සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.4.5. වක්කලී සුත්තං

1.2.4.5. වක්කලී තෙරුන්ට වදාළ දෙසුම

87. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. තේන ඛෝ පන සමයේන ආයස්‌මා වක්‌කලි කුම්‌භකාරනිවේසනේ විහරති ආබාධිකෝ දුක්‌ඛිතෝ බාළ්‌හගිලානෝ.

87. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වු වේළුවනාරාමයේ. ඒ දිනවල ආයුෂ්මත් වක්කලී තෙරුන් රෝගී වෙලා, දුකට පත්වෙලා, බොහෝ සේ ගිලන් වෙලා, කුඹල් කරුවෙකුගේ ශාලාවක වැඩසිටියා.

අථ ඛෝ ආයස්‌මා වක්‌කලි උපට්‌ඨාකේ ආමන්‌තේසි. ඒථ තුම්හේ ආවුසෝ, යේන භගවා තේනුපසංකමථ. උපසංකමිත්‌වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්‌දථ. වක්‌කලි භන්තේ, භික්‌ඛු ආබාධිකෝ දුක්‌ඛිතෝ බාළ්‌හගිලානෝ, සෝ භගවතෝ පාදේ සිරසා වන්‌දතීති. ඒවඤ්‌ච වදේථ. සාධු කිර භන්තේ, භගවා යේන වක්‌කලි භික්‌ඛු තේනුපසංකමතු. අනුකම්‌පං උපාදායාති.

එදා ආයුෂ්මත් වක්කලී තෙරුන් උපස්ථායක භික්ෂූන් ඇමතුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි එන්න. ඔබ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින තැනට යන්න. ගිහින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සඟල සිරසින් වන්දනා කරන්න. ‘ස්වාමීනි, වක්කලී භික්ෂුව රෝගී වෙලා, දුකට පත්වෙලා, බොහෝ සේ ගිලන් වෙලා ඉන්නවා. ඒ වක්කලී භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සඟල සිරසින් වන්දනා කරනවා.’ මේ විදිහටත් කියන්න. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, වක්කලී භික්ෂුව සිටින තැනට අනුකම්පා උපදවාගෙන වැඩමවා වදාරණ සේක් නම්, ඉතා යහපති’ කියල.”

ඒවමාවුසෝති ඛෝ තේ භික්‌ඛූ ආයස්මතෝ වක්‌කලිස්‌ස පටිස්‌සුත්‌වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්‌නා ඛෝ තේ භික්‌ඛූ භගවන්‌තං ඒතදවෝචුං. වක්‌කලි භන්තේ, භික්‌ඛු ආබාධිකෝ දුක්‌ඛිතෝ බාළ්‌හගිලානෝ, සෝ භගවතෝ පාදේ සිරසා වන්‌දති. සාධු කිර භන්තේ, භගවා යේන වක්‌කලි භික්‌ඛු තේනුපසංකමතු අනුකම්‌පං උපාදායාති. අධිවාසේසි භගවා තුණ්‌හීභාවේන.

“එසේය, ප්‍රිය ආයුෂ්මතුනි” කියල ඒ භික්ෂූන් ආයුෂ්මත් වක්කලීට පිළිතුරු දීලා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ස්වාමීනි, වක්කලී භික්ෂුව රෝගී වෙලා, දුකට පත්වෙලා, බොහෝ සේ ගිලන් වෙලා ඉන්නවා. ඒ වක්කලී භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සඟල සිරසින් වන්දනා කරනවා. මෙසේත් පවසනවා. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, වක්කලී භික්ෂුව සිටින තැනට අනුකම්පා උපදවාගෙන වැඩමවා වදාරණ සේක් නම්, ඉතා යහපති’ කියල.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටීමෙන් එය පිළිගෙන වදාළා.

අථ ඛෝ භගවා නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය යේනායස්‌මා වක්‌කලි තේනුපසංකමි. අද්‌දසා ඛෝ ආයස්‌මා වක්‌කලි භගවන්‌තං දූරතෝව ආගච්‌ඡන්‌තං. දිස්‌වාන මඤ්‌චේන සමඤ්චෝසි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ සිවුරු හැඳ පොරොවා ගෙන, පාසිවුරුත් ගෙන ආයුෂ්මත් වක්කලී සිටි තැනට වැඩම කළා. ආයුෂ්මත් වක්කලී තෙරුන් දුරින්ම වැඩම කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේව දැකලා ඇඳෙන් නැගිටින්නට උත්සාහ කළා.

