සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.4.1. ආනන්ද සුත්තං

1.2.4.1. අනඳ හිමියන්ට වදාළ දෙසුම

83. ඒවං මේ සුතං. ඒකං සමයං ආයස්මා ආනන්දෝ සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ ආයස්‌මා ආනන්දෝ භික්‌ඛූ ආමන්‌තේසි. ආවුසෝ භික්ඛවෝති. ආවුසෝති ඛෝ තේ භික්‌ඛූ ආයස්මතෝ ආනන්‌දස්‌ස පච්චස්සෝසුං. ආයස්‌මා ආනන්දෝ ඒතදවෝච. පුණ්‌ණෝ නාම ආවුසෝ, ආයස්‌මා මන්‌තානිපුත්‌තෝ අම්‌හාකං නවකානං සතං බහූපකාරෝ හෝති. සෝ අම්‌හේ ඉමිනා ඕවාදේන ඕවදති.

83. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වාසය කළේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ “ප්‍රිය ආයුෂ්මත් මහණෙනි”යි කියා භික්ෂූන් අමතා වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා ද “ප්‍රිය ආයුෂ්මතුනි” කියා ආයුෂ්මත් ආනන්දයන් හට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් ආනන්දයන් මෙකරුණ වදාළා. “ප්‍රිය ආයුෂ්මතුනි, ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණයන් වහන්සේ නවක වූ අපට අතිශයින් ම උපකාර කරනවා. උන්වහන්සේ අපට මේ අවවාදයෙනුයි අවවාද කරන්නේ.

උපාදාය ආවුසෝ ආනන්‌ද, අස්‌මීති හෝති, නෝ අනුපාදාය. කිඤ්‌ච උපාදාය අස්‌මීති හෝති නෝ අනුපාදාය? රූපං උපාදාය අස්‌මීති හෝති නෝ අනුපාදාය. වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ….(පෙ)…. විඤ්‌ඤාණං උපාදාය අස්‌මීති හෝති නෝ අනුපාදාය.

සෙය්‍යථාපි ආවුසෝ ආනන්‌ද, ඉත්‌ථී වා පුරිසෝ වා දහරෝ යුවා මණ්‌ඩනජාතිකෝ ආදාසේ වා පරිසුද්‌ධේ පරියෝදාතේ, අච්‌ඡේ වා උදකපත්‌තේ සකං මුඛනිමිත්‌තං පච්‌චවෙක්‌ඛමානෝ උපාදාය පස්‌සෙය්‍ය, නෝ අනුපාදාය. ඒවමේව ඛෝ ආවුසෝ ආනන්‌ද, රූපං උපාදාය අස්‌මීති හෝති, නෝ අනුපාදාය. වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං උපාදාය අස්‌මීති හෝති, නෝ අනුපාදාය.

ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, ‘මම වෙමි’යි කියන හැඟීම ඇතිවන්නේ බැඳීමක් තිබුණොත් තමයි. නොබැඳීම නිසා නම් නොවේ. කුමකට බැඳීමක් තිබුණොත් ද ‘මම වෙමි’යි කියන හැඟීම ඇතිවන්නේ? රූපයට බැඳීමක් තිබුණොත් තමයි ‘මම වෙමි’යි කියන හැඟීම ඇතිවන්නේ. නොබැඳීම නිසා නම් නොවේ. වේදනාවට …. (පෙ) …. සඤ්ඤාවට …. (පෙ) …. සංස්කාරවලට …. (පෙ) …. විඤ්ඤාණයට බැඳීමක් තිබුණොත් තමයි ‘මම වෙමි’යි කියන හැඟීම ඇති වන්නේ. නොබැඳීම නිසා නම් නොවේ. ප්‍රිය ආයුෂ්මත් ආනන්දයෙනි, ඒක මේ වගේ දෙයක්. ලස්සනට සැරසෙන යොවුන් වියේ තරුණ දුවක් හරි පුතෙක් හරි ඉන්නවා. ඉතින් මේ දරුවන් පිරිසිදුව බබලන කණ්ණාඩියකින් වේවා, පැහැපත් දිය බඳුනකින් වේවා තමන්ගේ මූණකට හොඳින් විමසලා බලනවා නම්, බැඳීමකින් ම යි බලන්නේ. නොබැඳීමකින් නම් නොවෙයි. ප්‍රිය ආයුෂ්මත් ආනන්දයෙනි, ඔන්න ඔය විදිහට ම රූපයට බැඳීමක් තිබුණොත් තමයි ‘මම වෙමි’යි කියන හැඟීම ඇතිවන්නේ. නොබැඳීම නිසා නම් නොවේ. වේදනාවට …. (පෙ) …. සඤ්ඤාවට …. (පෙ) …. සංස්කාරවලට …. (පෙ) …. විඤ්ඤාණයට බැඳීමක් තිබුණොත් තමයි ‘මම වෙමි’යි කියන හැඟීම ඇතිවන්නේ. නොබැඳීම නිසා නම් නොවේ.

