69. සැවැත් නුවරදී ……….
එකල්හී එක්තරා භික්ෂුවක් ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේප වශයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනැවි. ….(පෙ)…. දහමට දිවි පුදා මාත් දහම තුළ හැසිරෙන්නම්.”
“පින්වත් භික්ෂුව, යමක් අනාත්ම වූ දෙයට අයත් නම් ඒ අනාත්ම වූ දෙයට අයත් දේ පිළිබඳව ඔබ තුළ ඇති කැමැත්ත ප්‍රහාණය කළ යුතුයි.”
“භාග්‍යවතුන් වහන්ස, මට අවබෝධ වුණා. සුගතයන් වහන්ස, මට අවබෝධ වුණා.”
“පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේප වශයෙන් පවසන ලද ධර්මය, ඔබ විසින් විස්තර වශයෙන් අරුත් අවබෝධ කරගත්තේ කොයි විදිහටද?”
“ස්වාමීනී, රූපය අනාත්ම වූ දෙයට අයිති දෙයක්. රූපය කෙරෙහි ඇති මගේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. වේදනාව අනාත්ම වූ දෙයට අයිති දෙයක් ….(පෙ)…. සඤ්ඤාව අනාත්ම වූ දෙයට අයිති දෙයක් ….(පෙ)…. සංස්කාර අනාත්ම වූ දෙයට අයිති දෙයක් ….(පෙ)…. විඤ්ඤාණය අනාත්ම වූ දෙයට අයිති දෙයක්. විඤ්ඤාණය කෙරෙහි ඇති මගේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේප වශයෙන් වදාරණ ලද්දා වූ ධර්මය, මං ඔන්න ඔය ආකාරයටයි විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත්තේ.”
“ඉතා හොඳයි, පින්වත් භික්ෂුව, ඉතා හොඳයි. පින්වත් භික්ෂුව මා විසින් සංක්ෂේප වශයෙන් පවසන ලද ධර්මය, ඔබ විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත් අයුරු ඉතාමත් යහපත් ය. පින්වත් භික්ෂුව, රූපය අනාත්ම වූ දෙයට අයිති දෙයක්. රූපය කෙරෙහි ඇති ඔබේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. වේදනාව අනාත්ම වූ දෙයට අයිති දෙයක් ….(පෙ)…. සඤ්ඤාව අනාත්ම වූ දෙයට අයිති දෙයක් ….(පෙ)…. සංස්කාර අනාත්ම වූ දෙයට අයිති දෙයක් ….(පෙ)…. විඤ්ඤාණය අනාත්ම වූ දෙයට අයිති දෙයක්. විඤ්ඤාණය කෙරෙහි ඇති ඔබේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේප වශයෙන් වදාරණ ලද්දා වූ ධර්මය, ඔබ විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත යුත්තේ ඔය විදිහට තමයි.”
එතකොට ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මාවවාදය සතුටින් පිළි අරගත්තා. ….(පෙ)…. ඒ භික්ෂුව එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.
සාදු! සාදු!! සාදු!!!
අනත්තනීය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M