සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.4.3. යමක සුත්තං

1.2.4.3. යමක තෙරුන්ට වදාළ දෙසුම

85. ඒවං මේ සුතං. ඒකං සමයං ආයස්‌මා සාරිපුත්තෝ සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ.

85. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

තේන ඛෝ පන සමයේන යමකස්‌ස නාම භික්ඛුනෝ ඒවරූපං පාපකං දිට්‌ඨිගතං උප්‌පන්‌නං හෝති. තථාහං භගවතා ධම්‌මං දේසිතං ආජානාමි, යථා ඛීණාසවෝ භික්‌ඛු කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණාති.

ඒ දිනවල යමක නම් වූ භික්ෂුවට මෙබඳු ආකාරයේ පාපී දෘෂ්ටියක් ඇති වුණා. ‘යම් විදිහකින් ක්ෂීණාස්‍රව වූ රහත් භික්ෂුව කය බිඳුණාට පස්සේ නැත්තට නැතිවෙලා යනවා නම්, විනාශ වෙලා යනවා නම්, මරණින් මත්තේ නැති වෙලා යනවා නම් අන්න ඒ විදිහටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන මං දන්නේ’ කියල.

අස්‌සෝසුං ඛෝ සම්‌බහුලා භික්‌ඛූ යමකස්‌ස කිර නාම භික්ඛුනෝ ඒවරූපං පාපකං දිට්‌ඨිගතං උප්‌පන්‌නං හෝති. තථාහං භගවතා ධම්‌මං දේසිතං ආජානාමි, යථා ඛීණාසවෝ භික්‌ඛු කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණාති.

එතකොට බොහෝ භික්ෂූන් වහන්සේලාට යමක නම් වූ භික්ෂුවගේ ඔය ආකාර පවිටු දෘෂ්ටියක් ඇතිවෙලා තියෙන බව අහන්නට ලැබුණා. ‘යම් විදිහකින් ක්ෂීණාස්‍රව වූ රහත් භික්ෂුව කය බිඳුණාට පස්සේ නැත්තට නැතිවෙලා යනවා නම්, විනාශ වෙලා යනවා නම්, මරණින් මත්තේ නැතිවෙලා යනවා නම් අන්න ඒ විදිහටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන මං දන්නේ’ කියල.

අථ ඛෝ තේ භික්‌ඛූ යේනායස්‌මා යමකෝ තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා ආයස්‌මතා යමකේන සද්‌ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‌වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්‌නා ඛෝ තේ භික්‌ඛූ ආයස්‌මන්‌තං යමකං ඒතදවෝචුං. සච්‌චං කිර තේ ආවුසෝ යමක, ඒවරූපං පාපකං දිට්‌ඨිගතං උප්‌පන්‌නං. තථාහං භගවතා ධම්‌මං දේසිතං ආජානාමි, යථා ඛීණාසවෝ භික්‌ඛු කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණාති?

ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් යමක තෙරුන් වෙත පැමිණියා. පැමිණිලා ආයුෂ්මත් යමක තෙරුන් සමග සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කථාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් යමකයන්ගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් යමකයෙනි, මේ කථාව ඇත්තක්ද? ඔබට මෙබඳු වූ පවිටු දෘෂ්ටියක් ඇතිවෙලා තියෙනවා කියන්නේ. ‘යම් විදිහකින් ක්ෂීණාස්‍රව වූ රහත් භික්ෂුව කය බිඳුණාට පස්සේ නැත්තට නැතිවෙලා යනවා නම්, විනාශ වෙලා යනවා නම්, මරණින් මත්තේ නැතිවෙලා යනවා නම් අන්න ඒ විදිහටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන මං දන්නේ’ කියල.”

ඒවං ඛෝ හං ආවුසෝ, භගවතා ධම්‌මං දේසිතං ආජානාමි. යථා ඛීණාසවෝ භික්‌ඛු කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණාති.

“ප්‍රිය ආයුෂ්මතුනි, ‘යම් විදිහකින් ක්ෂීණාස්‍රව වූ රහත් භික්ෂුව කය බිඳුණාට පස්සේ නැත්තට නැතිවෙලා යනවා නම්, විනාශ වෙලා යනවා නම්, මරණින් මත්තේ නැතිවෙලා යනවා නම් ඔය ආකාරයටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන මං දන්නේ”

මා ආවුසෝ යමක, ඒවං අවච, මා භගවන්‌තං අබ්‌භාචික්‌ඛි. න හි සාධු භගවතෝ අබ්‌භක්‌ඛානං. න හි භගවා ඒවං වදෙය්‍ය. ඛීණාසවෝ භික්‌ඛු කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණාති.

“ප්‍රිය ආයුෂ්මත් යමකයෙනි, ඔය විදිහට නම් කියන්න එපා! භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා! භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම නම් හොඳ දෙයක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය විදිහට නම් වදාරන්නෙ නෑ. ‘ක්ෂීණාස්‍රව වූ රහත් භික්ෂුව කය බිඳුණාට පස්සේ නැත්තට නැතිවෙලා යනවා, විනාශ වෙලා යනවා, මරණින් මත්තේ නැති වෙලා යනවා’ කියලා.”

ඒවම්පි ඛෝ ආයස්‌මා යමකෝ තේහි භික්‌ඛූහි වුච්‌චමානෝ තථේව තං පාපකං දිට්‌ඨිගතං ථාමසා පරාමස්ස අභිනිවිස්‌ස වෝහරති. තථාහං භගවතා ධම්‌මං දේසිතං ආජානාමි, යථා ඛීණාසවෝ භික්‌ඛු කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණාති.

