සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.3.9. පාරිලෙය්‍යක සුත්තං

1.2.3.9. පාරිලෙය්‍යක වනයේ දී වදාළ දෙසුම

81. ඒකං සමයං භගවා කෝසම්‌බියං විහරති ඝෝසිතාරාමේ. අථ ඛෝ භගවා පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය කෝසම්‌බිං පිණ්‌ඩාය පාවිසි. කෝසම්‌බියං පිණ්‌ඩාය චරිත්‌වා පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තෝ සාමං සේනාසනං සංසාමෙත්‌වා පත්‌තචීවරමාදාය අනාමන්‌තෙත්‌වා උපට්‌ඨාකේ අනපලෝකෙත්‌වා භික්‌ඛුසංඝං ඒකෝ අදුතියෝ චාරිකං පක්‌කාමි.

81. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි ය. එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු පොරොවා ගෙන පාත්‍රයත් සිවුරුත් රැගෙන කොසඹෑ නුවර පිණ්ඩපාතේ වැඩම කළා. කොසඹෑ නුවර පිණ්ඩපාතේ වැඩම කරලා දන් වළඳලා අවසන් වෙලා තමන් වහන්සේ ම සේනාසනය අස්පස් කොට වදාළා. පා සිවුරු අරගෙන හුදෙකලාවේ ම දෙවැන්නෙක් නැතිව චාරිකාවේ නික්මී වදාළා. උපස්ථායක භික්ෂූන් ඇමතුවෙත් නෑ. භික්ෂූ සංඝයා දැනුම් දීමක් කළෙත් නෑ.

අථ ඛෝ අඤ්ඤතරෝ භික්‌ඛු අචිරපක්‌කන්‌තස්‌ස භගවතෝ යේනායස්‌මා ආනන්දෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා ආයස්‌මන්‌තං ආනන්‌දං ඒතදවෝච. ඒහාවුසෝ ආනන්‌ද, භගවා සාමං සේනාසනං සංසාමෙත්‌වා පත්‌තචීවරමාදාය අනාමන්‌තෙත්‌වා උපට්‌ඨාකේ අනපලෝකෙත්‌වා භික්‌ඛුසංඝං ඒකෝ අදුතියෝ චාරිකං පක්‌කන්‌තෝති.

එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ විදිහට පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් ආනන්දයෙනි, එනු මැනැව. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ම සේනාසනය අස්පස් කොට වදාළා. පා සිවුරු අරගෙන හුදෙකලාවේ ම දෙවැන්නෙක් නැතුව චාරිකාවේ නික්මී වදාළා. උපස්ථායක භික්ෂූන් ඇමතුවෙත් නෑ. භික්ෂු සංඝයාට දැනුම් දීමක් කළෙත් නෑ.”

යස්‌මිං ආවුසෝ, සමයේ භගවා සාමං සේනාසනං සංසාමෙත්‌වා පත්‌තචීවරමාදාය අනාමන්‌තෙත්‌වා උපට්‌ඨාකේ අනපලෝකෙත්‌වා භික්‌ඛුසංඝං ඒකෝ අදුතියෝ චාරිකං පක්‌කමති, ඒකෝව භගවා තස්‌මිං සමයේ විහරිතුකාමෝ හෝති. න භගවා තස්‌මිං සමයේ කේනචි අනුබන්‌ධිතබ්‌බෝ හෝතීති.

“ප්‍රිය ආයුෂ්මතුනි, යම් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ම සේනාසනය අස්පස් කොට වදාළා නම්, පා සිවුරු අරගෙන හුදෙකලාවේ ම දෙවැන්නෙක් නැතිව චාරිකාවේ නික්මී වදාළා නම්, උපස්ථායක භික්ෂූන් ඇමතුවෙත් නැත්නම්, භික්ෂු සංඝයා දැනුම් දීමක් කළෙත් නැත්නම්, භාග්‍යවතුන් වහන්සේ හුදෙකලාවේ ම වැඩසිටින්නටයි ඒ කාලයේදී කැමති වන්නේ. අන්න එබඳු අවස්ථාවක කවුරුවත් භාග්‍යවතුන් වහන්සේ පසුපසින් ගමන් නොකළ යුතු වෙනවා.”

අථ ඛෝ භගවා අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන පාරිලෙය්‍යකං තදවසරි. තත්‍ර සුදං භගවා පාරිලෙය්‍යකේ විහරති භද්‌දසාලමූලේ. අථ ඛෝ සම්‌බහුලා භික්‌ඛූ යේනායස්‌මා ආනන්දෝ තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා ආයස්‌මතා ආනන්‌දේන සද්‌ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‌වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්‌නා ඛෝ තේ භික්‌ඛූ ආයස්‌මන්‌තං ආනන්‌දං ඒතදවෝචුං. චිරස්‌සුතා ඛෝ නෝ ආවුසෝ ආනන්‌ද, භගවතෝ සම්‌මුඛා ධම්‌මීකථා. ඉච්‌ඡාම මයං ආවුසෝ ආනන්‌ද, භගවතෝ සම්‌මුඛා ධම්‌මිං කථං සෝතුන්‌ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළින් චාරිකාවේ සැරිසරා වඩිමින් පාරිලෙය්‍යක වනය වෙත වැඩම කරලා වැඩසිටියා. එදා පාරිලෙය්‍යක වනයේ සුන්දර සල් රුක් සෙවණක භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියා. එතකොට බොහෝ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමග සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ නිමා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් ආනන්දයන් හට මෙකරුණ සැළ කළා. “ප්‍රිය ආයුෂ්මත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ධර්ම කථාවක් අපට අසන්නට ලැබිලා සෑහෙන කලක් ගත වුණා. ප්‍රිය ආයුෂ්මත් ආනන්දයෙනි, අපි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ධර්ම කථාවක් අසන්නට හරි කැමතියි.”

