සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.1.9. ආදිත්ත සුත්තං

1.2.1.9. ගිනි ඇවිලී තිබීම ගැන වදාළ දෙසුම

61. සැවැත් නුවර දී …………………

පින්වත් මහණෙනි, රූපය ගිනි අරගෙනයි තියෙන්නේ. වේදනාව ගිනි අරගෙනයි තියෙන්නේ. සඤ්ඤාව ගිනි අරගෙනයි තියෙන්නේ. සංස්කාර ගිනි අරගෙනයි තියෙන්නේ. විඤ්ඤාණය ගිනි අරගෙනයි තියෙන්නේ.

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. අවබෝධයෙන් ම කළකිරුණු විට සිත ඇලෙන්නේ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත නිදහස් වෙන කොට ‘නිදහස් වුණා’ කියල අවබෝධ ඥානය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කර ගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇති වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

ආදිත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M