ඒ භික්ෂූන් වහන්සේලා විසින් ආයුෂ්මත් යමකයන් හට ඔය විදිහට කරුණු පැහැදිලි කරද්දීත් ඒ පවිටු දෘෂ්ටියම දැඩි ලෙස අරගෙන එහිම පිහිටලා, එහිම බැසගෙන, ඒකම කියනවා. ‘යම් විදිහකින් ක්ෂීණාස්‍රව වූ රහත් භික්ෂුව කය බිඳුණාට පස්සේ නැත්තට නැතිවෙලා යනවා නම්, විනාශ වෙලා යනවා නම්, මරණින් මත්තේ නැතිවෙලා යනවා නම් ඔය ආකාරයටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන මං දන්නේ’ කියල.

යතෝ ඛෝ තේ භික්‌ඛූ නාසක්‌ඛිංසු ආයස්‌මන්‌තං යමකං ඒතස්‌මා පාපකා දිට්‌ඨිගතා විවේචේතුං, අථ ඛෝ තේ භික්‌ඛූ උට්‌ඨායාසනා යේනායස්‌මා සාරිපුත්තෝ තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ඒතදවෝචුං. යමකස්‌ස නාම ආවුසෝ සාරිපුත්‌ත, භික්ඛුනෝ ඒවරූපං පාපකං දිට්‌ඨිගතං උප්‌පන්‌නං. තථාහං භගවතා ධම්‌මං දේසිතං ආජානාමි යථා ඛීණාසවෝ භික්‌ඛු කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණාති. සාධායස්‌මා සාරිපුත්තෝ යේන යමකෝ භික්‌ඛු තේනුපසංකමතු අනුකම්‌පං උපාදායාති. අධිවාසේසි ඛෝ ආයස්‌මා සාරිපුත්තෝ තුණ්‌හීභාවේන.

ඒ භික්ෂූන් වහන්සේලා යම්තාක් උත්සාහ කරලත් ආයුෂ්මත් යමකයන්ව ඒ පවිටු දෘෂ්ටියෙන් බැහැර කරවන්නට බැරි වුණා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා ආසනයෙන් නැඟිටලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටිය තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, යමක භික්ෂුවට මෙබඳු ආකාරයේ පවිටු දෘෂ්ටියක් ඇතිවෙලා තියෙනවා. ‘යම් විදිහකින් ක්ෂීණාස්‍රව වූ රහත් භික්ෂුව කය බිඳුණාට පස්සේ නැත්තට නැතිවෙලා යනවා නම්, විනාශ වෙලා යනවා නම්, මරණින් මත්තේ නැතිවෙලා යනවා නම් ඔය ආකාරයටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන මං දන්නේ’ කියල. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අනුකම්පා උපදවාගෙන යමක භික්ෂුව ළඟට වඩින සේක් නම් ඉතා යහපති.” ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටීමෙන් එය පිළිගෙන වදාළා.

අථ ඛෝ ආයස්‌මා සාරිපුත්තෝ සායන්‌හසමයං පටිසල්‌ලානා වුට්‌ඨිතෝ යේනායස්‌මා යමකෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා ආයස්‌මතා යමකේන සද්‌ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා සාරිපුත්තෝ ආයස්‌මන්‌තං යමකං ඒතදවෝච. සච්‌චං කිර තේ ආවුසෝ යමක, ඒවරූපං පාපකං දිට්‌ඨිගතං උප්‌පන්‌නං. තථාහං භගවතා ධම්‌මං දේසිතං ආජානාමි, යථා ඛීණාසවෝ භික්‌ඛු කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණාති?

ඉතින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් කාලයේ භාවනාවෙන් නැගිටලා ආයුෂ්මත් යමකයන් වෙත වැඩම කළා. වැඩම කරලා ආයුෂ්මත් යමකයන් සමග සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කථාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් යමකයන්ගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් යමකයෙනි, මේ කථාව ඇත්තක්ද? ඔබට මෙබඳු වූ පවිටු දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කියන්නේ. ‘යම් විදිහකින් ක්ෂීණාස්‍රව වූ රහත් භික්ෂුව කය බිඳුණාට පස්සේ නැත්තට නැතිවෙලා යනවා නම්, විනාශ වෙලා යනවා නම්, මරණින් මත්තේ නැතිවෙලා යනවා නම් අන්න ඒ විදිහටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන මං දන්නේ’ කියල.”

ඒවඤ්ච ඛෝ හං ආවුසෝ, භගවතා ධම්‌මං දේසිතං ආජානාමි, යථා ඛීණාසවෝ භික්‌ඛු කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණාති.

“ප්‍රිය ආයුෂ්මතුනි, ‘යම් විදිහකින් ක්ෂීණාස්‍රව වූ රහත් භික්ෂුව කය බිඳුණාට පස්සේ නැත්තට නැතිවෙලා යනවා නම්, විනාශ වෙලා යනවා නම්, මරණින් මත්තේ නැතිවෙලා යනවා නම් ඔය ආකාරයටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන මං දන්නේ.”

තං කිං මඤ්‌ඤසි ආවුසෝ යමක, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං ආවුසෝ.

“ප්‍රිය ආයුෂ්මත් යමක, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ප්‍රිය ආයුෂ්මතුනි, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං ආවුසෝ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ප්‍රිය ආයුෂ්මතුනි, දුකයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, කල්‌ලං නු තං සමනුපස්‌සිතුං ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං ආවුසෝ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය සුදුසු නෑ ම යි.”

වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං ආවුසෝ.

“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ප්‍රිය ආයුෂ්මතුනි, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං ආවුසෝ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ප්‍රිය ආයුෂ්මතුනි, දුකයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, කල්‌ලං නු තං සමනුපස්‌සිතුං ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං ආවුසෝ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය සුදුසු නෑ ම යි.”