අථ ඛෝ ආයස්‌මා ආනන්දෝ තේහි භික්‌ඛූහි සද්‌ධිං යේන පාරිලෙය්‍යකං භද්‌දසාලමූලං යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නේ ඛෝ තේ භික්‌ඛූ භගවා ධම්‌මියා කථාය සන්‌දස්‌සේසි සමාදපේසි සමුත්‌තේජේසි සම්‌පහංසේසි. තේන ඛෝ පන සමයේන අඤ්‌ඤතරස්‌ස භික්ඛුනෝ ඒවං චේතසෝ පරිවිතක්‌කෝ උදපාදි. කථං නු ඛෝ ජානතෝ කථං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝතීති?

එතකොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාත් සමග පාරිලෙය්‍යක වනයෙහි සුන්දර සල්රුක් සෙවණේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින තැනට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණ දක්වා වදාළා. සමාදන් කරවා වදාළා. උනන්දු කරවා වදාළා. මහත් සතුටට පත්කොට වදාළා.

එතකොට ඒ වෙලාවේදී එක්තරා භික්ෂුවකගේ සිතෙහි මෙවැනි අදහසක් ඇතිවුණා. ‘කොයි විදිහට අවබෝධ කරන කොටද, කොයි විදිහට දකින කොටද මේ ජීවිතයේ දී ම ආශ්‍රවයන් ක්ෂය වෙලා යන්නේ’ කියලා.

අථ ඛෝ භගවා තස්‌ස භික්ඛුනෝ චේතසා චේතෝපරිවිතක්‌කමඤ්‌ඤාය භික්‌ඛූ ආමන්‌තේසි. විචයසෝ දේසිතෝ භික්ඛවේ, මයා ධම්මෝ. විචයසෝ දේසිතා චත්තාරෝ සතිපට්‌ඨානා. විචයසෝ දේසිතා චත්තාරෝ සම්‌මප්‌පධානා. විචයසෝ දේසිතා චත්තාරෝ ඉද්‌ධිපාදා. විචයසෝ දේසිතානි පඤ්‌චින්‌ද්‍රියානි. විචයසෝ දේසිතානි පඤ්‌ච බලානි. විචයසෝ දේසිතා සත්‌තබොජ්‌ඣංගා. විචයසෝ දේසිතෝ අරියෝ අට්ඨංගිකෝ මග්‌ගෝ. ඒවං විචයසෝ ඛෝ දේසිතෝ භික්ඛවේ, මයා ධම්මෝ. ඒවං විචයසෝ දේසිතේ ඛෝ භික්ඛවේ, මයා ධම්‌මේ අථ ච පනිධේකච්‌චස්‌ස භික්ඛුනෝ ඒවං චේතසෝ පරිවිතක්‌කෝ උදපාදි. කථං නු ඛෝ ජානතෝ කථං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝතීති?

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂුවගේ සිතේ ඇතිවුණ කල්පනාවන් තම සිතින් දැනගෙන භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරල තියෙන්නෙ වීමංසන නුවණින් යුතුවමයි. සතර සතිපට්ඨානයෙන් දේශනා කරල තියෙන්නෙ වීමංසන නුවණින් යුතුවමයි. සතර සම්‍යක්පධාන වීරිය දේශනා කරල තියෙන්නෙ වීමංසන නුවණින් යුතුවමයි. සතර ඉර්ධිපාද දේශනා කරල තියෙන්නෙ වීමංසන නුවණින් යුතුවමයි. පංච ඉන්ද්‍රියයන් දේශනා කරල තියෙන්නෙ වීමංසන නුවණින් යුතුවමයි. පංච බල දේශනා කරල තියෙන්නෙ වීමංසන නුවණින් යුතුවමයි. සප්ත බොජ්ඣංග දේශනා කරල තියෙන්නෙ වීමංසන නුවණින් යුතුවමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරල තියෙන්නේ වීමංසන නුවණින් යුතුවමයි. පින්වත් මහණෙනි, ඔය විදිහට මං හොඳට නුවණින් විමසලා ධර්මය දේශනා කරල තියෙන්නේ. පින්වත් මහණෙනි, ඔය විදිහට මං හොඳට නුවණින් විමසලා ධර්මය දේශනා කරල තියෙද්දි මෙහි සිටින ඇතැම් භික්ෂුවකගේ සිතේ මෙවැනි අදහස් ඇතිවෙනවා නෙව. ‘කොයි විදිහට අවබෝධ කරන කොටද, කොයි විදිහට දකින කොටද මේ ජීවිතයේ දීම ආශ්‍රවයන් ක්ෂය වෙලා යන්නේ’ කියලා.

කථඤ්‌ච භික්ඛවේ, ජානතෝ කථං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝති? ඉධ භික්ඛවේ, අස්‌සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකෝවිදෝ අරියධම්‌මේ අවිනීතෝ, සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකෝවිදෝ සප්‌පුරිසධම්‌මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්‌සති. යා ඛෝ පන සා භික්ඛවේ, සමනුපස්‌සනා, සංඛාරෝ සෝ. සෝ පන සංඛාරෝ කින්නිදානෝ කිංසමුදයෝ කිඤ්ජාතිකෝ කිම්පභවෝති? අවිජ්‌ජාසම්‌ඵස්‌සජේන භික්ඛවේ, වේදයිතේන ඵුට්‌ඨස්‌ස අස්‌සුතවතෝ පුථුජ්‌ජනස්‌ස උප්‌පන්‌නා තණ්‌හා තතෝජෝ සෝ සංඛාරෝ.

