සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.1.7. පඤ්චවග්ගිය සුත්තං

1.2.1.7. පස්වග භික්ෂූන්ට අනාත්මය ගැන වදාළ දෙසුම

59. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. තත්‍ර ඛෝ භගවා පඤ්චවග්ගියේ භික්ඛූ ආමන්තේසි ‘භික්ඛවෝ’ති. ‘භදන්තේ’ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

59. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් මහණෙනි’යි කියා පස්වග භික්ෂූන් වහන්සේලා අමතා වදාළ සේක. පින්වතාණන් වහන්සැයි කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙම අනාත්ම ලක්ෂණ දේශනාව වදාළ සේක.

රූපං භික්ඛවේ අනත්තා. රූපඤ්ච හිදං භික්ඛවේ, අත්තා අභවිස්ස. නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය. ලබ්භේථ ච රූපේ, ඒවං මේ රූපං හෝතු. ඒවං මේ රූපං මා අහෝසීති. යස්මා ච ඛෝ භික්ඛවේ රූපං අනත්තා. තස්මා රූපං ආබාධාය සංවත්තති. න ච ලබ්භති රූපේ “ඒවං මේ රූපං හෝතු, ඒවං මේ රූපං මා අහෝසී”ති.

පින්වත් මහණෙනි, රූපය අනාත්මයි. ඉදින් පින්වත් මහණෙනි, මේ රූපය ආත්මයක් වූයේ නම් මේ රූපය ආබාධ පිණිස නොපවතින්නේය. රූපය කෙරෙහි ‘මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නොවේවා’යි කියා ලැබිය යුතු වන්නේය. එනමුත් පින්වත් මහණෙනි, යම් කරුණෙකින් රූපය අනාත්ම වෙයිද, එම නිසා රූපය ආබාධ පිණිස පවතින්නේය. රූපය කෙරෙහි ‘මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නොවේවා’යි කියා ලැබිය නොහැක්කේමය.

වේදනා භික්ඛවේ අනත්තා. වේදනාච හිදං භික්ඛවේ, අත්තා අභවිස්ස. නයිදං වේදනා ආබාධාය සංවත්තෙය්‍ය. ලබ්භේථ ච වේදනාය, ඒවං මේ වේදනා හෝතු. ඒවං මේ වේදනා මා අහෝසී”ති. යස්මා ච ඛෝ භික්ඛවේ වේදනා අනත්තා. තස්මා වේදනා ආබාධාය සංවත්තති. න ච ලබ්භති වේදනාය “ඒවං මේ වේදනා හෝතු, ඒවං මේ වේදනා මා අහෝසී”ති.

පින්වත් මහණෙනි, සැප, දුක් විඳීම අනාත්මයි. ඉදින් පින්වත් මහණෙනි, මේ සැප, දුක් විඳීම ආත්මයක් වූයේ නම් මේ සැප, දුක් විඳීම ආබාධ පිණිස නොපවතින්නේය. සැප, දුක් විඳීම කෙරෙහි ‘මාගේ සැප, දුක් විඳීම මෙසේ වේවා, මාගේ සැප, දුක් විඳීම මෙසේ නොවේවා’යි කියා ලැබිය යුතු වන්නේය. එනමුත් පින්වත් මහණෙනි, යම් කරුණෙකින් සැප, දුක් විඳීම අනාත්ම වෙයිද, එම නිසා සැප, දුක් විඳීම ආබාධ පිණිස පවතින්නේය. සැප, දුක් විඳීම කෙරෙහි ‘මාගේ සැප, දුක් විඳීම මෙසේ වේවා, මාගේ සැප, දුක් විඳීම මෙසේ නොවේවා’යි කියා ලැබිය නොහැක්කේමය.

සඤ්ඤා භික්ඛවේ අනත්තා. සඤ්ඤාච හිදං භික්ඛවේ, අත්තා අභවිස්ස. නයිදං සඤ්ඤා ආබාධාය සංවත්තෙය්‍ය. ලබ්භේථ ච සඤ්ඤාය ඒවං මේ සඤ්ඤා හෝතු. ඒවං මේ සඤ්ඤා මා අහෝසී”ති. යස්මා ච ඛෝ භික්ඛවේ සඤ්ඤා අනත්තා. තස්මා සඤ්ඤා ආබාධාය සංවත්තති. න ච ලබ්භති සඤ්ඤාය “ඒවං මේ සඤ්ඤා හෝතු, ඒවං මේ සඤ්ඤා මා අහෝසී”ති.

