සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.3.6. සීහෝපම සුත්තං

1.2.3.6. සිංහයා උපමා කොට වදාළ දෙසුම

78. සාවත්ථියං.

78. සැවැත් නුවරදී …………………..

සීහෝ භික්ඛවේ, මිගරාජා සායන්‌හසමයං ආසයා නික්‌ඛමති. ආසයා නික්‌ඛමිත්‌වා විජම්‌භති. විජම්‌භිත්‌වා සමන්‌තා චතුද්‌දිසා අනුවිලෝකේති. සමන්‌තා චතුද්‌දිසා අනුවිලෝකෙත්‌වා තික්‌ඛත්‌තුං සීහනාදං නදති. තික්‌ඛත්‌තුං සීහනාදං නදිත්‌වා ගෝචරාය පක්‌කමති.

පින්වත් මහණෙනි, සිව්පාවුන්ගේ රජා වන සිංහයා හවස් යාමේදී තම වාසස්ථානයෙන් එළියට එනවා. වාසයෙන් එළියට ඇවිත් කේසර සොළවමින් ඇඟමැලි කඩනවා. කේසර සොළවමින් ඇඟමැලි කඩලා හාත්පස සතර දිශාවම හොඳ විපරමින් බලනවා. හාත්පස සතර දිශාවම හොඳ විපරමින් බලලා තුන් වරක් සිංහනාද කරනවා. තුන්වරක් සිංහනාද කරලා ගොදුරු සෙවීමට නික්මිලා යනවා.

යේ කේචි භික්ඛවේ, තිරච්‌ඡානගතා පාණා සීහස්‌ස මිගරඤ්‌ඤෝ නදතෝ සද්‌දං සුණන්‌ති. යේභුය්‍යේන භයං සන්‌තාසං සංවේගං ආපජ්‌ජන්‌ති. බිලං බිලාසයා පවිසන්‌ති. දකං දකාසයා පවිසන්‌ති. වනං වනාසයා පවිසන්‌ති. ආකාසං පක්‌ඛිනෝ භජන්‌ති. යේපි තේ භික්ඛවේ, රඤ්‌ඤෝ නාගා ගාමනිගමරාජධානීසු දළ්‌හේහි වරත්‌තේහි බද්‌ධා, තේපි තානි බන්‌ධනානි සඤ්‌ඡින්‌දිත්‌වා සම්‌පදාලෙත්‌වා භීතා මුත්‌තකරීසං චජමානා යේන වා තේන වා පලායන්‌ති. ඒවං මහිද්‌ධිකෝ ඛෝ භික්ඛවේ, සීහෝ මිගරාජා තිරච්‌ඡානගතානං පාණානං, ඒවං මහේසක්‌ඛෝ ඒවං මහානුභාවෝ.

එතකොට පින්වත් මහණෙනි, යම්කිසි තිරිසන්ගත ප්‍රාණීන් ඉන්නවා නම් ඔවුන්ට මිගරාජ වූ සිංහයා නද දෙන ශබ්දය ඇහෙනවා. එතකොට ඔවුන් පුදුමාකාර භයකට, සන්ත්‍රාසයකට, සංවේගයකට පත්වෙනවා. ඊට පස්සේ ගුල්වල ඉන්න සතුන් ගුල්වලට රිංගනවා. ජලයේ ඉන්න සතුන් ජලය තුළට වදිනවා. වනයේ ඉන්න සතුන් වනයට රිංගනවා. කුරුල්ලන් අහසට ඉගිල්ලෙනවා. පින්වත් මහණෙනි, ගම් නියම්ගම් රාජධානිවල රාජකීය ඇතුන් ඉන්නවා. ඔවුන් දැඩි වරපටින් බැඳලයි ඉන්නේ. ඔවුන් පවා භීතියට පත්වෙලා ඒ වරපට බන්ධන සිඳබිඳ දමා මල මූත්‍ර පහ කරගෙන හිස් ලූ ලූ අත පලා දුවනවා. පින්වත් මහණෙනි, මිගරාජ වූ සිංහයා කියන්නේ තිරිසන්ගත සතුන් අතර ඔය විදිහේ මහා ඉර්ධිමත් සතෙක්. ඔය විදිහේ මහේශාක්‍ය සතෙක්. ඔය විදිහේ මහානුභාව ඇති සතෙක්.

ඒවමේව ඛෝ භික්ඛවේ, යදා තථාගතෝ ලෝකේ උප්‌පජ්‌ජති අරහං සම්‌මාසම්බුද්ධෝ විජ්‌ජාචරණසම්‌පන්‌නෝ සුගතෝ ලෝකවිදූ අනුත්‌තරෝ පුරිසදම්‌මසාරථි සත්‌ථා දේවමනුස්‌සානං බුද්‌ධෝ භගවා. සෝ ධම්‌මං දේසේති. ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයෝ, ඉති රූපස්‌ස අත්ථංගමෝ. ඉති වේදනා ….(පෙ)…. ඉති සඤ්‌ඤා ….(පෙ)…. ඉති සංඛාරා ….(පෙ)…. ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයෝ, ඉති විඤ්‌ඤාණස්‌ස අත්ථංගමෝ.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි, අරහත් වූ සම්මා සම්බුදු වූ විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදූ වූ අනුත්තර පුරිසදම්ම සාරථී වූ සත්ථා දේවමනුස්සානං වූ බුද්ධ වූ භගවත් වූ තථාගතයන් වහන්සේ යම් කලෙක ලෝකයෙහි පහළ වෙනවාද, අන්න ඒ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. ‘මෙයයි රූපය. මෙයයි රූපයේ හටගැනීම. මෙයයි රූපයේ නැති වී යෑම. මෙයයි වේදනාව ….(පෙ)…. මෙයයි සඤ්ඤාව ….(පෙ)…. මෙයයි සංස්කාර ….(පෙ)…. මෙයයි විඤ්ඤාණය. මෙයයි විඤ්ඤාණයේ හටගැනීම. මෙයයි විඤ්ඤාණයේ නැති වී යෑම’ කියලා.

