සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.2.1. උපාදිය සුත්තං

1.2.2.1. බැඳී යෑම ගැන වදාළ දෙසුම

63. සාවත්ථියං…..

63. සැවැත් නුවරදී …………..

අථ ඛෝ අඤ්ඤතරෝ භික්‌ඛු යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ භික්‌ඛු භගවන්‌තං ඒතදවෝච.

එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා.

සාධු මේ භන්තේ, භගවා සංඛිත්‌තේන ධම්‌මං දේසේතු. යමහං භගවතෝ ධම්‌මං සුත්‌වා ඒකෝ වූපකට්‌ඨෝ අප්‌පමත්‌තෝ ආතාපී පහිතත්‌තෝ විහරෙය්‍යන්‌ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනැවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරන්නට පුළුවනි.”

උපාදියමානෝ ඛෝ භික්‌ඛු බද්ධෝ මාරස්‌ස, අනුපාදියමානෝ මුත්‌තෝ පාපිමතෝති.

“පින්වත් භික්ෂුව, බැඳීමක් ඇති කරගත්තෝතින් බැඳී යන්නේ මාරයාට තමයි. නොබැඳීමක් ඇති කරගත්තෝතින් නිදහස් වෙන්නේ පවිටු මාරයාගෙනුයි.”

අඤ්‌ඤාතං භගවා, අඤ්‌ඤාතං සුගතාති.

“භාග්‍යවතුන් වහන්ස, මට අවබෝධ වුණා. සුගතයන් වහන්ස, මට අවබෝධ වුණා.”

යථාකථං පන ත්‌වං භික්‌ඛු, මයා සංඛිත්‌තේන භාසිතස්‌ස විත්ථාරේන අත්‌ථං ආජානාසීති?

“පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේප වශයෙන් පවසන ලද ධර්මය, ඔබ විසින් විස්තර වශයෙන් අරුත් අවබෝධ කරගත්තේ කොයි විදිහටද?”

රූපං ඛෝ භන්තේ, උපාදියමානෝ බද්ධෝ මාරස්‌ස. අනුපාදියමානෝ මුත්‌තෝ පාපිමතෝ. වේදනං උපාදියමානෝ බද්ධෝ මාරස්‌ස. අනුපාදියමානෝ මුත්‌තෝ පාපිමතෝ. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ උපාදියමානෝ බද්ධෝ මාරස්‌ස. අනුපාදියමානෝ මුත්‌තෝ පාපිමතෝ. විඤ්‌ඤාණං උපාදියමානෝ බද්ධෝ මාරස්‌ස. අනුපාදියමානෝ මුත්‌තෝ පාපිමතෝ. ඉමස්‌ස ඛ්වාහං භන්තේ, භගවතා සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්ථාරේන අත්‌ථං ආජානාමීති.

“ස්වාමීනී, රූපයට බැඳීමක් ඇති කරගත්තොත් තමයි, මාරයාට බැඳිලා යන්නේ. රූපය කෙරෙහි නොබැඳීමක් ඇති කරගත්තොත් තමයි, පවිටු මාරයාගෙන් නිදහස් වෙන්නේ. වේදනාවට බැඳීමක් ඇති කරගත්තොත් තමයි, මාරයාට බැඳිලා යන්නේ. වේදනාව කෙරෙහි නොබැඳීමක් ඇති කරගත්තොත් තමයි, පවිටු මාරයාගෙන් නිදහස් වෙන්නේ. සඤ්ඤාවට ….(පෙ)…. සංස්කාරවලට බැඳීමක් ඇති කරගත්තොත් තමයි, මාරයාට බැඳිලා යන්නේ. සංස්කාර කෙරෙහි නොබැඳීමක් ඇති කරගත්තොත් තමයි, පවිටු මාරයාගෙන් නිදහස් වෙන්නේ. විඤ්ඤාණයට බැඳීමක් ඇති කරගත්තොත් තමයි, මාරයාට බැඳිලා යන්නේ. විඤ්ඤාණය කෙරෙහි නොබැඳීමක් ඇති කරගත්තොත් තමයි, පවිටු මාරයාගෙන් නිදහස් වෙන්නේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේප වශයෙන් වදාරණ ලද්දා වූ ධර්මය, මං ඔන්න ඔය ආකාරයටයි විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත්තේ.”