තස්‌මාතිහාවුසෝ යමක, යං කිඤ්‌චි රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං රූපං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. යා කාචි වේදනා ….(පෙ)…. යා කාචි සඤ්‌ඤා ….(පෙ)…. යේ කේචි සංඛාරා ….(පෙ)…. යං කිඤ්‌චි විඤ්‌ඤාණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං විඤ්‌ඤාණං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

“එහෙම නම් ප්‍රිය ආයුෂ්මත් යමක, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්නට පුළුවනි, බාහිර රූපයක් වෙන්නට පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්නට පුළුවනි, සියුම් රූපයක් වෙන්නට පුළුවනි, හීන රූපයක් වෙන්නට පුළුවනි, උසස් රූපයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ඒ සෑම රූපයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන.

ඒවං පස්‌සං ආවුසෝ යමක, සුතවා අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාති.

ප්‍රිය ආයුෂ්මත් යමක, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇති වෙනවා.

තං කිං මඤ්‌ඤසි ආවුසෝ යමක, රූපං තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං ආවුසෝ.

ප්‍රිය ආයුෂ්මත් යමක, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? තථාගතයන් වහන්සේ හැටියට ඔබ දකින්නේ රූපයද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය නොවේ ම යි.”

වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං ආවුසෝ.

“වේදනාවද? …. (පෙ) …. සඤ්ඤාවද? …. (පෙ) …. සංස්කාරද? …. (පෙ) …. තථාගතයන් වහන්සේට හැටියට ඔබ දකින්නේ විඤ්ඤාණයද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය නොවේ ම යි.”

තං කිං මඤ්‌ඤසි ආවුසෝ යමක, රූපස්‌මිං තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං ආවුසෝ.

“ප්‍රිය ආයුෂ්මත් යමක, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? ඔබ දකින්නේ රූපය තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය නොවේ ම යි.”

අඤ්‌ඤත්‍ර රූපා තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං ආවුසෝ.

“ඔබ දකින්නේ රූපයෙන් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය නොවේ ම යි.”

වේදනාය ….(පෙ)…. අඤ්‌ඤත්‍ර වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. අඤ්‌ඤත්‍ර සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. අඤ්‌ඤත්‍ර සංඛාරේහි ….(පෙ)…. විඤ්‌ඤාණස්‌මිං තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං ආවුසෝ.

“ඔබ දකින්නේ වේදනාව තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? …. (පෙ) …. ඔබ දකින්නේ වේදනාවෙන් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? …. (පෙ) …. ඔබ දකින්නේ සඤ්ඤාව තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? …. (පෙ) …. ඔබ දකින්නේ සඤ්ඤාවෙන් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? …. (පෙ) …. ඔබ දකින්නේ සංස්කාර තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? …. (පෙ) …. ඔබ දකින්නේ සංස්කාරවලින් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද? …. (පෙ) …. ඔබ දකින්නේ විඤ්ඤාණය තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය නොවේ ම යි.”

අඤ්‌ඤත්‍ර විඤ්‌ඤාණා තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං ආවුසෝ.

“ඔබ දකින්නේ විඤ්ඤාණයෙන් බැහැර වූ දෙයක් තුළ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය නොවේ ම යි.”

තං කිං මඤ්‌ඤසි ආවුසෝ යමක, අයං සෝ අරූපී අවේදනෝ අසඤ්‌ඤී අසංඛාරෝ අවිඤ්‌ඤාණෝ තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං ආවුසෝ.

“ප්‍රිය ආයුෂ්මත් යමක, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? ඒ අරූපී වූ අවේදනීය වූ අසඤ්ඤී වූ අසංඛාර වූ අවිඤ්ඤාණ වූ මෙය තථාගතයන් වහන්සේ හැටියටද ඔබ දකින්නේ?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය නොවේ ම යි.”

තං කිං මඤ්‌ඤසි ආවුසෝ යමක, රූපං ….(පෙ)…. වේදනං ….(පෙ)…. සඤ්ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්ඤාණං තථාගතෝති සමනුපස්‌සසීති? නෝ හේතං ආවුසෝ.

“ප්‍රිය ආයුෂ්මත් යමක, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? රූපයද? …. (පෙ) …. වේදනාවද? …. (පෙ) …. සඤ්ඤාවද? …. (පෙ) …. සංස්කාරද? …. (පෙ) …. විඤ්ඤාණයද තථාගතයන් වහන්සේ හැටියට ඔබ දකින්නේ?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය නොවේ ම යි.”

එත්‌ථ ච තේ ආවුසෝ යමක, දිට්ඨේව ධම්‌මේ සච්‌චතෝ ථේතතෝ තථාගතේ අනුපලබ්‌භියමානේ කල්‌ලං නු තේ තං වෙය්‍යාකරණං. තථාහං භගවතා ධම්‌මං දේසිතං ආජානාමි, යථා ඛීණාසවෝ භික්‌ඛු කායස්‌ස භේදා උච්‌ඡිජ්‌ජති විනස්‌සති න හෝති පරම්මරණාති? අහු ඛෝ මේතං ආවුසෝ සාරිපුත්‌ත, පුබ්බේ අවිද්‌දසුනෝ පාපකං දිට්‌ඨිගතං ඉදඤ්‌ච පන මේ ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස ධම්‌මදේසනං සුත්‌වා තඤ්‌චේව පාපකං දිට්‌ඨිගතං පහීනං, ධම්මෝ ච මේ අභිසමේතෝති.

“ප්‍රිය ආයුෂ්මත් යමකයෙනි, ඔබට මෙතැනදී ම මේ ජීවිතයේදී ම සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන්, තථාගතයන් වහන්සේව ලබාගන්නට බැරිව සිටියදී අර විදිහට කථා කරන එක සුදුසුද? ‘යම් විදිහකින් ක්ෂීණාස්‍රව වූ රහත් භික්ෂුව කය බිඳුණාට පස්සේ නැත්තට නැතිවෙලා යනවා නම්, විනාශ වෙලා යනවා නම්, මරණින් මත්තේ නැතිවෙලා යනවා නම් අන්න ඒ විදිහටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන මං දන්නේ’ කියල.” “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මට කලින් ඒ පවිටු දෘෂ්ටිය ඇතිවෙලා තිබුණේ අවිද්‍යා සහගත දැක්ම නිසා ම යි. නමුත් දැන් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන්ගේ ධර්ම දේශනාවට සවන් දීලා අර පවිටු දෘෂ්ටිය ප්‍රහීණ වෙලා ගියා. මට ශ්‍රී සද්ධර්මයත් අවබෝධ වුණා.”

