සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.4.4. අනුරාධ සුත්තං

1.2.4.4. අනුරාධ තෙරුන්ට වදාළ දෙසුම

86. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා වේසාලියං විහරති මහාවනේ කූටාගාරසාලායං. තේන ඛෝ පන සමයේන ආයස්‌මා අනුරාධෝ භගවතෝ අවිදූරේ අරඤ්‌ඤකුටිකායං විහරති. අථ ඛෝ සම්‌බහුලා අඤ්‌ඤතිත්‌ථියා පරිබ්‌බාජකා යේන ආයස්‌මා අනුරාධෝ තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා ආයස්‌මතා අනුරාධේන සද්‌ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‌වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්‌නා ඛෝ තේ අඤ්‌ඤතිත්‌ථියා පරිබ්‌බාජකා ආයස්‌මන්‌තං අනුරාධං ඒතදවෝචුං.

86. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවේ. ඒ දිනවල ආයුෂ්මත් අනුරාධයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් වනගත කුටියක වාසය කළේ. එදා බොහෝ අන්‍යාගමික පරිව්‍රාජකයන් ආයුෂ්මත් අනුරාධයන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් අනුරාධයන් සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ අන්‍යාගමික පරිව්‍රාජකයන් ආයුෂ්මත් අනුරාධයන් වහන්සේට මෙකරුණ සැළ කළා.

යෝ සෝ ආවුසෝ අනුරාධ, තථාගතෝ උත්‌තමපුරිසෝ පරමපුරිසෝ පරමපත්‌තිපත්‌තෝ, තං තථාගතෝ ඉමේසු චතූසු ඨානේසු පඤ්‌ඤාපයමානෝ පඤ්‌ඤාපේති. හෝති තථාගතෝ පරම්මරණාති වා, න හෝති තථාගතෝ පරම්මරණාති වා, හෝති ච න ච හෝති තථාගතෝ පරම්මරණාති වා, නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණාති වාති?

“ප්‍රිය ආයුෂ්මත් අනුරාධයෙනි, යම් ඒ උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් ඵලයට පත් වූ තථාගතයන් වහන්සේ නමක් ඇද්ද, ඔහු පිළිබඳව තථාගතයන් වහන්සේ පණවනවා නම් පණවන්නට තිබෙන්නේ මේ සතර තැනක නේද? ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා වගේම ඉන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නෑ. ඉන්නේ නැත්තෙත් නෑ කියලා.”

ඒවං වුත්තේ ආයස්‌මා අනුරාධෝ තේ අඤ්‌ඤතිත්‌ථියේ පරිබ්‌බාජකේ ඒතදවෝච. යෝ සෝ ආවුසෝ තථාගතෝ උත්‌තමපුරිසෝ පරමපුරිසෝ පරමපත්‌තිපත්‌තෝ තං තථාගතෝ අඤ්‌ඤත්‍රිමේහි චතූහි ඨානේහි පඤ්‌ඤාපයමානෝ පඤ්‌ඤාපේති. හෝති තථාගතෝ පරම්මරණාති වා, න හෝති තථාගතෝ පරම්මරණාති වා, හෝති ච න ච හෝති තථාගතෝ පරම්මරණාති වා, නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණාති වාති.

ඔය විදිහට පැවසූ විට ආයුෂ්මත් අනුරාධයන් වහන්සේ ඒ අන්‍යාගමික පරිව්‍රාජකයන් හට මෙකරුණ පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත්වරුනි, යම් ඒ උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් ඵලයට පත් වූ තථාගතයන් වහන්සේ නමක් ඇද්ද, ඔහු පිළිබඳව තථාගතයන් වහන්සේ පණවනවා නම් පණවන්නට තිබෙන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා වගේම ඉන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නෑ. ඉන්නේ නැත්තෙත් නෑ කියන මේ සතර තැනින් බැහැරවයි.”

ඒවං වුත්තේ තේ අඤ්‌ඤතිත්‌ථියා පරිබ්‌බාජකා ආයස්‌මන්‌තං අනුරාධං ඒතදවෝචුං. සෝ චායං භික්‌ඛු නවෝ භවිස්‌සති අචිරපබ්‌බජිතෝ, ථේරෝ වා පන බාලෝ අව්‍යත්‌තෝති.