අථ ඛෝ භගවා ආයස්‌මන්‌තං වක්‌කලිං ඒතදවෝච. අලං වක්‌කලි, මා ත්‌වං මඤ්‌චේන සමඤ්චෝසි. සන්‌තිමානි ආසනානි පඤ්‌ඤත්‌තානි. තත්‌ථාහං නිසීදිස්‌සාමීති. නිසීදි භගවා පඤ්‌ඤත්‌තේ ආසනේ. නිසජ්‌ජ ඛෝ භගවා ආයස්‌මන්‌තං වක්‌කලිං ඒතදවෝච.

එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලී තෙරුන්ට මෙකරුණ වදාළා. “කමක් නැහැ පින්වත් වක්කලී. ඔබ ඇඳෙන් නැගිටින්නට උත්සාහ ගන්නට එපා. මෙතැන ආසන පණවලා තියෙනවා නෙව. මං මෙතැන වාඩි වෙන්නම්” කියලා භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩසිටියා. එසේ වැඩසිටිය භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලී තෙරුන්ගෙන් මෙය විමසා වදාළා.

කච්‌චි තේ වක්‌කලි, ඛමනීයං, කච්‌චි යාපනීයං, කච්‌චි තේ දුක්‌ඛා වේදනා පටික්‌කමන්‌ති නෝ අභික්‌කමන්‌ති. පටික්‌කමෝසානං පඤ්‌ඤායති නෝ අභික්‌කමෝති?

“පින්වත් වක්කලී, දැන් ඔබට කොහොමද? ඉවසන්නට පුළුවන්ද? කොහොමද යැපෙන්නට පුළුවන්ද? කොහොමද ඔබේ දුක් වේදනා අඩුවීමක් තියෙනවාද? වැඩිවීමක් දකින්නට නෑ නේද?”

න මේ භන්තේ, ඛමනීයං, න යාපනීයං. බාළ්‌හා මේ දුක්‌ඛා වේදනා අභික්‌කමන්‌ති නෝ පටික්‌කමන්‌ති. අභික්‌කමෝසානං පඤ්‌ඤායති නෝ පටික්‌කමෝති.

“අනේ ස්වාමීනි, මට ඉවසන්නට අමාරුයි. යැපෙන්නටත් අමාරුයි. මගේ දුක් වේදනා බොහෝ සෙයින්ම වැඩිවෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නෙ නෑ.”

කච්‌චි තේ වක්‌කලි, න කිඤ්‌චි කුක්‌කුච්‌චං, න කෝචි විප්‌පටිසාරෝති? තග්‌ඝ මේ භන්තේ, අනප්‌පකං කුක්‌කුච්‌චං අනප්‌පකෝ විප්‌පටිසාරෝති.

“ඇයි පින්වත් වක්කලී? කිසියම් පසුතැවිල්ලක් නැද්ද? කිසියම් විපිළිසර බවක් නැද්ද?” “අනේ ස්වාමීනි, හැබෑවටම මට ස්වල්ප පසුතැවිල්ලක් නොවෙයි තියෙන්නේ. ස්වල්ප විපිළිසරබවක් නොවෙයි තියෙන්නේ.”

කච්‌චි පන තං වක්‌කලි, අත්‌තා සීලතෝ න උපවදතීති? න ඛෝ මං භන්තේ, අත්‌තා සීලතෝ උපවදතීති.

“ඇයි පින්වත් වක්කලී, ඔබට සිල්වත් බව පිළිබඳව තමාගෙන්ම චෝදනා ලැබෙනවාද?” “අනේ නෑ ස්වාමීනි, මට සිල්වත් බව පිළිබඳව තමාගෙන් චෝදනා ලැබෙන්නේ නෑ.”

නෝ චේ කිර තං වක්‌කලි, අත්‌තා සීලතෝ උපවදති. අථ කිඤ්‌ච තේ කුක්‌කුච්‌චං කෝ ච විප්‌පටිසාරෝති? චිරපටිකාහං භන්තේ, භගවන්‌තං දස්‌සනාය උපසංකමිතුකාමෝ, නත්‌ථි ච මේ කායස්‌මිං තාවතිකා බලමත්‌තා, යාවතාහං භගවන්‌තං දස්‌සනාය උපසංකමෙය්‍යන්‌ති.