සචේ තං ආවුසෝ යමක, ඒවං පුච්‌ඡෙය්‍යුං. යෝ සෝ ආවුසෝ යමක, භික්‌ඛු අරහං ඛීණාසවෝ සෝ කායස්‌ස භේදා පරම්මරණා කිං හෝතීති ඒවං පුට්ඨෝ ත්‌වං ආවුසෝ යමක, කින්‌ති බ්‍යාකරෙය්‍යාසීති?

“ප්‍රිය ආයුෂ්මත් යමක, එහෙම නම් ඔබෙන් කවුරු හරි මේ විදිහට ඇහුවොත් ‘ප්‍රිය ආයුෂ්මත් යමක, යම් ක්ෂීණාස්‍රව වූ අරහත් භික්ෂුවක් ඉන්නවා නම්, උන්වහන්සේ කය බිඳී මරණින් මතු මොන තත්වයට පත්වෙනවාද?’ කියල. ඔය විදිහට ඇහුවොත් ප්‍රිය ආයුෂ්මත් යමක, ඔබ පිළිතුර හැටියට කුමක්ද දෙන්නේ?”

සචේ මං ආවුසෝ, ඒවං පුච්‌ඡෙය්‍යුං. යෝ සෝ ආවුසෝ යමක, භික්‌ඛු අරහං ඛීණාසවෝ සෝ කායස්‌ස භේදා පරම්මරණා කිං හෝතීති? ඒවං පුට්‌ඨෝහං ආවුසෝ, ඒවං බ්‍යාකරෙය්‍යං. රූපං ඛෝ ආවුසෝ, අනිච්‌චං. යදනිච්‌චං තං දුක්‌ඛං. යං දුක්‌ඛං තං නිරුද්‌ධං, තදත්‌ථගතං. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං අනිච්‌චං. යදනිච්‌චං තං දුක්‌ඛං. යං දුක්‌ඛං තං නිරුද්‌ධං තදත්‌ථගතන්‌ති. ඒවං පුට්‌ඨෝහං ආවුසෝ, ඒවං බ්‍යාකරෙය්‍යන්‌ති.

“ප්‍රිය ආයුෂ්මතුනි, එහෙමනම් මගෙන් කවුරු හරි මේ විදිහට ඇහුවොත් ‘ප්‍රිය ආයුෂ්මත් යමක, යම් ක්ෂීණාස්‍රව වූ අරහත් භික්ෂුවක් ඉන්නවා නම්, උන්වහන්සේ කය බිඳී මරණින් මතු මොන තත්වයට පත්වෙනවාද?’ කියල. ඔය විදිහට ඇහුවොත් ප්‍රිය ආයුෂ්මතුනි, මං පිළිතුර හැටියට මෙකරුණ පහදා දෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, රූපය යනු අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් ඒක නිරුද්ධ වුණා. ඒක නොපෙනී ගියා. වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නම් ඒක නිරුද්ධ වුණා. ඒක නොපෙනී ගියා. ඔය විදිහට ඇහුවොත් ප්‍රිය ආයුෂ්මතුනි, මං පිළිතුර හැටියට මේ විදිහටයි පහදා දෙන්නේ.”

සාධු සාධු ආවුසෝ යමක. තේනහාවුසෝ යමක, උපමං තේ කරිස්‌සාමි ඒතස්‌සේව අත්‌ථස්‌ස භිය්‍යෝසෝමත්‌තාය ඤාණාය.

“සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මත් යමක, එසේ වී නම් ප්‍රිය ආයුෂ්මත් යමකයෙනි, මං ඔබට උපමාවකුත් කියල දෙන්නම්. ඒක වඩවඩාත් අර්ථාවබෝධයට උපකාර වේවි.

සෙය්‍යථාපි ආවුසෝ යමක, ගහපති වා ගහපතිපුත්‌තෝ වා අඩ්ඪෝ මහද්‌ධනෝ මහාභෝගෝ. සෝ ච ආරක්‌ඛසම්‌පන්‌නෝ. තස්‌ස කෝචිදේව පුරිසෝ උප්‌පජ්‌ජෙය්‍ය අනත්‌ථකාමෝ අහිතකාමෝ අයෝගක්‌ඛේමකාමෝ ජීවිතා වෝරෝපේතුකාමෝ. තස්‌ස ඒවමස්ස. අයං ඛෝ ගහපති වා ගහපතිපුත්‌තෝ වා අඩ්‌ඪෝ මහද්‌ධනෝ මහාභෝගෝ. සෝ ච ආරක්‌ඛසම්‌පන්‌නෝ. න ව්‍යා සුකරෝ පසය්‌හ ජීවිතා වෝරෝපේතුං. යංනූනාහං අනුපඛජ්‌ජ ජීවිතා වෝරෝපෙය්‍යන්‌ති. සෝ තං ගහපතිං වා ගහපතිපුත්‌තං වා උපසංකමිත්‌වා ඒවං වදෙය්‍ය. උපට්‌ඨහෙය්‍යං තං භන්තේති. තමේනං සෝ ගහපති වා ගහපතිපුත්‌තෝ වා උපට්‌ඨාපෙය්‍ය, සෝ උපට්‌ඨහෙය්‍ය, පුබ්‌බුට්‌ඨායී පච්‌ඡානිපාතී කිංකාරපටිස්‌සාවී මනාපචාරී පියවාදී. තස්‌ස සෝ ගහපති වා ගහපතිපුත්‌තෝ වා මිත්‌තතෝපි නං සද්‌දහෙය්‍ය. සුහජ්‌ජතෝපි නං සද්‌දහෙය්‍ය. තස්‌මිං විස්‌සාසං ආපජ්‌ජෙය්‍ය. යදා ඛෝ ආවුසෝ, තස්‌ස පුරිසස්‌ස ඒවමස්ස. සංවිස්‌සට්ඨෝ ඛෝ ම්‍යායං ගහපති වා ගහපතිපුත්‌තෝ වාති, අථ නං රහෝගතං විදිත්‌වා තිණ්‌හේන සත්‌ථේන ජීවිතා වෝරෝපෙය්‍ය.