ඔය විදිහට පැවසූ විට ඒ අන්‍යාගමික පරිව්‍රාජකයන් ආයුෂ්මත් අනුරාධයන් හට මෙකරුණ පැවසුවා. “ඒ මේ භික්ෂුව නම් නවක පැවිද්දෙක් වගෙයි. පැවිදි වෙලා වැඩිකලක් ගිය කෙනෙක් නම් නොවේ. එහෙම නැත්නම් ස්ථවිර කෙනෙක් වුණත් බාල වූ අව්‍යක්ත කෙනෙක් වගෙයි.”

අථ ඛෝ තේ අඤ්‌ඤතිත්‌ථියා පරිබ්‌බාජකා ආයස්‌මන්‌තං අනුරාධං නවවාදේන ච බාලවාදේන ච අපසාදෙත්‌වා උට්‌ඨායාසනා පක්‌කමිංසු. අථ ඛෝ ආයස්මතෝ අනුරාධස්‌ස අචිරපක්‌කන්‌තේසු තේසු අඤ්‌ඤතිත්‌ථියේසු පරිබ්‌බාජකේසු ඒතදහෝසි.

ඉතින් ඒ අන්‍යාගමික පරිව්‍රාජකයන් ආයුෂ්මත් අනුරාධයන් හට නවකවාදයෙනුත්, බාලවාදයෙනුත් අපහාස කරලා ආසනයෙන් නැගිටලා පිටත් වුණා. එතකොට ඒ අන්‍යාගමික පරිව්‍රාජකයන් පිටත් වෙලා ගිහින් නොබෝ වේලාවකින් ආයුෂ්මත් අනුරාධයන් හට මෙහෙම හිතුණා.

සචේ ඛෝ මං තේ අඤ්‌ඤතිත්‌ථියා පරිබ්‌බාජකා උත්‌තරිං පඤ්‌හං පුච්‌ඡෙය්‍යුං. කථං බ්‍යාකරමානෝ නු ඛෝ හං තේසං අඤ්‌ඤතිත්‌ථියානං පරිබ්‌බාජකානං වුත්‌තවාදී චේව භගවතෝ අස්‌සං, න ච භගවන්‌තං අභූතේන අබ්‌භාචික්‌ඛෙය්‍යං, ධම්‌මස්‌ස චානුධම්‌මං බ්‍යාකරෙය්‍යං, න ච කෝචි සහධම්‌මිකෝ වාදානුවාදෝ ගාරය්‌හං ඨානං ආගච්‌ඡෙය්‍යාති?

‘ඉදින් ඒ අන්‍යාගමික පිරිවැජියන් තව දුරටත් මගෙන් ප්‍රශ්න ඇහුවා නම් මං කොයි විදිහෙන් ඒ අන්‍යාගමික පිරිවැජියන්ට උත්තර දෙන කොට ද භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයම පවසන කෙනෙක් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන කෙනෙක් වෙන්නේ. ධර්මානුකූල වූ ම ධර්මයන් කියන කෙනෙක් වෙන්නේ. යම්කිසි කරුණු මත නොයෙක් වාදයන් නංවමින් ගැරහිය යුතු තැනකට පත් නොවන කෙනෙක් වෙන්නේ.’

අථ ඛෝ ආයස්‌මා අනුරාධෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා අනුරාධෝ භගවන්‌තං ඒතදවෝච.

එතකොට ආයුෂ්මත් අනුරාධයන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් අනුරාධයන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ වදාළා.

ඉධාහං භන්තේ, භගවතෝ අවිදූරේ අරඤ්‌ඤකුටිකායං විහරාමි. අථ ඛෝ භන්තේ, සම්‌බහුලා අඤ්‌ඤතිත්‌ථියා පරිබ්‌බාජකා යේනාහං තේනුපසංකමිංසු. උපසංකමිත්වා මම සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ භන්තේ, තේ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා මං ඒතදවෝචුං.

“ස්වාමීනි, මං මෙහි භාග්‍යවතුන් වහන්සේට නුදුරින් වනගත කුටියක වාසය කළේ. එතකොට බොහෝ අන්‍යාගමික පරිව්‍රාජකයන් මා ළඟට පැමිණුනා. පැමිණිලා මා සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ අන්‍යාගමික පරිව්‍රාජකයන් මට මෙකරුණ සැළ කළා.

