංච උපාදානස්කන්ධය පිළිබඳව ම ‘මම වෙමි’යි කියල යාන්තමින් පවතින යම් මාන්නයක් තියෙනවා නම්, ‘මම වෙමි’යි කියල යාන්තමින් පවතින යම් කැමැත්තක් තියෙනවා නම්, ඒ යාන්තමින් පවතින මුලින් උපුටා නොදැමූ අභ්‍යන්තර කෙලෙස් තියෙනවා නම් අන්න එයත් මුළුමණින්ම ප්‍රහාණය වෙලා යනවා.”

ඒවං වුත්තේ ථේරා භික්‌ඛූ ආයස්‌මන්‌තං ඛේමකං ඒතදවෝචුං. න ඛෝ මයං ආයස්‌මන්‌තං ඛේමකං විහේසාපේඛා ආපුච්‌ඡිම්‌හා, අපි චායස්‌මා ඛේමකෝ පහෝති තස්‌ස භගවතෝ සාසනං විත්ථාරේන ආචික්‌ඛිතුං දේසේතුං පඤ්‌ඤපේතුං පට්‌ඨපේතුං විවරිතුං විභජිතුං උත්‌තානීකාතුං. තයිදං ආයස්‌මතා ඛේමකේන තස්‌ස භගවතෝ සාසනං විත්ථාරේන ආචික්‌ඛිතං දේසිතං පඤ්‌ඤපිතං පට්‌ඨපිතං විවරිතං විභජිතං උත්‌තානීකතන්‌ති.

ඒ විදිහට පැවසුවාට පස්සේ ස්ථවිර භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් ඛේමක තෙරුන්ට මෙහෙම කිව්වා. “අනේ අපි ප්‍රිය ආයුෂ්මත් ඛේමකයන්ව වෙහෙසට පත්කරවන අදහසින් කරුණු ඇහුවා නොවේ. නමුත් ආයුෂ්මත් ඛේමකයන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුදු සසුන විස්තර වශයෙන් පවසන්නටත්, දේශනා කරන්නටත්, පණවන්නටත්, පිහිටුවන්නටත්, විවරණය කරන්නටත්, බෙදා විග්‍රහ කරන්නටත්, ඉස්මතු කොට පෙන්වන්නටත් දක්ෂයි. ආයුෂ්මත් ඛේමකයන් විසින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනයයි ඔය විස්තර වශයේ පැවසුවේ, දේශනා කළේ, පැණෙව්වේ, පිහිටෙව්වේ, විවරණය කළේ, බෙදා විග්‍රහ කළේ, ඉස්මතු කොට පෙන්වා දුන්නේ.”

ඉදමවෝච ආයස්‌මා ඛේමකෝ. අත්‌තමනා ථේරා භික්‌ඛූ ආයස්මතෝ ඛේමකස්‌ස භාසිතං අභිනන්‌දුං.

ආයුෂ්මත් ඛේමකයන් වහන්සේ මෙය වදාළා. ස්ථවිර භික්ෂූන් වහන්සේලා ගොඩාක් සතුටු වුණා. ආයුෂ්මත් ඛේමකයන් වදාළ ධර්මය සතුටින් පිළිගත්තා.

ඉමස්‌මිඤ්‌ච පන වෙය්‍යාකරණස්‌මිං භඤ්‌ඤමානේ සට්‌ඨිමත්‌තානං ථේරානං භික්‌ඛූනං අනුපාදාය ආසවේහි චිත්‌තානි විමුච්‌චිංසු, ආයස්මතෝ ච ඛේමකස්‌සාති.

මේ ගාථා රහිත දේශනය වදාරණ කල්හී සැට නමක් පමණ වූ ස්ථවිර භික්ෂූන් වහන්සේලාගේත්, ආයුෂ්මත් ඛේමකයන්ගේත් සිත් උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා ගියා. (අරහත්වයට පත්වුණා.)

සාදු! සාදු!! සාදු!!!

ඛේමක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M