“ඉදින් පින්වත් වක්කලී, සිල්වත් බව පිළිබඳව ඔබට තමාගෙන්ම චෝදනා නොලැබෙනවා නම්, එහෙම එකේ ආයෙමත් ඔබ මොනවාට පසුතැවිලි වෙනවාද? මොනවාට විපිළිසර වෙනවාද?” “ස්වාමීනි, මං බොහෝ කලක් මුළුල්ලේ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට එන්න කැමැත්තෙන් හිටියා. යම්තාක් කලක් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට එළඹෙනු කැමැතිව හිටියත් එච්චරකටවත් මගේ ශරීරයෙහි සවිශක්තියක් නෑ.”

අලං වක්‌කලි, කිං තේ ඉමිනා පූතිකායේන දිට්‌ඨේන? යෝ ඛෝ වක්‌කලි, ධම්‌මං පස්‌සති සෝ මං පස්‌සති. යෝ මං පස්‌සති සෝ ධම්‌මං පස්‌සති. ධම්‌මං ‌හි වක්‌කලි, පස්සන්තෝ මං පස්‌සති. මං පස්සන්තෝ ධම්‌මං පස්‌සති.

“කමක් නෑ පින්වත් වක්කලී, මේ කුණු ශරීරයක් දැකලා ඇති ඵලේ මොකක්ද? පින්වත් වක්කලී, යමෙක් ධර්මය දකිනවා නම්, ඔහු තමයි මාව දකින්නේ. යමෙක් මාව දකිනවා නම්, ඔහු තමයි ධර්මය දකින්නේ. පින්වත් වක්කලී, ධර්මයම දකිද්දී මාව පේනවා. මාව දකිද්දි ධර්මයයි පෙනෙන්නෙ.

තං කිං මඤ්‌ඤසි වක්‌කලි, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

පින්වත් වක්කලී, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

යම්පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”

යම්පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, කල්‌ලං නු තං සමනුපස්‌සිතුං ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”

වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං, භන්තේ ….(පෙ)…. ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං භන්තේ.

“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”

තස්‌මාතිහ වක්කලි ….(පෙ)…. ඒවං පස්‌සං ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

“එහෙම නම් පින්වත් වක්කලී, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්නට පුළුවනි, බාහිර රූපයක් වෙන්නට පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්නට පුළුවනි, සියුම් රූපයක් වෙන්නට පුළුවනි, හීන රූපයක් වෙන්නට පුළුවනි, උසස් රූපයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ඒ සෑම රූපයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන.

පින්වත් වක්කලී, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. අවබෝධයෙන්ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත නිදහස් වෙන කොටම ‘නිදහස් වුණා’ කියල අවබෝධ ඥානය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසරවාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.”

අථ ඛෝ භගවා ආයස්‌මන්‌තං වක්‌කලිං ඉමිනා ඕවාදේන ඕවදිත්‌වා උට්‌ඨායාසනා යේන ගිජ්‌ඣකූටෝ පබ්‌බතෝ තේන පක්‌කාමි.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලී තෙරුන්ට ඔය අවවාදයෙන් අවවාද කරල ආසනයෙන් නැගිටලා ගිජුකුළුපව්ව වෙතට වැඩම කොට වදාළා.

අථ ඛෝ ආයස්‌මා වක්‌කලි අචිරපක්‌කන්‌තස්‌ස භගවතෝ උපට්‌ඨාකේ ආමන්‌තේසි. ඒථ මං ආවුසෝ, මඤ්‌චකං ආරෝපෙත්‌වා යේන ඉසිගිලිපස්‌සං කාළසිලා තේනුපසංකමථ. කථං හි නාම මාදිසෝ අන්‌තරඝරේ කාලං කත්‌තබ්‌බං මඤ්‌ඤෙය්‍යාති?

එතකොට ආයුෂ්මත් වක්කලී තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් උපස්ථායක භික්ෂූන් ඇමතුවා. “අනේ ප්‍රිය ආයුෂ්මත්වරුනි, එනු මැනැවි. මාව ඇඳක නංවාගෙන ඉසිගිලිපස කාලසිලා ගල්තලාව වෙත අරගෙන යනු මැනැවි. මං වගේ කෙනෙක් ගමක් ඇතුළේ කළුරිය කරන්නට ඕන කියල හිතන්නේ කොහොමද?”