යෝ සෝ ආවුසෝ අනුරාධ, තථාගතෝ උත්‌තමපුරිසෝ පරමපුරිසෝ පරමපත්‌තිපත්‌තෝ තං තථාගතෝ ඉමේසු චතූසු ඨානේසු පඤ්‌ඤාපයමානෝ පඤ්‌ඤාපේති. හෝති තථාගතෝ පරම්මරණාති වා, ….(පෙ)…. නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණාති වාති?

‘ප්‍රිය ආයුෂ්මත් අනුරාධයෙනි, යම් ඒ උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් ඵලයට පත් වූ තථාගතයන් වහන්සේ නමක් ඇද්ද, ඔහු පිළිබඳව තථාගතයන් වහන්සේ පණවනවා නම් පණවන්නට තිබෙන්නේ මේ සතර තැනක නේද? ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා. …. (පෙ) …. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නෑ. ඉන්නේ නැත්තෙත් නෑ කියලා.’

ඒවං වුත්‌තාහං භන්තේ, තේ අඤ්‌ඤතිත්‌ථියේ පරිබ්‌බාජකේ ඒතදවෝචං. යෝ සෝ ආවුසෝ, තථාගතෝ උත්‌තමපුරිසෝ පරමපුරිසෝ පරමපත්‌තිපත්‌තෝ, තං තථාගතෝ අඤ්‌ඤත්‍රිමේහි චතූහි ඨානේහි පඤ්‌ඤාපයමානෝ පඤ්‌ඤාපේති. හෝති තථාගතෝ පරම්මරණාති වා ….(පෙ)…. නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණාති වාති.

ඔය විදිහට පැවසූ විට ස්වාමීනි, මං ඒ අන්‍යාගමික පරිව්‍රාජකයන් හට මෙකරුණ පැවසුවා. ‘ප්‍රිය ආයුෂ්මත්වරුනි, යම් ඒ උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් ඵලයට පත් වූ තථාගතයන් වහන්සේ නමක් ඇද්ද, ඔහු පිළිබඳව තථාගතයන් වහන්සේ පණවනවා නම් පණවන්නට තිබෙන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා …. (පෙ) …. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නෑ. ඉන්නේ නැත්තෙත් නෑ කියන මේ සතර තැනින් බැහැරවයි.

ඒවං වුත්තේ භන්තේ, තේ අඤ්‌ඤතිත්‌ථියා පරිබ්‌බාජකා මං ඒතදවෝචුං. සෝ චායං භික්‌ඛු නවෝ භවිස්‌සති අචිරපබ්‌බජිතෝ ථේරෝ වා පන බාලෝ අබ්‍යත්‌තෝති.

ඔය විදිහට පැවසූ විට ඒ අන්‍යාගමික පරිව්‍රාජකයන් මට මෙකරුණ පැවසුවා. ‘ඒ මේ භික්ෂුව නම් නවක පැවිද්දෙක් වගෙයි. පැවිදි වෙලා වැඩිකලක් ගිය කෙනෙක් නම් නොවේ. එහෙම නැත්නම් ස්ථවිර කෙනෙක් වුණත් බාල වූ අව්‍යක්ත කෙනෙක් වගෙයි’ කියලා.

අථ ඛෝ මං භන්තේ, තේ අඤ්‌ඤතිත්‌ථියා පරිබ්‌බාජකා නවවාදේන ච බාලවාදේන ච අපසාදෙත්‌වා උට්‌ඨායාසනා පක්‌කමිංසු. තස්‌ස මය්‌හං භන්තේ, අචිරපක්‌කන්‌තේසු තේසු අඤ්‌ඤතිත්‌ථියේසු පරිබ්‌බාජකේසු ඒතදහෝසි.

ඉතින් ඒ අන්‍යාගමික පරිව්‍රාජකයන් මට නවකවාදයෙනුත්, බාලවාදයෙනුත් අපහාස කරලා ආසනයෙන් නැගිටලා පිටත් වුණා. එතකොට ඒ අන්‍යාගමික පරිව්‍රාජකයන් පිටත් වෙලා ගිහින් නොබෝ වේලාවකින් මට මෙහෙම හිතුණා.

