සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.1.3. උදාන සුත්තං

1.2.1.3. උදානයක් මුල් කොට වදාළ දෙසුම

55. සාවත්ථියං….

55. සැවැත් නුවර දී …………….

තත්‍ර ඛෝ භගවා උදානං උදානේසි. නෝ චස්‌සං, නෝ ච මේ සියා, න භවිස්‌සති, න මේ භවිස්‌සතීති. ඒවං විමුච්‌චමානෝ භික්‌ඛු ඡින්‌දෙය්‍යෝරම්‌භාගියානි සංයෝජනානීති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ උදානයක් පහළ කළ සේක. ‘මම කියලා දෙයක් තිබුණෙ නැත්නම්, මගේ කියලා දෙයක් ඇතිවෙන්නේ නෑ. එහෙම දෙයක් අනාගතයට සකස් වෙන්නෙත් නැත්නම්, මගේ කියලා දෙයක් අනාගතයට හැදෙන්නේ නෑ. ඔය විදිහට භික්ෂුව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා යන කොට ඕරම්භාගීය සංයෝජන සිඳලා දානවා’ කියලා.

ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්‌ඛු භගවන්‌තං ඒතදවෝච. යථා කථං පන, භන්තේ, නෝ චස්‌සං, නෝ ච මේ සියා, න භවිස්‌සති, න මේ භවිස්‌සතීති. ඒවං විමුච්‌චමානෝ භික්‌ඛු ඡින්‌දෙය්‍යෝරම්‌භාගියානි සංයෝජනානීති?

ඔය විදිහට වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ අයුරින් අසා සිටියා. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ‘මම කියලා දෙයක් තිබුණෙ නැත්නම්, මගේ කියල දෙයක් ඇතිවෙන්නේ නෑ. එහෙම දෙයක් අනාගතයට සකස් වෙන්නේ නැත්නම්, මගේ කියල දෙයක් අනාගතයට හැදෙන්නෙත් නෑ. ඔය විදිහට භික්ෂුව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා යන කොට ඕරම්භාගීය සංයෝජන සිඳලා දානවා’ කියලා කියන කරුණ සිදුවන්නේ කොයි ආකාරයෙන්ද?”

ඉධ භික්‌ඛු, අස්‌සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකෝවිදෝ අරියධම්‌මේ අවිනීතෝ, සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකෝවිදෝ සප්‌පුරිසධම්‌මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්‌සති, රූපවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා රූපං, රූපස්‌මිං වා අත්‌තානං. වේදනං අත්තතෝ සමනුපස්‌සති, වේදනාවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා වේදනං, වේදනාය වා අත්‌තානං. සඤ්‌ඤං ….(පෙ)…. සංඛාරේ අත්තතෝ සමනුපස්‌සති, සංඛාරවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා සංඛාරේ, සංඛාරේසු වා අත්‌තානං. විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං. අත්‌තනි වා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං.

“පින්වත් භික්ෂුව, මෙකරුණෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්. ආර්ය ධර්මයට අදක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා නොදකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට අදක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණ කෙනෙක්. ඒ නිසා ඔහු (සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වූ) රූපය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි රූපය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ දකින්නේ ආත්මය තියෙන්නේ රූපය තුළයි කියලා. ඒ වගේ ම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) විඳීම ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ මුලාවෙන් දකින්නේ ආත්මය විඳීමෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි විඳීම තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ විඳීම තුළයි කියලා. සඤ්ඤාව ….(පෙ)…. ඒ වගේ ම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) සංස්කාර ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය සංස්කාරවලින් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි සංස්කාර තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ සංස්කර තුළයි කියලා. ඒ වගේ ම ඔහු (නාමරූපයෙන් හටගන්නා වූ) විඤ්ඤාණය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකිනවා. එක්කෝ ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය විඤ්ඤාණයෙන් හැදිච්ච එකක් කියලයි. එහෙම නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මයක් තුළ තමයි විඤ්ඤාණය තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔහු මුලාවෙන් දකින්නේ ආත්මය තියෙන්නේ විඤ්ඤාණය තුළයි කියලා.

