සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.4.2. තිස්ස සුත්තං

1.2.4.2. තිස්ස තෙරුන්ට වදාළ දෙසුම

84. සාවත්ථියං.

84. සැවැත් නුවර දී ………………….

තේන ඛෝ පන සමයේන ආයස්‌මා තිස්‌සෝ භගවතෝ පිතුච්‌ඡාපුත්‌තෝ සම්‌බහුලානං භික්‌ඛූනං ඒවමාරෝචේති. අපි මේ ආවුසෝ, මධුරකජාතෝ විය කායෝ. දිසාපි මේ න පක්‌ඛායන්‌ති. ධම්‌මාපි මං නප්පටිභන්‌ති. ථිනමිද්‌ධඤ්‌ච මේ චිත්‌තං පරියාදාය තිට්‌ඨති. අනභිරතෝ ච බ්‍රහ්‌මචරියං චරාමි. හෝති ච මේ ධම්‌මේසු විචිකිච්‌ඡාති.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත්‍රයා වන ආයුෂ්මත් තිස්ස තෙරුන් බොහෝ භික්ෂූන් වහන්සේලාට මේ විදිහට තමන්ගේ අඩුපාඩු කියනවා. “අනේ ප්‍රිය ආයුෂ්මතුනි, මගේ ඇඟත් නිකං බරවෙලා වගේ. මං කරන්න ඕන මොකක්ද කියල මට තේරෙන්නෙ නෑ. මට ධර්මය වැටහෙන්නෙත් නෑ. නිදිමත අලසකමත් මගේ හිත යට කරගෙන තියෙනවා. මං දැන් මේ බඹසර රකින්නෙ කැමැත්තකින් නොවෙයි. ධර්මය පිළිබඳවත් මා තුළ තියෙන්නේ සැකයක්.”

අථ ඛෝ සම්‌බහුලා භික්‌ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්‌නා ඛෝ තේ භික්‌ඛූ භගවන්‌තං ඒතදවෝචුං. ආයස්‌මා භන්තේ, තිස්‌සෝ භගවතෝ පිතුච්‌ඡාපුත්‌තෝ සම්‌බහුලානං භික්‌ඛූනං ඒවමාරෝචේති. අපි මේ ආවුසෝ, මධුරකජාතෝ විය කායෝ. දිසාපි මේ න පක්‌ඛායන්‌ති. ධම්‌මාපි මං නප්පටිභන්‌ති. ථිනමිද්‌ධඤ්‌ච මේ චිත්‌තං පරියාදාය තිට්‌ඨති. අනභිරතෝ ච බ්‍රහ්‌මචරියං චරාමි. හෝති ච මේ ධම්‌මේසු විචිකිච්‌ඡාති.

එතකොට බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත්‍රයා වන ආයුෂ්මත් තිස්ස තෙරුන් බොහෝ භික්ෂූන් වහන්සේලාට මේ විදිහට තමන්ගේ අඩුපාඩු කියනවා. ‘අනේ ප්‍රිය ආයුෂ්මතුනි, මගේ ඇඟත් නිකං බරවෙලා වගේ. මං කරන්න ඕන මොකක්ද කියල මට තේරෙන්නෙ නෑ. මට ධර්මය වැටහෙන්නෙත් නෑ. නිදිමත අලසකමත් මගේ හිත යට කරගෙන තියෙනවා. මං දැන් මේ බඹසර රකින්නෙ කැමැත්තකින් නොවෙයි. ධර්මය පිළිබඳවත් මා තුළ තියෙන්නේ සැකයක්’ කියල කියනවා.”