සාධු සාධු භික්‌ඛු. සාධු ඛෝ ත්‌වං භික්‌ඛු, මයා සංඛිත්‌තේන භාසිතස්‌ස විත්ථාරේන අත්‌ථං ආජානාසි. රූපං ඛෝ භික්‌ඛු, උපාදියමානෝ බද්ධෝ මාරස්‌ස. අනුපාදියමානෝ මුත්‌තෝ පාපිමතෝ. වේදනං ….(පෙ)…. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ ….(පෙ)…. විඤ්‌ඤාණං උපාදියමානෝ බද්ධෝ මාරස්‌ස. අනුපාදියමානෝ මුත්‌තෝ පාපිමතෝ. ඉමස්‌ස ඛෝ භික්‌ඛු, මයා සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්ථාරේන අත්ථෝ දට්ඨබ්බෝති.

“ඉතා හොඳයි, පින්වත් භික්ෂුව, ඉතා හොඳයි. පින්වත් භික්ෂුව මා විසින් සංක්ෂේප වශයෙන් පවසන ලද ධර්මය ඔබ විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත් අයුරු ඉතාමත් යහපත් ය. පින්වත් භික්ෂුව, රූපයට බැඳීමක් ඇති කරගත්තොත් තමයි, මාරයාට බැඳිලා යන්නේ. රූපය කෙරෙහි නොබැඳීමක් ඇති කරගත්තොත් තමයි, පවිටු මාරයාගෙන් නිදහස් වෙන්නේ. වේදනාවට ….(පෙ)…. සඤ්ඤාවට ….(පෙ)…. සංස්කාරවලට ….(පෙ)…. විඤ්ඤාණයට බැඳීමක් ඇති කරගත්තොත් තමයි, මාරයාට බැඳිලා යන්නේ. විඤ්ඤාණය කෙරෙහි නොබැඳීමක් ඇති කරගත්තොත් තමයි, පවිටු මාරයාගෙන් නිදහස් වෙන්නේ. පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේප වශයෙන් වදාරණ ලද්දා වූ ධර්මය, ඔබ විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත යුත්තේ ඔය විදිහට තමයි.”

අථ ඛෝ සෝ භික්‌ඛු භගවතෝ භාසිතං අභිනන්‌දිත්‌වා අනුමෝදිත්‌වා උට්‌ඨායාසනා භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා පක්‌කාමි. අථ ඛෝ සෝ භික්‌ඛු ඒකෝ වූපකට්‌ඨෝ අප්‌පමත්‌තෝ ආතාපී පහිතත්‌තෝ විහරන්‌තෝ නචිරස්‌සේව යස්‌සත්‌ථාය කුලපුත්‌තා සම්මදේව අගාරස්‌මා අනගාරියං පබ්‌බජන්‌ති තදනුත්‌තරං බ්‍රහ්‌මචරියපරියෝසානං දිට්ඨේව ධම්‌මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායාති අබ්‌භඤ්‌ඤාසි. අඤ්ඤතරෝ ච පන සෝ භික්‌ඛු අරහතං අහෝසීති.

එතකොට ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මාවවාදය සතුටින් පිළි අරගත්තා. සතුටින් අනුමෝදන් වුණා. ආසනයෙන් නැගිටලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැදකුණු කරලා පිටත් වෙලා ගියා. ඉතින් ඒ භික්ෂුව හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන කොට යම් කුලපුත්‍රයෙක් යම්කිසි බලාපොරොත්තුවකින් ගිහි ජීවිතය අත්හැරලා බුදු සසුනේ පැවිදි වුණාද, අන්න ඒ උත්තරීතර බඹසර පූර්ණත්වය වන අමා නිවන මේ ජීවිතයෙහිදීම විශේෂ ඤාණයකින් යුතුව අවබෝධ කරගෙන එයට පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙමත් නම් වෙන උපතක් නැතැ’යි අවබෝධ වුණා. ඒ භික්ෂුව එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

සාදු! සාදු!! සාදු!!!

උපාදිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M