සෝ අනිච්‌චං රූපං, අනිච්‌චං රූපන්‌ති යථාභූතං නප්‌පජානාති, අනිච්‌චං වේදනං අනිච්‌චා වේදනාති යථාභූතං නප්‌පජානාති, අනිච්‌චං සඤ්‌ඤං ….(පෙ)…. අනිච්චේ සංඛාරේ අනිච්‌චා සංඛාරාති යථාභූතං නප්‌පජානාති, අනිච්‌චං විඤ්‌ඤාණං අනිච්‌චං විඤ්‌ඤාණන්‌ති යථාභූතං නප්‌පජානාති.

ඒ පෘථග්ජනයා අනිත්‍ය වූ රූපය ‘අනිත්‍ය වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. අනිත්‍ය වූ වේදනාව ‘අනිත්‍ය වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. අනිත්‍ය වූ සඤ්ඤාව ….(පෙ)…. අනිත්‍ය වූ සංස්කාර ‘අනිත්‍ය වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. අනිත්‍ය වූ විඤ්ඤාණය ‘අනිත්‍ය වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ.

දුක්‌ඛං රූපං දුක්‌ඛං රූපන්‌ති යථාභූතං නප්‌පජානාති, දුක්‌ඛං වේදනං දුක්ඛා වේදනා ති යථාභූතං නප්පජානාති. දුක්‌ඛං සඤ්‌ඤං ….(පෙ)…. දුක්ඛේ සංඛාරේ දුක්ඛා සංඛාරාති යථාභූතං නප්පජානාති. දුක්‌ඛං විඤ්‌ඤාණං දුක්‌ඛං විඤ්‌ඤාණන්‌ති යථාභූතං නප්‌පජානාති.

ඒ පෘථග්ජනයා දුක් වූ රූපය ‘දුක් වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. දුක් වූ වේදනාව ‘දුක් වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. දුක් වූ සඤ්ඤාව ….(පෙ)…. දුක් වූ සංස්කාර ‘දුක් වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. දුක් වූ විඤ්ඤාණය ‘දුක් වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ.

අනත්‌තං රූපං අනත්‌තං රූපන්‌ති යථාභූතං නප්‌පජානාති, අනත්‌තං වේදනං අනත්‌තා වේදනාති යථාභූතං නප්‌පජානාති, අනත්‌තං සඤ්‌ඤං ….(පෙ)…. අනත්‌තේ සංඛාරේ අනත්‌තා සංඛාරාති යථාභූතං නප්‌පජානාති, අනත්‌තං විඤ්‌ඤාණං අනත්‌තං විඤ්‌ඤාණන්‌ති යථාභූතං නප්‌පජානාති.

ඒ පෘථග්ජනයා අනාත්ම වූ රූපය ‘අනාත්ම වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. අනාත්ම වූ වේදනාව ‘අනාත්ම වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. අනාත්ම වූ සඤ්ඤාව ….(පෙ)…. අනාත්ම වූ සංස්කාර ‘අනාත්ම වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. අනාත්ම වූ විඤ්ඤාණය ‘අනාත්ම වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ.

සංඛතං රූපං සංඛතං රූපන්‌ති යථාභූතං නප්‌පජානාති, සංඛතං වේදනං සංඛතා වේදනාති යථාභූතං නප්පජානාති. සංඛතං සඤ්‌ඤං ….(පෙ)…. සංඛතේ සංඛාරේ සංඛතා සංඛාරාති යථාභූතං නප්පජානාති. සංඛතං විඤ්‌ඤාණං සංඛතං විඤ්‌ඤාණන්‌ති යථාභූතං නප්‌පජානාති.

