52. සැවැත් නුවර දී …………………..
පින්වත් මහණෙනි, රූපය පිළිබඳව නුවණින් ම විමස විමසා බලන්න. රූපයෙහි ඇති අනිත්‍යතාව ගැනත් යථා ස්වභාවය ම නුවණින් දකින්න. පින්වත් මහණෙනි, රූපය පිළිබඳව නුවණින් විමසන්නා වූ රූපයෙහි ඇති අනිත්‍යතාවය පිළිබඳවත් යථා ස්වභාවය ම නුවණින් දකින්නා වූ භික්ෂුව රූපය කෙරෙහි අවබෝධයෙන් ම කළකිරෙනවා. ඇල්ම ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙනවා. රාගය ක්ෂය වීමෙන් ඇලීම ක්ෂය වෙනවා. නන්දිරාගය ක්ෂය වීමෙන් නිදහස් වුණ හිතක් ඇතිවුණ විටයි මැනැවින් නිදහස් වුණා කියන්නේ.
පින්වත් මහණෙනි, විඳීම ….(පෙ)…. පින්වත් මහණෙනි, සඤ්ඤාව ….(පෙ)…. පින්වත් මහණෙනි, සංස්කාර ….(පෙ)…. පින්වත් මහණෙනි, විඤ්ඤාණය පිළිබඳව නුවණින් ම විමස විමසා බලන්න. විඤ්ඤාණයෙහි ඇති අනිත්‍යතාව ගැනත් යථා ස්වභාවය ම නුවණින් දකින්න. පින්වත් මහණෙනි, විඤ්ඤාණය පිළිබඳව නුවණින් විමසන්නා වූ විඤ්ඤාණයෙහි ඇති අනිත්‍යතාවය පිළිබඳවත් යථා ස්වභාවය ම නුවණින් දකින්නා වූ භික්ෂුව විඤ්ඤාණය කෙරෙහි අවබෝධයෙන් ම කලකිරෙනවා. ඇල්ම ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙනවා. රාගය ක්ෂය වීමෙන් ඇලීම ක්ෂය වෙනවා. නන්දිරාගය ක්ෂය වීමෙන් නිදහස් වුණ සිතක් ඇතිවුණ විටයි මැනැවින් නිදහස් වුණා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය නන්දික්ඛය සූත්‍රය නිමා විය.
පස්වෙනි අත්තදීප වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
අත්තදීප සූත්‍රය, පටිපදා සූත්‍රය, අනිච්චතා සූත්‍ර දෙක, සමනුපස්සනා සූත්‍රය, ඛන්ධ සූත්‍රය, සෝණ සූත්‍ර දෙක, නන්දික්ඛය සූත්‍ර දෙක යන මෙයින් මේ වර්ගය සමන්විතයි.
මූලපණ්ණාසකය සමාප්තයි.
ඒ මූලපණ්ණාසකයෙහි වර්ගයන්ගේ පිළිවෙල උද්දානයයි.
නකුලපිතු වර්ගය, අනිත්‍ය වර්ගය, භාර වර්ගය, න තුම්හාක වර්ගය, අත්තදීප වර්ගය යන මෙයින් මේ පණ්ණාසකය සමන්විත වේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-1-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M