ප්‍රිය ආයුෂ්මත් යමක, ඒක මේ වගේ දෙයක්. ගෘහපතියෙක් ඉන්නවා. එහෙම නැත්නම් ගෘහපති පුත්‍රයෙක් ඉන්නවා. ඉතා සරුසාරයි. මහා ධනවත්. මහා භෝග සම්පත් තියෙනවා. ඔහු ආරක්ෂා සහිතවයි ඉන්නේ. නමුත් ඔහුට අනර්ථය කරනු කැමති, අයහපත කරනු කැමති, විපතේ හෙළනු කැමති, ජීවිතහානි කරනු කැමති යම්කිසි පුද්ගලයෙක් උපදිනවා. ඒ පුද්ගලයා මේ විදිහට හිතනවා. ‘මේ ගෘහපතියා වේවා, මේ ගෘහපති පුත්‍රයා වේවා ඉතා සරුසාරයි. මහා ධනවත්. මහා භෝග සම්පත් තියෙනවා. ඔහු ආරක්ෂා සහිතවයි ඉන්නේ. ඔහුව මර්ධනය කරල ජීවිත හානියක් කරන එක ලෙහෙසි වැඩක් නොවෙයි. මං ඔහු තුළට ම රිංගල ඔහුගේ ජීවිතය තොර කරන එකයි කරන්න තියෙන්නෙ’ කියල. ඒ පුද්ගලයා අර ගෘහපතියා වේවා, අර ගෘහපති පුත්‍රයා වේවා ඔහු ළඟට ගියා. ගිහින් මෙහෙම කියනවා. ‘හිමියෙනි, මං ඔබතුමාට ඇප උපස්ථාන කරන්නම්’ කියල. එතකොට ඒ ගෘහපතියා වේවා, ඒ ගෘහපති පුත්‍රයා වේවා මොහු ලවා උපස්ථාන කරවා ගන්නවා. ඔහුත් උපස්ථාන කරනවා. හිමිදිරියේ ම නැගිටිනවා. හැමට පසු නිදාගන්නවා. කළ යුතු දේවල් මොනවාද කියල හොයලා බලනවා. සිත සතුටු වෙන විදිහට හැසිරෙනවා. ප්‍රිය මනාප විදිහට කතා කරනවා. එතකොට අර ගෘහපතියා වේවා, අර ගෘහපති පුත්‍රයා වේවා ඔහු කෙරෙහි පහදිනවා. සුහද වෙන නිසාම පහදිනවා. විශ්වාසවන්තභාවයට පත්වෙනවා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, යම් කලෙක අර පුද්ගලයාට මේ විදිහේ අදහසක් ඇති වෙනවා. ‘මේ ගෘහපතියා වේවා, මේ ගෘහපති පුත්‍රයා වේවා දැන් ඉතින් මං ගැන ලොකු විශ්වාසයක් ඇතුවයි ඉන්නේ’ කියල. එතකොට ඔහු තනිවෙන වෙලාවක් බලලා තියුණු ආයුධයකින් දිවි තොර කරලා දානවා.

තං කිං මඤ්‌ඤසි ආවුසෝ යමක, යදා පි සෝ පුරිසෝ අමුං ගහපතිං වා ගහපතිපුත්‌තං වා උපසංකමිත්‌වා ඒවං ආහ. උපට්‌ඨහෙය්‍යං තං භන්තේති, තදාපි සෝ වධකෝව. වධකඤ්‌ච පන සන්‌තං න අඤ්‌ඤාසි. වධකෝ මේති. යදාපි සෝ උපට්‌ඨාති පුබ්‌බුට්‌ඨායී පච්‌ඡානිපාතී කිංකාරපටිස්‌සාවී මනාපචාරී පියවාදී, තදාපි සෝ වධකෝව. වධකඤ්‌ච පන සන්‌තං න අඤ්‌ඤාසි වධකෝ මේති. යදාපි නං රහෝගතං විදිත්‌වා තිණ්‌හේන සත්‌ථේන ජීවිතා වෝරෝපේති, තදාපි සෝ වධකෝව. වධකඤ්‌ච පන සන්‌තං න අඤ්‌ඤාසි වධකෝ මේති. ඒවමාවුසෝති.

ප්‍රිය ආයුෂ්මත් යමක, යම් දවසක ඒ පුද්ගලයා අර ගෘහපතියා වේවා, අර ගෘහපති පුත්‍රයා වේවා ඔහු ළඟට ඇවිදින් මේ විදිහට කිව්ව නෙව. ‘හිමියෙනි, මං ඔබතුමාට ඇප උපස්ථාන කරන්නම්’ කියල. එතකොටත් ඔහු වධකයා ම යි. නමුත් වධකයා වශයෙන් සිටියදී ම ‘මේ තමයි මගේ වධකයා’ කියලා අවබෝධ කරගත්තේ නෑ. යම් දවසක අර පුද්ගලයා හිමිදිරියේ ම නැගිටිනවා ද, හැමට පසු නිදාගන්නවා ද, කළ යුතු දේවල් මොනවාද කියල හොයලා බලනවා ද, සිත සතුටු වෙන විදිහට හැසිරෙනවා ද, ප්‍රිය මනාප විදිහට කතා කරනවා ද එතකොටත් ඔහු වධකයා ම යි. නමුත් වධකයා වශයෙන් සිටිය දී ම ‘මේ තමයි මගේ වධකයා’ කියලා අවබෝධ කරගත්තේ නෑ. යම් දවසක ඔහු තනිවෙන වෙලාවක් බලලා තියුණු ආයුධයකින් දිවි තොර කරලා දානවා ද එතකොටත් ඔහු වධකයා ම යි. නමුත් වධකයා වශයෙන් සිටිය දීම ‘මේ තමයි මගේ වධකයා’ කියලා අවබෝධ කරගත්තේ නෑ.