ඒවමාවුසෝති ඛෝ තේ භික්‌ඛූ ආයස්මතෝ වක්‌කලිස්‌ස පටිස්‌සුත්‌වා ආයස්‌මන්‌තං වක්‌කලිං මඤ්‌චකං ආරෝපෙත්‌වා යේන ඉසිගිලිපස්‌සං කාළසිලා තේනුපසංකමිංසු.

“එසේය, ප්‍රිය ආයුෂ්මතුනි” කියලා ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් වක්කලී තෙරුන්ට පිළිතුරු දීලා ආයුෂ්මත් වක්කලී තෙරුන්ව ඇඳක තබාගෙන ඉසිගිලිපස කාලසිලා ගල්තලාව වෙත පැමිණුනා.

අථ ඛෝ භගවා තඤ්‌ච රත්‌තිං තඤ්‌ච දිවසාවසේසං ගිජ්‌ඣකූටේ පබ්‌බතේ විහාසි.

එදා භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියත් ඒ ඉතිරි දහවල් කාලයත් ගිජුකුළු පර්වතයේමයි වැඩවාසය කළේ.

අථ ඛෝ ද්‌වේ දේවතායෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං ගිජ්‌ඣකූටං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්‌ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ ඒකා දේවතා භගවන්‌තං ඒතදවෝච. වක්‌කලි භන්තේ, භික්‌ඛු විමොක්‌ඛාය චේතේතීති. අපරා දේවතා භගවන්‌තං ඒතදවෝච. සෝ හි නූන භන්තේ, සුවිමුත්තෝ විමුච්‌චිස්‌සතීති. ඉදමවෝචුං තා දේවතායෝ. ඉදං වත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා තත්‌ථේවන්‌තරධායිංසු.

එදා රෑ ඉක්ම ගියාට පස්සේ දෙවිවරු දෙදෙනෙක් මනස්කාන්ත වර්ණ ඇතිව මුළුමහත් ගිජුකුළුවම බබුලුවා ගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ස්වාමීනි, වක්කලී භික්ෂුව කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස සිත මෙහෙයවනවා.” අනෙක් දෙවියා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, උන්වහන්සේ නම් අරහත්ඵල විමුක්තිය ඇතිවම දුකෙන් නිදහස් වෙලා යාවි” කියලා. ඒ දේවතාවරු ඔය කරුණයි කිව්වේ. ඉතින් ඒ දේවතාවරු ඔය කරුණ පවසලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා, ප්‍රදක්ෂිණා කරලා, එතැනම නොපෙනී ගියා.

අථ ඛෝ භගවා තස්‌සා රත්‌තියා අච්‌චයේන භික්‌ඛූ ආමන්‌තේසි. ඒථ තුම්හේ භික්ඛවේ, යේන වක්‌කලි භික්‌ඛු තේනුපසංකමථ. උපසංකමිත්‌වා වක්‌කලිං භික්‌ඛුං ඒවං වදේථ. සුණාවුසෝ වක්‌කලි, භගවතෝ වචනං ද්‌වින්‌නඤ්‌ච දේවතානං. ඉමං ආවුසෝ, රත්‌තිං ද්‌වේ දේවතායෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං ගිජ්‌ඣකූටං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං අට්‌ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ ආවුසෝ, ඒකා දෙවතා භගවන්‌තං ඒතදවෝච. වක්‌කලි භන්තේ, භික්‌ඛු විමොක්‌ඛාය චේතේතීති. අපරා දේවතා භගවන්‌තං ඒතදවෝච. සෝ හි නූන භන්තේ, සුවිමුත්තෝ විමුච්‌චිස්‌සතීති. භගවා ච තං ආවුසෝ වක්‌කලි, ඒවමාහ. මා භායි වක්‌කලි. මා භායි වක්‌කලි. අපාපකං තේ මරණං භවිස්‌සති, අපාපිකා කාලකිරියාති.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඉක්ම ගියාට පස්සේ භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, මෙහි එන්න. වක්කලී භික්ෂුව ඉන්න තැනට යන්න. ගිහින් වක්කලී භික්ෂුවට මෙන්න මේ විදිහට කියන්න. ‘ප්‍රිය ආයුෂ්මත් වක්කලී, භාග්‍යවතුන් වහන්සේගේත්, දෙවිවරුන් දෙදෙනෙකුගේත් වචනය අහගෙන ඉන්න. ප්‍රිය ආයුෂ්මතුනි, මේ රාත්‍රියෙහි දෙවිවරු දෙන්නෙක් මනස්කාන්ත වර්ණ ඇතිව මුළුමහත් ගිජුකුළුවම බබුලුවා ගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. ‘ස්වාමීනි, වක්කලී භික්ෂුව කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස සිත මෙහෙයවනවා.’ අනෙක් දෙවියා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. ‘ස්වාමීනි, උන්වහන්සේ නම් අරහත්ඵල විමුක්තිය ඇතිවම දුකෙන් නිදහස් වෙලා යාවි’ කියලා. ප්‍රිය ආයුෂ්මත් වක්කලී, භාග්‍යවතුන් වහන්සේ ද ඔබට මේ විදිහට වදාළා. ‘පින්වත් වක්කලී, භය වෙන්න එපා! ඔබට ලාමක නැති මරණයකුයි තියෙන්නේ. ඔබට ලාමක නැති කළුරිය කිරීමකුයි තියෙන්නේ’ කියලා.”