ඒ පෘථග්ජනයා සංඛත (හේතුඵල දහමින් සකස්) වූ රූපය ‘සංඛත වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. සංඛත වූ වේදනාව ‘සංඛත වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. සංඛත වූ සඤ්ඤාව ….(පෙ)…. සංඛත වූ සංස්කාර ‘සංඛත වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. සංඛත වූ විඤ්ඤාණය ‘සංඛත වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ.

රූපං විභවිස්‌සතීති යථාභූතං නප්‌පජානාති. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා විභවිස්‌සන්‌තීති යථාභූතං නප්පජානාති. විඤ්‌ඤාණං විභවිස්‌සතීති යථාභූතං නප්‌පජානාති.

ඒ පෘථග්ජනයා රූපය නැසී වැනසී යන්නේ ය යන කරුණ ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. වේදනාව නැසී වැනසී යන්නේ ය ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර නැසී වැනසී යන්නේ ය යන කරුණ ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ. විඤ්ඤාණය නැසී වැනසී යන්නේ ය යන කරුණ ඒ අයුරින් ම අවබෝධ කරගෙන නෑ.

සුතවා ච ඛෝ, භික්‌ඛු, අරියසාවකෝ අරියානං දස්‌සාවී අරියධම්‌මස්‌ස කෝවිදෝ අරියධම්‌මේ සුවිනීතෝ සප්‌පුරිසානං දස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස කෝවිදෝ සප්‌පුරිසධම්‌මේ සුවිනීතෝ න රූපං අත්තතෝ සමනුපස්‌සති. න රූපවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා රූපං, න රූපස්‌මිං වා අත්‌තානං. න වේදනං අත්තතෝ සමනුපස්‌සති, න වේදනාවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා වේදනං, න වේදනාය වා අත්‌තානං. න සඤ්‌ඤං ….(පෙ)…. න සංඛාරේ අත්තතෝ සමනුපස්‌සති, න සංඛාරවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා සංඛාරේ, න සංඛාරේසු වා අත්‌තානං. න විඤ්‌ඤාණං අත්තතෝ සමනුපස්‌සති, න විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං. න අත්‌තනි වා විඤ්‌ඤාණං, න විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං.

පින්වත් භික්ෂුව, මෙකරුණෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලා දකින කෙනෙක්. ආර්ය ධර්මයට දක්ෂ කෙනෙක්. ආර්ය ධර්මයෙහි හික්මුණ කෙනෙක්. සත්පුරුෂයන් වහන්සේලා දකින කෙනෙක්. සත්පුරුෂ ධර්මයට දක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධර්මයෙහි හික්මුණ කෙනෙක්. ඒ නිසා ඔහු (සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වූ) රූපය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඒ ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි රූපය තියෙන්නේ කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ රූපය තුළයි කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) විඳීම ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඒ ආත්මය විඳීමෙන් හැදිච්ච එකක් කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි විඳීම තියෙන්නේ කියලත් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ විඳීම තුළයි කියලා මුලාවෙන් දකින්නේ නෑ. සඤ්ඤාව ….(පෙ)…. ඒ වගේම ඔහු (ස්පර්ශයෙන් හටගන්නා වූ) සංස්කාර ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඒ ආත්මය සංස්කාරවලින් හැදිච්ච එකක් කියලත් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි සංස්කාර තියෙන්නේ කියලත් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ සංස්කාර තුළයි කියලත් දකින්නේ නෑ. ඒ වගේම ඔහු (නාමරූපයෙන් හටගන්නා වූ) විඤ්ඤාණය ආත්මයක් (තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි දෙයක්) වශයෙන් මුලාවෙන් දකින්නේ නෑ. ඒ වගේම ඒ ආත්මය විඤ්ඤාණයෙන් හැදිච්ච එකක් කියලත් දකින්නේ නෑ. ඒ වගේම ආත්මයක් තුළ තමයි විඤ්ඤාණය තියෙන්නේ කියලත් දකින්නේ නෑ. ඒ වගේම ඔහු ආත්මය තියෙන්නේ විඤ්ඤාණය තුළයි කියලත් දකින්නේ නෑ.