යේපි තේ භික්ඛවේ, දේවා දීඝායුකා වණ්‌ණවන්‌තෝ සුඛබහුලා උච්‌චේසු විමානේසු චිරට්‌ඨිතිකා, තේපි තථාගතස්‌ස ධම්‌මදේසනං සුත්‌වා යේභුය්‍යේන භයං සන්‌තාසං සංවේගං ආපජ්‌ජන්‌ති. අනිච්‌චාව කිර භෝ මයං සමානා නිච්‌චම්‌හාති අමඤ්‌ඤිම්‌හ. අද්‌ධුවාව කිර භෝ මයං සමානා ධුවම්‌හාති අමඤ්‌ඤිම්‌හ. අසස්‌සතාව කිර භෝ මයං සමානා සස්‌සතම්‌හාති අමඤ්‌ඤිම්‌හ. මයම්‌පි කිර භෝ අනිච්‌චා අද්‌ධුවා අසස්‌සතා සක්‌කායපරියාපන්‌නාති.

එතකොට පින්වත් මහණෙනි, දීර්ඝ ආයුෂ තියෙන යම් දෙවිවරු ඉන්නවා. ඔවුන් හරි පැහැපත්. සැප බහුලයි. උසස් දිව්‍ය විමානවල බොහෝ කාලයක් තිස්සේ ඉන්න උදවිය. තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔවුන් පවා පුදුමාකාර විදිහට භයට පත්වෙනවා. තැති ගැනීමට පත්වෙනවා. සංවේගයට පත්වෙනවා. ‘අහෝ! භවත්නි, අපි අනිත්‍ය වෙලා ඉඳගෙනමයි නිත්‍යයි කියල හිතාගෙන හිටියේ. අහෝ! භවත්නි, අපි අස්ථිරව ඉඳගෙනමයි ස්ථිරයි කියල හිතාගෙන හිටියේ. අහෝ! භවත්නි, අපි සදාකාලික නොවී ඉඳගෙනමයි සදාකාලිකයි කියල හිතාගෙන හිටියේ. අහෝ! භවත්නි, අපිත් එහෙනම් අනිත්‍යයි! අස්ථිරයි! අශාස්වතයි! පංච උපාදානස්කන්ධය තුළයි ඉන්නේ!’ කියලා.

ඒවං මහිද්‌ධිකෝ ඛෝ භික්ඛවේ, තථාගතෝ සදේවකස්‌ස ලෝකස්‌ස, ඒවං මහේසක්‌ඛෝ ඒවං මහානුභාවෝති. ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්‌ථා.

පින්වත් මහණෙනි, සදේවක ලෝකය අතර තථාගතයන් වහන්සේ ඔය විදිහට මහා ඉර්ධිවන්තයි. මහේශාක්‍යයි. මහානුභාව සම්පන්නයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙකරුණ ද වදාළා.

යදා බුද්‌ධෝ අභිඤ්‌ඤාය, ධම්‌මචක්‌කං පවත්‌තයි
සදේවකස්‌ස ලෝකස්‌ස, සත්‌ථා අප්‌පටිපුග්ගලෝ

1. යම් දවසක බුදුරජාණන් වහන්සේ ඒ විශිෂ්ට ඤාණයෙන් යුතුව ධර්ම චක්‍රය මැනැවින් වදාරණ සේක් ද, උන්වහන්සේ සදේවක ලෝකයා අතර ශාස්තෘන් වහන්සේ ය. ඒ හා සමාන පුද්ගලයෙක් ලෝකයෙහි නැත්තේම ය.

සක්‌කායඤ්‌ච නිරෝධඤ්‌ච, සක්‌කායස්‌ස ච සම්‌භවං
අරියං චට්‌ඨංගිකං මග්‌ගං, දුක්‌ඛූපසමගාමිනං

2. පංච උපාදානස්කන්ධය නම් වූ සක්කායත්, එය නිරුද්ධ වීමත්, එම පංච උපාදානස්කන්ධ නම් වූ සක්කායේ හටගැනීමත්, සියලු දුක් සංසිඳීම පිණිස පවතින්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වදාරණ සේක.

යේපි දීඝායුකා දේවා, වණ්‌ණවන්‌තෝ යසස්‌සිනෝ
භීතා සන්‌තාසමාපාදුං, සීහස්‌සේවිතරේ මිගා

3. එතකොට යම් ඒ දීර්ඝ ආයුෂ ඇති පැහැපත් වූ යසස් ඇති දෙවිවරු ඉන්නවා. ඔවුන් භයට පත්වෙනවා. තැති ගැනීමට පත්වෙනවා. සිංහනාදයෙන් කම්පිත වන්නා වූ අනෙක් සිව්පාවන් වැනිය.

අවීතිවත්‌තා සක්‌කායං, අනිච්‌චා කිර භෝ මයං
සුත්‌වා අරහතෝ වාක්‍යං, විප්‌පමුත්‌තස්‌ස තාදිනෝති

4. අහෝ භවත්නි! මේ පංච උපාදානස්කන්ධ සක්කාය අපි ඉක්මවා ගිහින් නෑ. අටලෝ දහමින් කම්පා නොවන සක්කායෙන් මැනැවින් නිදහස් වූ අරහත් වූ සම්බුදුරජුන්ගේ වාක්‍ය අහලයි අපි මේවා දැනගත්තේ.

සාදු! සාදු!! සාදු!!!

සීහෝපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M