සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.3.4. පඨම අරහන්ත සුත්තං

1.2.3.4. රහතන් වහන්සේ ගැන වදාළ පළමු දෙසුම

76. සාවත්ථියං.

76. සැවැත් නුවරදී ……….

රූපං භික්ඛවේ, අනිච්‌චං. යදනිච්‌චං තං දුක්‌ඛං. යං දුක්‌ඛං තදනත්‌තා. යදනත්‌තා තං නේතං මම , නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං අනිච්‌චං. යදනිච්‌චං තං දුක්‌ඛං. යං දුක්‌ඛං තදනත්‌තා. යදනත්‌තා තං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

පින්වත් මහණෙනි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්. යමක් දුක නම් ඒක අනාත්මයි. යමක් අනාත්ම නම් ‘ඒක මගේ නොවෙයි, ඒක මමත් නොවෙයි, ඒක මගේ ආත්මයත් නොවෙයි’ කියල ඔන්න ඔය ආකාරයට දියුණු කරපු ප්‍රඥාවෙන් සැබෑ තත්වය අවබෝධ කරගත යුතුයි. වේදනාව ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්. යමක් දුක නම් ඒක අනාත්මයි. යමක් අනාත්ම නම් ‘ඒක මගේ නොවෙයි, ඒක මමත් නොවෙයි, ඒක මගේ ආත්මයත් නොවෙයි’ කියල ඔන්න ඔය ආකාරයට දියුණු කරපු ප්‍රඥාවෙන් සැබෑ තත්වය අවබෝධ කරගත යුතුයි.

ඒවං පස්‌සං භික්ඛවේ, සුතවා අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, වේදනායපි නිබ්‌බින්‌දති, සඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, සංඛාරේසුපි නිබ්‌බින්‌දති, විඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති. විරාගා විමුච්‌චති. විමුත්‌තස්‌මිං විමුත්‌තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායාති පජානාති.

පින්වත් මහණෙනි. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. අවබෝධයෙන්ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත නිදහස් වෙන කොටම ‘නිදහස් වුණා’ කියල අවබෝධ ඥානය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.

යාවතා භික්ඛවේ, සත්‌තාවාසා, යාවතා භවග්‌ගං, ඒතේ අග්‌ගා ඒතේ සෙට්‌ඨා ලෝකස්‌මිං යදිදං අරහන්‌තෝති. ඉදමවෝච භගවා. ඉදං වත්‌වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්‌ථා.

පින්වත් මහණෙනි, යම්තාක් සත්වයන්ගේ වාසස්ථාන තියෙනවාද, යම්තාක් භවාග්‍ර තියෙනවාද, ඒ තාක් ලෝකයෙහි අග්‍ර වන්නේත්, ශ්‍රේෂ්ඨ වන්නේත්, මුන්වහන්සේලා ම ය. එනම්, රහතන් වහන්සේලායි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙයද වදාළ සේක.

සුඛිනෝ වත අරහන්‌තෝ, තණ්‌හා තේසං න විජ්‌ජති
අස්‌මිමානෝ සමුච්‌ඡින්‌නෝ, මෝහජාලං පදාලිතං

1. ඒකාන්තයෙන්ම රහතන් වහන්සේලා තමයි සුව සේ ඉන්නෙ. උන්වහන්සේලා තුළ තණ්හාවක් නෑ. ‘මම වෙමි’යි යන අස්මිමානය මුලින්ම සිඳලයි ඉන්නේ. මෝහය නැමැති දැල පලා දමලයි ඉන්නේ.

අනේජං තේ අනුප්‌පත්‌තා, චිත්‌තං තේසං අනාවිලං
ලෝකේ අනුපලිත්‌තා තේ, බ්‍රහ්‌මභූතා අනාසවා

2. උන්වහන්සේලා තෘෂ්ණා රහිත වූ අරහත්වයට පත්වෙලයි ඉන්නේ. උන්වහන්සේලාගේ සිත කැළඹෙන්නෙ නෑ. උන්වහන්සේලා ලෝකය සමඟ තැවරෙන්නෙ නෑ. ශ්‍රේෂ්ඨ තත්වයට පත්වෙලයි ඉන්නේ. ආශ්‍රව රහිතවයි ඉන්නේ.