පින්වත් මහණෙනි, කොයි විදිහට අවබෝධ කරන කොටද, කොයි විදිහට දකින කොටද මේ ජීවිතයේදීම ආශ්‍රවයන් ක්ෂය වෙලා යන්නේ? මෙකරුණෙහිලා අශ්‍රැතවයන් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්. ආර්ය ධර්මයට අදක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා නොදකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට අදක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. ඔහු රූපය ආත්මය වශයෙන් මුලාවෙන් දකිනවා. පින්වත් මහණෙනි, ඔහුගේ ඒ යම් මුලාවෙන් දැකීමක් ඇද්ද, ඒක සංස්කාරයක්. ඒ සංස්කාරය කුමක් මුල් කරගෙන තියෙන එකක්ද? කුමකින් හටගන්නා එකක්ද? කුමකින් ඉපදෙන එකක්ද? කුමකින් ප්‍රභවය වන එකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘථග්ජනයාට තණ්හාව ඉපදිලයි තියෙන්නේ. අන්න ඒ තණ්හාවෙනුයි ඒ සංස්කාරය හටගන්නේ.

ඉති ඛෝ භික්ඛවේ, සෝපි සංඛාරෝ අනිච්චෝ සංඛතෝ පටිච්‌චසමුප්‌පන්‌නෝ. සාපි තණ්‌හා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. සාපි වේදනා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. සෝපි ඵස්‌සෝ අනිච්චෝ සංඛතෝ පටිච්‌චසමුප්‌පන්‌නෝ. සාපි අවිජ්‌ජා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. ඒවම්පි ඛෝ භික්ඛවේ, ජානතෝ ඒවං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝති.

නමුත් පින්වත් මහණෙනි, ඔය සංස්කාරයත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. අර තණ්හාවත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. ඒ විඳීමත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. ඒ ස්පර්ශයත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. පින්වත් මහණෙනි, ඔය විදිහට අවබෝධ කරගන්නා විට, ඔය විදිහට දකිනා විට මේ ජීවිතයේදී ම ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා.

න හේව ඛෝ රූපං අත්තතෝ සමනුපස්‌සති. අපි ච ඛෝ රූපවන්‌තං අත්‌තානං සමනුපස්‌සති. යා ඛෝ පන සා භික්ඛවේ, සමනුපස්‌සනා සංඛාරෝ සෝ. සෝ පන සංඛාරෝ කින්නිදානෝ කිංසමුදයෝ කිඤ්ජාතිකෝ කිම්පභවෝ? අවිජ්‌ජාසම්‌ඵස්‌සජේන භික්ඛවේ, වේදයිතේන ඵුට්‌ඨස්‌ස අස්‌සුතවතෝ පුථුජ්‌ජනස්‌ස උප්‌පන්‌නා තණ්‌හා. තතෝජෝ සෝ සංඛාරෝ. ඉති ඛෝ භික්ඛවේ, සෝපි සංඛාරෝ අනිච්චෝ සංඛතෝ පටිච්‌චසමුප්‌පන්‌නෝ. සාපි තණ්‌හා ….(පෙ)…. සාපි වේදනා ….(පෙ)…. සෝපි ඵස්‌සෝ ….(පෙ)…. සාපි අවිජ්‌ජා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. ඒවම්පි ඛෝ භික්ඛවේ, ජානතෝ ඒවං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝති.

ඔහු රූපය ආත්මය වශයෙන් නොදැක්කත්, රූපයෙන් නිර්මිත වූ ආත්මයක් ඇති බවට මුලාවෙන් සළකයි. පින්වත් මහණෙනි, ඔහුගේ ඒ යම් මුලාවෙන් දැකීමක් ඇද්ද, ඒක සංස්කාරයක්. ඒ සංස්කාරය කුමක් මුල් කරගෙන තියෙන එකක්ද? කුමකින් හටගන්නා එකක්ද? කුමකින් ඉපදෙන එකක්ද? කුමකින් ප්‍රභවය වන එකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘථග්ජනයාට තණ්හාව ඉපදිලයි තියෙන්නේ. අන්න ඒ තණ්හාවෙනුයි ඒ සංස්කාරය හටගන්නේ. නමුත් පින්වත් මහණෙනි, ඔය සංස්කාරයත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. අර තණ්හාවත් ….(පෙ)…. ඒ විඳීමත් ….(පෙ)…. ඒ ස්පර්ශයත් ….(පෙ)…. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අවබෝධ කරගන්නා විට, ඔය විදිහට දකිනා විට මේ ජීවිතයේදී ම ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා.

න හේව ඛෝ රූපං අත්තතෝ සමනුපස්‌සති, න රූපවන්‌තං අත්‌තානං සමනුපස්‌සති. අපි ච ඛෝ අත්‌තනි රූපං සමනුපස්‌සති. යා ඛෝ පන සා භික්ඛවේ, සමනුපස්‌සනා සංඛාරෝ සෝ. සෝ පන සංඛාරෝ කින්නිදානෝ කිංසමුදයෝ කිඤ්ජාතිකෝ කිම්පභවෝ? අවිජ්‌ජාසම්‌ඵස්‌සජේන භික්ඛවේ, වේදයිතේන ඵුට්‌ඨස්‌ස අස්‌සුතවතෝ පුථුජ්‌ජනස්‌ස උප්‌පන්‌නා තණ්‌හා, තතෝජෝ සෝ සංඛාරෝ.