පින්වත් මහණෙනි, අරමුණු හඳුනාගැනීම අනාත්මයි. ඉදින් පින්වත් මහණෙනි, මේ අරමුණු හඳුනාගැනීම ආත්මයක් වූයේ නම් මේ අරමුණු හඳුනාගැනීම ආබාධ පිණිස නොපවතින්නේය. අරමුණු හඳුනාගැනීම කෙරෙහි ‘මාගේ අරමුණු හඳුනාගැනීම මෙසේ වේවා, මාගේ අරමුණු හඳුනාගැනීම මෙසේ නොවේවා’යි කියා ලැබිය යුතු වන්නේය. එනමුත් පින්වත් මහණෙනි, යම් කරුණෙකින් අරමුණු හඳුනාගැනීම අනාත්ම වෙයිද, එම නිසා අරමුණු හඳුනාගැනීම ආබාධ පිණිස පවතින්නේය. අරමුණු හඳුනාගැනීම කෙරෙහි ‘මාගේ අරමුණු හඳුනාගැනීම මෙසේ වේවා, මාගේ අරමුණු හඳුනාගැනීම මෙසේ නොවේවා’යි කියා ලැබිය නොහැක්කේමය.

සංඛාරා භික්ඛවේ අනත්තා. සංඛාරාච හිදං භික්ඛවේ, අත්තා අභවිස්සිංසු. නයිමේ සංඛාරා ආබාධාය සංවත්තෙය්‍යුං. ලබ්භේථ ච සංඛාරේසු ඒවං මේ සංඛාරා හොන්තු. ඒවං මේ සංඛාරා මා අහේසුන්ති. යස්මා ච ඛෝ භික්ඛවේ සංඛාරා අනත්තා. තස්මා සංඛාරා ආබාධාය සංවත්තන්ති. න ච ලබ්භති සංඛාරේසු “ඒවං මේ සංඛාරා හොන්තු, ඒවං මේ සංඛාරා මා අහේසුන්ති”.

පින්වත් මහණෙනි, චේතනා පහළ කිරීම අනාත්මයි. ඉදින් පින්වත් මහණෙනි, මේ චේතනා පහළ කිරීම ආත්මයක් වූයේ නම් මේ චේතනා පහළ කිරීම ආබාධ පිණිස නොපවතින්නේය. චේතනා පහළ කිරීම කෙරෙහි ‘මාගේ චේතනා පහළවීම මෙසේ වේවා, මාගේ චේතනා පහළවීම මෙසේ නොවේවා’යි කියා ලැබිය යුතු වන්නේය. එනමුත් පින්වත් මහණෙනි, යම් කරුණෙකින් චේතනා පහළ කිරීම අනාත්ම වෙයිද, එම නිසා චේතනා පහළ කිරීම ආබාධ පිණිස පවතින්නේය. චේතනා පහළ කිරීම කෙරෙහි ‘මාගේ චේතනා පහළවීම මෙසේ වේවා, මාගේ චේතනා පහළවීම මෙසේ නොවේවා’යි කියා ලැබිය නොහැක්කේමය.

විඤ්ඤාණං භික්ඛවේ අනත්තා. විඤ්ඤාණඤ්ච හිදං භික්ඛවේ, අත්තා අභවිස්ස. නයිදං විඤ්ඤාණං ආබාධාය සංවත්තෙය්‍ය. ලබ්භේථ ච විඤ්ඤාණේ ඒවං මේ විඤ්ඤාණං හෝතු. ඒවං මේ විඤ්ඤාණං මා අහෝසීති. යස්මා ච ඛෝ භික්ඛවේ විඤ්ඤාණං අනත්තා. තස්මා විඤ්ඤාණං ආබාධාය සංවත්තති. න ච ලබ්භති විඤ්ඤාණේ “ඒවං මේ විඤ්ඤාණං හෝතු, ඒවං මේ විඤ්ඤාණං මා අහෝසී”ති.

පින්වත් මහණෙනි, විඤ්ඤාණය අනාත්මයි. ඉදින් පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය ආත්මයක් වූයේ නම් මේ විඤ්ඤාණය ආබාධ පිණිස නොපවතින්නේය. විඤ්ඤාණය කෙරෙහි ‘මාගේ විඤ්ඤාණය මෙසේ වේවා, මාගේ විඤ්ඤාණය මෙසේ නොවේවා’යි කියා ලැබිය යුතු වන්නේය. එනමුත් පින්වත් මහණෙනි, යම් කරුණෙකින් විඤ්ඤාණය අනාත්ම වෙයිද, එම නිසා විඤ්ඤාණය ආබාධ පිණිස පවතින්නේය. විඤ්ඤාණය කෙරෙහි ‘මාගේ විඤ්ඤාණය මෙසේ වේවා, මාගේ විඤ්ඤාණය මෙසේ නොවේවා’යි කියා ලැබිය නොහැක්කේමය.