සෝ අනිච්‌චං රූපං අනිච්‌චං රූපන්‌ති යථාභූතං පජානාති. අනිච්‌චං වේදනං අනිච්චා වේදනාති ….(පෙ)…. අනිච්‌චං සඤ්‌ඤං ….(පෙ)…. අනිච්චේ සංඛාරේ අනිච්චා සංඛාරාති ….(පෙ)…. අනිච්‌චං විඤ්‌ඤාණං අනිච්‌චං විඤ්‌ඤාණන්‌ති යථාභූතං පජානාති.

ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා අනිත්‍ය වූ රූපය ‘අනිත්‍ය වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. අනිත්‍ය වූ වේදනාව ‘අනිත්‍ය වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. අනිත්‍ය වූ සඤ්ඤාව ….(පෙ)…. අනිත්‍ය වූ සංස්කාර ‘අනිත්‍ය වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. අනිත්‍ය වූ විඤ්ඤාණය ‘අනිත්‍ය වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා.

දුක්‌ඛං රූපං දුක්ඛං රූපන්ති යථාභූතං පජානාති. දුක්ඛං වේදනං ….(පෙ)…. දුක්ඛං සඤ්ඤං ….(පෙ)…. දුක්ඛේ සංඛාරේ ….(පෙ)…. දුක්‌ඛං විඤ්‌ඤාණං දුක්ඛං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති.

දුක් වූ රූපය ‘දුක් වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. දුක් වූ වේදනාව ‘දුක් වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. දුක් වූ සඤ්ඤාව ….(පෙ)…. දුක් වූ සංස්කාර ‘දුක් වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. දුක් වූ විඤ්ඤාණය ‘දුක් වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින්ම අවබෝධ කරගන්නවා.

අනත්‌තං රූපං අනත්‌තං රූපන්‌ති යථාභූතං පජානාති, අනත්‌තං වේදනං ….(පෙ)…. අනත්‌තං සඤ්‌ඤං ….(පෙ)…. අනත්‌තේ සංඛාරේ ….(පෙ)…. අනත්‌තං විඤ්‌ඤාණං අනත්‌තං විඤ්‌ඤාණන්‌ති යථාභූතං පජානාති.

අනාත්ම වූ රූපය ‘අනාත්ම වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. අනාත්ම වූ වේදනාව ‘අනාත්ම වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. අනාත්ම වූ සඤ්ඤාව ….(පෙ)…. අනාත්ම වූ සංස්කාර ‘අනාත්ම වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. අනාත්ම වූ විඤ්ඤාණය ‘අනාත්ම වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා.

සංඛතං රූපං සංඛතං රූපන්‌ති යථාභූතං පජානාති, සංඛතං වේදනං ….(පෙ)…. සංඛතං සඤ්‌ඤං ….(පෙ)…. සංඛතේ සංඛාරේ ….(පෙ)…. සංඛතං විඤ්‌ඤාණං සංඛතං විඤ්‌ඤාණන්‌ති යථාභූතං පජානාති.

සංඛත (හේතුඵල දහමින් සකස්) වූ රූපය ‘සංඛත වූ රූපයක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. සංඛත වූ වේදනාව ‘සංඛත වූ වේදනාවක්’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. සංඛත වූ සඤ්ඤාව ….(පෙ)…. සංඛත වූ සංස්කාර ‘සංඛත වූ සංස්කාර’ බව ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. සංඛත වූ විඤ්ඤාණය ‘සංඛත වූ විඤ්ඤාණයක්’ බව ඒ අයුරින් ම කරගන්නවා.

