සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.1.5.9. පඨම නන්දික්ඛය සුත්තං

1.1.5.9. ඇල්ම ක්ෂය වීම ගැන වදාළ පළමු දෙසුම

51. සාවත්ථියං.

51. සැවැත් නුවර දී ………………….

අනිච්‌චඤ්‌ඤේව භික්ඛවේ, භික්‌ඛු රූපං අනිච්‌චන්‌ති පස්‌සති. සාස්‌ස හෝති සම්‌මාදිට්‌ඨි. සම්‌මා පස්‌සං නිබ්‌බින්‌දති. නන්‌දික්‌ඛයා රාගක්‌ඛයෝ, රාගක්‌ඛයා නන්‌දික්‌ඛයෝ. නන්‌දිරාගක්‌ඛයා චිත්‌තං විමුත්‌තං සුවිමුත්‌තන්‌ති වුච්‌චති.

පින්වත් මහණෙනි, භික්ෂුව අනිත්‍ය වූ ම රූපය දකින්නේ අනිත්‍ය වශයෙන් ම යි. එය ඔහුගේ සම්මා දිට්ඨියයි. ඉතා නිවැරදි අයුරින් දකින විට අවබෝධයෙන් ම කලකිරෙනවා. ඇල්ම ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙනවා. රාගය ක්ෂය වීමෙන් ඇල්ම ක්ෂය වෙනවා. නන්දිරාගය ක්ෂය වීමෙන් නිදහස් වුණ සිතක් ඇතිවුණ විටයි මැනැවින් නිදහස් වුණා කියන්නේ.

අනිච්‌චඤ්‌ඤේව භික්ඛවේ, භික්‌ඛු වේදනං අනිච්‌චාති පස්‌සති. ….(පෙ)…. අනිච්චඤ්ඤේව භික්ඛවේ, භික්‌ඛු සඤ්‌ඤං අනිච්‌චාති පස්‌සති ….(පෙ)…. අනිච්චේයේව භික්ඛවේ, භික්‌ඛු සංඛාරේ අනිච්‌චාති පස්‌සති. ….(පෙ)…. අනිච්‌චඤ්‌ඤේව භික්ඛවේ, භික්‌ඛු විඤ්‌ඤාණං අනිච්‌චන්‌ති පස්‌සති. සාස්‌ස හෝති සම්‌මාදිට්‌ඨි. සම්‌මා පස්‌සං නිබ්‌බින්‌දති. නන්‌දික්‌ඛයා රාගක්‌ඛයෝ, රාගක්‌ඛයා නන්‌දික්‌ඛයෝ. නන්‌දිරාගක්‌ඛයා චිත්‌තං විමුත්‌තං සුවිමුත්‌තන්‌ති වුච්‌චතීති.

පින්වත් මහණෙනි, භික්ෂුව අනිත්‍ය වූ ම විඳීම දකින්නේ අනිත්‍ය වශයෙන් ම යි ….(පෙ)…. පින්වත් මහණෙනි, භික්ෂුව අනිත්‍ය වූ ම සඤ්ඤාව දකින්නේ අනිත්‍ය වශයෙන් ම යි ….(පෙ)…. පින්වත් මහණෙනි, භික්ෂුව අනිත්‍ය වූ ම සංස්කාර දකින්නේ අනිත්‍ය වශයෙන් ම යි ….(පෙ)…. පින්වත් මහණෙනි, භික්ෂුව අනිත්‍ය වූ ම විඤ්ඤාණය දකින්නේ අනිත්‍ය වශයෙන් ම යි. එය ඔහුගේ සම්මා දිට්ඨියයි. ඉතා නිවැරදි අයුරින් දකින විට අවබෝධයෙන් ම කලකිරෙනවා. ඇල්ම ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙනවා. රාගය ක්ෂය වීමෙන් ඇලීම ක්ෂය වෙනවා. නන්දිරාගය ක්ෂය වීමෙන් නිදහස් වුණ සිතක් ඇතිවුණ විටයි මැනැවින් නිදහස් වුණා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

පඨම නන්දික්ඛය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M