තං කිං මඤ්‌ඤසි ආවුසෝ ආනන්‌ද, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං ආවුසෝ. යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං ආවුසෝ. යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, කල්‌ලං නු තං සමනුපස්‌සිතුං ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං ආවුසෝ.

ප්‍රිය ආයුෂ්මත් ආනන්දයෙනි, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ප්‍රිය ආයුෂ්මතුනි, අනිත්‍යයි.” “යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ප්‍රිය ආයුෂ්මතුනි, දුකයි” “යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’යි කියා හෝ එය ‘මාගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය සුදුසු නෑ ම යි.”

වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං ආවුසෝ. යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං ආවුසෝ. යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, කල්‌ලං නු තං සමනුපස්‌සිතුං ඒතං මම, ඒසෝහමස්‌මි, ඒසෝ මේ අත්‌තාති? නෝ හේතං ආවුසෝ.

“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ප්‍රිය ආයුෂ්මතුනි, අනිත්‍යයි.” “යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ප්‍රිය ආයුෂ්මතුනි, දුකයි” “යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’යි කියා හෝ එය ‘මාගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ප්‍රිය ආයුෂ්මතුනි, එය සුදුසු නෑ ම යි.”

තස්‌මාතිහ ආවුසෝ ආනන්ද, යං කිඤ්‌චි රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං රූපං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. යා කාචි වේදනා ….(පෙ)…. යා කාචි සඤ්‌ඤා ….(පෙ)…. යේ කේචි සංඛාරා ….(පෙ)…. යං කිඤ්‌චි විඤ්‌ඤාණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං විඤ්‌ඤාණං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

එහෙම නම් ප්‍රිය ආයුෂ්මත් ආනන්දයෙනි, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්නට පුළුවනි, බාහිර රූපයක් වෙන්නට පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්නට පුළුවනි, සියුම් රූපයක් වෙන්නට පුළුවනි, හීන රූපයක් වෙන්නට පුළුවනි, උසස් රූපයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්නට පුළුවනි, ඒ සෑම රූපයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්නට පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන.

ඒවං පස්‌සං ආවුසෝ ආනන්ද, සුතවා අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, වේදනායපි නිබ්‌බින්‌දති, සඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, සංඛාරේසුපි නිබ්‌බින්‌දති, විඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති. විරාගා විමුච්‌චති. ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’ති.

ප්‍රිය ආයුෂ්මත් ආනන්දයෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. අවබෝධයෙන් ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත් නිදහස් වෙන කොටම ‘නිදහස් වුණා’ කියල අවබෝධ ඥානය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.

පුණ්‌ණෝ නාම ආවුසෝ ආයස්‌මා මන්‌තානිපුත්‌තෝ අම්‌හාකං නවකානං සතං බහූපකාරෝ හෝති. සෝ අම්‌හේ ඉමිනා ඕවාදේන ඕවදති. ඉදඤ්‌ච පන මේ ආයස්මතෝ පුණ්‌ණස්‌ස මන්‌තානිපුත්‌තස්‌ස ධම්‌මදේසනං සුත්‌වා ධම්මෝ අභිසමේතෝති.

ප්‍රිය ආයුෂ්මතුනි, ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණයන් වහන්සේ නවක වූ අපට අතිශයින් ම උපකාර කරනවා. උන්වහන්සේ අපට මේ අවවාදයෙනුයි අවවාද කරන්නේ. ඉතින් ආයුෂ්මත් මන්තානි පුත්තයන් වහන්සේගේ ධර්ම දේශනාව අහල තමයි මට ධර්මය අවබෝධ වුණේ.” (අනඳ හිමියන් සෝතාපන්න වූ වගයි)

සාදු! සාදු!! සාදු!!!

ආනන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M