තං කිං මඤ්ඤථ භික්ඛවේ රූපං නිච්චං වා අනිච්චං වා’ ති? අනිච්චං භන්තේ. යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා ති? දුක්ඛං භන්තේ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා’ති? නෝ හේතං භන්තේ.

පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක් සිතව්ද? රූපය නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද? ස්වාමීනී, රූපය අනිත්‍යයි. ඉදින් යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකක් හෝ වෙයිද? සැපක් හෝ වෙයිද? ස්වාමීනී, එය දුකකි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයට අයිති නම් ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය’ යයි කියා දකින එක සුදුසු ද? ස්වාමීනී, එය සුදුසු නැත්තේමය.

වේදනා නිච්චා වා අනිච්චා වා’ ති? අනිච්චා භන්තේ. යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා ති? දුක්ඛං භන්තේ. යං පනානිච්චං, දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා’ති? නෝ හේතං භන්තේ.

සැප, දුක් විඳීම නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද? ස්වාමීනී, සැප, දුක් විඳීම අනිත්‍යයි. ඉදින් යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකක් හෝ වෙයිද? සැපක් හෝ වෙයිද? ස්වාමීනී, එය දුකකි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයට අයිති නම් ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය’ යයි කියා දකින එක සුදුසු ද? ස්වාමීනී, එය සුදුසු නැත්තේමය.

සඤ්ඤා නිච්චා වා අනිච්චා වා’ ති? අනිච්චා භන්තේ. යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’ ති? දුක්ඛං භන්තේ. යං පනානිච්චං, දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා’ති? නෝ හේතං භන්තේ.

අරමුණු හඳුනාගැනීම නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද? ස්වාමීනී, අරමුණු හඳුනාගැනීම අනිත්‍යයි. ඉදින් යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකක් හෝ වෙයිද? සැපක් හෝ වෙයිද? ස්වාමීනී, එය දුකකි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයට අයිති නම් ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය’ යයි කියා දකින එක සුදුසු ද? ස්වාමීනී, එය සුදුසු නැත්තේමය.

සංඛාරා නිච්චා වා අනිච්චා වා’ ති? අනිච්චා භන්තේ. යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’ ති? දුක්ඛං භන්තේ. යං පනානිච්චං, දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා’ති? නෝ හේතං භන්තේ.

චේතනා පහළ කිරීම නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද? ස්වාමීනී, චේතනා පහළ කිරීම අනිත්‍යයි. ඉදින් යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකක් හෝ වෙයිද? සැපක් හෝ වෙයිද? ස්වාමීනී, එය දුකකි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයට අයිති නම් ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය’ යයි කියා දකින එක සුදුසු ද? ස්වාමීනී, එය සුදුසු නැත්තේමය.

විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’ ති? අනිච්චං භන්තේ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’ ති? දුක්ඛං භන්තේ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා’ති? නෝ හේතං භන්තේ.

විඤ්ඤාණය නිත්‍ය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද? ස්වාමීනී, විඤ්ඤාණය අනිත්‍යයි. ඉදින් යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකක් හෝ වෙයිද? සැපක් හෝ වෙයිද? ස්වාමීනී, එය දුකකි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයට අයිති නම් ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය’ යයි කියා දකින එක සුදුසු ද? ස්වාමීනී, එය සුදුසු නැත්තේමය.

තස්මාතිහ භික්ඛවේ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා සබ්බං රූපං නේතං මම නේසෝහමස්මි න මේසෝ අත්තා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.

එම නිසා පින්වත් මහණෙනි, යම් කිසි රූපයක් අතීත හෝ වේවා, අනාගත හෝ වේවා, වර්තමාන හෝ වේවා, තමා තුළ වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, උත්තම වේවා, දුර හෝ ළඟ හෝ යම් රූපයක් වේවා ඒ සියලු රූප ‘මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’ යයි කියා මෙසේ මේ රූපයෙහි ඇති සත්‍ය ස්වභාවය දියුණු කළ නුවණින් දැකිය යුත්තේය.

යා කාචි වේදනා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තා වා බහිද්ධා වා ඕලාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරේ සන්තිකේ වා සබ්බා වේදනා නේතං මම නේසෝහමස්මි න මේසෝ අත්තා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.