ඔහු රූපය ආත්මය වශයෙන් නොදැක්කත්, රූපයෙන් නිර්මිත වූ ආත්මයක් ඇති බවට නොදැක්කත්, ආත්මය තුළ රූපයක් තිබෙන බවට මුලාවෙන් සළකයි. පින්වත් මහණෙනි, ඔහුගේ ඒ යම් මුලාවෙන් දැකීමක් ඇද්ද, ඒක සංස්කාරයක්. ඒ සංස්කාරය කුමක් මුල් කරගෙන තියෙන එකක්ද? කුමකින් හටගන්නා එකක්? කුමකින් ඉපදෙන එකක්ද? කුමකින් ප්‍රභවය වන එකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘථග්ජනයාට තණ්හාව ඉපදිලයි තියෙන්නේ. අන්න ඒ තණ්හාවෙනුයි ඒ සංස්කාරය හටගන්නේ.

ඉති ඛෝ භික්ඛවේ, සෝපි සංඛාරෝ අනිච්චෝ සංඛතෝ පටිච්‌චසමුප්‌පන්‌නෝ. සාපි තණ්‌හා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. සාපි වේදනා ….(පෙ)…. සෝපි ඵස්‌සෝ ….(පෙ)…. සාපි අවිජ්‌ජා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. ඒවම්පි ඛෝ භික්ඛවේ, ජානතෝ ඒවං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝති.

නමුත් පින්වත් මහණෙනි, ඔය සංස්කාරයත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. අර තණ්හාවත් ….(පෙ)…. ඒ විඳීමත් ….(පෙ)…. ඒ ස්පර්ශයත් ….(පෙ)…. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අවබෝධ කරගන්නා විට, ඔය විදිහට දකින විට මේ ජීවිතයේදී ම ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා.

න හේව ඛෝ රූපං අත්තතෝ සමනුපස්‌සති, න රූපවන්‌තං අත්‌තානං සමනුපස්‌සති, න අත්‌තනි රූපං සමනුපස්‌සති. අපි ච ඛෝ රූපස්‌මිං අත්‌තානං සමනුපස්‌සති. යා ඛෝ පන සා භික්ඛවේ, සමනුපස්‌සනා සංඛාරෝ සෝ. සෝ පන සංඛාරෝ කින්නිදානෝ කිංසමුදයෝ කිඤ්ජාතිකෝ කිම්පභවෝ? අවිජ්‌ජාසම්‌ඵස්‌සජේන භික්ඛවේ, වේදයිතේන ඵුට්‌ඨස්‌ස අස්‌සුතවතෝ පුථුජ්‌ජනස්‌ස උප්‌පන්‌නා තණ්‌හා, තතෝජෝ සෝ සංඛාරෝ. ඉති ඛෝ, භික්ඛවේ, සෝපි සංඛාරෝ අනිච්චෝ සංඛතෝ පටිච්‌චසමුප්‌පන්‌නෝ. සාපි තණ්‌හා ….(පෙ)…. සාපි වේදනා ….(පෙ)…. සෝපි ඵස්‌සෝ ….(පෙ)…. සාපි අවිජ්‌ජා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. ඒවම්පි ඛෝ භික්ඛවේ, ජානතෝ ඒවං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝති.

ඔහු රූපය ආත්මය වශයෙන් නොදැක්කත්, රූපයෙන් නිර්මිත වූ ආත්මයක් ඇති බවට නොදැක්කත්, ආත්මය තුළ රූපයක් තිබෙන බවට නොදැක්කත්, රූපය තුළ ආත්මයක් තිබෙන බවට මුලාවෙන් සළකයි. පින්වත් මහණෙනි, ඔහුගේ ඒ යම් මුලාවෙන් දැකීමක් ඇද්ද, ඒක සංස්කාරයක්. ඒ සංස්කාරය කුමක් මුල් කරගෙන තියෙන එකක්ද? කුමකින් හටගන්නා එකක්ද? කුමකින් ඉපදෙන එකක්ද? කුමකින් ප්‍රභවය වන එකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘථග්ජනයාට තණ්හාව ඉපදිලයි තියෙන්නේ. අන්න ඒ තණ්හාවෙනුයි ඒ සංස්කාරය හටගන්නේ. නමුත් පින්වත් මහණෙනි, ඔය සංස්කාරයත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. අර තණ්හාවත් ….(පෙ)…. ඒ විඳීමත් ….(පෙ)…. ඒ ස්පර්ශයත් ….(පෙ)…. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අවබෝධ කරගන්නා විට, ඔය විදිහට දකින විට මේ ජීවිතයේදී ම ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා.