අථ ඛෝ භගවා අඤ්‌ඤතරං භික්‌ඛුං ආමන්‌තේසි. ඒහි ත්‌වං භික්‌ඛු, මම වචනේන තිස්‌සං භික්‌ඛුං ආමන්‌තේහි. සත්‌ථා තං ආවුසෝ තිස්‌ස, ආමන්‌තේතීති. ඒවං භන්තේති ඛෝ සෝ භික්‌ඛු භගවතෝ පටිස්‌සුත්‌වා යේනායස්‌මා තිස්‌සෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා ආයස්‌මන්‌තං තිස්‌සං ඒතදවෝච. සත්‌ථා තං ආවුසෝ තිස්‌ස, ආමන්‌තේතීති. ඒවමාවුසෝති ඛෝ ආයස්‌මා තිස්‌සෝ තස්‌ස භික්ඛුනෝ පටිස්‌සුත්‌වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නං ඛෝ ආයස්‌මන්‌තං තිස්‌සං භගවා ඒතදවෝච. සච්‌චං කිර ත්‌වං තිස්‌ස, සම්‌බහුලානං භික්‌ඛූනං ඒවමාරෝචේසි. අපි මේ ආවුසෝ, මධුරකජාතෝ විය කායෝ, දිසාපි මේ න පක්‌ඛායන්‌ති. ධම්‌මාපි මං නප්පටිභන්‌ති. ථිනමිද්‌ධඤ්‌ච මේ චිත්‌තං පරියාදාය තිට්‌ඨති. අනභිරතෝ ච බ්‍රහ්‌මචරියං චරාමි. හෝති ච මේ ධම්‌මේසු විචිකිච්‌ඡාති. ඒවං භන්තේ.

ඒ වෙලාවේ දී භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් අමතා වදාළා. “පින්වත් භික්ෂුව, මෙහි එන්න. මාගේ වචනයෙන් තිස්ස භික්ෂුව අමතන්න. ‘ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබව අමතනවා’ කියල.” “එසේය, ස්වාමීනි” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීල ආයුෂ්මත් තිස්ස තෙරුන් වෙත පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් තිස්ස තෙරුන්ට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබව අමතනවා” කියල. “එසේය, ප්‍රිය ආයුෂ්මතුනි” කියල ආයුෂ්මත් තිස්සයන් අර භික්ෂුවට පිළිතුරු දීල භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරල එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් තිස්ස තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ සැළ කළා.

“පින්වත් තිස්ස, මේ කථාව ඇත්තක්ද? බොහෝ භික්ෂුන් වහන්සේලාට මේ විදිහට තමන්ගේ අඩුපාඩු කියනවා කියන්නෙ. ‘අනේ ප්‍රිය ආයුෂ්මතුනි, මගේ ඇඟත් නිකං බරවෙලා වගේ. මං කරන්න ඕන මොකක්ද කියල මට තේරෙන්නෙ නෑ. මට ධර්මය වැටහෙන්නෙත් නෑ. නිදිමත අලසකමත් මගේ හිත යට කරගෙන තියෙනවා. මං දැන් මේ බඹසර රකින්නෙ කැමැත්තකින් නොවෙයි. ධර්මය පිළිබඳවත් මා තුළ තියෙන්නේ සැකයක්’ කියල.” “එසේය, ස්වාමීනි.”

තං කිං මඤ්‌ඤසි තිස්‌ස, රූපේ අවිගතරාගස්‌ස අවිගතඡන්‌දස්‌ස අවිගතපේමස්‌ස අවිගතපිපාසස්‌ස අවිගතපරිළාහස්‌ස අවිගතතණ්‌හස්‌ස, තස්‌ස රූපස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසාති? ඒවං භන්තේ. සාධු සාධු තිස්‌ස. ඒවං හේතං තිස්‌ස, හෝති යථා තං රූපේ අවිගතරාගස්‌ස.

පින්වත් තිස්ස, ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ. රූපය කෙරෙහි රාගය නැති නොවුණ කෙනෙකුට, ඡන්දය නැති නොවුණ කෙනෙකුට, ප්‍රේමය නැති නොවුණ කෙනෙකුට, පිපාසය නැති නොවුණ කෙනෙකුට, දාහය නැති නොවුණ කෙනෙකුට, තණ්හාව නැති නොවුණ කෙනෙකුට ඒ රූපය විපරිණාමයට පත්වෙලා, වෙන විදිහකට හැරෙන කොට සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදිනවා නේද?” “එසේය, ස්වාමීනි” “සාදු! සාදු! තිස්ස, පින්වත් තිස්ස, රූපය කෙරෙහි රාගය දුරු නොකළ කෙනෙකුට යම් දෙයක් වෙනවා නම් ඒක ඔය විදිහට තමයි වෙන්නෙ.