ඒවං භන්තේති ඛෝ තේ භික්‌ඛූ භගවතෝ පටිස්‌සුත්‌වා යේනායස්‌මා වක්‌කලි තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා ආයස්‌මන්‌තං වක්‌කලිං ඒතදවෝචුං. සුණාවුසෝ වක්‌කලි, භගවතෝ වචනං ද්‌වින්‌නඤ්‌ච දේවතානන්‌ති.

“එසේ ය, ස්වාමීනි” කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා ආයුෂ්මත් වක්කලී තෙරුන් ළඟට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් වක්කලී තෙරුන්ට මෙකරුණ සැළ කළා. “ප්‍රිය ආයුෂ්මත් වක්කලී, භාග්‍යවතුන් වහන්සේ ගේත්, දෙවිවරුන් දෙදෙනෙකුගේත් වචනය අහගෙන ඉන්න.”

අථ ඛෝ ආයස්‌මා වක්‌කලි උපට්‌ඨාකේ ආමන්‌තේසි. ඒථ මං ආවුසෝ, මඤ්‌චකා ඕරෝපේථ. කථඤ්‌හි නාම මාදිසෝ උච්‌චේ ආසනේ නිසීදිත්‌වා තස්‌ස භගවතෝ සාසනං සෝතබ්‌බං මඤ්‌ඤෙය්‍යාති.

එතකොට ආයුෂ්මත් වක්කලී තෙරුන් උපස්ථායක භික්ෂූන් ඇමතුවා. “අනේ ප්‍රිය ආයුෂ්මත්වරුනි, මෙහෙ එනු මැනැව. මාව ඇඳෙන් බිමට බැස්සුව මැනැව. ඉතින් මං වගේ කෙනෙක් උස් ආසනයක වාඩිවෙලා ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අසන්නට ඕන කියලා හිතන්නේ කොහොමද?”

ඒවමාවුසෝති ඛෝ තේ භික්‌ඛූ ආයස්මතෝ වක්‌කලිස්‌ස පටිස්‌සුත්‌වා ආයස්‌මන්‌තං වක්‌කලිං මඤ්‌චකා ඕරෝපේසුං.

“එසේ ය, ආයුෂ්මතුනි” කියලා ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් වක්කලී තෙරුන්ට පිළිතුරු දීලා ආයුෂ්මත් වක්කලී තෙරුන්ව ඇඳෙන් බිමට බැස්සුවා.

ඉමං ආවුසෝ, රත්‌තිං ද්‌වේ දේවතායෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්‌පං ගිජ්‌ඣකූටං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං අට්‌ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ ආවුසෝ, ඒකා දේවතා භගවන්‌තං ඒතදවෝච. වක්‌කලි භන්තේ, භික්‌ඛු විමොක්‌ඛාය චේතේතීති. අපරා දේවතා භගවන්‌තං ඒතදවෝච. සෝ හි නූන භන්තේ, සුවිමුත්තෝ විමුච්‌චිස්‌සතීති. භගවා ච තං ආවුසෝ වක්‌කලි, ඒවමාහ. මා භායි වක්‌කලි. මා භායි වක්‌කලි. අපාපකං තේ මරණං භවිස්‌සති, අපාපිකා කාලකිරියාති.