ඒවමේව ඛෝ ආවුසෝ, අස්‌සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකෝවිදෝ අරියධම්‌මේ අවිනීතෝ, සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකෝවිදෝ සප්‌පුරිසධම්‌මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්‌සති, රූපවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා රූපං, රූපස්‌මිං වා අත්‌තානං. වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං.

සෝ අනිච්‌චං රූපං අනිච්‌චං රූපන්‌ති යථාභූතං නප්‌පජානාති. අනිච්‌චං වේදනං අනිච්‌චා වේදනාති යථාභූතං නප්‌පජානාති. අනිච්‌චං සඤ්‌ඤං අනිච්‌චා සඤ්‌ඤාති යථාභූතං නප්‌පජානාති. අනිච්චේ සංඛාරේ අනිච්‌චා සංඛාරාති යථාභූතං නප්‌පජානාති. අනිච්‌චං විඤ්‌ඤාණං අනිච්‌චං විඤ්‌ඤාණන්‌ති යථාභූතං නප්‌පජානාති.

ඔය විදිහට ම ප්‍රිය ආයුෂ්මතුනි, අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්. ආර්ය ධර්මයට අදක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා නොදකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට අදක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. ඔහු ආත්මයක් හැටියට රූපය ගැන මුළාවෙන් දකිනවා. ආත්මයක් රූපයෙන් හැදී තිබෙන හැටියට මුළාවෙන් දකිනවා. ආත්මය තුළ රූපය තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ රූපය තුළ බවට මුළාවෙන් දකිනවා. වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. ආත්මයක් හැටියට විඤ්ඤාණය ගැන මුළාවෙන් දකිනවා. ආත්මය විඤ්ඤාණයෙන් හැදී තිබෙන හැටියට මුළාවෙන් දකිනවා. ආත්මය තුළ විඤ්ඤාණය තිබෙන බවට මුළාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ විඤ්ඤාණය තුළ බවට මුළාවෙන් දකිනවා. ඒ පෘථග්ජනයා අනිත්‍ය වූ රූපය ‘අනිත්‍ය වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. අනිත්‍ය වූ වේදනාව ‘අනිත්‍ය වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. අනිත්‍ය වූ සඤ්ඤාව …. (පෙ) …. අනිත්‍ය වූ සංස්කාර ‘අනිත්‍ය වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. අනිත්‍ය වූ විඤ්ඤාණය ‘අනිත්‍ය වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ.

දුක්‌ඛං රූපං දුක්‌ඛං රූපන්‌ති යථාභූතං නප්‌පජානාති. දුක්‌ඛං වේදනං ….(පෙ)…. දුක්‌ඛං සඤ්‌ඤං ….(පෙ)…. දුක්ඛේ සංඛාරේ ….(පෙ)…. දුක්‌ඛං විඤ්‌ඤාණං දුක්‌ඛං විඤ්‌ඤාණන්‌ති යථාභූතං නප්‌පජානාති.

ඒ පෘථග්ජනයා දුක් වූ රූපය ‘දුක් වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. දුක් වූ වේදනාව ‘දුක් වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. දුක් වූ සඤ්ඤාව …. (පෙ) …. දුක් වූ සංස්කාර ‘දුක් වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. දුක් වූ විඤ්ඤාණය ‘දුක් වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ.

අනත්‌තං රූපං අනත්‌තා රූපන්‌ති යථාභූතං නප්‌පජානාති. අනත්‌තං වේදනං අනත්‌තා වේදනාති යථාභූතං නප්‌පජානාති. අනත්‌තං සඤ්‌ඤං ….(පෙ)…. අනත්‌තේ සංඛාරේ අනත්‌තා සංඛාරාති යථාභූතං නප්‌පජානාති. අනත්‌තං විඤ්‌ඤාණං අනත්‌තං විඤ්‌ඤාණන්‌ති යථාභූතං නප්‌පජානාති.

ඒ පෘථග්ජනයා අනාත්ම වූ රූපය ‘අනාත්ම වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. අනාත්ම වූ වේදනාව ‘අනාත්ම වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. අනාත්ම වූ සඤ්ඤාව …. (පෙ) …. අනාත්ම වූ සංස්කාර ‘අනාත්ම වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. අනාත්ම වූ විඤ්ඤාණය ‘අනාත්ම වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ.

සංඛතං රූපං සංඛතං රූපන්‌ති යථාභූතං නප්‌පජානාති. සංඛතං වේදනං සංඛතා වේදනා‌ති යථාභූතං නප්‌පජානාති. සංඛතං සඤ්‌ඤං ….(පෙ)…. සංඛතේ සංඛාරේ සංඛතා සංඛාරාති යථාභූතං නප්‌පජානාති. සංඛතං විඤ්‌ඤාණං සංඛතං විඤ්‌ඤාණන්‌ති යථාභූතං නප්‌පජානාති.

ඒ පෘථග්ජනයා සංඛත (හේතුඵල දහමින් සකස්) වූ රූපය ‘සංඛත වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. සංඛත වූ වේදනාව ‘සංඛත වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. සංඛත වූ සඤ්ඤාව …. (පෙ) …. සංඛත වූ සංස්කාර ‘සංඛත වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. සංඛත වූ විඤ්ඤාණය ‘සංඛත වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ.