රූපං විභවිස්‌සතීති යථාභූතං පජානාති. වේදනා විභවිස්‌සතීති ….(පෙ)…. සඤ්‌ඤා විභවිස්‌සතීති ….(පෙ)…. සංඛාරා විභවිස්‌සන්තීති ….(පෙ)…. විඤ්‌ඤාණං විභවිස්‌සතීති යථාභූතං පජානාති.

රූපය නැසී වැනසී යන්නේ ය යන කරුණ ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. වේදනාව නැසී වැනසී යන්නේ ය ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර නැසී වැනසී යන්නේ ය යන කරුණ ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. විඤ්ඤාණය නැසී වැනසී යන්නේ ය යන කරුණ ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා.

සෝ රූපස්‌ස විභවා, වේදනාය විභවා, සඤ්‌ඤාය විභවා, සංඛාරානං විභවා, විඤ්‌ඤාණස්‌ස විභවා, ඒවං ඛෝ භික්‌ඛු ‘නෝ චස්‌සං, නෝ ච මේ සියා, න භවිස්‌සති, න මේ භවිස්‌සතී’ති. ඒවං විමුච්‌චමානෝ භික්‌ඛු ඡින්‌දෙය්‍යෝරම්‌භාගියානි සංයෝජනානීති.

පින්වත් භික්ෂුව, ඔහු රූපයේ නැසී වැනසී යෑම අවබෝධ කරගෙන, වේදනාවේ නැසී වැනසී යෑම අවබෝධ කරගෙන, සඤ්ඤාවේ නැසී වැනසී යෑම අවබෝධ කරගෙන, සංස්කාරවල නැසී වැනසී යෑම අවබෝධ කරගෙන, විඤ්ඤාණයේ නැසී වැනසී යෑම අවබෝධ කරගෙන, ‘මම කියලා දෙයක් තිබුණෙ නැත්නම්, මගේ කියල දෙයක් ඇතිවෙන්නේ නෑ. එහෙම දෙයක් අනාගතයට සකස් වෙන්නේ නැත්නම්, මගේ කියල දෙයක් අනාගතයට හැදෙන්නෙත් නෑ’ කියලා ඔය විදිහට භික්ෂුව නිදහස් වෙලා යන කොට ඕරම්භාගීය සංයෝජන සිඳලා යනවා නේද?”

ඒවං විමුච්‌චමානෝ භන්තේ, භික්‌ඛු ඡින්‌දෙය්‍යෝරම්‌භාගියානි සංයෝජනානීති.

“එසේය, ස්වාමීනී, ඔය විදිහට භික්ෂුව කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා යනකොට ඕරම්භාගීය සංයෝජන සිඳලා යනවා නම් තමයි.

කථං පන භන්තේ, ජානතෝ කථං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝතීති?

ස්වාමීනී, කොයි ආකාරයෙන් අවබෝධ කරන කොටද, කොයි ආකාරයෙන් දකින කොටද මේ ජීවිතයේදී ම ආශ්‍රවයන් ක්ෂය වෙලා යන්නේ?”

ඉධ භික්‌ඛු, අස්‌සුතවා පුථුජ්ජනෝ අතසිතායේ ඨානේ තාසං ආපජ්‌ජති. තාසෝ හේසෝ භික්‌ඛු අස්‌සුතවතෝ පුථුජ්‌ජනස්‌ස ‘නෝ චස්‌සං, නෝ ච මේ සියා, න භවිස්‌සති, න මේ භවිස්‌සතී’ති.

“පින්වත් භික්ෂුව, මෙකරුණෙහිලා අශ්‍රැතවත් පෘථග්ජනයා තැති නොගන්නා කරුණෙහි පවා තැතිගැනීමට පත්වෙනවා. පින්වත් භික්ෂුව, ‘මම කියලා දෙයක් තිබුණෙ නැත්නම්, මගේ කියල දෙයක් ඇතිවෙන්නේ නෑ. එහෙම දෙයක් අනාගතයට සකස් වෙන්නේ නැත්නම්, මගේ කියල දෙයක් අනාගතයට හැදෙන්නෙත් නෑ.’ කියන ඔය කරුණ අශ්‍රැතවත් පෘථග්ජනයාට තැති ගැනීමක් ම යි.