“ප්‍රිය ආයුෂ්මතුනි, මේ රාත්‍රියෙහි දෙවිවරු දෙන්නෙක් මනස්කාන්ත වර්ණ ඇතිව මුළුමහත් ගිජුකුළුවම බබුලුවා ගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. ‘ස්වාමීනි, වක්කලී භික්ෂුව කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස සිත මෙහෙයවනවා.’ අනෙක් දෙවියා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. ‘ස්වාමීනි, උන්වහන්සේ නම් අරහත්ඵල විමුක්තිය ඇතිවම දුකෙන් නිදහස් වෙලා යාවි’ කියලා. ප්‍රිය ආයුෂ්මත් වක්කලී, භාග්‍යවතුන් වහන්සේ ද ඔබට මේ විදිහට වදාළා. ‘පින්වත් වක්කලී, භය වෙන්න එපා! ඔබට ලාමක නැති මරණයකුයි තියෙන්නේ. ඔබට ලාමක නැති කළුරිය කිරීමකුයි තියෙන්නේ’ කියලා.”

තේනහාවුසෝ, මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්‌දථ. වක්‌කලි භන්තේ, භික්‌ඛු ආබාධිකෝ දුක්‌ඛිතෝ බාළ්‌හගිලානෝ. සෝ භගවතෝ පාදේ සිරසා වන්‌දති. ඒවඤ්‌ච වදේති. රූපං අනිච්‌චං. තාහං භන්තේ, න කංඛාමි. යදනිච්‌චං තං දුක්‌ඛන්‌ති න විචිකිච්‌ඡාමි. යදනිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, නත්‌ථි මේ තත්‌ථ ඡන්දෝ වා රාගෝ වා පේමං වාති න විචිකිච්‌ඡාමි. වේදනා අනිච්‌චා. තාහං භන්තේ, න කංඛාමි ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං අනිච්‌චං. තාහං භන්තේ, න කංඛාමි. යදනිච්‌චං තං දුක්‌ඛන්‌ති න විචිකිච්‌ඡාමි. යදනිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, නත්‌ථි මේ තත්‌ථ ඡන්දෝ වා රාගෝ වා පේමං වාති න විචිකිච්‌ඡාමීති.

“එසේ වී නම් ප්‍රිය ආයුෂ්මත්වරුනි, මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සඟල සිරසින් වන්දනා කරනු මැනැව. ‘ස්වාමීනි, වක්කලී භික්ෂුව රෝගී වෙලා, දුකට පත්වෙලා, බොහෝ සේ ගිලන් වෙලා ඉන්නවා. ඒ වක්කලී භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සඟල සිරසින් වන්දනා කරනවා. මෙහෙමත් කියනවා. ‘ස්වාමීනි, රූපය නම් අනිත්‍ය දෙයක් ම යි. මං ඒ ගැන සැක කරන්නෙ නෑ. යමක් අනිත්‍ය නම් ඒක දුකක් කියන කාරණාවත් මං සැක කරන්නෙ නෑ. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් ඒ දේ කෙරෙහි මං තුළ කැමැත්තක්වත්, රාගයක්වත්, ප්‍රේමයක්වත් නෑ. ඒ බව මං සැක කරන්නෙත් නෑ. ස්වාමීනි, වේදනාව නම් …. (පෙ) …. සඤ්ඤාව නම් …. (පෙ) …. සංස්කාර නම් …. (පෙ) …. ස්වාමීනි, විඤ්ඤාණය නම් අනිත්‍ය දෙයක් ම යි. මං ඒ ගැන සැක කරන්නෙ නෑ. යමක් අනිත්‍ය නම් ඒක දුකක් කියන කාරණාවත් මං සැක කරන්නෙ නෑ. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් ඒ දේ කෙරෙහි මං තුළ කැමැත්තක්වත්, රාගයක්වත්, ප්‍රේමයක්වත් නෑ. ඒ බව මං සැක කරන්නෙත් නෑ.”