වේදනාය අවිගතරාගස්‌ස. ….(පෙ)….. අවිගතතණ්‌හස්‌ස, තස්‌සා වේදනාය විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසාති? ඒවං භන්තේ. සාධු සාධු තිස්‌ස. ඒවං හේතං තිස්‌ස, හෝති යථා තං වේදනාය අවිගතරාගස්‌ස.

වේදනාව කෙරෙහි රාගය නැති නොවුණ කෙනෙකුට …. (පෙ) …. තණ්හාව නැති නොවුණ කෙනෙකුට ඒ වේදනාව විපරිණාමයට පත්වෙලා, වෙන විදිහකට හැරෙන කොට සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදිනවා නේද?” “එසේය, ස්වාමීනි.” “සාදු! සාදු! තිස්ස, පින්වත් තිස්ස, වේදනාව කෙරෙහි රාගය දුරු නොකළ කෙනෙකුට යම් දෙයක් වෙනවා නම් ඒක ඔය විදිහට තමයි වෙන්නෙ.

සඤ්‌ඤාය ….(පෙ)….. සංඛාරේසු අවිගතරාගස්‌ස ….(පෙ)….. අවිගතතණ්‌හස්‌ස, තේසං සංඛාරානං විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසාති? ඒවං භන්තේ. සාධු සාධු තිස්‌ස. ඒවං හේතං තිස්‌ස, හෝති යථා තං සංඛාරේසු අවිගතරාගස්‌ස.

සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර කෙරෙහි රාගය නැති නොවුණ කෙනෙකුට …. (පෙ) …. තණ්හාව නැති නොවුණ කෙනෙකුට ඒ සංස්කාර විපරිණාමයට පත් වෙලා, වෙන විදිහකට හැරෙන කොට සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදිනවා නේද?” “එසේය, ස්වාමීනි.” “සාදු! සාදු! තිස්ස, පින්වත් තිස්ස, සංස්කාර කෙරෙහි රාගය දුරු නොකළ කෙනෙකුට යම් දෙයක් වෙනවා නම් ඒක ඔය විදිහට තමයි වෙන්නෙ.

විඤ්ඤාණේ අවිගතරාගස්‌ස අවිගතඡන්‌දස්‌ස අවිගතපේමස්‌ස අවිගතපිපාසස්‌ස අවිගතපරිළාහස්‌ස අවිගතතණ්‌හස්‌ස, තස්‌ස විඤ්ඤාණස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසාති? ඒවං භන්තේ. සාධු සාධු, තිස්‌ස. ඒවං හේතං තිස්‌ස හෝති යථා තං විඤ්ඤාණේ අවිගතරාගස්‌ස.

විඤ්ඤාණය කෙරෙහි රාගය නැති නොවුණ කෙනෙකුට, ඡන්දය නැති නොවුණ කෙනෙකුට, ප්‍රේමය නැති නොවුණ කෙනෙකුට, පිපාසය නැති නොවුණ කෙනෙකුට, දාහය නැති නොවුණ කෙනෙකුට, තණ්හාව නැති නොවුණ කෙනෙකුට ඒ විඤ්ඤාණය විපරිණාමයට පත්වෙලා, වෙන විදිහකට හැරෙන කොට සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදිනවා නේද?” “එසේය, ස්වාමීනි.” “සාදු! සාදු! තිස්ස, පින්වත් තිස්ස, විඤ්ඤාණය කෙරෙහි රාගය දුරු නොකළ කෙනෙකුට යම් දෙයක් වෙනවා නම් ඒක ඔය විදිහට තමයි වෙන්නෙ.

තං කිං මඤ්‌ඤසි තිස්‌ස, රූපේ විගතරාගස්‌ස විගතඡන්‌දස්‌ස විගතපේමස්‌ස විගතපිපාසස්‌ස විගතපරිළාහස්‌ස විගතතණ්‌හස්‌ස, තස්‌ස රූපස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසාති? නෝ හේතං භන්තේ. සාධු සාධු තිස්‌ස. ඒවං හේතං තිස්‌ස, හෝති. යථා තං රූපේ විගතරාගස්‌ස.