වධකං රූපං වධකං රූපන්‌ති යථාභූතං නප්‌පජානාති. වධකං වේදනං ….(පෙ)…. වධකං සඤ්‌ඤං ….(පෙ)…. වධකේ සංඛාරේ වධකා සංඛාරාති යථාභූතං නප්‌පජානාති. වධකං විඤ්‌ඤාණං වධකං විඤ්‌ඤාණන්‌ති යථාභූතං නප්‌පජානාති.

ඒ පෘථග්ජනයා වධක වූ රූපය ‘වධක වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. වධක වූ වේදනාව ‘වධක වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. වධක වූ සඤ්ඤාව …. (පෙ) …. වධක වූ සංස්කාර ‘වධක වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. වධක වූ විඤ්ඤාණය ‘වධක වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ.

සෝ රූපං උපේති උපාදියති අධිට්‌ඨාති අත්‌තා මේති. වේදනං උපේති උපාදියති අධිට්‌ඨාති අත්‌තා මේති. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ උපේති උපාදියති අධිට්‌ඨාති අත්‌තා මේති. විඤ්‌ඤාණං උපේති උපාදියති අධිට්‌ඨාති අත්‌තා මේති. තස්‌සිමේ පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා උපේතා උපාදින්‌නා දීඝරත්‌තං අහිතාය දුක්‌ඛාය සංවත්‌තන්‌ති.

ඔහු ‘මාගේ ආත්මය’යි කියල රූපය වෙත ම යි එන්නේ. ඒකට ම යි බැඳෙන්නේ. ඒක ම යි හිතෙන් අදිටන් කරගන්නේ. ‘මාගේ ආත්මය’යි කියල වේදනාව වෙත ම යි එන්නේ. ඒකට ම යි බැඳෙන්නේ. ඒක ම යි හිතෙන් අදිටන් කරගන්නේ. සඤ්ඤාව …. (පෙ) …. ‘මාගේ ආත්මය’යි කියල සංස්කාර වෙත ම යි එන්නේ. ඒකට ම යි බැඳෙන්නේ. ඒක ම යි හිතෙන් අදිටන් කරගන්නේ. ‘මාගේ ආත්මය’යි කියල විඤ්ඤාණය වෙත ම යි එන්නේ. ඒකට ම යි බැඳෙන්නේ. ඒක ම යි හිතෙන් අදිටන් කරගන්නේ. ඉතින් ඔහු මේ පංච උපාදානස්කන්ධය වෙත ම පැමිණුන නිසා ඒකට ම බැඳුණු නිසා බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා.

සුතවා ච ඛෝ ආවුසෝ, අරියසාවකෝ අරියානං දස්‌සාවී අරියධම්‌මස්‌ස කෝවිදෝ අරියධම්‌මේ සුවිනීතෝ, සප්‌පුරිසානං දස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස කෝවිදෝ සප්‌පුරිසධම්‌මේ සුවිනීතෝ න රූපං අත්තතෝ සමනුපස්‌සති, න රූපවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා රූපං, න රූපස්‌මිං වා අත්‌තානං. න වේදනං ….(පෙ)…. න සඤ්‌ඤං ….(පෙ)…. න සංඛාරේ ….(පෙ)…. න විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, න විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා විඤ්‌ඤාණං, න විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං.

ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා දකින කෙනෙක්. ආර්ය ධර්මයට දක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි හික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා දකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට දක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි හික්මුණ කෙනෙක්. ඔහු ආත්මයක් හැටියට රූපය ගැන මුළාවෙන් දකින්නේ නෑ. ආත්මයක් රූපයෙන් හැදී තිබෙන හැටියට මුළාවෙන් දකින්නේ නෑ. ආත්මය තුළ රූපය තිබෙන බවට මුළාවෙන් දකින්නේ නෑ. ආත්මය තිබෙන්නේ රූපය තුළ බවට මුළාවෙන් දකින්නේ නෑ. වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. ආත්මයක් හැටියට විඤ්ඤාණය ගැන මුළාවෙන් දකින්නේ නෑ. ආත්මය විඤ්ඤාණයෙන් හැදී තිබෙන හැටියට මුළාවෙන් දකින්නේ නෑ. ආත්මය තුළ විඤ්ඤාණය තිබෙන බවට මුළාවෙන් දකින්නේ නෑ. ආත්මය තිබෙන්නේ විඤ්ඤාණය තුළ බවට මුළාවෙන් දකින්නේ නෑ.

සෝ අනිච්‌චං රූපං අනිච්‌චං රූපන්‌ති යථාභූතං පජානාති. අනිච්‌චං වේදනං ….(පෙ)…. අනිච්‌චං සඤ්‌ඤං ….(පෙ)…. අනිච්චේ සංඛාරේ ….(පෙ)…. අනිච්‌චං විඤ්‌ඤාණං අනිච්‌චං විඤ්‌ඤාණන්‌ති යථාභූතං පජානාති.

ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා අනිත්‍ය වූ රූපය ‘අනිත්‍ය වූ රූපයක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. අනිත්‍ය වූ වේදනාව ‘අනිත්‍ය වූ වේදනාවක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. අනිත්‍ය වූ සඤ්ඤාව …. (පෙ) …. අනිත්‍ය වූ සංස්කාර ‘අනිත්‍ය වූ සංස්කාර’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. අනිත්‍ය වූ විඤ්ඤාණය ‘අනිත්‍ය වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා.

දුක්‌ඛං රූපං දුක්‌ඛං රූපන්‌ති යථාභූතං පජානාති. දුක්‌ඛං වේදනං ….(පෙ)…. දුක්‌ඛං සඤ්‌ඤං ….(පෙ)…. දුක්ඛේ සංඛාරේ ….(පෙ)…. දුක්‌ඛං විඤ්‌ඤාණං දුක්‌ඛං විඤ්‌ඤාණන්‌ති යථාභූතං පජානාති.