සචේ ඛෝ මං තේ අඤ්‌ඤතිත්‌ථියා පරිබ්‌බාජකා උත්‌තරිං පඤ්‌හං පුච්‌ඡෙය්‍යුං. කථං බ්‍යාකරමානෝ නු ඛෝ හං තේසං අඤ්‌ඤතිත්‌ථියානං පරිබ්‌බාජකානං වුත්‌තවාදී චේව භගවතෝ අස්‌සං, න ච භගවන්‌තං අභූතේන අබ්‌භාචික්‌ඛෙය්‍යං, ධම්‌මස්‌ස චානුධම්‌මං බ්‍යාකරෙය්‍යං, න ච කෝචි සහධම්‌මිකෝ වාදානුවාදෝ ගාරය්‌හං ඨානං ආගච්‌ඡෙය්‍යාති?

‘ඉදින් ඒ අන්‍යාගමික පිරිවැජියන් තවදුරටත් මගෙන් ප්‍රශ්න ඇහුවා නම් මං කොයි විදිහෙන් ඒ අන්‍යාගමික පිරිවැජියන්ට උත්තර දෙන කොට ද භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයම පවසන කෙනෙක් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන කෙනෙක් වෙන්නේ. ධර්මානුකූල වූ ම ධර්මයක් කියන කෙනෙක් වෙන්නේ. යම්කිසි කරුණු මත නොයෙක් වාදයන් නංවමින් ගැරහිය යුතු තැනකට පත් නොවන කෙනෙක් වෙන්නේ කියලා.”

තං කිං මඤ්‌ඤසි අනුරාධ, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

“පින්වත් අනුරාධ, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං කල්‌ලං නු තං සමනුපස්‌සිතුං ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”

වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං කල්‌ලං නු තං සමනුපස්‌සිතුං ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.

තස්‌මාතිහ අනුරාධ, යං කිඤ්‌චි රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං රූපං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. යා කාචි වේදනා ….(පෙ)…. යා කාචි සඤ්‌ඤා ….(පෙ)…. යේ කේචි සංඛාරා ….(පෙ)…. යං කිඤ්‌චි විඤ්‌ඤාණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං විඤ්‌ඤාණං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

ඒවං පස්‌සං අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාති.

“එහෙම නම් පින්වත් අනුරාධ, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්නට පුළුවනි, බාහිර රූපයක් වෙන්නට පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්නට පුළුවනි, සියුම් රූපයක් වෙන්නට පුළුවනි, හීන රූපයක් වෙන්නට පුළුවනි, උසස් රූපයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ඒ සෑම රූපයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇති වෙනවා.

තං කිං මඤ්‌ඤසි අනුරාධ, රූපං තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං භන්තේ. වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං භන්තේ.

පින්වත් අනුරාධ, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? තථාගතයන් වහන්සේ හැටියට ඔබ දකින්නේ රූපයද?” “ස්වාමීනි, එය නොවේ ම යි.” “වේදනාවද? …. (පෙ) …. සඤ්ඤාවද? …. (පෙ) …. සංස්කාරද? …. (පෙ) …. තථාගතයන් වහන්සේට හැටියට ඔබ දකින්නේ විඤ්ඤාණයද?” “ස්වාමීනි, එය නොවේ ම යි.”

තං කිං මඤ්‌ඤසි අනුරාධ, රූපස්‌මිං තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං භන්තේ.

“පින්වත් අනුරාධ, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? ඔබ දකින්නේ රූපය තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද?” “ස්වාමීනි, එය නොවේ ම යි.”

අඤ්‌ඤත්‍ර රූපා තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං භන්තේ.

“ඔබ දකින්නේ රූපයෙන් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද?” “ස්වාමීනි, එය නොවේ ම යි.”

වේදනාය ….(පෙ)…. අඤ්‌ඤත්‍ර වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. අඤ්‌ඤත්‍ර සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. අඤ්‌ඤත්‍ර සංඛාරේහි ….(පෙ)…. විඤ්‌ඤාණස්‌මිං තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං භන්තේ. අඤ්‌ඤත්‍ර විඤ්‌ඤාණා තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං භන්තේ.