සුතවා ච ඛෝ භික්‌ඛු, අරියසාවකෝ අතසිතායේ ඨානේ න තාසං ආපජ්‌ජති. න හේසෝ භික්‌ඛු, තාසෝ සුතවතෝ අරියසාවකස්‌ස ‘නෝ චස්‌සං, නෝ ච මේ සියා, න භවිස්‌සති, න මේ භවිස්‌සතී’ති.

පින්වත් භික්ෂුව, මෙකරුණෙහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා තැති නොගන්නා කරුණෙහි තැතිගැනීමට පත්වෙන්නේ නෑ. පින්වත් භික්ෂුව, ‘මම කියලා දෙයක් තිබුණෙ නැත්නම්, මගේ කියල දෙයක් ඇතිවෙන්නේ නෑ. එහෙම දෙයක් අනාගතයට සකස් වෙන්නේ නැත්නම්, මගේ කියල දෙයක් අනාගතයට හැදෙන්නෙත් නෑ’ කියන ඔය කරුණ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට තැති ගැනීමක් නම් නොවෙයි.

රූපූපයං වා භික්‌ඛු, විඤ්‌ඤාණං තිට්‌ඨමානං තිට්‌ඨෙය්‍ය, රූපාරම්‌මණං රූපප්‌පතිට්‌ඨං නන්දූපසේචනං වුද්‌ධිං විරූළ්‌හිං වේපුල්ලං ආපජ්‌ජෙය්‍ය. වේදනූපයං වා භික්‌ඛු ….(පෙ)…. සඤ්‌ඤූපයං වා භික්ඛු ….(පෙ)…. සංඛාරූපයං වා භික්‌ඛු, විඤ්‌ඤාණං තිට්‌ඨමානං තිට්‌ඨෙය්‍ය, සංඛාරාරම්‌මණං සංඛාරප්‌පතිට්‌ඨං නන්‌දූපසේචනං වුද්‌ධිං විරූළ්‌හිං වේපුල්ලං ආපජ්‌ජෙය්‍ය.

පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ රූපයෙහි බැසගෙනයි. රූපය අරමුණු කොටගෙනයි. රූපයෙහි පිහිටාගෙනයි. නන්දිරාගයෙන් තෙත් කරමිනුයි. එතකොට විඤ්ඤාණය වර්ධනය වෙනවා. දළුලා වැඩෙනවා. විපුල බවට පත්වෙනවා. පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ වේදනාවෙහි බැසගෙනයි ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුණොත් තිබෙන්නේ සඤ්ඤාවෙහි බැසගෙනයි ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ විඤ්ඤාණය තිබුනොත් තිබෙන්නේ සංස්කාරවල බැසගෙනයි. සංස්කාර අරමුණු කොටගෙනයි. සංස්කාරවල පිහිටාගෙනයි. නන්දිරාගයෙන් තෙත් කරමිනුයි. එතකොට විඤ්ඤාණය වර්ධනය වෙනවා. දළුලා වැඩෙනවා. විපුල බවට පත්වෙනවා.

යෝ භික්‌ඛු ඒවං වදෙය්‍ය. අහමඤ්‌ඤත්‍ර රූපා, අඤ්‌ඤත්‍ර වේදනාය, අඤ්‌ඤත්‍ර සඤ්‌ඤාය, අඤ්‌ඤත්‍ර සංඛාරේහි විඤ්‌ඤාණස්‌ස ආගතිං වා ගතිං වා චුතිං වා උප්පත්‌තිං වා වුද්‌ධිං වා විරූළ්‌හිං වා වේපුල්ලං වා පඤ්‌ඤාපෙස්‌සාමීති, නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ විදිහට කියන්න පුළුවනි. ‘මම රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සඤ්ඤාවෙන් තොරව සංස්කාරවලින් තොරව විඤ්ඤාණයේ පැමිණීමක් හරි, යෑමක් හරි, චුත වීමක් හරි, ඉපදීමක් හරි, වර්ධනයක් හරි, දළුලා වැඩීමක් හරි, විපුල බවට පත්වීමක් හරි පණවන්නෙමි’යි කියලා. නමුත් ඒක සිදුවෙන දෙයක් නම් නොවෙයි.