න හේව ඛෝ රූපං අත්තතෝ සමනුපස්‌සති, න රූපවන්‌තං අත්‌තානං සමනුපස්සති, න අත්‌තනි රූපං සමනුපස්සති, න රූපස්‌මිං අත්‌තානං සමනුපස්‌සති. අපි ච ඛෝ වේදනං අත්තතෝ සමනුපස්‌සති, ….(පෙ)…. (යථා රූපක්ඛන්ධේ විත්ථාරෝ ඒවං උපරි චත්තාරෝ ඛන්ධා විත්ථාරේතබ්බා) අපි ච ඛෝ වේදනාවන්‌තං අත්‌තානං සමනුපස්‌සති, ….(පෙ)…. අපි ච ඛෝ අත්‌තනි වේදනං සමනුපස්‌සති, ….(පෙ)…. අපි ච ඛෝ වේදනාය අත්තානං සමනුපස්‌සති. ….(පෙ)…. අපි ච ඛෝ සඤ්‌ඤං අත්තතෝ සමනුපස්‌සති ….(පෙ)…. අපි ච ඛෝ සඤ්ඤාවන්තං අත්තානං සමනුපස්‌සති. ….(පෙ)…. අපි ච ඛෝ අත්තනි සඤ්ඤං සමනුපස්සති. ….(පෙ)…. අපි ච ඛෝ සඤ්ඤාය අත්තානං සමනුපස්සති ….(පෙ)…. අපි ච ඛෝ සංඛාරේ අත්තතෝ සමනුපස්‌සති, ….(පෙ)…. අපි ච ඛෝ සංඛාරවන්‌තං අත්‌තානං සමනුපස්‌සති, ….(පෙ)…. අපි ච ඛෝ අත්‌තනි සංඛාරේ සමනුපස්‌සති, ….(පෙ)…. අපි ච ඛෝ සංඛාරේසු අත්‌තානං සමනුපස්‌සති. ….(පෙ)…. අපි ච ඛෝ විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, ….(පෙ)…. අපි ච ඛෝ විඤ්‌ඤාණවන්‌තං අත්‌තානං සමනුපස්සති ….(පෙ)…. අපි ච ඛෝ අත්‌තනි විඤ්‌ඤාණං සමනුපස්සති ….(පෙ)…. අපි ච ඛෝ විඤ්‌ඤාණස්‌මිං අත්‌තානං සමනුපස්‌සති.

ඔහු රූපය ආත්මය වශයෙන් නොදැක්කත්, රූපයෙන් නිර්මිත වූ ආත්මයක් ඇති බවට නොදැක්කත්, ආත්මය තුළ රූපයක් තිබෙන බවට නොදැක්කත්, රූපය තුළ ආත්මයක් තිබෙන බවට නොදැක්කත් වේදනාව ආත්මය වශයෙන් දකිනවා ….(පෙ)…. (රූප උපාදානස්කන්ධය විස්තර කළ ආකාරයට ම අනෙක් ස්කන්ධයන් පිළිබඳවත් විස්තර කරගත යුතුය.)

….(පෙ)…. නමුත් වේදනාවෙන් නිර්මිත ආත්මයක් තියෙන බවට මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් ආත්මය තුළ විඳීමක් තියෙන බවට මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් විඳීම තුළ ආත්මයක් තියෙන බවට මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් සඤ්ඤාව ආත්මයක් වශයෙන් මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් සඤ්ඤාවෙන් නිර්මිත ආත්මයක් තියෙන බවට මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් ආත්මය තුළ සඤ්ඤාවක් තියෙන බවට මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් සඤ්ඤාව තුළ ආත්මයක් තියෙන බවට මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් සංස්කාර ආත්මයක් වශයෙන් මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් සංස්කාරවලින් නිර්මිත ආත්මයක් තියෙන බවට මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් ආත්මය තුළ සංස්කාර තිබෙන බවට මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් සංස්කාර තුළ ආත්මයක් තියෙන බවට මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් විඤ්ඤාණය ආත්මයක් වශයෙන් මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් විඤ්ඤාණයෙන් නිර්මිත ආත්මයක් තියෙන බවට මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් ආත්මය තුළ විඤ්ඤාණය තියෙන බවට මුලාවෙන් දකිනවා ….(පෙ)…. නමුත් විඤ්ඤාණය තුළ ආත්මයක් තියෙන බවට මුලාවෙන් දකිනවා.

යා ඛෝ පන සා භික්ඛවේ, සමනුපස්‌සනා සංඛාරෝ සෝ. සෝ පන සංඛාරෝ කින්නිදානෝ කිංසමුදයෝ කිඤ්ජාතිකෝ කිම්පභවෝ? අවිජ්‌ජාසම්‌ඵස්‌සජේන භික්ඛවේ, වේදයිතේන ඵුට්‌ඨස්‌ස අස්‌සුතවතෝ පුථුජ්‌ජනස්‌ස උප්‌පන්‌නා තණ්‌හා. තතෝජෝ සෝ සංඛාරෝ. ඉති ඛෝ භික්ඛවේ, සෝපි සංඛාරෝ අනිච්චෝ සංඛතෝ පටිච්‌චසමුප්‌පන්‌නෝ. සාපි තණ්‌හා ….(පෙ)…. සාපි වේදනා ….(පෙ)…. සෝපි ඵස්‌සෝ ….(පෙ)…. සාපි අවිජ්‌ජා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. ඒවම්පි ඛෝ භික්ඛවේ, ජානතෝ ඒවං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝති.

පින්වත් මහණෙනි, ඔහුගේ ඒ යම් මුලාවෙන් දැකීමක් ඇද්ද, ඒක සංස්කාරයක්. ඒ සංස්කාරය කුමක් මුල් කරගෙන තියෙන එකක්ද? කුමකින් හටගන්නා එකක්ද? කුමකින් ඉපදෙන එකක්ද? කුමකින් ප්‍රභවය වන එකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘථග්ජනයාට තණ්හාව ඉපදිලයි තියෙන්නේ. අන්න ඒ තණ්හාවෙනුයි ඒ සංස්කාරය හටගන්නේ. නමුත් පින්වත් මහණෙනි, ඔය සංස්කාරයත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. අර තණ්හාවත් ….(පෙ)…. ඒ විඳීමත් ….(පෙ)…. ඒ ස්පර්ශයත් ….(පෙ)…. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අවබෝධ කරගන්නා විට, ඔය විදිහට දකින විට මේ ජීවිතයේදී ම ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා.