දුක් වූ රූපය ‘දුක් වූ රූපයක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. දුක් වූ වේදනාව ‘දුක් වූ වේදනාවක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. දුක් වූ සඤ්ඤාව …. (පෙ) …. දුක් වූ සංස්කාර ‘දුක් වූ සංස්කාර’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. දුක් වූ විඤ්ඤාණය ‘දුක් වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා.

අනත්‌තං රූපං අනත්‌තා රූපන්‌ති යථාභූතං පජානාති. අනත්‌තං වේදනං ….(පෙ)…. අනත්‌තං සඤ්‌ඤං ….(පෙ)…. අනත්‌තේ සංඛාරේ ….(පෙ)…. අනත්‌තං විඤ්‌ඤාණං අනත්‌තා විඤ්‌ඤාණන්‌ති යථාභූතං පජානාති.

අනාත්ම වූ රූපය ‘අනාත්ම වූ රූපයක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. අනාත්ම වූ වේදනාව ‘අනාත්ම වූ වේදනාවක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. අනාත්ම වූ සඤ්ඤාව …. (පෙ) …. අනාත්ම වූ සංස්කාර ‘අනාත්ම වූ සංස්කාර’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. අනාත්ම වූ විඤ්ඤාණය ‘අනාත්ම වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා.

සංඛතං රූපං සංඛතං රූපන්‌ති යථාභූතං පජානාති. සංඛතං වේදනං ….(පෙ)…. සංඛතං සඤ්‌ඤං ….(පෙ)…. සංඛතේ සංඛාරේ ….(පෙ)…. සංඛතං විඤ්‌ඤාණං සංඛතං විඤ්‌ඤාණන්‌ති යථාභූතං පජානාති.

සංඛත (හේතුඵල දහමින් සකස්) වූ රූපය ‘සංඛත වූ රූපයක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. සංඛත වූ වේදනාව ‘සංඛත වූ වේදනාවක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. සංඛත වූ සඤ්ඤාව …. (පෙ) …. සංඛත වූ සංස්කාර ‘සංඛත වූ සංස්කාර’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. සංඛත වූ විඤ්ඤාණය ‘සංඛත වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා.

වධකං රූපං වධකං රූපන්‌ති යථාභූතං පජානාති. වධකං වේදනං ….(පෙ)…. වධකං සඤ්‌ඤං ….(පෙ)…. වධකේ සංඛාරේ ….(පෙ)…. වධකං විඤ්‌ඤාණං වධකං විඤ්‌ඤාණන්‌ති යථාභූතං පජානාති.

වධක වූ රූපය ‘වධක වූ රූපයක්’ බව ඒ අයුරින්ම අවබෝධ කර ගන්නවා. වධක වූ වේදනාව ‘වධක වූ වේදනාවක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. වධක වූ සඤ්ඤාව …. (පෙ) …. වධක වූ සංස්කාර ‘වධක වූ සංස්කාර’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා. වධක වූ විඤ්ඤාණය ‘වධක වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා.

සෝ රූපං න උපේති න උපාදියති න අධිට්‌ඨාති අත්‌තා මේති. වේදනං න උපේති, ….(පෙ)…. සඤ්‌ඤං න උපේති, ….(පෙ)…. සංඛාරේ න උපේති, ….(පෙ)…. විඤ්‌ඤාණං න උපේති න උපාදියති න අධිට්‌ඨාති අත්‌තා මේති. තස්‌සිමේ පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා අනුපේතා අනුපාදින්‌නා දීඝරත්‌තං හිතාය සුඛාය සංවත්‌තන්‌තීති.

ඔහු ‘මාගේ ආත්මය’යි කියල රූපය වෙත එන්නේ නෑ. ඒකට බැඳෙන්නේ නෑ. ඒක හිතෙන් අදිටන් කරගන්නේ නෑ. ‘මාගේ ආත්මය’යි කියල වේදනාව වෙත එන්නේ නෑ. ඒකට බැඳෙන්නේ නෑ. ඒක හිතෙන් අදිටන් කරගන්නේ නෑ. සඤ්ඤාව …. (පෙ) …. ‘මාගේ ආත්මය’යි කියල සංස්කාර වෙත එන්නේ නෑ. ඒකට බැඳෙන්නේ නෑ. ඒක හිතෙන් අදිටන් කරගන්නේ නෑ. ‘මාගේ ආත්මය’යි කියල විඤ්ඤාණය වෙත එන්නේ නෑ. ඒකට බැඳෙන්නේ නෑ. ඒක හිතෙන් අදිටන් කරගන්නේ නෑ. ඉතින් ඔහු මේ පංච උපාදානස්කන්ධය වෙත නොපැමිණුන නිසා ඒකට නොබැඳුණු නිසා බොහෝ කාලයක් හිත පිණිස, සුව පිණිස පවතිනවා.”

ඒවමේතං ආවුසෝ සාරිපුත්‌ත හෝති. යේසං ආයස්‌මන්‌තාදිසා සබ්‍රහ්‌මචාරිනෝ අනුකම්‌පකා අත්‌ථකාමා ඕවාදකා අනුසාසකා. ඉදඤ්‌ච පන මේ ආයස්මතෝ සාරිපුත්‌තස්‌ස ධම්‌මදේසනං සුත්‌වා අනුපාදාය ආසවේහි චිත්‌තං විමුත්‌තන්‌ති.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ආයුෂ්මතුන් වහන්සේ වැනි යම් කෙනෙකුන්ට අනුකම්පාවෙන් යහපත කැමැතිව අවවාද කරන, අනුශාසනා කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉන්නවා නම් ඔය විදිහම තමයි. දැන් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මාගේ සිත උපාදාන රහිත වෙලා ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණා.”

ඉදමවෝච ආයස්මා සාරිපුත්තෝ. අත්තමනෝ ආයස්මා යමකෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දීති.

මේ දෙසුම ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළා. ආයුෂ්මත් යමකයන් ඉතාමත් සතුටට පත්වුණා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

යමක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M