පින්වත් තිස්ස, ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ? රූපය කෙරෙහි රාගය නැතිවුණ කෙනෙකුට, ඡන්දය නැතිවුණ කෙනෙකුට, ප්‍රේමය නැතිවුණ කෙනෙකුට, පිපාසය නැතිවුණ කෙනෙකුට, දාහය නැතිවුණ කෙනෙකුට, තණ්හාව නැතිවුණ කෙනෙකුට ඒ රූපය විපරිණාමයට පත්වෙලා, වෙන විදිහකට හැරෙන කොට සෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් උපදින්නේ නෑ නේද?” “එසේය, ස්වාමීනි.” “සාදු! සාදු! තිස්ස, පින්වත් තිස්ස, රූපය කෙරෙහි රාගය දුරු කළ කෙනෙකුට යම් දෙයක් වෙනවා නම් ඒක ඔය විදිහට තමයි වෙන්නෙ.

වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරේසු ….(පෙ)…. විඤ්ඤාණේ විගතරාගස්‌ස විගතඡන්‌දස්‌ස විගතපේමස්‌ස විගතපිපාසස්‌ස විගතපරිළාහස්‌ස විගතතණ්‌හස්‌ස තස්‌ස විඤ්‌ඤාණස්‌ස විපරිණාමඤ්‌ඤථාභාවා උප්‌පජ්‌ජන්‌ති සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසාති? නෝ හේතං භන්තේ. සාධු සාධු තිස්‌ස. ඒවං හේතං තිස්‌ස, හෝති යථා තං විඤ්ඤාණේ විගතරාගස්‌ස.

වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය කෙරෙහි රාගය නැතිවුණ කෙනෙකුට, ඡන්දය නැතිවුණ කෙනෙකුට, ප්‍රේමය නැතිවුණ කෙනෙකුට, පිපාසය නැතිවුණ කෙනෙකුට, දාහය නැතිවුණ කෙනෙකුට, තණ්හාව නැතිවුණ කෙනෙකුට ඒ විඤ්ඤාණය විපරිණාමයට පත්වෙලා, වෙන විදිහකට හැරෙන කොට සෝක, වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් උපදින්නේ නෑ නේද?” “එසේය, ස්වාමීනි.” “සාදු! සාදු! තිස්ස, පින්වත් තිස්ස, විඤ්ඤාණය කෙරෙහි රාගය දුරු කළ කෙනෙකුට යම් දෙයක් වෙනවා නම් ඒක ඔය විදිහට තමයි වෙන්නෙ.

තං කිං මඤ්‌ඤසි තිස්‌ස, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

පින්වත් තිස්ස, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, කල්‌ලං නු තං සමනුපස්‌සිතුං. ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”

වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, කල්‌ලං නු තං සමනුපස්‌සිතුං. ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”

තස්‌මාතිහ තිස්ස, යං කිඤ්‌චි රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං රූපං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. යා කාචි වේදනා ….(පෙ)…. යා කාචි සඤ්‌ඤා ….(පෙ)…. යේ කේචි සංඛාරා ….(පෙ)…. යං කිඤ්‌චි විඤ්‌ඤාණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං විඤ්‌ඤාණං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

“එහෙම නම් පින්වත් තිස්ස, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්නට පුළුවනි, බාහිර රූපයක් වෙන්නට පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්නට පුළුවනි, සියුම් රූපයක් වෙන්නට පුළුවනි, හීන රූපයක් වෙන්නට පුළුවනි, උසස් රූපයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ඒ සෑම රූපයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන.

ඒවං පස්‌සං තිස්ස, සුතවා අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, ….(පෙ)…. විඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති. ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාති.

පින්වත් තිස්ස, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා …. (පෙ) …. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. අවබෝධයෙන්ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.