න හේව ඛෝ රූපං අත්තතෝ සමනුපස්‌සති, න රූපවන්‌තං අත්‌තානං සමනුපස්සති, න අත්‌තනි රූපං සමනුපස්සති, න රූපස්‌මිං අත්‌තානං සමනුපස්‌සති. න වේදනං අත්තතෝ සමනුපස්‌සති, න වේදනාවන්‌තං අත්‌තානං සමනුපස්‌සති, න අත්‌තනි වේදනං සමනුපස්‌සති, න වේදනාය අත්තානං සමනුපස්‌සති. න සඤ්‌ඤං අත්තතෝ සමනුපස්‌සති, න සඤ්ඤාවන්තං අත්තානං සමනුපස්‌සති. න අත්තනි සඤ්ඤං සමනුපස්‌සති, න සඤ්ඤාය අත්තානං සමනුපස්සති. න සංඛාරේ අත්තතෝ සමනුපස්සති. න සංඛාරවන්‌තං අත්‌තානං සමනුපස්‌සති, න අත්‌තනි සංඛාරේ සමනුපස්‌සති, න සංඛාරේසු අත්‌තානං සමනුපස්‌සති. න විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, න විඤ්‌ඤාණවන්‌තං අත්‌තානං සමනුපස්සති. න අත්‌තනි විඤ්‌ඤාණං සමනුපස්සති. න විඤ්‌ඤාණස්‌මිං අත්‌තානං සමනුපස්‌සති.

ඔහු රූපය ආත්මය වශයෙන් දකින්නෙත් නෑ. රූපයෙන් නිර්මිත ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ආත්මය තුළ රූපයක් ඇතැයි දකින්නෙත් නෑ. රූපය තුළ ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. වේදනාව ආත්මය වශයෙන් දකින්නෙත් නෑ. වේදනාවෙන් නිර්මිත ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ආත්මය තුළ වේදනාවක් ඇතැයි දකින්නෙත් නෑ. වේදනාව තුළ ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. සඤ්ඤාව ආත්මය වශයෙන් දකින්නෙත් නෑ. සඤ්ඤාවෙන් නිර්මිත ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ආත්මය තුළ සඤ්ඤාවක් ඇතැයි දකින්නෙත් නෑ. සඤ්ඤාව තුළ ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. සංස්කාර ආත්මය වශයෙන් දකින්නෙත් නෑ. සංස්කාරවලින් නිර්මිත ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ආත්මය තුළ සංස්කාර ඇතැයි දකින්නෙත් නෑ. සංස්කාර තුළ ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. විඤ්ඤාණය ආත්මය වශයෙන් දකින්නෙත් නෑ. විඤ්ඤාණයෙන් නිර්මිත ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ආත්මය තුළ විඤ්ඤාණය ඇතැයි දකින්නෙත් නෑ. විඤ්ඤාණය තුළ ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ.

අපි ච ඛෝ ඒවං දිට්‌ඨි හෝති. සෝ අත්‌තා සෝ ලෝකෝ, සෝ පෙච්‌ච භවිස්‌සාමි නිච්‌චෝ ධුවෝ සස්‌සතෝ අවිපරිණාමධම්‌මෝති. යා ඛෝ පන සා භික්ඛවේ, සස්‌සතදිට්‌ඨි සංඛාරෝ සෝ. සෝ පන සංඛාරෝ කින්නිදානෝ කිංසමුදයෝ කිඤ්ජාතිකෝ කිම්පභවෝ? අවිජ්‌ජාසම්‌ඵස්‌සජේන භික්ඛවේ, වේදයිතේන ඵුට්‌ඨස්‌ස අස්‌සුතවතෝ පුථුජ්‌ජනස්‌ස උප්‌පන්‌නා තණ්‌හා. තතෝජෝ සෝ සංඛාරෝ. ඉති ඛෝ භික්ඛවේ, සෝපි සංඛාරෝ අනිච්චෝ සංඛතෝ පටිච්‌චසමුප්‌පන්‌නෝ. සාපි තණ්‌හා ….(පෙ)…. සාපි වේදනා ….(පෙ)…. සෝපි ඵස්‌සෝ ….(පෙ)…. සාපි අවිජ්‌ජා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. ඒවම්පි ඛෝ භික්ඛවේ, ජානතෝ ඒවං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝති.

නමුත් ඔහුට මේ විදිහේ දෘෂ්ටියක් ඇතිවෙනවා. ‘ඒක තමයි ආත්මය. ඒක තමයි ලෝකය. ඒ මම පරලොවදී නිත්‍ය වෙනවා. ස්ථිර වෙනවා. සදාකාලික වෙනවා. නොවෙනස් වෙන ස්වභාවයට පත්වෙනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔහුගේ ඒ යම් ශාස්වත දෘෂ්ටියක් ඇද්ද, ඒක සංස්කාරයක්. ඒ සංස්කාරය කුමක් මුල් කරගෙන තියෙන එකක්ද? කුමකින් හටගන්නා එකක්ද? කුමකින් ඉපදෙන එකක්ද? කුමකින් ප්‍රභවය වන එකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘථග්ජනයාට තණ්හාව ඉපදිලයි තියෙන්නේ. අන්න ඒ තණ්හාවෙනුයි ඒ සංස්කාරය හටගන්නේ. නමුත් පින්වත් මහණෙනි, ඔය සංස්කාරයත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. අර තණ්හාවත් ….(පෙ)…. ඒ විඳීමත් ….(පෙ)…. ඒ ස්පර්ශයත් ….(පෙ)…. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අවබෝධ කරගන්නා විට, ඔය විදිහට දකින විට මේ ජීවිතයේදී ම ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා.