“ඔබ දකින්නේ වේදනාව තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? …. (පෙ) …. ඔබ දකින්නේ වේදනාවෙන් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? …. (පෙ) …. ඔබ දකින්නේ සඤ්ඤාව තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? …. (පෙ) …. ඔබ දකින්නේ සඤ්ඤාවෙන් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? …. (පෙ) …. ඔබ දකින්නේ සංස්කාර තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? …. (පෙ) …. ඔබ දකින්නේ සංස්කාරවලින් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? …. (පෙ) …. ඔබ දකින්නේ විඤ්ඤාණය තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද?” “ස්වාමීනි, එය නොවේ ම යි.”

“ඔබ දකින්නේ විඤ්ඤාණයෙන් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද?” “ස්වාමීනි, එය නොවේ ම යි.”

තං කිං මඤ්‌ඤසි අනුරාධ, රූපං ….(පෙ)…. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං, භන්තේ.

“පින්වත් අනුරාධ, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? රූපයද? …. (පෙ) …. වේදනාවද? …. (පෙ) …. සඤ්ඤාවද? …. (පෙ) …. සංස්කාරද? …. (පෙ) …. විඤ්ඤාණයද තථාගතයන් වහන්සේ හැටියට ඔබ දකින්නේ?” “ස්වාමීනි, එය නොවේ ම යි.”

තං කිං මඤ්‌ඤසි, අනුරාධ, අයං සෝ අරූපී අවේදනෝ අසඤ්‌ඤී අසංඛාරෝ අවිඤ්‌ඤාණෝ තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං භන්තේ.

“පින්වත් අනුරාධ, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? ඒ අරූපී වූ අවේදනීය වූ අසඤ්ඤී වූ අසංඛාර වූ අවිඤ්ඤාණ වූ මෙය තථාගතයන් වහන්සේ හැටියටද ඔබ දකින්නේ?” “ස්වාමීනි, එය නොවේ ම යි.”

එත්‌ථ ච තේ අනුරාධ, දිට්ඨේව ධම්‌මේ සච්‌චතෝ ථේතතෝ තථාගතේ අනුපලබ්‌භියමානේ කල්‌ලන්නු තේ තං ව්‍යාකරණං. යෝ සෝ ආවුසෝ, තථාගතෝ උත්‌තමපුරිසෝ පරමපුරිසෝ පරමපත්‌තිපත්‌තෝ තං තථාගතෝ අඤ්‌ඤත්‍රිමේහි චතූහි ඨානේහි පඤ්‌ඤාපයමානෝ පඤ්‌ඤාපෙය්‍ය, හෝති තථාගතෝ පරම්මරණාති වා, න හෝති තථාගතෝ පරම්මරණාති වා, හෝති ච න ච හෝති තථාගතෝ පරම්මරණාති වා, නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණාති වාති? නෝ හේතං භන්තේ.

“පින්වත් අනුරාධ, ඔබට මෙතැනදී ම මේ ජීවිතයේදී ම සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන්, තථාගතයන් වහන්සේව ලබාගන්නට බැරිව සිටියදී අර විදිහට කතා කරන එක සුදුසුද? ‘ප්‍රිය ආයුෂ්මත්වරුනි, යම් ඒ උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් ඵලයට පත් වූ තථාගතයන් වහන්සේ නමක් ඇද්ද, ඔහු පිළිබඳව තථාගතයන් වහන්සේ පණවනවා නම් පණවන්නට තිබෙන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නෑ. තථාගතයන් වහන්සේ මරණින් ඉන්නවා වගේම ඉන්නෙත් නෑ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නෑ. ඉන්නේ නැත්තෙත් නෑ කියන මේ සතර තැනින් බැහැරවයි’ කියලා.” “ස්වාමීනි, එය නොවේ ම යි.”

සාධු සාධු අනුරාධ. පුබ්බේ චාහං අනුරාධ, ඒතරහි ච දුක්‌ඛඤ්‌චේව පඤ්‌ඤාපේමි, දුක්‌ඛස්‌ස ච නිරෝධන්‌ති.

“සාදු! සාදු! පින්වත් අනුරාධයෙනි, පින්වත් අනුරාධයෙනි, ඉස්සරත් දැනුත් මං පණවන්නේ දුක ගැනත්, දුක් නිරුද්ධ වීම ගැනත් විතරයි.”

සාදු! සාදු!! සාදු!!!

අනුරාධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M