සෙය්‍යථාපි තිස්‌ස, ද්‌වේ පුරිසා. ඒකෝ පුරිසෝ අමග්‌ගකුසලෝ, ඒකෝ පුරිසෝ මග්‌ගකුසලෝ. තමේනං සෝ අමග්‌ගකුසලෝ පුරිසෝ අමුං මග්‌ගකුසලං පුරිසං මග්‌ගං පුච්‌ඡෙය්‍ය. සෝ ඒවං වදෙය්‍ය. අම්භෝ පුරිස, අයං මග්‌ගෝ. තේන මුහුත්‌තං ගච්‌ඡ. තේන මුහුත්‌තං ගන්‌ත්‌වා දක්‌ඛිස්‌සසි ද්‌විධාපථං, තත්‌ථ වාමං මුඤ්‌චිත්‌වා දක්‌ඛිණං ගණ්‌හාහි. තේන මුහුත්‌තං ගච්‌ඡ. තේන මුහුත්‌තං ගන්‌ත්‌වා දක්‌ඛිස්‌සසි තිබ්‌බං වනසණ්‌ඩං. තේන මුහුත්‌තං ගච්‌ඡ. තේන මුහුත්‌තං ගන්‌ත්‌වා දක්‌ඛිස්‌සසි මහන්‌තං නින්‌නං පල්‌ලලං. තේන මුහුත්‌තං ගච්‌ඡ. තේන මුහුත්‌තං ගන්‌ත්‌වා දක්‌ඛිස්‌සසි සොබ්‌භං පපාතං. තේන මුහුත්‌තං ගච්‌ඡ. තේන මුහුත්‌තං ගන්‌ත්‌වා දක්‌ඛිස්‌සසි සමං භූමිභාගං රමණීයං.

පින්වත් තිස්ස, ඒක මේ වගේ දෙයක්. පුරුෂයන් දෙදෙනෙක් ඉන්නවා. එක් පුරුෂයෙක් මාර්ගය හඳුනාගන්නට දක්ෂ නෑ. අනෙක් එක්කෙනා මාර්ගය හඳුනාගන්නට දක්ෂයි. ඉතින් මාර්ගය හඳුනාගන්නට දක්ෂ නැති පුරුෂයා මාර්ගය හඳුනාගන්නට දක්ෂ පුරුෂයාගෙන් මාර්ගය ගැන අහනවා. එතකොට ඔහු මෙහෙම කියනවා. ‘භවත් පුරුෂය, මේකයි මාර්ගය. ඔය මාර්ගයෙන් ටික දුරක් යන්න. ඔය මාර්ගයෙන් ටික දුරක් ගියාට පස්සෙ දෙමං හන්දියක් දකින්නට ලැබේවි. එතකොට වම් පැත්ත අත්හරින්න. දකුණු පැත්ත ගන්න. ඒ මාවතේ ටික දුරක් යන්න. ඒ මාවතේ ටික දුරක් යන කොට ඝන වන ලැහැබක් දකින්නට ලැබේවි. එතැනිනුත් ටික දුරක් යන්න. එතැනින් ටික දුරක් යන කොට ලොකු බෑවුමක් තියෙන මඩ වගුරක් දකින්නට ලැබේවි. එතැනිනුත් ටික දුරක් යන්න. එතැනින් ටික දුරත් යන කොට ගැඹුරු ප්‍රපාතයක් දකින්නට ලැබේවි. එතැනිනුත් ටික දුරක් යන්න. එතැනින් ටික දුරක් යන කොට සම වූ රමණීය භූමි භාගයක් දැකගන්නට ලැබේවි.’