ඒවමාවුසෝති ඛෝ තේ භික්‌ඛූ ආයස්මතෝ වක්‌කලිස්‌ස පටිස්‌සුත්‌වා පක්‌කමිංසු.

“එසේ ය, ආයුෂ්මතුනි” කියල ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් වක්කලී තෙරුන්ට පිළිතුරු දීලා පිටත් වුණා.

අථ ඛෝ ආයස්‌මා වක්‌කලි අචිරපක්‌කන්‌තේසු තේසු භික්‌ඛූසු සත්‌ථං ආහරේසි.

එතකොට ම ආයුෂ්මත් වක්කලී තෙරුන් ඒ භික්ෂූන් පිටත් වී ගිය නොබෝ වේලාවකින් ආයුධයකින් ගෙල සිඳගත්තා.

අථ ඛෝ තේ භික්‌ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්‌නා ඛෝ තේ භික්‌ඛූ භගවන්‌තං ඒතදවෝචුං. වක්‌කලි භන්තේ, භික්‌ඛු ආබාධිකෝ දුක්‌ඛිතෝ බාළ්‌හගිලානෝ. සෝ භගවතෝ පාදේ සිරසා වන්‌දති. ඒවඤ්‌ච වදේති. රූපං අනිච්‌චං. තාහං භන්තේ, න කංඛාමි. යදනිච්‌චං තං දුක්‌ඛන්‌ති න විචිකිච්‌ඡාමි. යදනිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, නත්‌ථි මේ තත්‌ථ ඡන්දෝ වා රාගෝ වා පේමං වාති න විචිකිච්‌ඡාමි. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං අනිච්‌චං. තාහං භන්තේ, න කංඛාමි. යදනිච්‌චං තං දුක්‌ඛන්‌ති න විචිකිච්‌ඡාමි. යදනිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, නත්‌ථි මේ තත්‌ථ ඡන්දෝ වා රාගෝ වා පේමං වාති න විචිකිච්‌ඡාමීති.

එතකොට ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිය තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ස්වාමීනි, වක්කලී භික්ෂුව රෝගී වෙලා, දුකට පත්වෙලා, බොහෝ සේ ගිලන් වෙලා ඉන්නවා. ඒ වක්කලී භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සඟල සිරසින් වන්දනා කරනවා. මෙහෙමත් කියනවා. ‘ස්වාමීනි, රූපය නම් අනිත්‍ය දෙයක් ම යි. මං ඒ ගැන සැක කරන්නෙ නෑ. යමක් අනිත්‍ය නම් ඒක දුකක් කියන කාරණාවත් මං සැක කරන්නෙ නෑ. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් ඒ දේ කෙරෙහි මං තුළ කැමැත්තක්වත්, රාගයක්වත්, ප්‍රේමයක්වත් නෑ. ඒ බව මං සැක කරන්නෙත් නෑ. ස්වාමීනි, වේදනාව නම් …. (පෙ) …. සඤ්ඤාව නම් …. (පෙ) …. සංස්කාර නම් …. (පෙ) …. ස්වාමීනි, විඤ්ඤාණය නම් අනිත්‍ය දෙයක් ම යි. මං ඒ ගැන සැක කරන්නෙ නෑ. යමක් අනිත්‍ය නම් ඒක දුකක් කියන කාරණාවත් මං සැක කරන්නෙ නෑ. යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් ඒ දේ කෙරෙහි මං තුළ කැමැත්තක්වත්, රාගයක්වත්, ප්‍රේමයක්වත් නෑ. ඒ බව මං සැක කරන්නෙත් නෑ’ කියලා.”

අථ ඛෝ භගවා භික්‌ඛූ ආමන්‌තේසි. ආයාම භික්ඛවේ, යේන ඉසිගිලිපස්‌සං කාළසිලා තේනුපසංකමිස්‌සාම. යත්‌ථ වක්‌කලිනා කුලපුත්‌තේන සත්‌ථං ආහරිතන්‌ති. ඒවං භන්තේති ඛෝ තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා. “යමු පින්වත් මහණෙනි, යම් තැනක පින්වත් වක්කලී කුලපුත්‍රයා ආයුධයකින් ගෙල සිඳ ගත්තා ද අන්න එතැන වන ඉසිගිලිපස කාලසිලා ගල්තලාව වෙත යමු.” “එසේ ය, ස්වාමීනි” කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා.