න හේව ඛෝ රූපං අත්තතෝ සමනුපස්‌සති, න රූපවන්‌තං අත්‌තානං සමනුපස්සති, න අත්‌තනි රූපං සමනුපස්සති, න රූපස්‌මිං අත්‌තානං සමනුපස්‌සති. න වේදනං ….(පෙ)…. න සඤ්‌ඤං ….(පෙ)…. න සංඛාරේ ….(පෙ)…. න විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, න විඤ්‌ඤාණවන්‌තං අත්‌තානං සමනුපස්සති. න අත්‌තනි විඤ්‌ඤාණං සමනුපස්සති. න විඤ්‌ඤාණස්‌මිං අත්‌තානං සමනුපස්‌සති. නා’පි ඒවංදිට්‌ඨි හෝති. සෝ අත්‌තා සෝ ලෝකෝ, සෝ පෙච්‌ච භවිස්‌සාමි නිච්‌චෝ ධුවෝ සස්‌සතෝ අවිපරිණාමධම්‌මෝති. අපි ච ඛෝ ඒවංදිට්‌ඨි හෝති. නෝ චස්‌සං නෝ ච මේ සියා, න භවිස්‌සාමි න මේ භවිස්‌සතීති. යා ඛෝ පන සා භික්ඛවේ, උච්‌ඡේදදිට්‌ඨි සංඛාරෝ සෝ. සෝ පන සංඛාරෝ කින්නිදානෝ කිංසමුදයෝ කිඤ්ජාතිකෝ කිම්පභවෝ? අවිජ්‌ජාසම්‌ඵස්‌සජේන භික්ඛවේ, වේදයිතේන ඵුට්‌ඨස්‌ස අස්‌සුතවතෝ පුථුජ්‌ජනස්‌ස උප්‌පන්‌නා තණ්‌හා. තතෝජෝ සෝ සංඛාරෝ. ඉති ඛෝ භික්ඛවේ, සෝපි සංඛාරෝ අනිච්චෝ සංඛතෝ පටිච්චසමුප්පන්නෝ. සාපි තණ්‌හා ….(පෙ)…. සාපි වේදනා ….(පෙ)…. සෝපි ඵස්‌සෝ ….(පෙ)…. සාපි අවිජ්‌ජා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. ඒවම්පි ඛෝ භික්ඛවේ, ජානතෝ ඒවං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝති.

ඔහු රූපය ආත්මය වශයෙන් දකින්නෙත් නෑ. රූපයෙන් නිර්මිත ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ආත්මය තුළ රූපයක් ඇතැයි දකින්නෙත් නෑ. රූපය තුළ ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ආත්මය වශයෙන් දකින්නෙත් නෑ. විඤ්ඤාණයෙන් නිර්මිත ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ආත්මය තුළ විඤ්ඤාණය ඇතැයි දකින්නෙත් නෑ. විඤ්ඤාණය තුළ ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ‘ඒක තමයි ආත්මය. ඒක තමයි ලෝකය. ඒ මම පරලොවදී නිත්‍ය වෙනවා. ස්ථිර වෙනවා. සදාකාලික වෙනවා. නොවෙනස් වෙන ස්වභාවයට පත්වෙනවා’ කියන දෘෂ්ටියත් නෑ.

නමුත් ඔහුට මේ විදිහේ දෘෂ්ටියක් තියෙනවා. ‘මම හිටියෙ නැත්නම් මට මේ මොකවත් නෑ. මං අනාගතයේ නැත්නම් අනාගතයේත් කිසිවක් ම නෑ’ කියල. පින්වත් මහණෙනි, ඔහුගේ ඒ යම් උච්ඡේද දෘෂ්ටියක් ඇද්ද, ඒක සංස්කාරයක්. ඒ සංස්කාරය කුමක් මුල් කරගෙන තියෙන එකක්ද? කුමකින් හටගන්නා එකක්ද? කුමකින් ඉපදෙන එකක්ද? කුමකින් ප්‍රභවය වන එකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘථග්ජනයාට තණ්හාව ඉපදිලයි තියෙන්නේ. අන්න ඒ තණ්හාවෙනුයි ඒ සංස්කාරය හටගන්නේ. නමුත් පින්වත් මහණෙනි, ඔය සංස්කාරයත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. අර තණ්හාවත් ….(පෙ)…. ඒ විඳීමත් ….(පෙ)…. ඒ ස්පර්ශයත් ….(පෙ)…. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අවබෝධ කරගන්නා විට, ඔය විදිහට දකින විට මේ ජීවිතයේ දීම ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා.

න හේව ඛෝ රූපං අත්තතෝ සමනුපස්‌සති, න රූපවන්‌තං අත්‌තානං සමනුපස්සති, න අත්‌තනි රූපං සමනුපස්සති, න රූපස්‌මිං අත්‌තානං සමනුපස්‌සති. න වේදනං අත්තතෝ සමනුපස්‌සති, න වේදනාවන්‌තං අත්‌තානං සමනුපස්‌සති, න අත්‌තනි වේදනං සමනුපස්‌සති, න වේදනාය අත්තානං සමනුපස්‌සති. න සඤ්‌ඤං අත්තතෝ සමනුපස්‌සති, න සඤ්ඤාවන්තං අත්තානං සමනුපස්‌සති. න අත්තනි සඤ්ඤං සමනුපස්‌සති, න සඤ්ඤාය අත්තානං සමනුපස්සති. න සංඛාරේ අත්තතෝ සමනුපස්සති. න සංඛාරවන්‌තං අත්‌තානං සමනුපස්‌සති, න අත්‌තනි සංඛාරේ සමනුපස්‌සති, න සංඛාරේසු අත්‌තානං සමනුපස්‌සති. න විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, න විඤ්‌ඤාණවන්‌තං අත්‌තානං සමනුපස්සති. න අත්‌තනි විඤ්‌ඤාණං සමනුපස්සති. න විඤ්‌ඤාණස්‌මිං අත්‌තානං සමනුපස්‌සති.

