සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.2.6. අනත්ත සුත්තං

1.2.2.6. අනාත්ම ගැන වදාළ දෙසුම

68. සාවත්ථියං.

68. සැවැත් නුවරදී ……….

අථ ඛෝ අඤ්ඤතරෝ භික්‌ඛු ….(පෙ)…. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ භික්‌ඛු භගවන්‌තං ඒතදවෝච. සාධු මේ භන්තේ, භගවා සංඛිත්‌තේන ධම්‌මං දේසේතු ….(පෙ)…. පහිතත්‌තෝ විහරෙය්‍යන්‌ති.

එකල්හී එක්තරා භික්ෂුවක් ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේප වශයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනැවි. ….(පෙ)…. දහමට දිවි පුදා මාත් දහම තුළ හැසිරෙන්නම්.”

යෝ ඛෝ භික්‌ඛු, අනත්‌තා. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝති.

“පින්වත් භික්ෂුව, යමක් අනාත්ම නම් ඒ අනාත්ම දේ පිළිබඳව ඔබ තුළ ඇති කැමැත්ත ප්‍රහාණය කළ යුතුයි.”

අඤ්‌ඤාතං භගවා. අඤ්‌ඤාතං සුගතාති.

“භාග්‍යවතුන් වහන්ස, මට අවබෝධ වුණා. සුගතයන් වහන්ස, මට අවබෝධ වුණා.”

යථාකථං පන ත්‌වං භික්‌ඛු, මයා සංඛිත්‌තේන භාසිතස්‌ස විත්ථාරේන අත්‌ථං ආජානාසීති?

“පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේප වශයෙන් පවසන ලද ධර්මය, ඔබ විසින් විස්තර වශයෙන් අරුත් අවබෝධ කරගත්තේ කොයි විදිහටද?”

රූපං ඛෝ භන්තේ, අනත්‌තා. තත්‍ර මේ ඡන්දෝ පහාතබ්බෝ. වේදනා අනත්තා ….(පෙ)…. සඤ්‌ඤා අනත්තා ….(පෙ)…. සංඛාරා අනත්තා ….(පෙ)…. විඤ්‌ඤාණං අනත්‌තා. තත්‍ර මේ ඡන්දෝ පහාතබ්බෝ. ඉමස්‌ස ඛෝ’හං භන්තේ, භගවතා සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්ථාරේන අත්‌ථං ආජානාමීති.

“ස්වාමීනී, රූපය තමයි අනාත්ම දෙය. රූපය කෙරෙහි ඇති මගේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. වේදනාව තමයි අනාත්ම දෙය ….(පෙ)…. සඤ්ඤාව තමයි අනාත්ම දෙය ….(පෙ)…. සංස්කාර තමයි අනාත්ම දෙය ….(පෙ)…. විඤ්ඤාණය තමයි අනාත්ම දෙය. විඤ්ඤාණය කෙරෙහි ඇති මගේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේප වශයෙන් වදාරණ ලද්දා වූ ධර්මය, මං ඔන්න ඔය ආකාරයටයි විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත්තේ.”

සාධු සාධු භික්‌ඛු. සාධු ඛෝ ත්‌වං භික්‌ඛු, මයා සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්ථාරේන අත්‌ථං ආජානාසි. රූපං ඛෝ භික්‌ඛු, අනත්‌තා. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං අනත්‌තා. තත්‍ර තේ ඡන්දෝ පහාතබ්බෝ. ඉමස්‌ස ඛෝ භික්‌ඛු, මයා සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්ථාරේන අත්ථෝ දට්ඨබ්බෝති.

“ඉතා හොඳයි, පින්වත් භික්ෂුව, ඉතා හොඳයි. පින්වත් භික්ෂුව මා විසින් සංක්ෂේප වශයෙන් පවසන ලද ධර්මය, ඔබ විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත් අයුරු ඉතාමත් යහපත් ය. පින්වත් භික්ෂුව, රූපය තමයි අනාත්ම දෙය. රූපය කෙරෙහි ඇති ඔබේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. වේදනාව තමයි අනාත්ම දෙය ….(පෙ)…. සඤ්ඤාව තමයි අනාත්ම දෙය ….(පෙ)…. සංස්කාර තමයි අනාත්ම දෙය ….(පෙ)…. විඤ්ඤාණය තමයි අනාත්ම දෙය. විඤ්ඤාණය කෙරෙහි ඇති ඔබේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේප වශයෙන් වදාරණ ලද්දා වූ ධර්මය, ඔබ විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත යුත්තේ ඔය විදිහට තමයි.”

අථ ඛෝ සෝ භික්‌ඛු භගවතෝ භාසිතං අභිනන්‌දිත්‌වා ….(පෙ)…. අඤ්ඤතරෝ ච පන සෝ භික්‌ඛු අරහතං අහෝසීති.

එතකොට ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මාවවාදය සතුටින් පිළි අරගත්තා. ….(පෙ)…. ඒ භික්ෂුව එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

සාදු! සාදු!! සාදු!!!

අනත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M