සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.3.5. දුතිය අරහන්ත සුත්තං

1.2.3.5. රහතන් වහන්සේ ගැන වදාළ දෙවෙනි දෙසුම

77. සාවත්ථියං.

77. සැවැත් නුවරදී ……………………….

රූපං භික්ඛවේ, අනිච්‌චං. යදනිච්‌චං තං දුක්‌ඛං. යං දුක්‌ඛං තදනත්‌තා. යදනත්‌තා තං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. වේදනා අනිච්චා ….(පෙ)…. සඤ්ඤා අනිච්චා ….(පෙ)…. සංඛාරා අනිච්චා ….(පෙ)…. විඤ්ඤාණං අනිච්‌චං. යදනිච්‌චං තං දුක්‌ඛං. යං දුක්‌ඛං තදනත්‌තා. යදනත්‌තා තං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

පින්වත් මහණෙනි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්. යමක් දුක නම් ඒක අනාත්මයි. යමක් අනාත්ම නම් ‘ඒක මගේ නොවෙයි, ඒක මමත් නොවෙයි, ඒක මගේ ආත්මයත් නොවෙයි’ කියල ඔන්න ඔය ආකාරයට දියුණු කරපු ප්‍රඥාවෙන් සැබෑ තත්වය අවබෝධ කරගත යුතුයි. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්. යමක් දුක නම් ඒක අනාත්මයි. යමක් අනාත්ම නම් ‘ඒක මගේ නොවෙයි, ඒක මමත් නොවෙයි, ඒක මගේ ආත්මයත් නොවෙයි’ කියල ඔන්න ඔය ආකාරයට දියුණු කරපු ප්‍රඥාවෙන් සැබෑ තත්වය අවබෝධ කරගත යුතුයි.

ඒවං පස්‌සං භික්ඛවේ, සුතවා අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, වේදනායපි නිබ්‌බින්‌දති, සඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, සංඛාරේසුපි නිබ්‌බින්‌දති, විඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති. විරාගා විමුච්‌චති. විමුත්‌තස්‌මිං විමුත්‌තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායාති පජානාති.

පින්වත් මහණෙනි. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. අවබෝධයෙන්ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත නිදහස් වෙන කොටම ‘නිදහස් වුණා’ කියල අවබෝධ ඥානය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.

යාවතා භික්ඛවේ, සත්‌තාවාසා, යාවතා භවග්‌ගං, ඒතේ අග්‌ගා ඒතේ සෙට්‌ඨා ලෝකස්‌මිං යදිදං අරහන්‌තෝති.

පින්වත් මහණෙනි, යම්තාක් සත්වයන්ගේ වාසස්ථාන තියෙනවා ද, යම්තාක් භවාග්‍ර තියෙනවා ද, ඒ තාක් ලෝකයෙහි අග්‍ර වන්නේත්, ශ්‍රේෂ්ඨ වන්නේත්, මුන්වහන්සේලා ම ය. එනම්, රහතන් වහන්සේලායි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අරහන්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M