ඔහු රූපය ආත්මය වශයෙන් දකින්නෙත් නෑ. රූපයෙන් නිර්මිත ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ආත්මය තුළ රූපයක් ඇතැයි දකින්නෙත් නෑ. රූපය තුළ ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. වේදනාව ආත්මය වශයෙන් දකින්නෙත් නෑ. වේදනාවෙන් නිර්මිත ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ආත්මය තුළ වේදනාවක් ඇතැයි දකින්නෙත් නෑ. වේදනාව තුළ ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. සඤ්ඤාව ආත්මය වශයෙන් දකින්නෙත් නෑ. සඤ්ඤාවෙන් නිර්මිත ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ආත්මය තුළ සඤ්ඤාවක් ඇතැයි දකින්නෙත් නෑ. සඤ්ඤාව තුළ ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. සංස්කාර ආත්මය වශයෙන් දකින්නෙත් නෑ. සංස්කාරවලින් නිර්මිත ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ආත්මය තුළ සංස්කාර ඇතැයි දකින්නෙත් නෑ. සංස්කාර තුළ ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. විඤ්ඤාණය ආත්මය වශයෙන් දකින්නෙත් නෑ. විඤ්ඤාණයෙන් නිර්මිත ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ. ආත්මය තුළ විඤ්ඤාණය ඇතැයි දකින්නෙත් නෑ. විඤ්ඤාණය තුළ ආත්මයක් ඇතැයි දකින්නෙත් නෑ.

නා’පි ඒවංදිට්‌ඨි හෝති. සෝ අත්‌තා සෝ ලෝකෝ, සෝ පෙච්‌ච භවිස්‌සාමි නිච්‌චෝ ධුවෝ සස්‌සතෝ අවිපරිණාමධම්‌මෝති. නා’පි ඒවංදිට්‌ඨි හෝති. නෝ චස්‌සං නෝ ච මේ සියා, න භවිස්‌සාමි න මේ භවිස්‌සතීති. අපි ච ඛෝ කංඛී හෝති වේචිකිච්‌ඡී අනිට්‌ඨංගතෝ සද්‌ධම්‌මේ. යා ඛෝ පන සා භික්ඛවේ, කං‌ඛිතා වේචිකිච්‌ඡිතා අනිට්‌ඨං‌ගතතා සද්‌ධම්‌මේ සංඛාරෝ සෝ. සෝ පන සංඛාරෝ කින්නිදානෝ කිංසමුදයෝ කිඤ්ජාතිකෝ කිම්පභවෝ? අවිජ්‌ජාසම්‌ඵස්‌සජේන භික්ඛවේ, වේදයිතේන ඵුට්‌ඨස්‌ස අස්‌සුතවතෝ පුථුජ්‌ජනස්‌ස උප්‌පන්‌නා තණ්‌හා. තතෝජෝ සෝ සංඛාරෝ. ඉති ඛෝ භික්ඛවේ, සෝපි සංඛාරෝ අනිච්චෝ සංඛතෝ පටිච්‌චසමුප්‌පන්‌නෝ. සාපි තණ්‌හා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. සාපි වේදනා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. සෝපි ඵස්‌සෝ අනිච්චෝ සංඛතෝ පටිච්‌චසමුප්‌පන්‌නෝ. සාපි අවිජ්‌ජා අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා. ඒවං පි ඛෝ භික්ඛවේ, ජානතෝ ඒවං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝතීති.

‘ඒක තමයි ආත්මය. ඒක තමයි ලෝකය. ඒ මම පරලොවදී නිත්‍ය වෙනවා. ස්ථිර වෙනවා. සදාකාලික වෙනවා. නොවෙනස් වෙන ස්වභාවයට පත්වෙනවා’ කියන දෘෂ්ටියත් නෑ. ‘මම හිටියෙ නැත්නම් මට මේ මොකවත් නෑ. මං අනාගතයේ නැත්නම් අනාගතයේත් කිසිවක් ම නෑ’ කියන දෘෂ්ටියත් නෑ. නමුත් ඔහුට සැක ඇතිවෙනවා. විචිකිච්ඡාව ඇතිවෙනවා. සද්ධර්මය තුළ ස්ථාවරබවට පත්වෙලා නෑ. පින්වත් මහණෙනි, යම් සැකයක් ඇද්ද, විචිකිච්ඡාවක් ඇද්ද, සද්ධර්මය තුළ නිෂ්ඨාවට පත් නොවුණ බවක් ඇද්ද, ඒකත් සංස්කාරයක්. ඒ සංස්කාරය කුමක් මුල් කරගෙන තියෙන එකක්ද? කුමකින් හටගන්නා එකක්ද? කුමකින් ඉපදෙන එකක්ද? කුමකින් ප්‍රභවය වන එකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගන්නා විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘථග්ජනයාට තණ්හාව ඉපදිලයි තියෙන්නේ. අන්න ඒ තණ්හාවෙනුයි ඒ සංස්කාරය හටගන්නේ. නමුත් පින්වත් මහණෙනි, ඔය සංස්කාරයත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. අර තණ්හාවත් ….(පෙ)…. ඒ විඳීමත් ….(පෙ)…. ඒ ස්පර්ශයත් ….(පෙ)…. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි. හේතුඵල දහමින් සකස් වුණ දෙයක්. පටිච්චසමුප්පාදයෙන් සකස් වුණ දෙයක්. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අවබෝධ කරගන්නා විට, ඔය විදිහට දකිනා විට මේ ජීවිතයේ දීම ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා.

සාදු! සාදු!! සාදු!!!

පාරිලෙය්‍යක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M