රූපධාතුයා චේ භික්‌ඛු, භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. රාගස්‌ස පහානා වොච්‌ඡිජ්‌ජතාරම්‌මණං පතිට්‌ඨා විඤ්‌ඤාණස්‌ස න හෝති.

පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට රූපධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා. රාගය ප්‍රහීණ වීම නිසයි පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිලා යන්නේ. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා.

වේදනාධාතුයා චේ භික්‌ඛු, භික්‌ඛුනෝ ….(පෙ)…. සඤ්‌ඤාධාතුයා චේ භික්‌ඛු, භික්‌ඛුනෝ ….(පෙ)…. සංඛාරධාතුයා චේ භික්‌ඛු, භික්‌ඛුනෝ ….(පෙ)….

පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට වේදනා ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට සඤ්ඤා ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට සංස්කාර ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා. රාගය ප්‍රහීණ වීම නිසා පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිල යනවා. එතකොට විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා.

විඤ්‌ඤාණධාතුයා චේ භික්‌ඛු, භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. රාගස්‌ස පහානා වොච්‌ඡිජ්‌ජතාරම්‌මණං පතිට්‌ඨා විඤ්‌ඤාණස්‌ස න හෝති. තදප්‌පතිට්‌ඨිතං විඤ්‌ඤාණං අවිරූළ්‌හං අනභිසංඛච්ච විමුත්‌තං. විමුත්‌තත්‌තා ඨිතං. ඨිතත්‌තා සන්‌තුසිතං. සන්‌තුසිතත්‌තා න පරිතස්‌සති. අපරිතස්‌සං පච්‌චත්‌තං යේව පරිනිබ්‌බායති. ඛීණා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්‌ථත්‌තායාති පජානාති. ඒවං ඛෝ භික්‌ඛු, ජානතෝ ඒවං පස්‌සතෝ අනන්‌තරා ආසවානං ඛයෝ හෝතීති.

පින්වත් මහණෙනි, ඉදින් භික්ෂුවට විඤ්ඤාණ ධාතුව කෙරෙහි තිබෙන රාගය ප්‍රහීණ වෙනවා. රාගය ප්‍රහීණ වීම නිසා පැවැත්ම පිණිස තිබුණ අරමුණ සිඳිලා යනවා. විඤ්ඤාණයට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා. එතකොට පිහිටා සිටින්නට තැනක් නැති විඤ්ඤාණය දළුලා වැඩෙන්නෙ නෑ. විශේෂයෙන් සකස් වෙන්නෙ නෑ. නිදහස් වෙනවා. නිදහස් වීම නිසා විරාගය තුළ පිහිටනවා. විරාගය තුළ පිහිටා තිබීම නිසා සතුටක් ඇතිවෙනවා. සතුට නිසා කම්පාවක් නෑ. අකම්පිතව සිටිමින් තමා තුළම පිරිනිවී යනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන සඳහා කළ යුතු දේ කළා. නැවත වෙන කිසි භවයක උපතක් නැතැ’යි අවබෝධ කරගන්නවා. පින්වත් භික්ෂුව, ඔය ආකාරයට අවබෝධ කරගන්නා විට, ඔය විදිහට දකින නිසා තමයි ආශ්‍රවයන් ක්ෂය වෙලා යන්නේ.

සාදු! සාදු!! සාදු!!!

උදාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M