යම් කිසි සැප, දුක් විඳීමක් අතීත හෝ වේවා, අනාගත හෝ වේවා, වර්තමාන හෝ වේවා, තමා තුළ වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, උත්තම වේවා, දුර හෝ ළඟ හෝ යම් සැප, දුක් විඳීමක් වේවා ඒ සියලු සැප, දුක් විඳීම් ‘මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’ යයි කියා මෙසේ මේ සැප දුක් විඳීමෙහි ඇති සත්‍ය ස්වභාවය දියුණු කළ නුවණින් දැකිය යුත්තේය.

යා කාචි සඤ්ඤා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තා වා බහිද්ධා වා ඕලාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරේ සන්තිකේ වා සබ්බා සඤ්ඤා නේතං මම නේසෝහමස්මි න මේසෝ අත්තා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.

යම් කිසි අරමුණු හඳුනාගැනීමක් අතීත හෝ වේවා, අනාගත හෝ වේවා, වර්තමාන හෝ වේවා, තමා තුළ වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, උත්තම වේවා, දුර හෝ ළඟ හෝ යම් අරමුණු හඳුනාගැනීමක් වේවා ඒ සියලු අරමුණු හඳුනාගැනීම් ‘මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’ යයි කියා මෙසේ මේ අරමුණු හඳුනාගැනීමෙහි ඇති සත්‍ය ස්වභාවය දියුණු කළ නුවණින් දැකිය යුත්තේය.

යේ කේචි සංඛාරා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තා වා බහිද්ධා වා ඕලාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යේ දූරේ සන්තිකේ වා සබ්බේ සංඛාරා නේතං මම නේසෝහමස්මි න මේසෝ අත්තා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.

යම් කිසි චේතනා පහළ කිරීමක් අතීත හෝ වේවා, අනාගත හෝ වේවා, වර්තමාන හෝ වේවා, තමා තුළ වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, උත්තම වේවා, දුර හෝ ළඟ හෝ යම් චේතනා පහළ කිරීමක් වේවා ඒ සියලු චේතනා පහළ කිරීම් ‘මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’ යයි කියා මෙසේ මේ චේතනා පහළ කිරීමෙහි ඇති සත්‍ය ස්වභාවය දියුණු කළ නුවණින් දැකිය යුත්තේය.

යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා සබ්බං විඤ්ඤාණං නේතං මම නේසෝහමස්මි න මේසෝ අත්තා’ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.

යම් කිසි විඤ්ඤාණයක් අතීත හෝ වේවා, අනාගත හෝ වේවා, වර්තමාන හෝ වේවා, තමා තුළ වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, උත්තම වේවා, දුර හෝ ළඟ හෝ යම් විඤ්ඤාණයක් වේවා ඒ සියලු විඤ්ඤාණ ‘මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’ යයි කියා මෙසේ මේ විඤ්ඤාණයෙහි ඇති සත්‍ය ස්වභාවය දියුණු කළ නුවණින් දැකිය යුත්තේය.

ඒවං පස්සං භික්ඛවේ සුතවා අරියසාවකෝ රූපස්මිම්පි නිබ්බින්දති, වේදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සංඛාරේසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හෝති “ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතී” ති.

කළකිරීම ඇති වූ විට ඒ කෙරෙහි ඇල්ම නැති වෙයි. ඇල්ම නැති වූ විට සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙයි. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුන කල්හි සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූයේ ය යන ඤාණය ඇතිවන්නේය. “ඉපදීම ක්ෂය වූයේය, නිවන් මග බඹසර වසන ලද්දේය. නිවන පිණිස කළයුතු දෙය කරන ලද්දේය. නිකෙලෙස් බව උදෙසා කළයුතු අනිකක් නැතැ”යි අවබෝධයෙන් ම දන්නේය.

ඉදමවෝච භගවා. අත්තමනා පඤ්චවග්ගියා භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ පඤ්චවග්ගියානං භික්ඛූනං අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චිංසූති.

භාග්‍යවතුන් වහන්සේ මෙම අනාත්ම ලක්ෂණ දේශනාව වදාළ සේක. අතිශයින්ම සතුටු සිත් ඇති පස්වග භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සතුටින් පිළිගත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම දේශනය වදාළ කල්හි පස්වග භික්ෂූන් වහන්සේලාගේ සිත් කෙලෙසුන්ගේ ග්‍රහණයකට හසු නොවී නිදහස් වී ගියේය.

සාදු! සාදු!! සාදු!!!

පඤ්චවග්ගීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M