පඤ්‌චක්‌ඛන්‌ධේ පරිඤ්‌ඤාය, සත්‌ත සද්‌ධම්‌මගෝචරා
පාසංසියා සප්‌පුරිසා, පුත්‌තා බුද්‌ධස්‌ස ඕරසා

3. පංච උපාදානස්කන්ධයන් පිරිසිඳ අවබෝධ කරලයි ඉන්නේ. හිරි ඔත්තප්ප ආදී සද්ධර්මයන් හතක් මුල් කරගෙනයි ඉන්නේ. උන්වහන්සේලා ප්‍රශංසාවට සුදුසුයි. සත්පුරුෂයි. බුදුරජාණන් වහන්සේගේ ළයෙහි උපන් පුතණුවන් වහන්සේලායි.

සත්‌තරතනසම්‌පන්‌නා, තීසු සික්‌ඛාසු සික්‌ඛිතා
අනුවිචරන්‌ති මහාවීරා, පහීනභයභේරවා

4. බොජ්ඣංග ධර්ම නම් වූ මාණික්‍ය රත්න හතෙනුත් යුක්තයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මිලයි ඉන්නේ. භයභේරවයන් ප්‍රහීණ වෙලා ඉන්න ඒ මහාවීරයන් වහන්සේලා නිදහස් සිතින් සැරිසරා වඩිනවා.

දසහංගේහි සම්‌පන්‌නා, මහානාගා සමාහිතා
ඒතේ ඛෝ සෙට්‌ඨා ලෝකස්‌මිං, තණ්‌හා තේසං න විජ්‌ජති

5. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සම්මා ඤාණය හා සම්මා විමුක්තිය යන අංග දෙකත් කියන උතුම් අංග දහයෙන් සමන්විතයි. උන්වහන්සේලා මහා හස්ති රාජයන් වගෙයි. සමාහිත සිත් ඇතිව ඉන්නවා. මේ ලෝකය තුළ උන්වහන්සේලා තමයි ශ්‍රේෂ්ඨ. උන්වහන්සේලා තුළ තණ්හාවක් නෑ.

අසේඛඤාණං උප්‌පන්‌නං, අන්‌තිමෝයං සමුස්‌සයෝ
යෝ සාරෝ බ්‍රහ්‌මචරියස්‌ස, තස්‌මිං අපරපච්‌චයා

6. අසේඛ හෙවත් අරහත් ඤාණය උපදවාගෙනයි ඉන්නේ. අන්තිම සිරුර තමයි මේ දරාගෙන ඉන්නේ. මේ බඹසර වාසයෙහි යම් අරටුවක් ඇද්ද, ඒ අරහත්වය ලබාගෙන අන්‍ය උපකාර රහිතව වාසය කරනවා.

විධාසු න විකම්‌පන්‌ති, විප්‌පමුත්‌තා පුනබ්‌භවා
දන්‌තභූමිං අනුප්‌පත්‌තා, තේ ලෝකේ විජිතාවිනෝ

7. සෙය්‍යමාන ආදී මානයන්ට කම්පනය වෙන්නේ නෑ. පුනර්භවයෙන් මනා කොට නිදහස් වෙලයි ඉන්නේ. අරහත්වය නම් වූ දන්තභූමියට පත්වෙලයි ඉන්නේ. උන්වහන්සේලා තමයි ලෝකයෙහි මර සෙනඟ පරදවලා ජය අරගෙන ඉන්නේ.

උද්‌ධං තිරියං අපාචීනං, නන්දී තේසං න විජ්‌ජති
නදන්‌ති තේ සීහනාදං, බුද්‌ධා ලෝකේ අනුත්‌තරාති

8. උඩු අතට බැලුවත්, හරස් අතට බැලුවත්, යටට බැලුවත් ඒ කිසි තැනෙක තණ්හාවක් උන්වහන්සේලා තුළ නෑ. උන්වහන්සේලා සීහනාද පතුරන්නේ ‘ලෝකයෙහි බුදුවරයන් වහන්සේලා උත්තරීතරයි’ කියලා.

සාදු! සාදු!! සාදු!!!

පඨම අරහන්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M