උපමා ඛෝ ම්‍යායං තිස්‌ස, කතා අත්‌ථස්‌ස විඤ්‌ඤාපනාය. අයං වෙත්‌ථ අත්ථෝ. පුරිසෝ අමග්‌ගකුසලෝති ඛෝ තිස්‌ස, පුථුජ්‌ජනස්‌සේතං අධිවචනං. පුරිසෝ මග්‌ගකුසලෝති ඛෝ තිස්‌ස, තථාගතස්‌සේතං අධිවචනං අරහතෝ සම්‌මාසම්‌බුද්‌ධස්‌ස. ද්විධාපථෝති ඛෝ තිස්‌ස, විචිකිච්‌ඡායේතං අධිවචනං. වාමෝ මග්‌ගෝති ඛෝ තිස්‌ස, අට්‌ඨං‌ගිකස්‌සේතං මිච්‌ඡාමග්‌ගස්‌ස අධිවචනං. සෙය්‍යථීදං. මිච්‌ඡාදිට්‌ඨියා මිච්‌ඡාසංකප්පස්ස මිච්‌ඡාවාචාය මිච්‌ඡාකම්මන්තස්ස මිච්‌ඡාආජීවස්ස මිච්‌ඡාවායාමස්ස මිච්‌ඡාසතියා මිච්‌ඡාසමාධිස්‌ස. දක්‌ඛිණෝ මග්‌ගෝති ඛෝ තිස්‌ස, අරියස්‌සේතං අට්‌ඨං‌ගිකස්‌ස මග්‌ගස්‌ස අධිවචනං, සෙය්‍යථීදං. සම්‌මාදිට්‌ඨියා සම්‌මාසංකප්පස්ස සම්‌මාවාචාය සම්‌මාකම්මන්තස්ස සම්‌මාආජීවස්ස සම්‌මාවායාමස්ස සම්‌මාසතියා සම්‌මාසමාධිස්‌ස. තිබ්‌බෝ වනසණ්‌ඩෝති ඛෝ තිස්‌ස, අවිජ්‌ජායේතං අධිවචනං. මහන්‌තං නින්‌නං පල්‌ලලන්‌ති ඛෝ තිස්‌ස, කාමානමේතං අධිවචනං. සොබ්‌භෝ පපාතෝති ඛෝ තිස්‌ස, කෝධුපායාසස්‌සේතං අධිවචනං. සමෝ භූමිභාගෝ රමණීයෝති ඛෝ තිස්‌ස, නිබ්‌බානස්‌සේතං අධිවචනං.

පින්වත් තිස්ස, මං අර්ථය විස්තර කරල දෙන්නටයි ඔය උපමා කථාව කළේ. ඔය කතන්දරේ අර්ථය මේකයි. පින්වත් තිස්ස, මාර්ගය හඳුනාගන්නට දක්ෂ නැති පුරුෂයා කියල කිව්වනේ. ඒක පෘථග්ජනයාට කියන නමක්. පින්වත් තිස්ස, මාර්ගය හඳුනාගන්නට දක්ෂ පුරුෂයා කියල කිව්වනේ. අන්න ඒක තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන නමක්. පින්වත් තිස්ස, දෙමං හන්දියක් කියල කිව්වනේ. ඒක සැකයට කියන නමක්. පින්වත් තිස්ස, වම් පැත්තේ මාර්ගය කියල කිව්වනේ. ඒක මිත්‍යා අෂ්ටාංගික මාර්ගයට කියන නමක්. ඒ කියන්නේ; මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පය, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි කියන අටයි. පින්වත් තිස්ස, දකුණු පැත්තේ මාර්ගය කියලා කිව්වනේ. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමක්. ඒ කියන්නේ; සම්මා දෘෂ්ටිය, සම්මා සංකල්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අටයි. පින්වත් තිස්ස, ඝන වන ලැහැබක් තියෙනවා කියල කිව්වානේ. ඒක අවිද්‍යාවට කියන නමක්. පින්වත් තිස්ස, ලොකු බෑවුමක මඩ වගුරක් තියෙනවා කියල කිව්වනේ. ඒක කාමයට කියන නමක්. ගැඹුරු ප්‍රපාතයක් තියෙනවා කියල කිව්වනේ. ඒක ක්‍රෝධ උපායාසයට කියන නමක්. සම වූ රමණීය භූමි භාගයක් තියෙනවා කියල කිව්වානේ. ඒක ඒ අමා නිවනට කියන නමක්.

අභිරම තිස්‌ස, අභිරම තිස්‌ස. අහමෝවාදේන අහමනුග්‌ගහේන අහමනුසාසනීයාති.

ඉදමවෝච භගවා. අත්‌තමනෝ ආයස්‌මා තිස්‌සෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

පින්වත් තිස්ස, මේ සාසනයෙහි ඇලී සතුටු වෙන්න. පින්වත් තිස්ස, මේ සාසනයෙහි ඇලී සතුටු වෙන්න. මං අවවාදයෙන් පිහිට වෙන්නම්. මං අනුග්‍රහයෙන් පිහිට වෙන්නම්. මං අනුශාසනාවෙන් පිහිට වෙන්නම්.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. ආයුෂ්මත් තිස්ස තෙරුන් මහත් සතුටට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මාවවාදය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

තිස්ස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M