අථ ඛෝ භගවා සම්‌බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං යේන ඉසිගිලිපස්‌සං කාළසිලා තේනුපසංකමි. අද්‌දසා ඛෝ භගවා ආයස්‌මන්‌තං වක්‌කලිං දූරතෝව මඤ්‌චකේ විවත්‌තක්‌ඛන්‌ධං සේමානං.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා සමඟ ඉසිගිලිපස කාලසිලා ගල්තලාව වෙත වැඩම කළා. එහිදී භාග්‍යවතුන් වහන්සේ පෙරළී ගිය කඳකින් යුතුව ඇඳමත වැටී සිටින්නා වූ ආයුෂ්මත් වක්කලී තෙරුන්ව දුරදී ම දැක වදාළා.

තේන ඛෝ පන සමයේන ධූමායිතත්‌තං තිමිරායිතත්‌තං ගච්‌ඡතේව පුරිමං දිසං, ගච්‌ඡති පච්‌ඡිමං දිසං, ගච්‌ඡති උත්‌තරං දිසං, ගච්‌ඡති දක්‌ඛිණං දිසං, ගච්‌ඡති උද්‌ධං, ගච්‌ඡති අධෝ, ගච්‌ඡති අනුදිසං.

ඒ මොහොතේම දුම් දැමීමක් වගේ දෙයක්, කළුවරක් වගේ දෙයක් නැගෙනහිර දිශාවට ගමන් කරන්නට වුණා. බටහිර දිශාවටත් ගමන් කරන්නට වුණා. උතුරු දිශාවටත් ගමන් කරන්නට වුණා. දකුණු දිශාවටත් ගමන් කරන්නට වුණා. උඩටත් ගමන් කරන්නට වුණා. පහතටත් ගමන් කරන්නට වුණා. අනුදිශාවලටත් ගමන් කරන්නට වුණා.

අථ ඛෝ භගවා භික්‌ඛූ ආමන්‌තේසි. පස්‌සථ නෝ තුම්හේ භික්ඛවේ, ඒතං ධූමායිතත්‌තං තිමිරායිතත්‌තං ගච්‌ඡතේව පුරිමං දිසං, ගච්‌ඡති පච්‌ඡිමං දිසං, ගච්‌ඡති උත්‌තරං දිසං, ගච්‌ඡති දක්‌ඛිණං දිසං, ගච්‌ඡති උද්‌ධං, ගච්‌ඡති අධෝ, ගච්‌ඡති අනුදිසන්ති? ඒවං භන්තේ.

එතකොට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා, “පින්වත් මහණෙනි, ඔබට පෙනෙනවාද, අර දුම් දැමීමක් වගේ දෙයක්, කළුවරක් වගේ දෙයක් නැගෙනහිර දිශාවට ගමන් කරනවා. බටහිර දිශාවටත් ගමන් කරනවා. උතුරු දිශාවටත් ගමන් කරනවා. දකුණු දිශාවටත් ගමන් කරනවා. උඩටත් ගමන් කරනවා. පහතටත් ගමන් කරනවා. අනුදිශාවලටත් ගමන් කරනවා?” “එසේ ය, ස්වාමීනි.”

ඒසෝ ඛෝ භික්ඛවේ, මාරෝ පාපිමා වක්‌කලිස්‌ස කුලපුත්‌තස්‌ස විඤ්‌ඤාණං සමන්‌වේසති, කත්‌ථ වක්‌කලිස්‌ස කුලපුත්‌තස්‌ස විඤ්‌ඤාණං පතිට්‌ඨිතන්‌ති.

“පින්වත් මහණෙනි, ඔය තමයි පවිටු මාරයා. වක්කලී කුලපුත්‍රයාගේ විඤ්ඤාණය කොහේද පිහිටියේ කියලා, වක්කලී කුලපුත්‍රයාගේ විඤ්ඤාණය හොයනවා.

අප්‌පතිට්‌ඨිතේන ච භික්ඛවේ, විඤ්‌ඤාණේන වක්‌කලි කුලපුත්‌තෝ පරිනිබ්‌බුතෝති.

පින්වත් මහණෙනි, වක්කලී කුලපුත්‍රයා නොපිහිටි විඤ්ඤාණයෙන් යුතුව පිරිනිවන් පෑවා.”

සාදු! සාදු!! සාදු!!!

වක්කලී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M